බිල්ලාඩන් ඔය වැඩේ හරියටම සැප්තැම්බර් එකොළොස් වෙනිදා අල්ලලා කොලේ, මේ හදිසි ආපදා අංකෙ නිසා කියලා සෑහෙන කාලයක් යනකන් දැනගෙන නොහිටපු මම වගේ තවත් එවුන් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.
මේ අංකේ ගැන කියනවනම් ඉතින් හරියට නිකන් "දෙයියෝ" වගේ තමා. ඕනම කරදරේකදී මුලින්ම මතක් වෙන්නේ ඕක නේ. හදිසි ලෙඩක්, හොරකමක්, මංකොල්ලයක්, ගං වතුරක්...ඕන දේකට ඉතිං 911 තමා. අපරාදේ කියන්න බෑ හැබැයි 911 සර්විස් එකනම් උපරිමෙන් තියනවා.
මේ ඊයේ පෙරේදා දවසක අපේ පොඩ්ඩා කරා හොඳ වැඩක්. එයා සමහර වෙලාවට මගේ ෆෝන් එක අරගෙන කතා කරනවා "සිරී" ත් එක්ක.
පොඩ්ඩා : සිරී, යූ ආර් ඉන්වයිටඩ් ටු මයි බර්ත්ඩේ පාටි......
සිරී : අයි ඩෝන්ට් නෝ යුවර් ලොකේෂන්. ප්ලීස් අප්ඩේට් යුවර් ලොකේෂන්...
පොඩ්ඩා : හව් ටු අප්ඩේට් ලොකේෂන්
සිරී : හිඅර් ඉස් ඉන්ස්ට්රක්ෂන්ස් ඔන් හව් ටු අප්ඩේට් ලොකේෂන්
පොඩ්ඩා : වෙයාර්
සිරී : හියර්....
පොඩ්ඩා : හියර් වෙයාර් ?
සිරී : ඉන් ද සර්ච් රිසල්ට්ස්. ප්ලීස් රීඩ්
පොඩ්ඩා : හව් කැන් අයි රීඩ් ඉට් ඉෆ් අයි ඩෝන්ට් නෝ හව් ටු රීඩ් වර්ඩ්ස්
සිරී :
ඔන්න ඔහොමයි අවුරුදු හතරේ පොඩි එකෙක් සිරීව කොන්ෆියුස් කොරන්නේ. මට වෙලාවකට දුකත් හිතෙනවා...සිරියා ගැන.
ඉතින් ඔන්න ඔහොම දෙන්නගේ කතාව අහගෙන ඉන්න අතරේ මට නිකන් ලාවට වගේ ඇහුනා "Is it an emergency?" කියලා සිරී අහනවා.
ෆෝන් එක ගත්ත ගමන් කෝල් එක ඩිස්කනෙක්ට් කරත් ප්රමාද වැඩියි. කෝල් එක ගිහින් ඉවරයි. ඔන්න ඉතින් ඒ සැනින්ම ආපස්සට කෝල් එකක් එනවා පොලිසියෙන්. හප්පේ...මම වහාම සයුරුට දුන්නා ෆෝන් එක
පොලිසිය : are you OK ?
සයුරු : yes. my son accidentally dialed 911. sorry about that.
පොලිසිය : oh thats ok. we just wanted to make sure everything is alright.
එහෙම අහලත් අත ඇරියේ නැහැ. තව විනාඩියකින් විතර තවත් කෝල් එකක් ආවා මට.
එයාලට ඇවිල්ලම බලන්න ඕනෙලු අපි හොඳින් ඉන්නවද කියලා. ඉතින් තප්පර ගානක් ගියේ නැහැ පොලිස් කාර් දෙකක් ආවා. ඇවිත් බෙල් එක ගැහුවා ගෙදර. අපේ පොඩ්ඩට මේ වෙද්දී හොඳටම අවුල්. තඩි පොලිස් මාමලා දෙන්නෙක් එයාව බලන්න ආවා කියලා. ඇවිල්ලා හරිම හොඳට කතා කරා ඉතින්. පොඩ්ඩටත් හිනාවක් එහෙම දාලා කිව්වා.."Its totally OK. Accidents happen to everyone" කියලා :)
පොඩි එකෙක් උනත් මේ කාලේ 911 කතා කරන්න දැනගෙන ඉන්න ඕනේ. ඉස්කෝලේ යන වයසේ අයට නම් කියලත් දෙනවා. අපේ එක්කෙනත් දැන් දන්නවනේ සිරී ට කියලා කතා කරව ගන්න. 911 විතරක් නෙමෙයි, තමන්ගේ ගෙදර ෆෝන් නම්බර් එක, ලිපිනය, අම්මගේ තාත්තගේ නම්, මේ හැම දෙයක්ම නිවැරදිව තමන්ගේ දරුවට කියල දීල තියන්න ඕනේ. හදිසියකදී ක්රියා කරන්න ඕන විදිය පොඩි දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඒ අයට අපි හිතනවට වඩා යමක් කමක් කර ගන්න පුළුවන්.