Tuesday, June 19, 2012

මිහිපිට විසූ විශ්වකර්මයා



ඔය විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ඉන්නවා නේද? එයා තමයි දිව්‍ය ලෝකේ ඉංජිනේරුවා. පොදුවේ ඉංජිනේරුවන්ට විශ්වකර්මයෝ කියලත් කියනවනේ.

මම අද කියන්නේ යන්නේ දිව්‍ය ලෝකේ හිටපු කෙනෙක් ගැනනම් නෙමෙයි. මේ පෘතුවියේ වාසය කරපු විශ්වකර්මයා ගැන.

කවුද ඒ?

ඒ තමයි නිකොලා ටෙස්ලා. කී දෙනෙක් මාත් එක්ක එකඟ වෙනවද?

                                                             ~~~~~~~~~~~~~~~~~~

ඔහු ඉපදුනේ ක්රොඒශියාවේ සර්බියානු යුවළකට දාව, 1856 දී...ඒත් වැරදි කාලයක (ඒ ගැන පසුව කියන්නම්කෝ).  අවු. 4 ක පාසල් වාරයක් අවු. 3 කින් අවසන් කරන ටෙස්ලා, විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ඔස්ට්‍රියාවේ, ග්‍රේස් වෙත යනවා. ඒත් උපාධිය අවසන් වන තෙක් එහි නොරැඳෙන ඔහු, 1878 දී විශ්ව විද්‍යාලයත් තමන්ගේ පවුල සමග තිබූ සම්බන්ධතා ත් අත් හරිනවා. හේතුවනම් පැහැදිළි නැහැ. 1880 දී ඔහු බුඩාපෙස්ට් වෙත යන්නේ ටෙලිග්‍රාප් ආයතනයක සේවය සඳහා. එහිදී ඔහු නිපදවන ටෙලිෆෝන් ඇම්ප්ලිෆයරය, ලොව ප්‍රථම ශබ්ද විකාශන යන්ත්‍රය ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. ඉන්ඩක්ෂන් මෝටරය ගැන අදහස ඔහුගේ හිතට එන්නෙත් මේ කාලයේදී. අද අපේ නවීන ලෝකයේ පාවිච්චි වෙන බොහොමයක් උපකරණ වල භාවිතා වෙන මෝටරය තමයි ඒ.

1882 දී ටෙස්ලා පැරිස් වෙත යන්නේ. කොන්ටිනෙන්ටල් එඩිසන් ආයතනයේ සේවය සඳහා. ඔහු මුල් වරට ඇමරිකාවට පා තබන්නේ 1884 දී. ඔහුගේ මුල් ව්‍යවසායකයා(චාර්ල්ස් බැචලර්) ගෙන් ලැබුණු රෙකමදාරු ලියුමත් රැගෙන ටෙස්ලා යන්නේ "තෝමස් අල්වා එඩිසන්" මුණ ගැහෙන්න. චාර්ල්ස් බැචලර් දීපු මේ රෙකමදාරු ලියුමේ තිබුනේ මෙච්චරයි...

"I know two great men in this world. One is you. The other one is the young man who's carrying this letter"

( "මේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ට මිනිසුන් දෙදෙනෙක් ගැන මම දනිමි. එක්කෙනෙක් ඔබය. අනෙකා මේ ලියුම රැගෙන එන්නාය" )

ඒ වෙද්දී තෝමස් අල්වා එඩිසන් හිටියේ ඉතාමත් ඉහළ තැනක. හැබැයි තමන්ගේ උත්සාහයෙන්ම නෙමෙයි. ගොඩක් දුරට තමන් යටතේ වැඩ කරන අයගේ නිමැවුම් වලට පේටන්ට් බලපත්‍ර ගෙන ඒවා අලෙවි කිරීමෙන් තමයි ඔහු නමක් හදාගෙන තිබුනේ. ඔහු වඩා දක්ෂ උනේ අනුන් කරන නිපැයුම් මාකට් කරන්න. විශ්වාස නැද්ද? බලන්නකෝ ඔහු ටෙස්ලා ට කරන දේ...

එඩිසන්ගේ ආයතනයේ තිබුණු විදුලි ජනක යන්ත්‍ර ප්‍රතිනිර්මාණය කිරීම ටෙස්ලාට බාර වෙන්නේ එය සාර්ථකව නිම කලොත් ඩොලර් පනස් දහසක් ලබා දීමේ පොරොන්දුව මත. තමන්ට නියම වුනු කාර්යය ඉතාමත් හොඳින් නිම කරන ටෙස්ලා, එඩිසන් ගෙන් ඩොලර් පනස්දාහ ඉල්ලා හිටියම ඔහුට ලැබෙන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්.

"ටෙස්ලා...ඇමරිකන් විහිලු ගැන ඔබ දන්නේ නැහැ"

මෙවෙලේ එඩිසන්ගේ ආයතනයෙන් ඉල්ලා අස් වෙන ටෙස්ලා, නිව් යෝක් නගරයේ කම්කරු කටයුතු වල නිරත වෙනවා. ඒක ඔහුට ඉතාමත් කටුක කාල පරිච්ඡේදයක් උනා. මඩ වලක හිටියත් මැණිකේ අගය අඩු වෙන්නේ නැහැ කියන්න වගේ ටෙස්ලාගේ නිසඟ කුසලතා යටපත් කරන්න දෛවය ට හැකි උනේ නැහැ.

මේ කාලේ වෙද්දී විදුලිය සම්ප්‍රේෂණය කරලා තියෙන්නේ සරල ධාරා (Direct current) යොදා ගෙන. මේ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ සන්නායකය (කම්බිය) හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගැලීම. කම්බියේ ප්‍රතිරෝධය නිසා විශාල වශයෙන් බල ශක්තිය හානි වීමක් මේ ක්‍රමයේදී වෙනවා. ඒ වගේමයි ඒකට යොදා ගන්න කම්බිත් විශ්කම්භයෙන් ඉතාම වැඩියි(ඇයි ඉතින් පුළුවන් තරම් ප්‍රතිරෝධය අඩු කරන්න ඕනනේ) . ඒ නිසා මේකේ තිබුණ ලොකුම අවාසිය තමයි වැඩි දුරකට විදුලිය සම්ප්‍රේෂණ කරන්න අපහසු වීම. සැතපුමෙන් සැතපුමට සම්ප්‍රේෂණ කුළුණු සවි කරන්න උනා වගේම හැම තැනකම ඝන කමින් ඉතා වැඩි අති විශාල කම්බි ප්‍රමාණයක් අදින්නත් සිද්ධ උනා. කොටින්ම කියනවනම් නගරයේ එක තැනක අහසත් නොපෙනෙන තරමට කම්බි ඇදලා තිබුණලු. එහෙම කරලත් විදුලිය ලබා දෙන්න පුළුවන් උනේ ඉතාමත් සීමිත ප්‍රදේශයකට. පහළ වම් පැත්තේ පින්තුරේ බලන්නකෝ...



හ්ම්...දැන් බලන්නකෝ දකුණු පැත්තේ තියන පින්තුරේ. ඒ ස්ථානයමයි, ඒත් අර වයර් ගොඩ නැති වෙලා. ඒ ස්ථානය මේ තත්ත්වෙට ගත්තේ කවුද දන්නවද? "ටෙස්ලා....ඒ කොහොමද?

 "ප්‍රත්‍යාවර්ථ ධාරා" එහෙම නැත්නම් "Alternating current" කියන සංකල්පය ටෙස්ලා ට පහළ වෙන්නේ මේ වයර් ගොඩවල් දැක්කට පස්සේ. මේ ක්‍රමයේදී ඉලෙක්ට්‍රෝන ගැලීමක් සිද්ධ වෙන්නේ නැති නිසා කම්බිය දිගේ බල ශක්ති හානියක් සිද්ධ වෙන්නේ නැහැ. සරල ධාරා ක්‍රමයට වඩා සැතපුම් සිය ගානක් ඈතට විදුලිය සම්ප්‍රේෂණය කරන්න ඕන උනේ ඉතාමත් සීමිත සම්ප්‍රේෂණ කුළුණු ගානක්. ඒ වගේම ඉතාමත් සිහින් කම්බි මේ සඳහා යොදා ගන්න පුළුවන් උනා. මේ ක්‍රමය ඉතාමත් කාර්යක්ෂම වගේම ලාබදායී ක්‍රමයක්. මේ සංකල්පයේ වැදගත් කම තේරුම් ගත්ත "ජෝජ් වෙස්ටින්ග්හවුස්" කියන ධනවතා ඩොලර් 60000 කට එහි පේටන්ට් බලපත්‍රය ටෙස්ලාගෙන් මිල දී ගෙන ප්‍රත්‍යාවර්ථ විදුලි පද්ධති ස්ථාපිත කිරීම අරඹනවා. 


ඉතින්, අද මුළු ලෝකයම ඒකාලෝක වෙලා තියෙන්නේ, ඕනෑම අහුමුල්ලකට ඉතාමත් පහසුවෙන් විදුලිය ලබා ගැනීමේ හැකියාව ලැබිලා තියෙන්නේ ටෙස්ලා නිසා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද?


දැන් එතකොට තෝමස් එඩිසන් ඉන්නවා නේද? එයා සම්පුර්ණයෙන් අනුග්‍රහය දක්වමින් හිටියේ සරල ධාරා ක්‍රමයට. ඔහු විදුලි බල්බයටත් පේටන්ට් අරගෙන තිබුනේ (එයත් ඔහුට අයිති නිර්මාණයක් නෙමෙයිලු. වෙන කෙනෙකුගේ නිර්මාණයක් වැඩි දියුණු කිරීමක් පමණයි). ටෙස්ලා අස් වෙලා ගිය දවසේ ඉඳන් එඩිසන් ඔහුගේ විරුද්ධ කාරයා. ඔහුට මේක අල්ලන්නේ නැහැ. ඉතින් ඒකට උපායක් කල්පනා කරන එඩිසන් අන්තිමට මෙහෙම දෙයක් කරනවා. බල්ලෝ පූසෝ වගේ සත්තු අල්ලාගෙන ඇවිත් උන්ට ප්‍රත්‍යාවර්ථ ධාරාවක් වදින්න සලස්වලා එයින් උන් මැරෙන බව පෙන්නපු එඩිසන් කිව්වේ මෙය ඉතාමත් අනතුරුදායක දෙයක් නිසා භාවිතය නැවැත්විය යුතු බවයි. ඒත් ඉතින් අදටත් අපේ ගෙවල්වලට විදුලිය ගේන්නේ ඔය ප්‍රත්‍යාවර්ථ ධාරාව, ටෙස්ලාට පින් සිද්ද වෙන්න. හැබැයි එඩිසන් මහත්තයම තමයි ආණ්ඩුවට යෝජනා කරලා තියෙන්නේ හිර කාරයින්ට මරණ දඬුවම දීම සඳහා ප්‍රත්‍යාවර්ථ ධාරාව යොදා ගන්න කියලා.

කොහොම හරි මේ සිද්ධි වෙන අතරේ "ක්‍රිස්ටෝපර් කොලොම්බස්" ගේ ඇමරිකා ආගමනයේ 400 වන සංවත්සරය සමරන දවස ලං වෙනවා. ඒ සඳහා උත්සවාකාරයෙන් චිකාගෝ නගරයේ ප්‍රදර්ශන සහ සංදර්ශන පැවැත්වීමට (World's Colombian Exposition / World's Fair කියන්නේ ඒකට) සූදානම් වන අතරේදී එය ආලෝකවත් කිරීම බාර දෙන්න ටෙන්ඩර් කැඳවීමක් කරනවා. ඒක දිනාගන්නේ ටෙස්ලා, වෙස්ටින්ග්හවුස් ගේ අනුග්‍රහයෙන්. හේතුව තමයි සරල ධාරා යොදාගෙන කරන ආලෝකකරණය ට වැය වන මුදලින් අඩක් පමණක් මේ සඳහා වැය වීම. ඉතින් ටෙන්ඩරය ලැබෙන එක පුදුමයක් නෙමෙයි. දැන් මෙතන තව ප්‍රශ්නයක් වෙනවා. අර ටෙන්ඩර් එක ගන්න එඩිසන් මහත්මයත් ලන්සු තිව්වට ඔහුට ඒක ලැබුනේ නෑ. ඉතින් ඔහු කරන්නේ ටෙස්ලා ට අකුල් හෙලන එක. විදුලි බල්බයේ පේටන්ට් බලපත්‍රය තිබුනේ එඩිසන් අතේ නිසා ආලෝකකරණය සඳහා බල්බ යොදා ගන්න ටෙස්ලාට තහනම් කරනවා...

දැන් ඉතින් බල්බ් නැතුව මොන ආලෝකකරණද? ඒත් ටෙස්ලා නෙමෙයි ඒවායින් සැලුනේ. ඔහු ඒ සඳහා වෙනස්ම ආකාරයේ බල්බයක් ඔහු විසින්ම නිපදවනවා (පසු කලක ඔහු නිපදවන ගෑස් බල්බයේ සංකල්පය තමයි අද සී එෆ් එල් බල්බ වල භාවිතා වන්නේත්). අදාළ දවසේ දහස් ගණන් බල්බ දල්වමින් ආලෝකකරණ කටයුත්ත අති සාර්ථක ලෙස නිම කරන්න ඔහුට පුළුවන් වෙනවා. ඒ තමයි ඉතිහාසයේ ප්‍රථම වරට එවන් දෙයක් විදුලියෙන් ආලෝකකරණය කළ අවස්ථාව. ඉන් පස්සේ තමයි ටෙස්ලා ගේ නම ලොව පුරාම ප්‍රසිද්ධ වෙන්නේ.



ටෙස්ලා ගේ අති සාර්ථකත්වය දකින නයගරා ඇල්ල භාරව තිබූ කොමිසම, ජල බලය යොදාගෙන ප්‍රත්‍යාවර්ථ ධාරා නිපදවීම අත්හදා බැලීමට ටෙස්ලාට අවසර දෙනවා. නයගරා ඇල්ලෙන් විදුලිය නිපදවුවොත් එය භාවිතා  කළ හැකි ලඟම නගරය උනේ "බෆලෝ නගරය". එයට ඇල්ලේ ඉඳන් සැතපුම් 20 ක් පමණ ඇති නිසා සරල ධාරා සම්ප්‍රේෂණය කොහෙත්ම ප්‍රයෝගික නැහැ. ඒ නිසා ටෙස්ලා ගේ ප්‍රත්‍යාවර්ථ අත්හදා බැලීම් වලට නිතරඟයෙන් ඉඩ ලැබෙනවා. නයගරා ඇල්ලේ ජල විදුලි සම්ප්‍රේෂණය ස්විචය  විවෘත කරන අවස්ථාවේ ටෙස්ලා එතන ඉඳලත් නැහැ. එය නිවැරදිව වැඩ කරන බවට ඔහුට ඒ තරමටම  විශ්වාසයක් තිබුනා. ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය තමයි ඒ. නයගරා ඇල්ල අසල ටෙස්ලාගේ ප්‍රතිමාවක් තියෙන්නේ මොන එකකටදැයි කල්පනා කරන අයට උත්තරේ තමයි මේ දුන්නේ :)






1898 දී පමණ ටෙස්ලා කළ තවත් සොයා ගැනීමක් තමයි දුරස්ථ පාලනය. අද, රූපවාහිනියේ පටන් සැටලයිට් දක්වා හැම උපකරණයකම වගේ පාවිච්චි වෙන්නේ ටෙස්ලාගේ මේ සොයා ගැනීම. 1917 දී ටෙස්ලා ගෙන ආ තවත් සංකල්පයක් තමයි රේඩියෝ තරංග පරාවර්තනය කිරීම මගින් වස්තුවක වේගය සහ ස්ථානය නිර්ණය කිරීම. එය ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනීම ටෙස්ලා ගේ අදහස උනත් එවකට නාවික හමුදාව සම්බන්ධ නිලයක් දැරූ එඩිසන් විසින් එය වළක්වනවා. රොබර්ට් වොට්සන් "රේඩාර්" සොයා ගත්තේ ඉන් අවු. 17 කට පස්සේ. ඇත්තටම එහි ගෞරවය ලැබෙන්න ඕන ටෙස්ලා ට. "විල්හෙල්ම් රෙන්ට්ගන්" එක්ස් රේ සොයා ගැනීමට අවු. 8 කට පෙර, ටෙස්ලා එක්ස් රේ යොදා ගෙන පරීක්ෂණ කර තිබෙනවා. ටෙස්ලාට ඒ දේවල්, ඔහුගේ පරීක්ෂණ වලට යොදා ගත් අතුරු නිපැයුම් පමණයි.

අනාගතයේ නිසැකවම ඇති විය හැකි බලශක්ති අර්බුදය (ඛනිජ තෙල්, ගල්අඟුරු වැනි දේ නැවත උත්පාදනය නොවන සම්පත් බැවින්) ගැන අනුමාන කරන ටෙස්ලා, විකිරණ බල ශක්තිය හඳුන්වා දෙනවා. විශ්වයෙන් අපට ලැබෙන අසීමිත ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා සූර්ය කෝෂ නිපදවීම ඇරඹෙනවා.

නොබෙල් ත්‍යාග ලාභී "ගුග්ලිමෝ මාර්කෝනි" රේඩියෝව සොයා ගත් බව හැමෝම අහල ඇති. ඒත් ඒ සොයා ගැනීමට යොදාගත් අනෙක් සියලු නිමවුම්, ටෙස්ලාගේ බව දන්නේ නැහැ නේද? ඒත් ටෙස්ලා කිව්වේ මෙපමණයි.

"Marconi is a good fellow...Let him continue. He is using 17 of my patents"

රේඩියෝව නිපදවීමට මාර්කෝනි විසින් ටෙස්ලාගේ පේටන්ට් 17 ක් යොදා ගෙන තිබෙනවා. මේ නිසා පසු කලෙක රේඩියෝව සොයා ගැනීමේ ගෞරවය නැවත ටෙස්ලා වෙත පවරනවා.

ටෙස්ලා ගැන කතා කරද්දී තවත් කතා නොකර බැරි දෙයක් තියනවා. "ටෙස්ලා කොයිල්" ගැන. ගැමියාගේ පත් ඉරුවේ මේවා සම්බන්ධ කරගෙන ලස්සන ප්‍රබන්ධයක්‌ ලියවිලා තිබුණා. දැන් බලමුකෝ මොකක්ද මේ සංකල්පය කියලා. "වයර්ලස්" එහෙම නැත්නම් රැහැන් රහිත සම්ප්‍රේෂණය ගැන හැමෝම දන්නවනේ. ටෙස්ලා කොයිල් එකෙන් කරන්නේ රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණය කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. අවකාශය හරහා විදුලිය සම්ප්‍රේෂණය කරන්න (හරියට රේඩියෝ තරංග ගමන් කරනවා වගේ) හදපු සැළසුමේ මුල තමයි ඒ. මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන් ටෙස්ලා කොයිල් එකක් මොන වගේද කියලා.



මේ විදියට සම්ප්‍රේෂණය කරන විදුලිය සරලවම ප්‍රතිග්‍රාහකයක් වෙත (බල්බයක් වැනි) ලබා ගන්න හැකියාව තියනවා, කිසිම වයර් ඇදීමක් නැතිව. ඒ කියන්නේ ටෙස්ලා කොයිල් එකක් සම්ප්‍රේෂණය කරද්දී ඒ සීමාව තුල කෙනෙක් බල්බයක් නිකන්ම අතේ තබා ගෙන හිටියොත් එය දැල්වෙනවා, හැබැයි මිනිසාට හානියක් නොවී. කොයි තරම් අපූරු සංකල්පයක්ද? ටෙස්ලා මේ ගැන කොලරාඩෝ ප්‍රාන්තයට ගොස් පරීක්ෂණ පවත්වද්දී මිනිසුන් හිතුවේ ඔහු දෙවියන්ට අයත් වැඩ කරන පිස්සෙක් විදිහට. නැවත නිව්යෝක් වෙත එන ටෙස්ලා ගේ අදහස වෙන්නේ විශාල ටෙස්ලා කුළුණක් තනා ලෝකයටම විදුලිය, සංගීතය, රේඩියෝ තරංග ආදී සියල්ල සම්ප්‍රේෂණය කිරීම. ඔහු මේ සඳහා "මෝගන්" නම් මුදල් අනුග්‍රාහකයෙක් සොයා ගන්නවා.

ඒත්, අවාසනාවකට කුලුන තනාගෙන යද්දී ගුග්ලිමෝ මාර්කෝනි රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කරන නිසා මෝගන් හිතනවා තව දුරටත් මේකට අනුග්‍රහය දක්වන එකේ තේරුමක් නෑ කියලා. ටෙස්ලාගේ සැලසුම රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට වඩා ඉතාමත් එහා ගිය එකක් බව ඔහුට වැටහෙන්නේ නැහැ. කුලුනේ වැඩ අතරමග නතර වෙනවා. මේ නිසා ටෙස්ලා විසින් ලොවට දීමට නියමිතව තිබූ අසිරිමත් ත්‍යාගය අපිට අහිමි වෙනවා.

ටෙස්ලා මිය යන්නේ 1943 දී නිව්යෝකර් හෝටලයේ ඔහුගේ කාමරය තුලදී, තනිවම. ඔහු මිය ගොස් ඇති බව හෝටල් සේවකයින් දැන ගන්නේ දිනකට හෝ දෙකකට පසුව.  ඒත් සමගම ක්‍රියාත්මක වන ඇමරිකන් ආණ්ඩුව ටෙස්ලාගේ සියලුම ලිපි ගොනු තමන් භාරයට ගන්නවා. ඒ හේතුවක් ඇතුව. එය දෙවන ලෝක යුද්ධය පැවතුනු කාලය. ටෙස්ලා කරපු ඇතැම් පරීක්ෂණ සතුරා අතට පත් උනොත් ඉතාමත් විනාශකාරී වන බව ඔවුන් දැනගෙන සිටියා.

ඉන් එකක් තමයි භුමි කම්පා යන්ත්‍රය. ඕනෑම වස්තුවකට  අනන්‍ය අනුනාද සංඛ්‍යාතයක් ඇති බවත් ඒ සංඛ්යාතයම වෙනත් ප්‍රභවයකින් ඇති කලොත් ඒ වස්තුව කඩා බිඳ විනාශ කළ හැකි බවත් දන්නවා ඇති නේ. ඒ තමයි අනුනාදය කියන සංසිද්ධිය (ලතා මන්ගේශ්කාර්ගේ කටහඬ ට පුළුවන්ලු වයින් වීදුරුවක් අනුනාද කරලා බිඳින්න). ඉතින් ටෙස්ලා කලේ වස්තුවක අනුනාද සංඛ්‍යාතය නිර්ණය කරලා එයට සමාන සංඛ්‍යාතයක් ඇති ශබ්දයක් නිකුත් කරන්න පුළුවන් උපකරණයක් හදන එක. ඉතා විශාල ගොඩනැගිලි, පාලම් පවා මේ පුංචි උපකරණය යොදා ගෙන විනාශ කරන්න හැකියාව තියනවා.

ඒ විදියේ තවත් පරීක්ෂණයක් තමයි "Death rays". ඉතාමත් ඈතදී මිසයිලයක් පවා විනාශ කිරීමේ හැකියාව මේ කිරණ වලට තියනවලු.

දැනට මේ ලිපි ගොණු ටෙස්ලා කෞතුකාගාරයේ තිබුනත් කොපමණ ලිපි ප්‍රමාණයක් සැඟවිලා ද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ.

ටෙස්ලා එදා ඉදිරිපත් කළ සංකල්ප බොහොමයක් මනස්ගාත ලෙස සමාජය විසින් බැහැර කලත් නවීන ලෝකයේ සියයට අසූවක් පමණම භාවිතා වන්නේ එම සංකල්ප. එහෙත් ටෙස්ලාට ඒවායේ ගෞරවය නිසි පරිදි ලැබෙනවාද යන්න සැක සහිතයි. ටෙස්ලා අනාගතයේ ජිවත් වුනු කෙනෙක්.  ඔහු ඉපදුනේ වැරදි කාලයක බව මම කලින් කීවේ ඒ නිසයි. අද කාලෙයේ නම් මෙවැනි සංකල්ප ඉදිරිපත් කරන්නෙක් මහා ධනවතෙකු වනු නියතයි. ඒත් ටෙස්ලා ජිවත් වුනේ දුප්පතෙක් විදියට. සියවසක පමණ අනාගතයට සරිලන පරීක්ෂණ වෙනුවෙන් මුදල් වියදම් කළ නිසා නැවත ඉපැයීමක් සිද්ධ උනේ නැහැ. ඔහුගේ සොයාගැනීම් වලට අන් අය පැසසුම් ලබද්දී, ටෙස්ලා කළේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තව තවත් අසිරිමත් දේ ලොවට දීම සඳහා තම මුදල්, කාලය කැප කිරීම. ජූලි 10, ටෙස්ලා දිනයයි. ඔහු වෙනුවෙන් අවුරුද්දේ දින කොපමණ වෙන් කළත් වරදක් නැතැයි මට සිතේ. 


ලෝකයක් තැනූ ටෙස්ලා, ලෝකය විසින් අමතක කරන ලදුව...





"Our virtues and our failings are inseparable...like force and matter...When they separate, man is no more..." - Nikola Tesla

146 comments:

  1. Replies
    1. නුලෙන් මිස් උනා... බලාගමු මී අයියේ...

      Delete
    2. "ඒ තමයි නිකොලා ටෙස්ලා. කී දෙනෙක් මාත් එක්ක එකඟ වෙනවද?"

      උඩ තියෙන ප්‍රකාශය දැක්කහම මට හිතුනේ මොන පිස්සුද.. එඩ්සන්ට වඩා පොරක් ඉන්න විදියක් නෑ කියලා...

      ලිපියේ අවසානය එනකොට තනියම ලැජ්ජ උනා කලින් හිතපු දේ ගැන....

      ඔව් ටෙස්ලා තමයි පොර .. වයිමා

      Delete
    3. මේක හරිම අසාධාරණයි මගේ එකේ ලොඩ් වෙලා 3 minutes ago කියද්දි කොහොමද මේ දෙන්නා කලින් ආවේ..බෑ බෑ මේක වෙන්න බෑ...හී හී...

      Delete
    4. ප.ලි. සුදු අයියා 1 වෙලා වලි මල්ලී දෙක වීම ගැන මගේ අතිවිශාල සන්තෝෂය...
      මම පරාද වුනාට දුක නැතෝ.......

      Delete
    5. යේ යේ ජය වෙවා.......

      පව් අෆ්ෆා බට්ටි නන්ගියා.. ඔන්න ඊලන්ග පාර මන් දක්කොත් ටක් ගාල මැසෙජ් එකක් දානවා අන්න පහන් යායෙ පොස්ට් එකක් දාල කියලා

      Delete
    6. හප්පේ අද මි ගොඩයා එක වෙලා :)

      මෙව්වා ඉතිහාසේ වෙච්ච වැරදිනේ මී ගොඩයෝ. අපි ලැජ්ජ වෙලා මක් කරන්නද ඉතින්. ඒක නෙමෙයි කවුද මේ වයිමා කියන්නේ....?

      දිනේෂ් මල්ලි සහ බට්ටි, ඔන්න අද දෙන්නා රණ්ඩු වෙන්න ඕන නෑ. :)

      Delete
    7. Watch this film
      "The Prestige" http://en.wikipedia.org/wiki/The_Prestige_(film)

      loosely based on Tesla's work at Colorado Springs

      Delete
    8. Thanks :) I have watched it. Really a nice one...

      Delete
  2. වටින විස්තරයක්....ඔන්න ආයෙත් ආවා කාලෙකට පස්සේ...

    ReplyDelete
    Replies
    1. ආපහු දකින්න ලැබීමත් සතුටක්....ස්තුතියි හොඳේ

      Delete
  3. ඇත්තටම වටින විස්තරයක් අක්කේ.. එඩ්සන් කාරයා මෙහෙම පොරක් කියල දැනගත්තේ අදනේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි. අපෝ ඔව්, එඩිසන් ගේ වැඩ ඔන්න ඔහොමයි

      Delete
  4. හ්ම් ! මෙන්න ඉතිහාසේ කරපු සයුරි ටීචර් සයන්ස් වලට බැහැලා !!!

    හොඳම ලිපියක් සයුරි ! ඇත්තටම එඩිසන් වැඩ්ඩෙක් කියලා හිතන් හිටපු මගේ සිතුවිලිත් මේ පෝස්ට් එකෙන් පස්සේ වෙනස් වුනා. ඇත්තටම ටෙස්ලා කියන්නේ සෑහෙන්න මොළ කාරයෙක්...

    ටෙස්ලා කොයිල් එකත් එක්ක මම සෑහෙන්න ඒක ගැන උනන්දු වුනා. මං දැනන් උන්නේ ටෙස්ලා ප්‍රසිද්ධ වුනේ ටෙස්ලා කොයිල් එක නිසා කියලා... අයන්මෑන් චිත්‍රපටයේ ඔය වගේ ටෙස්ලා කොයිල් එකක් හදනවා මතක ඇති...

    ඇත්තටම වැදගත් ලිපියක්, ඔන්න ජුලි 10 වැනිදට මමත් ටෙස්ලාව අනුස්මරණය කරනවා... ගොඩක් ස්තුතියි සයුරි !!! ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. එක දිගට ඉතිහාසේම ලිව්වොත් කට්ටියට එපා වෙයි කියල හිතුනා :)

      ඔව් චතුරංග, ටෙස්ලාගේ මොළය සහ දැක්ම පුදුමාකාරයි. ශතවර්ෂ ගණනක ඉදිරියට ඔහු හිතලා තිබුණා. අනෙක් අය ඒක තේරුම් ගත්තේ නැහැ...ඔන්න එහෙනම් ජූලි 10 මතක තියා ගන්නකො....බොහොම ස්තුතියි ඔයාටත්

      Delete
  5. mama ahala tiyana widihatath oya edson kara wage wada godak e kale wela thiyenawa.

    ReplyDelete
    Replies
    1. ඔව් අවතාර්, අපි නොදන්නා කතාත් ඕන තරම් ඇති.

      Delete
  6. "නිකොලො ටෙස්ලා" නියම වැඩ කාරයෙක්. ඔහු නිපද වූ දේවල පේටන්ට් අරන් අනෙක් අය ලෝකයේ ජනප්‍රිය වෙනවා. ටෙක්ලා අප්‍රකටව ජීවත්වෙනවා.ලොක්යේ හැමදාමත් වෙන්නේ ඒ වගේ දේවල්.

    සයුරි ඉතිහාසය වගේම විද්‍යාත්මක ගවේෂනත් කරන හැටි දැක්කම පුදුමත් හිතෙනවා. මොකද එකකට එකක් වෙන් අන්ත දෙකක්නේ. අනික් කාරණය විද්‍යාත්මක තොරතුරක් කියවන්නාට රුචිකත්වයක් ඇතිවන පරිදි රසවත්ව ලිවීමේ හැකියාව , ඒ නිසා විද්‍යාත්මක ගවේෂනය පවා ගොනු කරන්නෙ භාෂාව රසගන්වමින්, බාෂාව ප්‍රකාශන මාධ්‍යයට මෙවලමක් විදියට භාවිතා කරමින්.

    ඒ නිසා භාෂිව සමග ගනුදෙනු කරන ඔබට ඕනෑම විෂයක් රසට ලියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වෙනදා වගේම ඔබතුමා කරන මේ ඇගයීමට. තව තවත් ලියන්න හිතෙනවා එතකොට. විද්‍යාව මගේ විෂයයක් වුනු නිසා ඉතිහාසය විනෝදාංශයක් කරගත්තා :)

      //ලොක්යේ හැමදාමත් වෙන්නේ ඒ වගේ දේවල්. // මේකනම් සහතික ඇත්ත

      මී ගොඩයාටත් තැන්කූ :)

      Delete
  7. ටෙස්ලා..!! අහල තිබුනත් දන්නෑ මෙච්චර වැඩකරුවෙක් කියල, මාර භාණ්ඩයක් තමයි. බැලුවම තෝමස් අල්වා එඩිසන් කියන්නෙ සවුත්තු මනුස්සයෙක්නෙ, චැක්... තෝමස් වගේ එවුං මටත් මුණ ගැහිල තියෙනව, හැබැයි තෝමස්ගෙ දැනුමෙන් 100000000න් 1ක් වත් නෑ, අනුන්ගෙ හැකියාවන් ලාබෙට අරං වැඩි ගාණට මාකට් කරනවා. මට එහෙම එකෙක් සෙට් වෙලා මම මරු ඇණයක් ගැහුව මිනිහට, පස්සෙ මිනිහ මට ගහන්නත් හොයල තිබුන. හැක්... හැක්.. ඇයි අප්ප මල පනිනවනෙ, මට 15,000.00දීල මුළු මාසෙටම මම කරන ඒව එකක් 80,000.00 - 90,000.00ක් වෙන්න විකුණල, එකක් නෙමෙයි මාසෙකට තුන හතරක්. ඇහුවම කතාව අතේ සතේ නැති ගාණට, පස්සෙ බඩු අතටම අහුවුනා, මට මාසෙට 15,000.00යි ඌට 200,000.00ත් පැනල. අක්කගෙ පෝස්ට් එක මරු ඈ... හරිම වැදගත්, බොහෝම ස්තූතියි මේ වගේ ලිපි පලකරනවට. ජය ශ්‍රී හොඳේ..!!!

    ReplyDelete
    Replies
    1. මේ ගැන විස්තර සහිතව ලියහංකෝ...

      Delete
    2. @ගැමියා: බලමුකො, බලමුකො. උඹ දන්නවනෙ සීන් එක. :D
      @සයුරි අක්කා: නිකොලායි ටෙස්ලා කිව්වම මතක් වුනේ මට අමිත් මුනින්ද්‍රදාසයන්ව, අක්ක දන්නවත් ඇති මොරටුව කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක්, 2007 ජූනි 11 අප අතරින් සමුගත්තා. ඉතාමත්ම ශ්‍රේෂ්ඨ සොඳුරු මනුස්සයෙක්, නිකං නෙමෙයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, මම එයා ගැන පොඩි සටහනක් උපුටා දැම්මා බ්ලොගේ, මෙතනින් බලන්නකෝ ජය ශ්‍රී හොඳේ..!!

      Delete
    3. සවුත්තුදත් අහලා මන්ඩියෝ. අනුන්ගේ ඒවා මාකට් කරා මදිවට වැඩ කරන මිනිස්සුන්ට උදැල්ලත් දාලා...හප්පේ ඔයාටත් වෙලා තියෙන්නේ මාර වැඩ නේ...ගැමියා දැන ගත්තට අපි දන්නේ නෑ නේ. විස්තරේ ලිව්වනම් ගොඩක් අයට වැදගත් වෙයි ඔහොම අයගෙන් පරෙස්සම් වෙන්න :)

      මුනින්ද්‍රදාස සර් ගැන ලියපු එකනම් හරිම වැදගත්....ඇත්තටම මේ ලිපියට වඩා වැදගත් ඒක. ඒ රටට වැඩක් කරපු, අපේ රටේ මනුස්සයෙක් නේ...

      Delete
  8. නිකෝල් ටෙස්ලාගේ ටෙස්ලා කොයිල් සංකල්පය අහලා කියවලා තිබුනට මේ තරම් නිපැවුම් ගනනක් කරපු ශ්‍රේෂ්ඨයෙක් කියලා මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ.එඩිසන් ගැන තිබුනු ගෞරවය එහෙම් පිටින්ම නැති වුනා....

    මේ වගේ අදහස් සොරාගැනීම් ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් කරලා තියෙනවා කියලා මම කොහේදි හෝ කියෙව්වා....

    ටෙස්ලා නිෂ්පාදනය කරමින් උන්නු කුළුන ඉදි කරානම් කොයිතරම් වෙනසක් ඇති වෙයිද?? අර භූමිකම්පා උපරකරණය ගැනත් මම ඇහුවේ අදමයි.සෑහෙන්න වටිනා ලිවිල්ලක් අක්කේ සෑහෙන්න දේවල් දැනගත්තා බොහෝම ස්තූතියි මේ ලිපියට.... සී එෆ් එල් ගැනත් අදනේ දන්නේ පිස්සු හැදෙනවා හැබැයි අක්කේ ඒක ෆ්ලූරොසොන්ට් බල්බය වෙන්න බැරිද??

    මගේ ලිංකුව දැම්මටත් ස්තූතියි ඈ....

    මයිල් කෙලින් වෙනවා මේ වගේ එව්වා කියවද්දි.නියමෙටම ලියලා තියෙනවා... රේඩියෝවේ සීන් එකත් අදනේ දැනගත්තේ.... මාර වටිනවා අක්කේ.දිගටම ලියන්ඩෝ

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් ගැමි මල්ලි මමත් ඉස්සර එඩිසන් ට කැමතියි. දැන්නම් සතේකට ගණන් ගන්නේ නෑ :)

      ඈ ග්‍රැහැම් බෙල්ගේ කතාව මම දන්නේ නෑ නේ. ඔයාට මතක් උනොත් කියන්නකෝ..ඒ කුලුන ඉදි කරානම් අද ලෝකය මිට වඩා ගොඩක් ඉස්සරහින් ඉඳීවි. සී එෆ් එල්, ෆ්ලොරසන්ට්, නියෝන් බල්බය මේ හැම එකකම තියෙන්නේ එකම තියරිය නේද මල්ලි? (වාතය අයනීකරණය වෙලා බල්බය දැල්වීම). හැබැයි සී එෆ් එල් එකේ පොඩි වෙනසක් තියලු. වායුව අයනීකරණය කරන්න යොදා ගන්නේ පරිපථයක් ලු. හස්බන්ඩ් මහතා තමයි කිව්වේ, වැරදිනම් නිවැරදි කරන්න හොඳේ...

      බොහොම ස්තුතියි ඔයාට..

      Delete
    2. ඔව් ඔව් අක්කේ පරිපථයක් තියෙනවා තමා.... අන්න ඒකයි මම ඇහැව්වේ සී එෆ් එල් ද නැත්තම් ෆ්ලූරොසොන්ට්ද කියලා... තියරිය නම් එකයි වෙන්නැති අක්කේ...

      Delete
    3. ඔව් නේ...ෆ්ලොරසන්ට් කිව්වනම් වඩා හරි මාත් හිතන්නේ...

      Delete
  9. ටෙස්ලා කොයිල් වලට පිස්සු වැටිලා හිටියට අදනේ දැනගත්තේ නම වැටුනේ කොහොමද කියලා..

    ReplyDelete
    Replies
    1. ගිනි කුරුල්ලත් ටෙස්ලා කොයිල් වලට කැමතිද? නියමයි :)

      Delete
  10. ඉතාම හොඳ ලිපියක් සයුරි..හොඳ දැනුමක් ලැබුනා..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වී පොකුර...

      Delete
  11. වැදගත් ලිපියක්.. දැන් බලනකොට ඉස්සර ඉඳලම බොරු කාරයොනෙ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ.. තව ඉස්සරහට යනකොට බිල් ගේට්ස් ල ස්ටීව් ජොබස් ල වගේ පොරවල් ගැනත් ඔහොම දේවල් දැන ගන්න ලැබෙයි වගේ.. දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. බිල් ගේට්ස් නම් එයාගේ මුල්ම කර්නල් එක හැකර් කෙනෙක්ට කීයක්ද මන්දා ගෙවලා ගත්තා කියලත්... ඒ ගත්තු එක මත එයාගේ මෙහෙමයුම් පද්ධතිය සංවර්ධනය කලා කියලත් ආරංචියි...

      ලිනස් ටොවෝල්ඩ්ස් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කලාම ඒ ඔස්සේ ස්ටීව් ජොබ්ස් මැක් ඕ එස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කලා කියලත් ආරංචියි...

      ඒ ඔක්කෝටම මුල හදලා දීපු c භාෂාවේ නිර්මාපකයව හැමෝම අමතක කලා කියලත් ආරංචියි...

      මම වැරදිනම් නිවැරදි කරන්ඩෝ....

      Delete
    2. හ්ම්ම්.. එකනම් ඇත්ත. මේ ඔක්කොම ලැබුනෙ C නිසානෙ. C භාශාව නිර්මානය කල ඩෙනිස් රිට්චේ මිය ගියේ ස්ටීව් ජොබ්ස් මිය ගිහින් හරියටම දවස් 6ට පස්සෙ. ඒත් ඉතින් කව්ද ඒයා ගැන කතා කලේ...? ස්ටීව් ජොබ්ස් පුරෝගාමියා උනේ ඇපල් ටෙක්නොලොජි එකට උනාට ඩෙනිස් රිට්චේ ගෙ C භාශාව කොච්චර දේවල් වලට පුරෝගාමී උනාද?

      ස්ටෙලා ගැනත් ඉතින් සිද්ධ උනේ ඒ ටිකම තමයි. ස්ටෙලාට, ඩෙනිස් රිට්චේට විතරක් නෙවෙයි ලෝකෙ ගොඩක් විශිෂ්ටයින්ට ඔය අසාධාරනය වෙලා තියෙනව

      සයුරි අක්කගෙ ලිපියනම් හැමදාමත් වගේ සුපිරියි. ඔබට ජය!!!

      Delete
    3. බිල් ගේට්ස්ලා ගැන අනාගතයේදි නෙවෙයි...දැනටමත්....

      ඇමරිකාවෙ නිර්මාණකරුවො නෑ. ඉන්නෙ බිස්නස් කාරයෝ. නිර්මාණ කරුවො ඇමරිකාව තුළ විකිණෙනවා. එදත් එහෙමයි අදත් එහෙමයි....ඒත්, හෙටත් එහෙම වෙයි කියලනම් හිතන්න බෑ.

      Delete
    4. දැනටත් තනිකර එයාගේ දැනුමෙන් නෙවෙයි. ගොඩාක් දෙනෙකුගේ එකතුවෙන් නිර්මාණ වුන එකක්. එත් නම යන්නේ බිල් ග්‍රේට්ස් ගේ

      Delete
    5. ඒකනම් ඇත්ත එදා වගේම අදත් මේ වගේ සිද්ධි වෙනවා. බිල් ගේට්ස් ගැන ගැමියා කියපු කතාව මාත් අහල තියනවා. මුල්ම කර්නල් එක එයාගේ නිර්මාණයක් නෙමෙයි...ඔහුත් හොඳ වදකරුවෙක්ට වඩා, හොඳ ව්‍යාපාරිකයෙක්.

      සුදර්ශිටත් සුතුතියි...බොහොම හරි. ස්ටීව් ජොබ්ස් මැරුණම මුළු ලෝකෙම කම්පා උනා නේ. ඒත් ඩෙනිස් රිචී කියලා කෙනෙක් හිටිය බව දන්නෙත් කීයෙන් කී දෙනාද? ඩෙනිස් රිචී නොහිටියානම් ඔය එකක්වත් මේ තියන තත්වෙට එන එකක් නෑ. හැබැයි මෙහෙම වෙන එක ස්වාභාවිකයි. අඩිතාලම කවුරු දැම්මත් මිනිස්සුන්ට පේන්නේ අන්තිම ප්‍රොඩක්ට් එක නේ.

      //ඇමරිකාවෙ නිර්මාණකරුවො නෑ. ඉන්නෙ බිස්නස් කාරයෝ. නිර්මාණ කරුවො ඇමරිකාව තුළ විකිණෙනවා.//
      එකඟයි....

      ඇත්ත කතාව අසාර්

      Delete
  12. එක හුස්මට කියෙව්වා.නිකොලස් ටෙස්ලා ගැන මීට කලින් අහල තිබුනේ නෑ.එත් චුම්භක ශ්‍රාව ඝනත්වය මනින්නේ ටෙස්ලා වලින් කියල දන්නව.මම හිතන්නේ ඒක නම් කරල ඇත්තෙත් මෙතුමාගේ නමින් වෙන්න ඇති!
    එඩිසන් ගැන නම් කතා කරල වැඩක් නැති නිසා මුකුත් නොකිය ඉන්නම්!
    ලිපිය නම් පට්ටයි!:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නුවන් :) ආ ඔය තියෙන්නේ නොකියවුණු තොරතුරක්. චුම්බක ස්රාව ඝනත්වය ගැන අමතක උනා නේ. බොහොම තැන්කූ.

      Delete
  13. සැහෙන්න වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිවංක...

      Delete
  14. වෙනදා වගේම වටිනා දැනුම් සම්භාරයක්.....
    ........සයුරි ටීචර්ට බොහොමත්ම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි, ලිපිය කියවලා අදහසුත් එකතු කරාට...

      Delete
  15. ඉස්සර අපේ හිතේ හිටපු වීරයෝ හොරු කපටියෝ පාවදෙන්නෝ. ඉතිහාසේ දැන් ටික ටික එලි වෙනවා.

    මේ වගේම තව කි දෙනෙක්ටනම් අසාධාරනකම් සිද්ද වෙන්න ඇති ද?.

    සයුරි මොන දේ ලිවුවත් කියවන්න ආස හිතෙන විදියට ලියනවා.

    ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අසාර්...ඇත්තටම කවුරුවත් නොදන්නා මේ වගේ කතා තව ඕන තරම් ඇති. කොහේ ගියත් අසාධාරණේ තියනවා...

      Delete
  16. හරිම වටින‍ා ලිපියක් නංගී....
    ගොඩක් තොරතුරු දැන ගත්තා...ඔබට ස්තූතියි....
    ටෙස්ලා අති දක්ෂයෙක්...ඒත් එඩිසන්...ඔහු නම් අතේමාර්ථකාමී පණ්ඩිතයෙක්...

    ReplyDelete
    Replies
    1. //අතේමාර්ථකාමී පණ්ඩිතයෙක්//
      නියම හැඳින්වීමක් ධම්මි අක්කේ...ටෙස්ලා එක්ක බැලුවම ඔහුට තියෙන්නේ හරිම පුංචි තැනක්

      බොහොම ස්තුතියි හොඳේ...:)

      Delete
  17. උපරිම වටින ලිපියක්...

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා මාරයියා

      Delete
  18. ඔව් ටෙස්ලා තමයි පොර!
    එඩිසන් අපතයෙක්!
    ටෙස්ලගෙ තිබ්බ එකම වරද ඒ කාලෙ ඉපදීම කියපු එක නම් ඇස්ත ඈ!
    වේත් විශ්වකර්මයා කියන එකට නම් එකඟ නෑ.හැබැයි අති දක්ෂයෙක් සැකයක් නැතුවම :)

    විශ්වකර්මයා කියන නම හැදුනෙ රාවණා රජ කාලෙ හිටපු කෙනෙක් නිසා.එයාගෙ නම විකුම්.දඬු මොණරෙ හැදුවෙ එයාලු.දේවත්වයට ආවෙ කොහොමද කියල නම් මම දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. හප්පා මම දැනගෙන හිටියේ නෑනේ විශ්වකර්ම කියන්නේ රාවනා කාලේ කෙනෙක්ට කියලා. එතකොට විශ්වකාර්ම ලොප් වෙලාද විකුම් කියන නම හැදුනේ :)

      ඉන්ජිනේරුවන්ට විශ්වකර්මයෝ කියන එකේ මම හිතුවා ඉතින් ටෙස්ලා නම් සැබෑම විශ්වකර්මයෙක් කියලා. ස්තුතියි බටපොලයට

      Delete
    2. ලොප් ද නැද්ද කියන්න නම් මං දන්නෙ නෑ අක්කියා!
      මං දන්නෙ ලොලි පොප් විතරයිනෙ :)

      ඔය විකුම් කියන කෙනා පුලතිසි සෘෂිවරයාගෙ හොඳ ගෝලයෙක්ලු.අලුත් අදහස් නිර්මාණ වලින් පිරුන අති දක්ශයෙක්.වැඩිදුර විස්තර ඔනනම් කොග්ග්ල නිළමේ කියන පොත කියවල බලන්නකො..මටත් අහම්බෙන් ජංජාලෙ රස්තියාදු ගහද්දි හම්බු වුනෙ :)

      (මං රස්තියාදු ගහනව කියල අම්මට නම් කියන්න එපෝ) :D

      එඩිසන් වැඩකාරෙයෙක් කියල හිතුව ඉස්සර..(දුර ඈත අතීතේ ඈ)
      මට පොඩි මෙව්වා එකකුත් තිබ්බ,මෙයා ප්‍රත්‍යාවර්ථ දාරාවට විරුද්ද වුන එක නිසා,බලන් ගියාම මගෙ මෙව්ව එක හරි වගෙ නේ :)
      ටෙස්ලා අති දක්ශයෙක්,ඒකෙ නම් සැකයක් නෑ!

      Delete
    3. ශා...විකුම් මාරයි නේ...නෑ නෑ අම්මට කියන්නේ නෑ.

      ආ ඒ කියන්නේ ඔයාට ඒ වගේ දේවල් මෙව්වා වෙනවා....බොහොම හොඳයි නේ :)

      Delete
    4. ඔව් ඔව් මගෙ පොඩි එහෙම අප්සට් එකක් තියෙනව තමයි! :ඩී

      මගෙ මෙව්වා එක ලෙඩක් නෙමෙයි නේද අක්කා? at මූන අඹුල් කරගෙන.

      Delete
    5. නෑ නෑ ලෙඩක් වෙන්න බෑ...ඔයා බය නොවී ඉන්න.

      Delete
  19. කියවගෙන යද්දී පිස්සු හැදෙනවා අක්කේ. ගොදක්ව් වටිනා විස්තරයක්. ඒ මනුස්සයට කොච්චර අසාධාරනකම් වෙන්න ඇත්ද? අනුන්ගේ පහනෙන් එලිය බලන අය ඕනේ තරම් ඉන්නවා එඩිසන් වගේ අය. නිකොලා ටෙස්ලා. කියන්නේ ඇත්තටම විශ්ව කර්මයෙක්. අවාසනාවකට සමහර මිනිස්සුන්ගේ කුහකකම් හින්ද ඒවායේ සම්පුර්ණ ප්‍රතිලාභ අපට විඳින්න බැරි වෙච්ච ඒක ගැන දුකයි. බලාගෙන ගියාම ලෝකය මවල තියෙන්නේ නිකොලා ටෙස්ලා. ශ්‍රේෂ්ට මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. // බලාගෙන ගියාම ලෝකය මවල තියෙන්නේ නිකොලා ටෙස්ලා. ශ්‍රේෂ්ට මනුස්සයෙක්.//

      හරියට හරි මල්ලි. ඔහු නොහිටියානම් අද අපි මේ ඉන්න නවීන ලෝකයෙන් දහයෙන් පන්ගුවක්වත් මේ විදියට තියන එකක් නැහැ. සම්පුර්ණ ප්‍රතිලාභ ගන්න බැරි වුනු ඒකනම් ඇත්තටම දුකක්...ආපහු කවදා එහෙම කෙනෙක් පහල වෙයිද දන්නේ නෑ

      Delete
  20. A/L Physics මතක් වුණා... එඩිසන් නම් මහ සවුත්තු මනුස්සයෙක්නේ බලාගෙන ගියාම!

    ReplyDelete
    Replies
    1. සවුත්තුදත් අහලා අප්පා :(

      Delete
  21. මගේ මතකය තාමත් හොදයි නම් චුම්බකත්වය මනින ඒකකයත් ටෙස්ලාම තමා !!!
    හරි ද මන්දා. නොදන්න විස්තර ගොඩක් දැන ගත්තා. මෙයා මාර දේවල් නේ දන්නේ. ඔයා හරි හපනි !!!

    බලාගෙන ගියහම තෝමස් අල්වා එඩිසන් කියන්නේ මහ කැත වැඩ කරපු මනුස්සයෙක් !!!


    මම අද එක වෙලා ??? හුරේ... හුරේ !!!

    ReplyDelete
    Replies
    1. මතකේ හොඳයි ළමයාගේ :) එඩිසන් ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ.

      මට පේන්නේ මධු මල්ලිටත් අර තොටියා කියපු අමුතු නමක් තියන ලෙඩේ හැදිලද කොහෙද :)

      Delete
    2. මොකද්ද ඒ ලෙඩේ ???

      Delete
    3. අනේ නමනම් මතක නෑ...අමුතු අමුතු දේවල් මැවිලා පේන ලෙඩක් :)

      Delete
  22. අපොයි එඩිසනුත් හරි එක්කෙනෙක් නේ . සයුරි මන් නම් කියවල තිබුනේ නැහැ මේ ගැන .හරිම හොඳ ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ එඩිසන් නම් හරිම සවුත්තුයි...බොහොම ස්තුතියි

      Delete
  23. බොහොම වටින ලිපියක්. ගොඩක් ස්තුතියි. ඇත්තටම මම නම් ටෙස්ලා ගැන මේ තරම් කරුණු අහන්නේ පළවෙනි වතාවටයි.
    ඒ වගේම එඩිසන් ගේ සැබෑ ස්වරූපය මම මුලින්ම දැනගත්තේ විදුසර සඟරාවෙ පළවෙලා තිබුණු විද්‍යා ප්‍රබන්ධ කතාවකින්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි. ආ...ඒ කියන්නේ එඩිසන් ගේ මේ වැඩ ඉස්සරත් පළවෙලා තියනවා. මේ ලඟකදී තමයි මමනම් දැන ගත්තේ...

      Delete
    2. හරිනෙ.. ලකී කියනකොටයි මටත් මතක් වුනේ මාත් ඒ විද්‍යා ප්‍රබන්ධය කියෙව්වා කියලා.
      එඩිසන් මාර කෙනෙක් තමයි.

      සයුරි අක්කා නෑ නෑ සයුරි මිස් පරණ කතා අලුත් විදිහට කියන්න හොඳට දන්නවනෙ..
      හරි ආසාවෙන් කියෙව්වෙ.

      Delete
    3. හිහි..."මිස්" කියලා රෙජිස්ටර් වෙලා වගේ :) ඉගනගන්න ආස ළමයි හරිම හොඳයි නේ

      Delete
  24. ටෙස්ලා ගැන මේච්චර විස්තර දැනං හිටියෙ නෑ සයුරි..මේ දවස්වල ටෙස්ලා කොයිල් ගැන නිතරම කියැවෙන නිසා ආපහු හොයලා බලන්න හිතුනා..

    ස්තුතියි ගොඩක්..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි රූ...හොයලා බලන්නකෝ. හරිම සිත්ගන්නා සුළුයි ඒක. ඔයාටත් ස්තුතියි

      Delete
  25. දැනුම රසවත් බස් වහරකින්. හරිම අපූරුයි !

    ReplyDelete
    Replies
    1. රසික මල්ලිටත් ස්තුතියි. මට කලකින් එන්න බැරි උනා විකසිත පැත්තේ...

      Delete
  26. ගොඩාක් දේවල් දැනගත්ත අක්කෝ.........ගොඩාක් ස්තූතී අපිත් එක්ක මේ දේවල් බෙදාගන්නවට.........

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි අග්නි නංගෝ :)

      Delete
  27. මොකා මොන කෙප්පෙ කිව්වත් අපි මේ විදියට ජීවත් වෙන්නෙ මේ වගේ මිනිස්සු නිසා! <3

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්....හ්ම්ම්ම්

      Delete
  28. සයුරි හැමදාම අලුත්.

    ReplyDelete
  29. සයුරි මිස්, එතකොට මෙච්චර කල් මේ එඩිසන් ගොයියා ගැන අපිට බොරුද උගන්නලා තිබුනෙ ? හපොයි මූ මහ පල් හොරෙක්නෙ ! පොඩිකාලෙ ඔය යකාගෙ නම මතක තියාගන්ඩ අමාරු හින්දා, ඒක මතක තියා ගත්තේ " තෝව අල්ලලා එල්ලනවා" කියන එකෙන්. දැන්නම් මූව ඇත්තටම එල්ලන්ඩ හිතෙනව. අම්මපා !

    ටෙස්ලා නම් රජ වැඩ කාරයෙක් වගේ නේද ? අර විදුලිය සම්ප්‍රේශණය කරන එකනම් මාරයි.. ඒක ඇත්තටම සාර්තක උනාද ? නැතිවෙන්ඩ ඇති නේද ? නැත්නම් අද ඒ විදිහට විදුලිය සම්ප්‍රේශණය කරයිනේ, මේ වයර් ඇද ඇද ඉන්නැතුව.

    මිස් අද, අලුත්ම කතාවක් රසවත්ව උගන්නලා තියනවා. ස්තුතියි මිස්.

    ReplyDelete
    Replies
    1. // තෝව අල්ලලා එල්ලනවා//
      හිකිස්‌ ඒකනම් මරු නම. එල්ලන්නම තමයි වටින්නේ.

      ඒ විදුලිය සම්ප්‍රේෂණය කරන එකට කුලුන හදලා ඉවර කරන්න ලැබුනේ නැහැනේ. මෝගන් විසින් මුල්‍ය ආධාර නවත්තපු හින්දා. ඒ නිසා ඒක ඇනහිටියා. ටෙස්ලා පුන පුනා කිව්වලු වියදම් වෙන ගාන වගේ සිය දහස් ගුණයක් කුලුනෙන් හොයන්න පුළුවන් කියලා. ඒත් මෝගන් ඒක අහලා නැහැනේ. නැත්නම් අති සාර්ථක වෙන්න තිබුණු වැඩක්. දැනට උනත් ටෙස්ලා කොයිල් එකක් ලඟට ගිහින් වයර් නැතුව බල්බ දල්වන්න පුළුවන්. තවමත් මේ ගැන පරීක්ෂණ අත ඇරලා නැහැලු. ටෙස්ලා කරපු වැඩේට ආපහු අත ගහන්න කෙනෙක් හිටියොත් ඒක කරන්න බැරි වෙන එකකුත් නැහැ.

      ස්තුතියි සෙන්නා දරුවා....

      Delete
  30. එක් කෙනෙක්ගේ නම යද්දී තව කෙනෙක්ගේ හම ගිහින්. ඔබ කිව්වා හරි ටෙස්ලා උපන්නේ වැරදි කාලයේ වගේම වැරදි මිනිසුන් අතරේ

    ReplyDelete
    Replies
    1. //වැරදි කාලයේ වගේම වැරදි මිනිසුන් අතරේ//

      බොහොම හරි. විශේෂයෙන්ම එඩිසන් වගේ කෙනෙක් එක්ක මේ තරම්වත් දෙයක් කළා ඇති. වැරදි මිනිස්සු අතට බලය ගියාම මෙහෙම දේවල් වෙනවා නේ.

      Delete
  31. මට එයා ගැන දුක හිතුනා..අනිත් අය ගැන හිතලා එයා කොච්චර දේවල් නම් අපිට දිලාද..එත් එ මනුස්සයා ඉදලා තියෙන්නේ දුප්පත් වෙලා..ඇත්ත සයු..එයා ඉපදෙන්න තිබ්බේ දැන්..

    වැදගත් රසවත්..

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් නිම්ශා මටත් දුකයි එයා ගැන. අසාධාරණ නිහඬව දරාගෙන හිටපු කෙනෙක්. බොහොම ස්තුතියි ඔයාටත්.

      Delete
  32. ගොඩක් වැදගත් විස්තරයක් අක්කේ.. මේ දේවල් ලියන එක සෑහෙන්න වටිනවා.. නොදන්න දේවල් දැන ගන්න ලැබෙන නිසා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් මල්ලි...මොකද අනේ මේ මුලිනුයි අගිනුයි දෙකෙන්ම ඇවිත් :)

      Delete
    2. මේකනේ අක්කේ උනේ.. මල් කැඩීමේ ප්‍රතිඵලයක් විදිහට අද එක වෙන්න බැරි උනේ දශමෙන්.. පස්සේ ඉතින් හදිස්සියක් නෑනේ.. හෙමීට ලිපිය තේරුම් අරන් කියවලා පස්සේ ආවා.. :)

      Delete
    3. අහා...මලයා මල් කඩනවා එහෙනම් මේ දවස්වල...හොඳා හොඳා :)

      Delete
  33. හප්පේ විශ්වකර්මයෙක්ම නේන්නම්! වැදගත් ලිපියක්. ටිකක් දිගයි ගොඩක් මහන්සි වෙලා තියෙනව වගේ.
    ස්තූතියි මේ වගේ දේවල් අහන්න දකින්න සලස්වනවට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිමන් නිවන්නාට මේ පැත්තට ගොඩ උනාට...ලිපිය පුළුවන් තරම් කොට කරන්න හැදුවත් හරි ගියේ නෑ නේ :)

      Delete
  34. යකෝ එඩිසන් කියන්නේ බලන් ගියහම මාර ඇම්ඩෙක්නේ... ඇත්තටම ටෙස්ලා ටවර් ගැන උඩින් පල්ලෙන් අහලා තිබුනට ඔන්න අද තමා හරියටම දැන ගත්තේ...

    ReplyDelete
    Replies
    1. ඔව් කනියා...එඩිසන් කරලා තියෙන්නේ අන්තිම පහත් වැඩ. බොහොම ස්තුතියි :)

      Delete
  35. අද තමයි මේ පැත්තට අවේ.. ඔන්න අද ඉදන් මාත් පස්සෙන් එලවනවා ......

    ReplyDelete
    Replies
    1. හම්මේ...සචිත්ව සාදරයෙන් පිලිගන්නවා එහෙනම්. බොහොම ස්තුතියි....

      Delete
  36. වැදගත් ලිපියක්. ගොඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සපුමල් :)

      Delete
  37. සුපිරි සුපිරි සුපිරි .හැමදාම මේ වගේ ඒවා දාන්න. පරක්කු උනා මේ පාර නම්. ඒත් පාඩුවක් නෑ මේක බැලුවට පස්සේ. කොහෙන්ද හලෝ මේවා හොයාගන්නේ? පික්සු හැදෙනවා. ජයවේවා වාසනා වේවා..මම වගේ අයට මේවා සෑහෙන්න වටිනවා .

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට කමක් නෑ ඇපල්...බලපු එකම ලොකු දෙයක් නේ :) බොහොම ස්තුතියි...ඔයා වගේ අයට හොඳයි කිව්වේ..ඇපලුත් මේ ක්ෂේත්‍රයේ කෙනෙක් වත්ද....ජය වේවා ජය වේවා !!

      Delete
    2. නැතුව නැතුව . තවම ඉතින් මේවා ඉගෙනගන්නවා. ඇපල් කියන්නේ ඉංජිනේරු පුත්‍ර රත්නයක් . හොහ් හොහ්

      Delete
    3. ඒ කියන්නේ ඇපල් ගේ තාත්තා ඉංජිනේරුවෙක්...මරු මරු

      Delete
    4. අනේ නෑ මම තමා වෙන්ඩ ඉංජිනේරුවා. මගේ පියා ලිපිකරුවෙක්. :)

      Delete
    5. දාන්න එහෙනම් පහක් :)

      Delete
  38. එඩිසන් අය්යා මෙච්චර කතා පොරක් කියලවත් දැනගෙන හිටියේ නෑ
    මේ ලිපිය බ්ලොග් අවකාශේ මම ආසාවෙන්ම කියවපු එක ලිපියක් ඇත්තමයි

    ReplyDelete
    Replies
    1. "කතා" නෙමි කැත හොඳේ :ඩ්

      Delete
    2. හිහි....අපෝ එඩිසන් නම් කැතම කැත පොරක් තමා. ස්තුතියි පුබුදු. මේවට ආස අය ඉන්නවා කියන්නේ ඉතින් හරිම සතුටක්.

      Delete
  39. හුරේ මම එක !!! මධුරංග නිකම් උඩ පනින එකේ මම ත් උඩ පැනලා බැලුවා එහෙම , මොකුත් විශේෂ සතුටක් එහෙම දැනෙනවද කියල.

    වැදගත් ලිපියක් සයුරි

    ReplyDelete
    Replies
    1. හිකිස්‌....හැබෑටම එහෙම දැනෙනවද...

      ස්තුතියි සිඳු...

      Delete
  40. නියම ලිපියක් අක්කේ.කේත් මම පරක්කුයි!!

    මටත් අර මධුරංග අයියා කිව්වා වගේ මතක් වුනා..ටෙස්ලා කියන ඒකකය..:)

    නියම ලිපියක්!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතු නංගා. අනේ පරක්කු උනාට කාරී නැත :)

      Delete
  41. අයියෝ මම අද හොඳටම පරක්කුයිනේ (කොහෙද ඉතින් රට වටේ සවාරි ගියානෙ)
    මාරම සිරා ලිපියක්නෙ. ඇත්තටම ටෙස්ලා කියන්නේ මීට වඩා ගරුබුහුමන් ලැබිය යුතු අයෙක් කියන හැඟීම තමා ලිපිය කියෙව්වම මට ආවෙ. බලන් ගියාම තෝමස් එඩිසන් මහ ජරා ගතිගුණ තිබිල තියෙන කෙනෙක්නේ. මම නම් කවදාවත් හිතුවේ නෑ තෝමස් එඩිසන් තවත් කෙනෙක් දියුණු වෙන්න හදනකොට මෙහෙම වැඩ කරයි කියලා. (මතවාදීමය ගැටළු තියෙන්න පුළුවන්.. ඒත් මේ වගේ ක්‍රියා කරන එක නම් පහත් වැඩක්)

    ReplyDelete
    Replies
    1. රට වටේ සවාරි ගියා කිව්වම ඉරිසියාත් හිතෙනවා අප්පා :) අනිවාර්යෙන්, තෝමස් නම් ගන්න දෙයක් නෑ. උදලු දානවා කියන්නේ කතම කැත වැඩක්. ස්තුතියි තොටියා

      Delete
  42. පොඩ්ඩිත් පරක්කුයි සවාරියක් ගහපු හන්දා. දැනුම් සම්භාරයක්නේ. හොඳ පෝස්ටුවක් සයුරි. කියවන්ට ආසා හිතෙනවා.

    ඉංජිනේරුවන්ට කියන්නේ විශ්වකර්මයෝ කියලද? ඒක දැනගත්තේ අදයි. :)

    ReplyDelete
    Replies
    1. අහා පොඩ්ඩිත් සවාරි ගියාද? සමර් එක නේ...මාත් යන්න ඕනා එකක්.
      ඔව් නේ...එහෙමත් කියනවා ඉංජිනේරුවන්ට

      Delete
  43. බලාගන යනකොට ‍තෝමස් අල්වා එඩිසන්ට අපි වැඳගන ඉන්න එක මහ අසාධාරණයි නෙ. ටෙස්ල ගැන අහල තිබුනත් මෙච්චර ලස්සන විදියට ඒක කියවපු පළවෙනි වතාව.

    ReplyDelete
    Replies
    1. චාර්ල්ස් බැචලර්,"I know two great men in this world. One is you. The other one is the young man who's carrying this letter" කියල කියනකොටම එඩිසන්ට ඊරිසියා හිතෙන්න ඇති නේද මේ කොහෙවත් ඉන්න එකෙක් මගෙ මට්ටමින් තියල කියල?

      කොහොම උනත් මට හිතෙනව ටෙස්ලාගෙ මේ සාර්තකත්වයට එඩිසන්ගෙනුත් ලොකු උදව්වක් එඩිසන් නොදැනුවත්ව හරි දීල තියෙනව කියල. නිකමට හිතන්න. එදා එඩිසන් තමන්ගෙ විදුලි බල්බය භාවිතා කරන්න ටෙස්ලාට ඉඩ දුන්නනම් අද අපිට සී එෆ් එල් බල්බයක් නෑනෙ. එඩිසන් එදා ටෙස්ලාව රැවැට්ටුවෙ නැතිනම් එඩිසන් දිගටම එඩිසන්ගෙ ගෝලයෙක් විදියට එඩිසන්ගෙ වැඩවලට උදව් කර කරමනෙ ඉන්නෙ.

      ලෝකෙන් දෙයක් බලාපොරොත්තු නොවී ලෝකෙට සේවය කරපු විශිශ්ටයො අතර ගොඩක් ඉහලින් ඉන්න විශිෂ්ටයෙක් ටෙස්ලා.

      ගොඩක් ස්තූත්යි මේව අපිට කියල දුන්නට. පහන් යායෙ ලිපි ඔක්කොම කියෙව්ව. අද තමයි මුලින්ම කොමෙන්ට් කලේ. ගොඩක් වටින බ්ලොග් එකක්. මගෙ ප්‍රියතම බ්ලොග් එකක් උනා කීවොත් නිවැරදියි. එහෙනම් ඔන්න අද ඉඳන් මමත් සයුරි ටීචර් පස්සෙන් එනව. ලිපි ලියන්න පරක්කු කලොත් ඉතින් දනවනෙ...? ;)

      ජය වේවා!!!

      Delete
    2. @ රෝස කුමාරි : අසාධාරණයි නේන්නම්....ස්තුතියි ඔයාට :)

      @ සඳ : ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට...ඔයාගේ කතාව හරියටම හරි. ඒ වගේ අභියෝග ආපු එක ඇත්තටම ටෙස්ලාට හොඳක්. වෙනස්ම පැත්තක් ඔයා හිතලා. සඳට ස්තුතියි මේ පැත්තට පෑව්වට. ඔයාටත් ජය වේවා...

      Delete
  44. කමෙන්ට් එකක් දාන්න නම් මේ ගැන කියන්න දෙයක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඌන පුර්නයක් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒත් මේ ලිපිය අතිශයින් ම සම්පුර්ණයි..

    එඩ්සන් වගේ ම නිව්ටනුත් අනුන්ගේ නිර්මාණ මාර්කට් කළා කියලයි කියවෙන්නේ..

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. අප්පේ..බොහොම ස්තුතියි රැංගෝ.... ඔහ් අපේ අයිසෙක් නිවුටනුත් ඔය වගේ වැඩ කරලා තියනවද? තියන්න වටින්නේ නෑ නේ...

      Delete
  45. අම්මෝ ටෙස්ලාගෙ මාර වෑඩනෙ.....මිනිහ නේද මෑග්නටික් ෆීල්ඩ්ස් වලත් ඉන්නෙ????මට නිකන් ලාවට මතකයි වගේ.......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එල කොලුවෝ...කොහෙද අප්පා මෙච්චර කල් ගිහින් හිටියේ

      Delete
    2. එල කොල්ලට මේ දවස් වල ටිකක් වෑඩ......පුලුවන් වෙලාවට සයුරිගෙ බ්ලොග් එකට එනවා

      Delete
  46. wasala welanad kulayata ahu wela pattakawt wela inna dakshaye thwa innwa. okkoima karanne wasla welenda kualaya

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙම දක්ෂයෝ තව ඕන තරම් ඇති නේද...

      Delete
  47. ලෝකයෙ කොතනත් ඇත්තම දක්ශයන්ට හිමි තැන ඕකයි ටෙස්ලාගේ නිහතමානි කමට අපි ගරුකරන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත....කමෙන්ටුවට ස්තුතියි ධවල

      Delete
  48. හිතාගන්න බෑ ඉතිහාසය තිත්ත වෙලා ගණිතය රසවත් වුනු මට ඉතිහාසය දැන් ගණිතය තරම්ම රසවත්ව දැනෙන්නෙ ඇයි කියල.ගොඩක් දේවල් දැනුමට එකතු කරගත්ත.මටත් හැකි වේවි උපාධියෙන් පසු තවත් ගෝල කැලකට මේ ලිපියෙන් ලබාගත්තු අමතර දැනුම රසවත්ව බෙදල දෙන්න :) ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිඳුරෝ. ඇත්තටම මමත් ඔයා වගේ කෙනෙක්. ඉස්කෝල කාලේ ඉතිහාසය තිත්ත වෙලා හිටියේ. මගේ ෆීල්ඩ් එකත් ගණිතය. ඒත් දැන්, ඉතිහාසයට ආසයි :)

      එහෙනම් ඔයා අනාගත් ගෝල පිරිසකගේ හිමිකරුවෙක්...බොහොම සතුටුයි. ජයම වේවා..

      Delete
  49. Oya nama kiyapu gaman mata mathak une Christopher Nolan Kiyana director ge (Inception, Batman ehema haduuwe meya thamai) The Prestige(2006) Movie eka. ekedi Robert Angier The Transported man kiyana magic ekata ona dewal hoyagena yanneth නිකොලා ටෙස්ලා meet wenna කොලරාඩෝ ප්‍රාන්තයට. eketh pennanawa edision ge kattiya ටෙස්ලා wa folow karanahati.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඒක මතක් කරලා දුන්නට. මමත් Prestige බලල තියනවා. අර අන්තිමේදී තමන්ගේ නිවුන් සහෝදරයාගේ ඇඟිලිත් කපලා ඔය මැජික් එක කරනවනේ.

      Delete
  50. බොහොම ස්තුතියි. අවුරුදු 20 කට වැඩි කාලයක් පොත් පත් කියවූවත් මම ටෙස්ලා ගැන දන ගත්තේ අද යි...ජය

    ReplyDelete
    Replies
    1. අරාටත් බොහෝම ස්තුතියි මේ පැත්තේ ඇවිත් කමෙන්ටුවක් දැම්මට.

      Delete
  51. කැතයි කැතයි බොහොම කැතයි එඩ්සන් මහත්තයෝ...
    බොහොම කැතයි.. ඔයා මහ කැත පොරක්නේ මහත්තයෝ..


    ඒ අතින් දක්ෂ කමෙනුත් . මනුස්ස කමෙනුත් ටෙස්ලා ඉදිරියෙන්..
    මේ ලිපිය බැනර් එකක් විදිහට හරි නම් දාන්න වටිනවා සයුරි..
    ගරු කල යුත්තන්ට ගරු කරන්න ඕනේ...පව් අප්පා හරි දුකක්
    දැනෙනවා..

    සයුරි පුළුවන් නම් මේ ලිපි පත්තර වලට යවන්න..ඉස්කෝලේ යන
    ළමයි දැනගන්නම ඕනේ කෙනෙක් මේ...ගොඩක්ම ස්තූතියි
    මේ වගේ උත්තමයෙක් ගැන ලිව්වට සිංහලෙන්...

    ගොඩක් පින් ඔයාට...

    ReplyDelete
    Replies
    1. සහන් කියපු ගමන්ම ඇවිත් මේක කියවලානේ. බොහොම සතුටුයි. කමෙන්ට් එකක් දම්මටත් ගොඩක් ස්තුතියි.

      ඔව් අප්පා, මේ වගේ මනුස්සයෙක් වෙන හිටියද කියලත් මට සැකයි. කරන්න බෑ කියලා හිතෙන වැඩ කීයක්නම් කරපු කෙනෙක්ද. ඇත්තටම අපේ විෂය නිර්දේශ වලට මොහු ගැන ඇතුලත් නොවෙන එක ලොකු පාඩුවක්. බැනර් කිව්වම මටත් හිතුනා අඩු ගානේ විශේෂ ලිපි හරි මොනවා හරි මාතෘකාවක් යටතේවත් දාන්න ඕන කියලා. බොහොම ස්තුතියි සහන්

      Delete
  52. ඔන්න බලන්නකො. සහන්ගේ බ්ලොග් එකේ ලින්ක් එක නොදැම්මා නම් මේ වටිනා පෝස්ට් එක මිස් වෙන්නත් තිබුනා. හප්පේ.. අපි "මේක හොයා ගත්තේ මෙයාය.." කියල කිව්වට එහෙම අය අනුන්ගේ දක්ෂතා නේ තමන්ගේ වගේ පෙන්නලා තියන්නේ. ටෙස්ලා නම් නියම වැඩ කාරයෙක්. නියම මනුස්සයෙක්.

    නියම පෝස්ටුව. සයුරි..!

    ReplyDelete
    Replies
    1. චන්දනටත් බොහොම ස්තුතියි ලින්ක් එක දිගේ ඇවිත් මේක බලලා ගියාට. ඔව් චන්දන ටෙස්ලානම් වැඩකාරයෙක් ම තමා.

      Delete
  53. නිකොලොයි ටෙස්ලා....සුපිරි ගනයේ වැඩ්ඩෙක්....ඒ වගේම කෙනෙක් තමා අර කොරල් මාලිගාව හදපු එඩ්වඩ් කියන කෙනා.... ටෙස්ලට මුලින්ම හින්දු යෝගීන් දකින්නට ලැබිලා එයාලාව ඇසුරු කරන්න ලැබිලා තියෙනවා....ඒ වගේමය ඔහු කියල තියෙනවා බුද්ධ දර්ශනය ඔහුගේ නිර්මානවලට මග පෙන්වූ බව..

    මනස නිදහස්ව තියාගෙන ජිවත්වෙනකොට අනික් මිනිස්සුන්ට මැජික් වගේ පේන විශ්ව රහස් කොච්චර එලිකරගන්න පුලුවන්ද කියන එකට මේ පුද්ගලයන් දෙන්නා සුපිරි උදාහරණ...

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ අර ෆ්ලොරිඩා වල තියන කොරල් මාලිගාව ගැනද චාමර? ටෙස්ලා ගේ බුදු දහමත් එක්ක සම්බන්ධය ගැනනම් මම දැනගෙන හිටියේ නැහැ. ස්තුතියි ඒ ගැන කිව්වට...

      Delete
  54. ඔවු සයුරි එයා තමයි.....

    ටෙස්ලා ගැන වැඩිදුර තොරතුරු වලට මේක වැදගත් වෙයි කියවලා බලන්න... :)

    http://sinhalabuddhist.com/2012/02/nikola-tesla/

    ReplyDelete
  55. නියමයි.... මාත් හිතන් හිටියේ තෝමස් අල්වා එඩිසන් තමයි පොර කියලා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ හැමෝම හිතන්නේ එහෙමයි. බොහොම ස්තුතියි ශිරන්ත මේ පැත්තේ ආවට

      Delete
  56. මෙම ලිපිය මුලින්ම කියවූයේ මා කුඩා දරුවෙක්ව සිටි අවධියේ දි...කුඩා Nokia C1 ෆෝනයකින්.
    ටෙස්ලා නම් අයෙක් ගැන මුලින්ම මම ඇසුවේත් එදාමයි.එහෙත්..මේ ලිපිය කියවීමෙන් පසු..අද වන තුරු. මගේ ජීවිතයේ මා අදහන චරිතයක් ලෙස ටෙස්ලා තවම වැජඹෙයි..

    ෆේස්බුක් ආදිය ජනප්‍රියව නොතිබුණු සමයක, බ්ලොග් මාධ්‍යයෙන් දැනුම සොයායමින් සිටි යුගයක ඔබ කරන ලද මෙහෙවර අපේ මතකයේ සදා අමරණීයයි!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...