හඳ අල්ලපු රටේ ඉන්න මිනිස්සුන්ට "සුළි කුණාටු" එහෙම නැත්නම් "ටෝර්නේඩෝ" කියන්නේ එයාලට තියන ලොකුම ජීවිත තර්ජන වලින් එකක්. ඕනම වෙලාවක සයිරන් සද්දයක් ඇහුනොත් basement වලට දුවන්න බලාගෙන තමයි එයාලා ඉන්නේ. ඔය කියන කුණාටුවක් හරියට දැක්කොත් පේන්නේ උඩ තියන පින්තූරේ විදියටලු (එහෙම එකක් දකින්න ලැබෙන එක වාසනාවක්ද අවාසනාවක්ද කියලනම් මම දන්නේ නැහැ). මටත් ඔය වගේ පුංචි අත්දැකීමක් නම් තියනවා (ඒත් ඒ වෙලාවේ කුණාටුව ගිහින් තිබුනේ අපි ඉන්න තැනට ගොඩක් ඈතින්. ඉතින් අපිට තේරුණා ලගින් ගියොත්නම් සොරි තමයි කියලා
මුලින්ම කියන්න ඕන ඔය උඩින් දාලා තියන වර්ගයේ කුණාටු (ටෝර්නේඩෝ) වලට නම් දැමීමක් කෙරෙන්නේ නැහැ (ඒවා ඒ තරමටම සුලබ නිසා වෙන්න ඇති). නම් දාන්නේ, ඊට වඩා ලොකු, සති කිහිපයක් උනත් පවතින්න පුළුවන් hurricane (සිංහලෙන් අවපාත වෙන්න ඕන) වලට. මේ හරිකේන් වල අතුරු ඵලයක් විදියට තමයි ගොඩක් වෙලාවට ටෝර්නේඩෝ ඇති වෙන්නේ. මෙන්න මේ පින්තූරේ තියෙන්නේ හරිකේන් එකක්. ඔය මැද හිලක් වගේ පේන එකට කියන්නේ හරිකේන් එකේ "ඇහැ" කියලා. එතන තමයිලු අවපාතයේ ගොඩක්ම පීඩනය අඩු තැන.
ඉතින් ඔය හරිකේන් වලට නම් දාන්න හරි ලස්සන ක්රමයක් තියනවා :) මම ලේසියට කුණාටු කියලම කියන්නම්.
ඔයාලා අහල ඇතිනේ මෙන්න මේ වගේ කතා ...
"මේ පාර කත්රිනා සැරටම ඇවිල්ලා"
"රීටා ආපහු එනවලු"
ඉස්සර මේවා ඇහුණාම මටනම් හිතුනේ මෙහෙම..."රීටා ආපහු එන්න එයා මෙච්චර කල් හිටියේ කොහෙද? අනිත් එක ඒ එන්නේ රීටා මයි කියලා මෙයාල දන්නේ කොහොමද?"
ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි.මේ වැඩේට හදල තියනවා නම් ලයිස්තු 6 ක් . එක ලැයිස්තුවකට නම් 21 ක් ඇතුලත්. මේ නම් වල මුල අකුරු තියෙන්න ඕන ඉංග්රීසි හෝඩියේ අකුරු පිළිවෙලට. (Q, U, X, Y, Z කියන අකුරු අත අරිනවා. ඒකයි නම් 21 ක් එන්නේ). ලැයිස්තුවක නම් එකක් හැර එකක් ගැහැණු නමක් හා පිරිමි නමක් විය යුතුයි (ඉස්සරනම් ගැහැණු නම් විතරලු දැම්මේ
). මේ පහලින් තියෙන්නේ දැනට තියන නම් ලයිස්තු 6.
2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
---|---|---|---|---|---|
Arlene Bret Cindy Don Emily Franklin Gert Harvey Irene Jose Katia Lee Maria Nate Ophelia Philippe Rina Sean Tammy Vince Whitney | Alberto Beryl Chris Debby Ernesto Florence Gordon Helene Isaac Joyce Kirk Leslie Michael Nadine Oscar Patty Rafael Sandy Tony Valerie William | Andrea Barry Chantal Dorian Erin Fernand Gabrielle Humberto Ingrid Jerry Karen Lorenzo Melissa Nestor Olga Pablo Rebekah Sebastien Tanya Van Wendy | Arthur Bertha Cristobal Dolly Edouard Fay Gonzalo Hanna Isaias Josephine Kyle Laura Marco Nana Omar Paulette Rene Sally Teddy Vicky Wilfred | Ana Bill Claudette Danny Erika Fred Grace Henri Ida Joaquin Kate Larry Mindy Nicholas Odette Peter Rose Sam Teresa Victor Wanda | Alex Bonnie Colin Danielle Earl Fiona Gaston Hermine Ian Julia Karl Lisa Matthew Nicole Otto Paula Richard Shary Tobias Virginie Walter |
2011 වසර සඳහා පාවිච්චි කරන ලිස්ට් එක තමයි මුලින්ම තියෙන්නේ. දෙවැනි ලැයිස්තුව 2012 ටත් තුන් වෙනි ලැයිස්තුව 2013 ටත් මේ විදියට ලයිස්තු 6 බෙදල දෙනවා අවුරුදු වලට. 2011 අවුරුද්දේ එන මුල්ම කුණාටුවට නම තියන්නේ "Arlene" කියලා. දෙවෙනි කුණාටුවට "Bret". අවුරුද්ද ඉවර වෙන්න කලින් නම් 21 ම ඉවර උනොත් ඊ ළග අවුරුද්දේ නම් වලට යනවා. ලේසියි නේද?
දැන් එතකොට 2017 ට ලිස්ට් එකක් කෝ? ආ ඒකට අලුතෙන් ලිස්ට් හදන්නේ නැහැ. 2011 ලිස්ට් එකමයි ආපහු 2017 දීත් ගන්නේ. 2018 දී ගන්නේ 2012 ලිස්ට් එක. මේ විදියට ඔය නම් ලිස්ට් 6 නැවත පාවිච්චි වෙනවා. මේ නිසා තමයි "2005 දී ආපු Arlene ආපහු 2011 දී එනවා" වගේ කතා කියන්නේ. එහෙම නැතුව එකම කුණාටුව කොහේ හරි ඉඳලා ආපහු එනවා නෙමෙයි :).
හරි, දැන් මේ විදියට මේ ලිස්ට් 6 තමයි දිගටම පාවිච්චි කරන්නේ. හැබැයි එක ප්රශ්නයක් තියනවා. අපි හිතමු 2011 දී ආපු දෙවනි කුණාටුව ගොඩක් විනාශකාරී එකක් කියලා. ඒකට නම වැටෙන්නේ Bret කියලනේ. ඊට පස්සේ Bret කියන නම ලැයිස්තුවලින් කපා හරිනවලු. ආපහු කවදාවත් ඒ නම කුණාටු වලට දාන්නේ නැහැලු. ඊ ළගට Bret නමින් හමන කුණාටුව පොඩි පහේ එකක් උනොත් කලින් එකට අගෞරවයක් වගේ වෙයි කියලා තමයි මෙහෙම කරන්නේ. මේ විදියේ විනාශකාරී කුණාටු වලට උදාහරණ තමයි Katrina (මෙයා නිසා මිනිස්සු 2000 ක් විතර මැරුණා ලු 2005 දී) සහ Andrew. බලන්න ඒ නම් දෙක මේ ලැයිස්තුවල නැහැ. ඒ වෙනුවට වෙන නම් ඇවිත් (Katia සහ Alex).
ඔන්න ඔහොමයි ඉතින් කුණාටු ගැන කතාව. මේ ලිපියේ සමහර විට වැරදි ඇති. දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න :)