අපි 11 වසරේ ඉඳිද්දී අපේ පන්තියේ ළමයි ටික කරපු වැඩක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ කාලේ අපිට බුද්ධාගම උගන්නන්න ආවේ සර් කෙනෙක් (කෝටු සර්). මේ සර් හරිම කැප වීමෙන් වෙලාවට පන්තියට එනවා. ආසාවට විනාඩි 10 ක් පරක්කු වෙන්නේ නැහැ. ඒ මදිවට ආපු ගමන් එදාට නියමිත පාඩමේ නම කියලා අපිට කියනවා පාඩම කෙටි කරලා පොතේ ලියන්නලු. ඕක කියන්න ඉතින් සර් කෙනෙක් ඕනයැ
එහෙම කියලා සර් පන්තියේ සක්මන් කර කර ඉන්නවා. ඒ දවස්වල බුද්ධාගම පොත කියවනවා කියන්නේ ඉතින් මරනවා වගේ වැඩක්. කෝටු සර් බුද්ධාගම උගන්නනවා කියන්නේ ඒ කම්මැලි කම දෙගුණ වෙනවා කියන එක. ඉතින් ගොඩක් අය මේ වෙලාවට හොරෙන් ඕප දූප කියවන එක තමයි කරන්නේ (ආ මගේ ඉස්කෝලේ බාලිකා පාසලක් නේ) . ඒ මදිවට මේ සර් බෙල් එක ගහන්න කලින් කවදාවත් පන්තියෙන් යන්නේ නැහැ. අන්තිම තත්පරේ දක්වාම පන්තියේ තමයි :(. මේ පීරියඩ් එක අපිටනම් විනාඩි 40 ක දඬුවම් කාලයක් වගේ.
මේ කියන දවසෙත් සර් ඔය විදියටම අපිට පාඩම බලාගන්න කියලා ඇවිද ඇවිද හිටියා...අම්මෝ අපිට එදා තිබුන කම්මැලි කමක්...ඔය අස්සේ සහෝදර පාසලෙන් කට්ටියක් ඇවිත් හිටියා අපේ ඉස්කෝලෙට මොකක් හරි වැඩකට. එයාලව බලන්න යන්න ඕන කමකුත් තිබුණා අපේ කස්ටියකට. දැන් වෙලාව යන්නෙත් හරිම හෙමින්. බෙල් එක ගහන පාටකුත් නැහැ. සර් පන්තියෙන් යන පාටකුත් නැහැ. කට්ටියගේ ඉවසීම පුපුරන්න ඔන්න මෙන්න කියලා තිබුණේ
පන්තියේ සක්මන් කර කර හිටපු සර් ගේ කකුල් රිදිලද කොහෙද පොඩ්ඩකට වාඩි උනා. ඔන්න දැන් කට්ටියම බලාගෙන ඉන්නවා සර් නැගිටිනකන්. වැඩි වෙලා බලාගෙන ඉන්න උනේ නැහැ. සර් නැගිට්ටා. එතකොටම...
1 යි.... 2 යි.... 3 යි.......
"ආ......යු බෝ ව න්"
හැමෝම නැගිටින ගමන් එහෙම කිව්වා. කෝටු සර් මොහොතකට අන්ද මන්ද උනා. අපි ඉතින් ගුරුවරයෙක් පන්තියට එනකොටයි ආපහු යනකොටයි "ආයුබෝවන්" කියන එකනේ සිරිත. කෝටු සර් පන්තියට එද්දි අපි ආයුබෝවන් කියලා හිටියේ. දැන් මේ දෙවනි "ආයුබෝවන්" එක සර් ට යන්න කියලා දීපු සංඥාව බව තේරුම් ගන්න සර්ට වැඩි වෙලාවක් ගියේ නැහැ. හප්පා...සර් ට ඉතින් අසූ හාරදාස් දහසයට මළ පැන්නා. සර් පන්තියෙන් එලියට ගියා නෙමෙයි විද්දා වගේ තමයි අපි දැක්කේ. ඔය කර ගත්තේ
කොහොමහරි ඊ ළග දවසේ සර් පන්තියට අවේ නෑ. එදා උපරිම නිදහස භුක්ති වින්දා ළමයි ටික. ඊ ළග දවසෙත් සර් ආවේ නෑ. මේ විදියට මේක සතියක් විතර උනා (අපිත් එපා කියයි
මිස් : දැන් මොනවද තියෙන්නේ?
අපි : බුද්ධාගම
මිස් : කවුද උගන්නන්නේ??
අපි : කෝටු සර්
මිස් : අද සර් ආවේ නැද්ද?
අපි : දන්නේ නැහැ මිස්. තාම පන්තියටනම් ආවේ නෑ.
මිස් : ඒකනම් මටත් පේනවා. සර් ආවේ නැත්නම් බුද්ධාගම නායිකාව දන්නේ නැද්ද ගිහින් එක්කගෙන එන්න?
අපේ ඉස්කෝලේ හිටියා විෂය නායිකාවෝ කියලා ජාතියක්. හැම පන්තියකටම විෂයකට එක ගානේ නායිකාවෝ ඉන්නවා. මෙයාලා කරන වැඩක් නම් නැහැ. නියෝජ්‍ය ඇමතිලා වගේ නමට තමයි ඉන්නේ. ඉතින් අපේ පන්තියේ මේ නායිකා සෙට් එකේ නම් ටික රෙකොර්ඩ් බුක් එකේ ලියල තිබුණා මිසක් කවුරුවත් දන්නේ නැහැ ඒ කවුද කියලා.
මිස් : කවුද බුද්ධාගම නායිකාව?
අපි : ....
මිස් : කවුද පන්ති නායිකාව?
ඔන්න සොමී නැගිට්ටා (හි හි එයා දන්නේ කොහොමද, එයා අනිත් අයට එහා).
මිස් : සොමී, කවුද බුද්ධාගම නායිකාව?
සොමී : ඔළුව කසයි....
මිස් : රෙකොර්ඩ් බුක් එක අරගෙන බලනවා කවුද කියලා...නායිකාව හැමෝටම වඩා හොඳයිනේ (අනේ ඉතින් එයා මොනා කරන්නද...එයාටත් බලෙන් දීපු තනතුරක්නේ ඕක. )
ඉතින් මිස් ගියාම සොමී බැලුවා රෙකොර්ඩ් බුක් එක.
සොමී : ආ...බුද්ධාගම නායිකාව තමයි පියුමි.
පියුමි : මොකක්
සොමී : බෑ කියලා බෑ....ගිහින් එක පාරක් කතා කරන්න. ගොඩක් වෙලාවට සර් බෑ කියයි. එතකොට ඔයා එන්න..වැඩේ ඉවරයිනේ (ඔන්න ආදර්ශමත් නයිකාවොන්ගේ උපදෙස්)
පියුමි : හ්ම්....තනියමනම් යන්න බෑ
මම : හරි මම එන්නම්
ඔන්න අපි දෙන්නා ගියා ස්ටාෆ් රූම් එකට. මෙන්න සර් ඉන්නවා තනියම.
පියුමි : සර් අපිට දැන් බුද්ධාගම
සර් : ඉතින්
පියුමි : සර් පන්තියට එන්නෙ නැද්ද?
සර් : (අනුකම්පා සහගත විදියට අපේ දිහා බලලා) මට තේරෙනවා ඔය ළමයි දෙන්නට ඉගන ගන්න උවමනාව තියනවා කියලා. ඒත් කරන්න දෙයක් නැහැ. බහුතරය නිසා සුළුතරයටත් පාඩු වෙනවා..ඔය දෙන්නා හොඳ ළමයි කියලා මම දන්නවා. ඒත් අනිත් අය එහෙම නැහැ. ඔයාලා පොත කියවලා ප්‍රශ්න තියනම් ඇවිත් මගෙන් අහන්න. පන්තියටනම් එන්නෙ නැහැ.
අපි දෙන්නත් ඉතින් ස්ටාෆ් රූම් එකෙන් එලියට ආවා නෙමෙයි විද්දා. හිනාව එලියට එන්න ඔන්න මෙන්න තිබුන නිසා. හප්පේ අන්තිමට සර් පන්තියෙන් එලව ගන්න මුල් උන පියුමි තමයි හොඳ ළමයා උනේ. කොහොම හරි අර සිද්ධිය උන දවස තමයි අපි ජීවිතේටම බුද්ධාගම ඉගන ගත්ත අන්තිම දවස.
අපේ පංතියෙ කොල්ලො ටිකටත් මේක කියලා බලන්නෝන.හැබැයි බුද්ධාගම පීරියඩ් එකේ නම් බැහැ.ලෝකෙ ඉන්න වසම හාමුදුරුවෝ තමයි අපිට බුද්ධාගම උගන්නන්නෙ.
ReplyDeleteකෝටු සර් .... කව්ද අප්පේ මේ නම දැම්මේ?
ReplyDeleteහරි අපූරු නම් ටිකක් නෙ භාවිතා කොරන්නෙ...හික්ස්....
ReplyDelete@වර්ෂා : හප්පා..කරලා බැලුවටනම් කමක් නැහැ..මාව අල්ලන්නේ නැතුව හි හි
ReplyDelete@සංජය : මේ සර් ගේ කාර්ඩ් එක කොට කරාම එන නම :))
@දිල් : :)) මේවා ඇත්ත නම් වගේම තමයි අක්කේ..
ඉස්කොලෙ ජීවිතේ ආයෙ එන්නෙ නැති නිසා මේ වගෙ මතකයන් ඉතිරිකර ගන්න එක කොච්චර සුන්දරද
ReplyDeleteඅපිත් ඔය වගේ වැඩක් කරලා සිංහල මිස් අවුරුද්දෙම පන්තියට ආවේ නෑ.. හැබැයි කවුරුවත් ඒක දන්නේ නෑ.. අපිට ගානකුත් නෑ.. කට්ටියටම වැඩේ බරපතල කම තේරුනේ A/L සිංහල පේපර් එක ලිව්වට පස්සේ..
ReplyDeleteඅර අදහස දුන්න කෙනාම ගිහින් සර් ව එක්කන් එන්න. හික්ස් :)
ReplyDeleteඒක තමා මරු වැඩේ. අන්න නියම කට්ටිය. පියුමි හන්දා ඔයාලා බේරුනා. ඔය 'පස් පියුමියා' කරපු තව මගෝඩි වැඩ තිබ්බොත් එහෙම ලියන්න අක්කේ.කියවන්න ආසයි එහෙම එවුවා.
සහෝදර පාසලක් කිව්වේ පිරිමි පාසලක කට්ටියක් වෙන්ටෑ. හික්ස් :)
@ ලොකු ජෝන් : ඒක ඇත්ත...ආයෙ කවදා එයිද ඒ වගේ කාලයක්..
ReplyDelete@ දිනේෂ් : :)) මේක ගැනත් ඊට පස්සේ කවුරුවත් අවුස්සන්න ගියේ නෑ. සර් කාටවත් කියලත් නැහැ. අපිටනම් බුද්ධාගම 11 වසරෙන් ඉවරයිනේ. O/L වලට නම් හැමෝම වගේ A අරගෙන තිබුණා.
@මධුරංග : අපෝ ඔය පියුමියා ඔහොමම තමයි. ආ..ඔව් ඔව් පිරිමි පාසලක් තමයි..එකනේ "සහෝදර" කිව්වේ :)) නැත්නම් ඉතින් අපේ කට්ටිය යයිද සහෝදරියෝ බලන්න හි හි. ...
හික් හික්. අනේ පව් සර්. :(
ReplyDelete@මාධව : සර් නම් හරි හොඳ මනුස්සයා..කාටවත් කියලා තිබුණේ නැහැ වැඩේ..
ReplyDeleteකියන්නේ කොහොමද අප්පා කටක් ඇරලා පන්තියේ ළමයි ට එයාව එපා වෙලා කියලා.
ReplyDeleteඅපි අපේ Englsh මැඩම් එලව ගත්තේ කිවිසුම් ඇරලා. අපේ පන්තියේ කොල්ලෙක් ගෙනාව සිංහල වේද මහත්වරු සෙම තියන අයට දෙන බෙහෙතක් . මේක නහයට අදින්න තියෙන්නේ. ඇදපු ගමන් කිවිසුම් 100 වත් ගිහින් තමයි නතර වෙන්නේ. එතකොට සොටු ගලල හිස සැහැල්ලු වෙනවා. සෙම නිසා ඉසේරදය හැදෙන අයට මේක අත්දුටු ඔසුවක්. පන්තියේ කොල්ලෝ 25 ම ඇද්දේ නැත්ද මේක. එවෙලේ ඉඳල මහා හයියෙන් කිවිසුම් අරිනවා. මැඩම්ට කරන්න දෙයක් නැ. කිවිසුම් අරින්න එපා කියන්නය. ඒ විතරක් නම් බැරිය මාරුවෙන් මාරුවට එක එකා ගිහින් සොටු සුරල එන්න අවසර ඉල්ලනවා. මැඩම්ට මල් පොකුරක්ම පැන්නා එදා ඉඳන් අපේ පන්තියට ආවේ ඕනවට එපාවට. එදා කරපු නොසන්ඩාල වැඩේ ප්‍රතිපල අදත් බුක්ති විඳිනවා. මොනවා කරන්නද කොලුකම බලුකම කියල කියනවනේ.
@අයි ටී නිශාන්ත : හි හි ඒකනම් නියම වැඩේ...බනින්න විදියකුත් නැහැනේ...ඒවා ඉතින් කොලු කම් තමයි...ඒකනේ තාමත් මතක් කරලා හිනා වෙන්න පුළුවන්..
ReplyDeleteඅපේ ඉස්කෝලෙටත් පොඩි මිස් කෙනෙක් ආවා ඉංගිරිසි උගන්නන්න..හැබැයි අපිනං ඕකේ අනික් පැත්ත....
ReplyDelete@ඔබ නොදුටු ලොවක් : අප්පා..පොඩි මිස්ට පන්තියෙන් යන්න දෙන්නේ නැතුව ඇති නේද
ReplyDeleteඒක නම් මරු චාන්ස් එකනේ!
ReplyDeleteඅපේ ඉංග්‍රීසි උගන්වපු මැඩම් දවසක් අපිත් එක්ක කේන්ති ගිහින් පන්තියේ දොර වහලා එයා දොරට හේත්තු වෙලා හිටගත්තා! ඒ ලාස්ට් පීරියඩ් එකේ අන්තිම විනාඩියේ. බෙල් එක ගැහුවා.. මෙයා අයින් වෙන් නෑ. ඒ අස්සෙ අපේ උන් ජනේලෙන් පනින්න බලනවා. බෑ අපේ පන්තිය 2වැනි තට්ටුවේ. අන්තිමට මැඩම්ගෙන් සමාව අරගෙන පැය බාගෙකට පස්සෙ දොර ඇරගත්තා. එතකොට ස්කූල් වෑන්, බස් මිස් වෙලා කට්ටියටම කෙල වෙලා
@විසිතුරු : අප්පා...අන්න නියම මැඩම්ලා :)) මරු දඬුවම ඒකනම්...ඔච්චරටම තරහ යන්න ඔයාලත් මොනාහරි මගෝඩි වැඩක් කරන්න ඇති නේද?
ReplyDeleteපාසැල් කාලයේ සුන්දර මතක සටහන්.
ReplyDelete@ ගල්මල් : ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි...ස්තුතියි ගල්මල්..
ReplyDeleteමෙව්වොන්ට උගන්වන්න දෙයක් තවත් ඉතුරු වෙලා නෑ කියල සර් හිතන්න ඇති. මරු කතාව. ඇත්ත කියන්නේ මේ ලිපි කියවනව දැනෙන්නේ වත් නෑ එච්චරට ලස්සන ශෛලයක් ඔයා භාවිතා කරනවා. මේ ලිපියත් ඉතිං මං ආසම ලිස්ට් එකට නොදාම බෑ මං මේක ගන්නවා.
ReplyDelete@සිහිනයක මියැදුණ සිතක් : බොහොම ස්තුතියි ඔයාට..ඔයාලගේ කමෙන්ට්ස් දැක්කම තවත් ලියන්න ආස හිතෙනවා :)
ReplyDeleteපාසල් කාලයේ සුන්දර කතාවක්... හැබැයි අපිට නම් ඉස්කෝලේ යන කාලේ බුද්ධාගමට නම් මෙහෙම ප්‍රශ්නයක් තිබුනේ නෑ. ඒකටත් එක්ක ඉංග්‍රීසි. අපි ඒ කාලේ ආසම සබ්ජෙක්ට් එකනේ ඉංග්‍රීසි :)..අපි ඒ ලෙවල් කරන කාලේ ඉංග්‍රීසි පීරියඩ් එකට පන්තියේ ඉන්නේ කොල්ලෝ දෙතුන් දෙනයි. අනිත් එවුන් ඔක්කොම එළියේ. ඒත් ඉංග්‍රීසි මිස් මුකුත් කියන්නෙත් නෑ. දන්නවනේ ඉතින් අපේ කොල්ලෝ ගැන. පන්තියේ හිටියත් උන් ඉගෙන ගන්න එකක්යෑ.
ReplyDeleteකොහොම උනත් හරිම සුන්දර කාලයක්. පාසල් කාලයේ ඒ මිහිරි මතකයන් සිහිවෙන විට ආපහු පාසල් යන්න ආස හිතෙනවා.
හි හි...අනේ හරිම හොඳ මිස් කෙනෙක්..අපිට A/L කාලේ ඉංග්‍රීසි කරපු මිස් ඊට හොඳ වැඩක් කරා...ළමයි පන්තිය කට් කරන බව දැනගෙන පලු යන්න බැනලා පන්තියට ආවේම නැහැ දිගටම...ඉතින් මේ පොස්ට් එකේ දාපු සිද්ධියයි මේ ඉංග්‍රීසි මිස් ගේ සිද්ධියයි තමයි ඉස්කෝලේ යන කාලේදී අපි කැමතිම උන සිද්ධි දෙක...:D
ReplyDeleteඅපේ නම් ඉතින් හිටපු හෑම එකාවම අපි එලවගත්තා මොකක් හරි ගේමක් දීල.....සමහර එවුන්ට class එක ලගින් යද්දි කුනුහරප කියනවා
ReplyDelete@ එල කොල්ලෙක් : මෙයාලත් කරලා තියන දේවල් අම්මපා :))
ReplyDeleteහපෝයි හපෝයි කොල්ලොන්ට එහානේ...
ReplyDelete1.සහෝදර පාසල් වල කොල්ලෝ බලන්න යෑම
2.සර්ලව එලව ගැනීම
3.බැට් ඉස්සීම
4.පීරියඩ් කට් කර ක්‍රිකට් ගැසීම
මේ සෙට් එකම නැකත් මාරු වෙලා කොලු නැකතක ඉපදුණු ඈයෝද කොහේදෝ.......
හිහි...
Delete//මේ සෙට් එකම නැකත් මාරු වෙලා කොලු නැකතක ඉපදුණු ඈයෝද කොහේදෝ//
මේ කතාව ඉස්සර අපේ අම්මත් කිව්වා මල්ලි
නියම වැඩේ..අපිට ඕක කරන්න බැරි උනානේ..
Deleteඅපේ phy sirwa තමා ඕවට ගොඩක්ම අහු උනේ..
මොකද එයා බලෙන් අහක යන ඊ තල තියාගන්න
වැඩ කරනවා..
අර ඉංග්‍රීසි මැඩම්ලා ගැන කියද්දී මතක් උනේ..
මන් 8 දී ඒ මැඩම්ට ආදරේ කරා..මැඩම් කිව්වට
එයාට ඒ කාලේ 26 වගේ ඇති..හෑ මට 13 නේද...?
හප්පේ එයා අන්තිමට ඉස්කෝලෙන් අයින් උන කාලේ
මට පිස්සු හැදුනේ නැති ටික විතරයි...
//මන් 8 දී ඒ මැඩම්ට ආදරේ කරා..මැඩම් කිව්වට
Deleteඑයාට ඒ කාලේ 26 වගේ ඇති..හෑ මට 13 නේද...?
හප්පේ එයා අන්තිමට ඉස්කෝලෙන් අයින් උන කාලේ
මට පිස්සු හැදුනේ නැති ටික විතරයි...//
මේකනම් නියම වැඩේ. මට මතක් උනේ අර මේ හූ නා ෆිල්ම් එක. :))