ඔයාල පොඩි කාලේ මෙහෙම ප්‍රශ්න අහල ඇතිනේ. නැතත් දැන් පොඩි එවුන් ඉන්න අයටනම් මෙහෙම ප්‍රශ්න දහයක්වත් එනවා ඇතිනේ දවසකට. (මෙතන "අම්මේ" කියලා නොලිය " තාත්තේ කියලා ලිව්වේ මමනම් පොඩි කාලේ ඔය වගේ බරපතල ප්‍රශ්න අහන්න ගොඩක් වෙලාවට තෝරගන්නේ තාත්තා හින්දා.)
දැන් ඉතින් දීපන්කෝ උත්තර...
ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් වර්ණාවලිය ගැන දැනගෙන ඉන්න ඕනා. කට්ටිය දන්නවනේ දේදුන්න ගැන. ඉස්සර අපි දේදුන්නේ පාට හත පාඩම් කරේ "රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකී" කියලා.
ඕන් ඔය කියන පාට හතෙන් තමා සුදු ආලෝකය / හිරු එළිය නිර්මිත වෙලා තියෙන්නේ. පාට හත කිව්වට මේකට ඔය පීච් කලර්, අයිවරි ගෝල්ඩ්, ගොම කොළ අරක මේක සේරම අහු වෙනවා හරිද. ඒවා ඉතින් සංකලන. ඔන්න ඔය අපේ ඇහැට ගෝචර වෙන පාට ටික තමයි "ආලෝකයේ දෘශ්‍ය පරාසය" හැටියට හඳුන්වන්නේ. සිංහලෙන් කිව්වොත් "Visible Color Spectrum". ඔය තියෙන්නේ ඒක තමයි.
දැන් මේ තරංග එකිනෙකට වෙනස් වෙන්නේ ඒවායේ තරංග ආයාමයෙන් (මේක ඕලෙවල් වලටත් උගන්නන නිසා හැමෝටම තේරෙන්න ඕනේ :). වර්ණාවලියේ වමට වෙන්න තියන තරංගවල ආයාමය වැඩියි. දකුණට යන්න යන්න ආයාමය අඩු වෙනවා. බලන්නකො පහල පින්තුරේ පාරජම්බුල වල ආයාමය අනෙක්වට වඩා අඩුයි.
ඔන්න ඔය වගේ එකිනෙකට වෙනස් තරංග ආයාමයන් අඩංගුයි හිරු එළියේ. දැන් ඉතින් හිරු එළිය ඉහල වායු ගෝලයේ තියන ඉතා කුඩා අංශු අතරෙන් පෙරිලා පොලව දිහාවට එද්දී, මේ තරංග අර අංශුවල ගැටිලා විසිරෙන්න ගන්නවා. එහෙම වෙද්දී වැඩිපුරම විසිරීමේ හැකියාවක් තියෙන්නේ තරංග ආයාමය වැඩි කිරණ වලට. ඒ කිව්වේ දෘශ්‍ය පරාසයේ තරංග ගැන හිතුවොත් දකුණට වෙන්න තියන පාට වලට (නිල් සහ දම් වැනි).
එහෙම වඩාත් හොඳින් විසිරෙන තරංග වල පාටින් අපට අහස පෙනෙන එක පුදුමයක් නෙමෙයි නේද? හැබැයි බුද්ධිමත් පොඩි එකෙක්නම් ඔතනින් නවතින්නේ නැතුව තව ප්‍රශ්නයක් අහනවා.
එතකොට දම් පාට තියෙන්නේ නිල් පාටට වඩා දකුණෙන් නේ. ඉතින් ඇයි අපිට අහස දම් පාටට පේන්නේ නැත්තේ?
ඕවට පහු බහින්න එපා. මෙන්න උත්තරේ...
ඒකට හේතුව තමයි අපේ ඇහැ.
මිනිස් ඇසේ තියන දෘෂ්ටි විතානයේ අඩංගු වෙන කෝණාකාර සෛල (මේවට කියන නම මතක් කරගන්න හැදුවට හරි ගියේ නෑ) තමයි අපිට පේන පාට ගැන වගකියන්නේ. මිලියන පහක් පමණ වෙච්ච මේ කෝණාකාර සෛල කොටස් තුනකට බෙදෙනවා. එක එක වර්ණ පරාසයන් අඳුරා ගැනීම සඳහා ඒ සෛල කොටස් ක්‍රියා කරනවා. ඇතැම් අවස්ථාවල මේ සෛල පරාසයන් සමපාත වෙන වෙලාවලුත් තියනවා. ඒ වගේ වෙලාවට වර්ණ සංකලනයක් උනත් පේන්නේ තනි පාටක් හැටියට. ඉතින් අහස දිහා බැලුවම අපේ ඇහැට එන ආලෝකයේ අඩංගු වෙන නිල් දම් වර්ණ සංකලනයත් අපේ ඇහැ ගෝචර කර ගන්නේ අර විදියේ සමපාත වෙච්ච සෛල වලින්. ඒක අපේ ඇහැට පේන්නේ තනි ලා නිල් පාටක් හැටියට. එහෙම නැත්නම් "අහස් නිල" හැටියට.
තේරුනාද මන්දා.
නැත්නම් මෙහෙම වැඩක්වත් කරලා බේරෙන්න බලන්ට ඉතින්...පොඩි එකා ඔය ප්‍රශ්නේ ඇහුවම ආපහු මෙන්න මෙහෙම අහන්න. :)
නිල් අහසට නිල කොයින්ද
ඒ අහසෙම තරු කොයින්ද
එහෙම අහන මගේ දෝණිට
මේ නිල් තරු ඇස් කොයින්ද?
ඕක හරිම ලස්සන සින්දුවක්. තිබුනේ "නිල් අහස" කියන ටෙලි නාට්ටියේ. නැලවිලි ගීයක් හැටියටත් හොඳයි. අහල බලන්නකෝ.
ප. ලි. - වැලේ වැල් නැතුව ඉද්දි සිංහල ප්ලගීන්ස් ගැන ඔත්තු දීපු සෙන්නටයි හරීටයි තෑන්ක්ස් හොඳේ. මට මොනවා වෙලාද කියලා අහපු දිනේෂ් මලයා, අසාර්, වී අයියා ඇතුළු හැමෝටමත් ස්තුතියි. මාස ගානකින් පෝස්ට් එකක් (වගේ එකක්) දාගත්තා. මක්කරන්නද ඉතින් පොඩ්ඩක් වැඩ අඩු වෙනකන් ඉඳලා නොලියපුවටත් එක්ක ලියන්න ඕනේ. කට්ටියගේ බ්ලොග් බලන්න බැරි වෙන්න ඇති ගොඩක් ඒවා. ඒකටත් සමාවෙන්න හොඳේ.
හසල - රාජාවලියත් ඉක්මනට ලියන්නම් :)
/ මිනිස් ඇසේ තියන දෘෂ්ටි විතානයේ අඩංගු වෙන කෝණාකාර සෛල (මේවට කියන නම මතක් කරගන්න හැදුවට හරි ගියේ නෑ) /
ReplyDeleteකේතු සෛල නේද සයුරි?...අනික් එව්ව ඇවිල්ල යෂ්ඨි සෛල… :)
ආන් හරි...මට මතක් උනෙම නෑ නේ ඕක. ස්තුති වේවා :)
Deleteපුංචි කාලේ දී මාත් උඩ බලාගෙන කල්පනා කරපු එකක් තමයි අහස නිල් පාට වුනේ ඇයි කියන එක... :)
ReplyDeleteඉතින් චන්දන මේ ප්‍රශ්නේ අහලා අම්මලාව අමාරුවේ දැම්මේ නැතෙයි?
Delete"තේරුනාද මන්දා.".කියපු ටික තේරුනේම නෑනෙ..(((
ReplyDeleteඑතකොට වලා කුලු සුදුපාට...ඇයි..(මං පොඩි එකා අහන්නෙ.)
මීට ටික දවසකට කලින් මම සයිට් එකකට ගිය වෙලාවෙ දේදුන්නක් පායලා තිබ්බ ඝනසැරේට.ඉස්සර කියනව අත් දික් කරන්න එපා මැකෙනව කියල.ඒත් මේක ගොඩක් වෙලා තිබ්බ. පොටෝ ටිකකුත් ඇති.
සයුරි ලියන මේ වගේ විශේෂිත පෝස්ට් වලටමයි මම නම් කැමති.අර කන්ට්රිරෝඩ්ස් ලිව්ව වගේ:))))
හෙහෙ...එක දවසට එක ප්රශ්නයයි අහන්න ඔට්ටු.
Deleteඅත දික් කරාම දේදුන්න මැකෙනවා කියන කතාවනම් මාත් අහල තියනවා. දේදුන්නේ ෆොටෝ ගන්න එකත් ලේසි නෑ නේද. ස්තුතියි වී අයියේ..කන්ට්‍රි රෝඩ්ස් වගේ සංචාරක එකකුත් දාන්නම් ලඟදි.
1. "ඉස්සර අපි දේදුන්නේ පාට හත පාඩම් කරේ" දයිනිකොකතැර කියලා
ReplyDelete2. "එතකොට දම් පාට තියෙන්නේ නිල් පාටට වඩා දකුණෙන් නේ. ඉතින් ඇයි අපිට අහස දම් පාටට පේන්නේ නැත්තේ?" මූ නම් එසේ මෙසේ පොඩි එකෙක් වෙන්ට බෑ..
3. ඡායාරූප ශිල්පියෙක් මට කිව්වා තැන් තැන් වල අහසේ පාට වෙනස්ලු.. මෙහෙ පේන පාට නෙමෙයි ඇමරිකාවට පේන්නෙ වගේ කතන්දරයක්.. ඒක ඇත්තද? ආයෙත් කිව්වා කාලය එක්කත් අහසේ ආට වෙනස් වෙනවලු... මීට අවුරුදු ගානකට කලින් තිබ්බ පාට නෙමෙලු තියෙන්නෙ.. මේවා ඇත්තද?
4. එතකොට ඇයි ගස් කොළන් කොළපාට..
දයිනිකොකතැර :)
Deleteම්ම්...අහස පේන හැටි වෙනස් කියලනම් මටත් හිතිලා තියනවා. අහස පලාතක් යනකම් පේන නිසාද මන්දා ලංකාවෙදිට වඩා ලස්සනට පේනවා. හඳ උනත් එහෙමයි. ඒත් මේවා ඇත්ත කියලා ෂුවර් කරන්නනම් බෑ. මට පෙනිච්ච හැටිද දන්නේ නෑ නේ. කාලය එක්ක වෙනස් වෙන එකනම් වෙන්න පුළුවන් නේද. දවසෙන් දවසම වායු ගෝලයට මුදාහරින අංශු අපද්‍රව්‍ය එහෙම වැඩි වෙනවනේ.
ඉර එලිය ගහට වැටුනම ඊට පස්සේ ගහෙන් විමෝචනය කරන්නේ කොළ පාට තරංග විතරක් හින්දා නේද?
ඇයි සමහර කඳු දුඹුරු පාට?
ReplyDeleteසමහර ඒවා නිල් පාට?
ඇයි සමහර වෙලාවට මූද නිල් පාට?
සමහර වෙලාවට කොළ පාට?
සමහර වෙලාවට අලුම අලුපාට?
දැන් ඉතින් කියලා දෙන එකයි ඇත්තේ :D
මේ ළමයි එක්ක කරන්න බෑ නේ අප්පා :)) මූද අළු පාටට පේන්නේ ඉර එළිය වැටෙන්නේ නැති (වැහිබර) වෙලාවල් වලට නේද. කොළ පාටට පේන්න ඇල්ගී හරි මොනවා හරි ඇති කියලා අපි හිතමු..හිහ
Deleteකියපු ටිකනං තේරුනා ඒත්...
ReplyDeleteඇයි වතුරවලට පාටක් නැත්තෙ.
පිරිසුදු වතුර සාම්පලයක් ගත්තොත් අවර්නයි තමා. ඒ කියන්නේ දෘශ්‍ය පරාසයේ කිසිම තරංගයක් ජලය විසින් අවශෝෂණය කරගන්නේ නැහැ කියන එක. හැබැයි පොඩ්ඩි අහපු විදියට මූද එක එක පාටට පේන්නේ මූදු වතුරේ දිය වෙච්ච අංශු නිසා වෙන්න ඕන.
Deleteඅඩේ කාලෙකින් ලියන්න අරන් මොකද අක්කේ හීනෙන් නැගිට්ටද? කාලෙකින් ලිපියක් නැතිව කම්මැලි කමෙන් හිටියේ. :D
ReplyDeleteආ....... ඔය ප්‍රශ්නේ අහන්න මට පොඩි එකෙක් නැහැනේ.... ඒ කියන්නේ හදන්න වෙනවා........... සෑහෙන්න බොන්න වෙන පුරස්නයක් :P
හීනයක් දකින්නවත් වෙලාවක් තිබුනේ නෑ ළමයෝ ඒකයි :D හ්ම්ම් එහෙනම් ඉතින් මුලින්ම පොඩි එකෙක් හදාගෙන ඉන්න එක හොඳයි
Delete//තේරුනාද මන්දා.//
ReplyDeleteමොකෝ නැත්තේ. මෙච්චර සරළව පැහැදිලි කරලා දුන්නම තේරෙන්නෙ නැද්ද ...:)
පොඩි කාලෙදි මටත් ඕවා මහා බරපතල ප්‍රශ්න. තරු දිහා බලාගෙන අනේ හිතපු දේවල්...මේවා කියලා දෙනවට ස්තුතියි සයුරි. දරුවෙක් මල්ලෙක් ඉන්න කාලෙට ඇහුවොත් " ටක් " ගාලා කියලා දෙන්න දැන් නම් පුළුවන්...:)
ඔව් නේද ලිහිණි, තරු ගැනත් මාර ප්‍රශ්න තමයි තිබුනේ අපිට. ඔව් ඔව් මේවා මතක තියාගෙන ඉන්න ඉස්සරහට වැදගත් වෙයි..
Deleteකියපු ටික නම් තේරුනා..ඒත් අහන්න ප්‍රශ්න තියෙනවා අනේ.ඒත් මේ උඩින් අහපු ප්‍රශ්න දැක්කමත් අක්කගේ ඔළුව කැරකෙන්න ගනී..මම තව ප්‍රශ්න අහලා නිකන් මොකටද ඒක වැඩි කරන්නේ...
ReplyDeleteඅම්මෝ ඔව් ඔව්..හොඳටම කරකැවිල්ල හැදිලා තියෙන්නේ. ඔයා මුකුත් ඇහුවේ නැති එක හොඳයි..
Deleteසයුරි අක්කා කාලෙකින්..
ReplyDeleteමම අහලා තියන විදිහට වර්ණ සඳහා නිර්වචනයක් නෑ. ඒත් හඳුනා ගැනීමේ පහසුව තකා සාධක තුනක් භාවිත කරනවා
Hue
saturation
Lightness
මේක හරිදෝ ?
මාත් අහල තියනවා ඔය කතාව. ඔය තුනෙන් එක සංඝටකයක් හරි වෙනස් කරාම වෙනස් පාටක් ලැබෙනවා නේද? ඕවට කියන සිංහල නම් දන්නේ නැහැ මමනම්.
Deleteපහන් යායට දේදුන්නක් පායල කාලෙකින්.. මම ආස නැහැනෙ බර දේවල්වලට.. ඒ නිසාම විද්‍යා වත් ඒ කාලෙ මට ඇලජික්.. ඒත් සයුරි කියල දෙන විදියට නම් ආස හිතෙනවා.. අපරදෙ ඉස්කෝලෙ යන කාලෙ සයුරි අපේ සයන්ස් ටීච වෙලා ඉන්න තිබුණා...
ReplyDeleteඅර ටෙලි නාට්යතයේ ගීත කොටසත් හරි ලස්සනයි නංගි..
ඔව් අක්කා, ඒ සින්දුවට මාත් හරිම ආසයි. තව ඔය වගේම කවි දෙකක්ද තුනක්ද තියනවා ඒකට. තාලෙත් ගොඩක් ලස්සනයි. පාඩමට ආසයි කියපු එකටනම් සතුටුයි මට :)
Deleteමගෙන් ඇහුවොත් නං පොඩි තගක් දාල බය කරගන්නව ඔයවගේ පුරස්න
ReplyDeleteහෙහෙ...අනේ පව් පොඩි එකා
Deleteමගේ යාලුවෙකුත් දවසක් කිව්ව, "අහසට පාටක් නෑ.. අහස නිල් පාටට පේන්නෙ, මායාවක්" කියලා. ඒත් ඇත්තම සිද්දිය තේරුම් ගත්තෙ අද......
ReplyDeleteඒකනේ...අපට පේන ගොඩක් දේවල් මායාවල් වෙන්න ඇති මම හිතන්නේ
Deleteමේක කියපු එක හරි වටිනවා.. මොකද හෙටානිද්දම මට ඔය පුරස්නෙ එල්ල වෙනවා... හොඳට පාඩම් කරගන්න ඕනා.. එතකොට මුහුද ඇයි නිල් පාට කියලා ඇහුවොත් මක්කැයි කියන්න ඕනා ?
ReplyDeleteහරියෝ පරිස්සම් වෙලා හිටහන්.. ඇමෙරිකාවට ඔත්තු දෙනවා කියලා සුදු වෑන් එකක් එන්ඩ ඉඩ තියනවා... උඹත් හැංගියන්, මාත් හැංගෙනවා.. :D
අන්න බලන්න මේ පාඩමේ වැදගත්කම තේරිච්ච එක්කෙනෙක්. එහෙනම් පාඩම් කරලා තියාගන්නකෝ. මුහුදටත් ඉතින් ඔය වගේම තියරියක් දාලා පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා කිව්වම හරි. හිහි..බය වෙන්න එපා අනේ, ඇමරිකාව දන්න සිංහල
Delete\\\\තින් ඇයි අපිට අහස දම් පාටට පේන්නේ නැත්තේ? ///
ReplyDeleteදම් පාට නැතුව නිල් පාටම පෙනෙන්නට සැලැස්වීම ගැන
දෙවියන්ට ස්තූති වේවා..මොකද මම අකමැතිම පාටක් තමයි
නිල් පාට ..
(සමහර විට දම් පාට පෙනුනනම් මම ඒකට ආස වේවි ..)
නිල් පාට ගැන කියද්දී තව සිද්දියක් මතක් උනා ...
සයුරිගේ මේ පැහැදිළි කිරීම් ක්‍රමයට බොහොම කැමතියි මම.
ඕනම ගැඹුරු දෙයක් පැහැදිළි කරන්න පුළුවන් තව තව කියවන්න
ආසයි ..තව පෝස්ට් එක දිග උනානම් කියලා හිතෙනවා...
චූටි බබාලා ගැනත් මතකය අවදි කරාට ස්තූතියි..ඔක්කොමත් හරි
ඒ ටිකත් හරි සයුරි..පුදුම හැගීමක් ආව ඒ දේවල් එක්ක....
නිල්පාටට අකමැතිනම් ඇයි බන් දෙවියන්ට ස්තූති කරන්නෙ ?
Deleteඑයාට සයුරි ම්ස් කියන්නෙ නිකන්යෑ..
සොරි සොරි ඉතාම බලවත් වැරද්දක් වෙලා තියෙනවා .
Deleteමමත් දැනුයි දැක්කේ ..මම නිල් පාටට පුදුම කැමතියි..
ආසාව වැඩි කමට උතුර දකුණත් මතක නැතිව ගියා..
විශේෂ දැනුම් දීමයි මෙහි
\\\\දම් පාට නැතුව නිල් පාටම පෙනෙන්නට සැලැස්වීම ගැන
දෙවියන්ට ස්තූති වේවා..මොකද මම අකමැතිම පාටක් තමයි
නිල් පාට ..///
කැමතිම පාටක් තමයි නිල් පාට යනුවෙන් නිවැරදි විය යුතුයි..
දම් පාට ගෑවුනොත් ඔක්කොම අවුල් යනවා සෙන්නා..
ස්තූතියි වගේම අගය කරනවා තියුණු නිරීක්ෂණය ..!
බලන්නකෝ නිල් සහ දම් පාට එක විට තිබ්බම මට වෙන දේ.
ඒ තරම් මම සංවේදී වර්ණ වලට...මගේ රහසක් අද සෙන්නා නිසා
එළි උනා එහෙනම් ඈ ...
මගෙත් ප්‍රියතම වර්ණය නිල්..තද නිල්..
Deleteමෙන්න දෙන්නෙක් එකතු වෙලා නිල් බලකායක් හදන්න ලෑස්ති වෙනවා. නිල් පාටට මාත් කැමතියි, හැබැයි හැම නිලටම නෙමෙයි.
Deleteඅහස දම් පාට උනානම් නිකන් අමුතු ලෝකයක් වගේ තියේවි නේද
නිල් අහසට නිල කොයින්ද
Deleteඒ අහසෙම තරු කොයින්ද
එහෙම අහන මගේ දෝණිට
මේ නිල් තරු ඇස් කොයින්ද?
සයුරි මේ සින්දුව ඔයා ළඟ තියේද ...? මේ නමින් මා ළඟ තියෙන්නේ පද වෙනස් සිංදුවක්... මේක අහස සේ ඔබ අනන්තයි එකේ නෙවේද තිබුණේ ? එහෙම නැත්නම් ඉටි පහන් එකේ නෙවේද ...? මේක පුදුම ලස්සන සිංදුවක්..අහනකොට කඳුළු එනවා...
සහන්, මේක ඇත්තටම කලින් ඉඳල තිබුන සින්දුවක්ද කියලනම් දන්නේ නෑ...මටනම් හම්බ උනේ "නිල් අහස ඔබ" කියන ටෙලිනාට්‍යයේ තිබිලා.
Deleteමේ වීඩියෝවේ වීනාඩි 6 විතර ඉඳන් බලන්නකෝ. සින්දුව තියනවා. මාරම ලස්සනයි.
http://www.youtube.com/watch?v=P2NJ17A0caY
ස්තූතියි සයුරි ලින්ක් එක එව්වට.මේක සෑහෙන්න පරණ සිංදුවක් සයුරි..මට original සිංදුව හොයන්න බැහැ වෙන නමකින් ඇත්තේ..එක්කෝ සිංදුවේ මුල පදය හොයා ගන්න ඕනේ නැත්නම් drama එකේ නම හොයාගන්න ඕනේ. පුංචි කාලේ අපිව නලව ගන්න කියපු සිංදුවක් සයුරි මේ..ඒකයි අපේ මතකය එක පාරට ඇවිස්සෙන්නේ ..
Deleteඒ සිංදුව හොය හොය ඉද්දි මට තව සින්දුවත් හම්බුණා හරිම ආසාවෙන් ඉස්සර අහපු.හරිම ලස්සනයි .ඔයත් ආස වේවි...(ගීතයේ මුල්ම රෙකොර්ඩින් එක හැබැයි)
පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ ....
වතුර අරන් ලිඳ උඩ තැබුවාය කළේ....
මම ඉස්සර හිතන් හිටියෙත් හැම දෙයක්ම දන්නේ තාත්තා කියල.
ReplyDeleteදේදුන්නෙන් කරන්නේ වහින්න වතුර ගන්න එකලු. ඉස්ස හිටපු ගමන් දේදුන්නේ එක කොනක් අපේ ගේ ඉස්සරහ තියෙන ගඟට වැටිලා තියෙන්නේ. තාත්තා කියන්නේ හවසට වහින්න වතුර ගන්නවා කියල. මුහුදක් ලඟින් ගියොත් කොන් දෙකම මුහුදට වැටිලා.
එදා ඉඳල තවම මම දැකල තියෙන්නේ දේදුන්නේ පාට 4යි. තවම 7 හොයනවා. තව එකක් පාට 7 පෙන්නේ හොඳ ළමයින්ටලු. ඉතින් මම ඒ කාලේ නම් 7ම දකින්න උත්සහ කලේ නැහැ.
පොඩි එවුන්ගේ වීරයා තාත්තා ලුනේ.
Delete//තාත්තා කියන්නේ හවසට වහින්න වතුර ගන්නවා කියල//
අනේ හරිම ෂෝයි. මට මැවිලා පේනවා අසාර් කටත් ඇරගෙන ඒක අහන් ඉන්න හැටි. මමත් පාට 7 හරියට දැකලා නෑ අනේ. මාත් නරක ළමයෙක් වෙන්න ඇති..හිහි
ඔය ප්‍රශ්නේ අපේ කුඩා කාලෙත් තිබුණා.අහස නිල්පාට ඇයි වලාකුලු පාවෙන්නේ ඇයි, තරුකොහොමද කඩා නොවැටි තියෙන්නෙ වගේ දේවල්.
ReplyDeleteඒ කොහොම වුණත් සයුරිගේ පුංචි පුචි පාඩම් වුණත් අපිටත් හිතට දැනෙනවා. මොකද කාලෙකට ඉස්සර ඉගනගත්ත දේවල් මතකයෙන් බැහැරව යන නිසා. ඒ අමතකවන මතකය මේ වැනි සටහන්වලින් ආපහු මතක් කර ගන්න පුලුවන්.
මට හිතෙන්නේ සයුරිගේ නිහඬ බව කෙටි එකක් නෙවෙයි මාස තුනකට වඩා දිගයි.මටනම් හිතුනේ අධ්‍යන කටයුතු වෙන්න ඇති කියලා.
ඇත්තටම මේ වගේ පොඩි දේවල් අපේ මතකයෙන් ගිලිහිලා යනවා තමා. භාවිතයක් නැති කම නිසාම. ඔව් දයානන්ද අයියා, හුස්මක් ගන්නවත් වෙලාවක් තිබුනේ නෑ අප්පා.
Deleteමාත් ඉතින් තාම පොඩියිනේ ඔය වගේ පුරස්න තමා තියනවා ;)
ReplyDeleteහාහා :)එහෙනම් පොඩි එකාට තේරෙන්න ඇතිනේ
Deleteපොඩි කාලේ තිබ්බ ප්‍රශ්ණේකට ලොකු අක්කා උත්තර දීලා.. තව ඒවා තිබ්බා ඒ.. මම ඒවා ඇහුවොත් ඔයා ආයෙම ටික දවසකට හැංගෙනවා.. ඒ හන්දා ඕන නෑ..
ReplyDeleteමම මේ කල්පනා කලේ මෙයා පොඩි අයට තේරුම් කරලා දෙන්න මේවා හදිස්සියෙම පුරුදු වෙන්නේ මොකො කියලා.. කිවුවෙනම් එක්සෑම් කියලා.. අනේ මන්දා ඉතින්.. දැන් ඉතින් කේන්ති ගන්න ඕනි නෑ.. මේ ටිකේ මගේ අක්කලා මාව ප්‍රොමෝශන් කරනවා.. ඒකයි මේ බැළුවේ..
අපොයි නාහපු එකමයි හොඳ...පේන්නේ නැද්ද කට්ටියට ඇවිත් තියන ප්‍රශ්න. මම මේ ලඟදි පොඩි එකෙක් තාත්තාගෙන් ප්‍රශ්න අහන හැටි දැක්කා.
Delete"තාත්තේ, clue එකක් කියන්නේ මොකක්ද?"
"ඉඟියක්"
"ඉඟියක් කියන්නේ මොකක්ද?"
"දැන් මට නැති එක"
ඉතින් මගේ අනාගතය ගැන බයක් ඇති වෙන එක සාධාරණ නැද්ද මම අහන්නේ :D
හෙහ් හෙහ්.. එහෙනම් බය වෙන්න වෙනවා ලොකූ.. තව ඉස්සරහට උවමනා වෙයි..
Deleteදීර්ඝ කාලයක් මගේ හිතේ තිබූ ප්‍රශ්නයට උත්තරයක් ලැබුණා වගේ මට දැනෙනවා සයුරි, ස්තුතියි!:)
ReplyDeleteබොහොම සතුටුයි ෆාතිමා :)ඔයාටත් ස්තුතියි
Deleteදෘෂ්ඨි යෂ්ඨි සහ දෘෂ්ඨි කේතුද සයුරි?
ReplyDeleteමම මේ ආවේ සෙන්නා මගේ ඩෙනිමේ දාපු මේ කමෙන්ට් එක ඔස්සේ. මම ඇවිත්ම නෑ.හැබැයි කිමෝනා කාරියෙක්ව නම් දකිනවා අනිත් බ්ලොග් වල කමෙන්ට් කරලා තියෙනවා. :D
සෙන්නාMarch 27, 2013 at 8:23 PM
හැමතැනම පේන්ඩ ඉන්න හෙන්රි බ්ලොග්වෝකර් ද ඩූඩ්ව ඇයි මට මෙහෙදි පේන්නැත්තෙ ?
http://pahanyaaya.blogspot.ae/
ReplyDelete
හුටා, අර අපේ ඉස්කෝලෙටම ගිය රවී කියන ගොබිලත් නොදන්න හත්තිලව්වක් නෑනේ. ඌ කොමර්ස් කරපු එකා නේද? :D
Deleteහප්පේ...සෙන්නයියා ප්‍රමෝෂන් පාරක් දීලා වගේ :) Henry Blogwalker the ඩූඩ් ව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට. හිහි..ඔව් මම තමා ඉතින් කිමෝනා කාරී. ඩූඩ්වත් මම ගොඩක් තැන්වල දකිනවා. ඒ පැත්තේ ගියා වගෙත් මතකයි. ඒත් දැන් ටිකක් කල්. ආපහු ඔලුව දාලා බලන්න ඕනේ.
Delete//ඌ කොමර්ස් කරපු එකා නේද?//
හපොයි, සන්තෝසේ බෑ දැන් මට :D
@ හෙන්රි,
Deleteකවුද බං කොමර්ස් කලේ?....අපි ඇවිල්ල භයෝ හරිද?
උඹ දන්නවද මට පොඩි කාලෙ ඉඳලම ඉතිහාසය, පුරා විද්‍යාව වගෙ විෂයයන් ගැන තිබ්බෙ පුදුම ආසාවක්. ඒත් අන්තිමට බයෝ තෝරගත්තෙ මොකද දන්නවද?....හෙහ්, හෙහ්, කියන්ට එහෙම එපා කාටවත් හොඳද?...කොයි කණ පත් කරපං රහසිං කියන්ට....බයෝ කෙරුවෙ ගයිනකොලොජිස්ට් කෙනෙක් වෙන එක තමයි ඒ කාලෙ මගෙ තිබ්බ එකම ඉලක්කය..ආන්න ඒකයි,
මේ බලන්නට ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමේ කොච්චර අසාධාරණයිද කියලා!!
Deleteහත් ඉලව්වේ..!!ලංකාවටම ආඩම්බරයක් ගේන්න තිබුනු ගයිනොකොලොජිස්ට් කෙනෙක්නේ අපිට මේ අහිමි වෙලා තියෙන්නේ..මට ඇඬෙනවා තනි ඇහැට!!
හරිම පරාර්ථකාමී පරමාර්ථයක් නෙව තිබිලා තියෙන්නේ..හිහි.
Deleteඋඹලා සතුටු වෙයල්ලා එහෙම වෙච්ච එක ගැන. මොකද එහෙම වුනානම් හෙම මූ පාරෙදි දැක්කාම අහක බලාගෙන යාවි. නමුත් රෝග පරීක්ෂාවකට ගිය ගමන්ම හලෝ රූ, හලෝ සයුරී කියලා අඳුනාගෙන කතා කරාවි.
Deleteමම නොදන්න ගයිනොරවී!
මොකාද බොලල්ලා ඔය කොලජිස්ට්.. ? ගයින කියලා තියන හින්දා මට හිතුනෙ නිකන් කැෂියර් කෙනෙක් වගේ කෙනෙක් ගැන..
Deleteසයුරි, ප්රචාරක ගාස්තු අයපත යථාකාලයේදී ලැබෙන්න සලස්වන්නම්..දින තිහක සහන කාලයකින් යුක්තයි.. අපි එහෙමයි උපරිම සාදාරණයි..;D
හිහි...රවී අයියගෙන් රෝග පරික්ෂා කරවගන්න අයට දෙයියන්ගේ පිහිටයි. ලෙඩාගේ පවුලේ විස්තර, දේශපාලන මතය, අරක මේක ඔක්කොම අහගෙන ලෙඩේ හොයාගන්නකොට ලෙඩා මැරිලා ඉඳීවි.
Delete#සෙන්නා : කොරන්න බෑ නේ ඉතින්. හොඳ වෙලාවට ඔත්තු සැපයීමේ ගාස්තුව අමතක වෙලා :)
මුළු බ්ලොග් එකම කියව්වා සමහර ඇලජික් subject ටුත් තිබුනා
ReplyDeleteසුජාත් සාදරයෙන් පිළිගත්තා ඔන්න. ඇලජික් සබ්ජෙක්ට් කිව්වේ ඉතිහාසයවත්ද?
Deletenop ඔය ලව් සීන්
Deleteහ හා :)
Deleteඒත් බොලේ එහෙම බොළඳ පහේ එකකට තිබුනේ එකම එකයි නේ "මගේ ප්‍රථම ආදර හසුන"
:))
nop අර විශ්ව විද්‍යාලේ කපල් කතන්දරයක් තිබුනා ඒවා මට දිරවන්නේ නැහැ
Deleteම්ම්ම්...එහෙම පෝස්ට් එකක් නම් මතක නෑ මට. අවුලක් නෑ අනේ, හැමෝටම හැමදේම එක විදියට දිරවන්නේ නෑ නේ
Deleteසිරාවටම
Deleteඒ දවස්වල ඉගෙන ගත්ත විද්‍යාව පාඩම ආපහු මතක් කරගත්තා සයුරි..බ්ලොග් අවකාශෙ ඉන්න ගුරුතුමීගෙන් ඉගෙන ගන්නැතුව කාගෙන් ඉගෙන ගන්නද?..:)
ReplyDeleteමම දැක්ක ලස්සනම දේදුන්න දැක්කෙ අපි සරසවියෙ ඉද්දි බ්රැණ්ඩිගල(මාතලේ පැත්තෙ) කන්දක් නැගලා බහිද්දී..ඒ දේදුන්න පැය බාගයක් විතරම තිබුනා..අන්තිමට ඉතුරු වුන අපි කීප දෙනෙක් දේදුන්නේ ලස්සන බලන්න ගිහින් තව පොඩ්ඩෙන් නඩේ මගෑරිලා හොඳ වැඩක් වෙනවා..!!
ස්තුතියි සයුරි මතක අවදි කලාට..
රූ ඉතින් කඳු නගින්න හරි දක්සි නේ කොහොමත්. ඉතින් ලස්සන අත්දැකීම් තියන එක පුදුමයක් නෙමේ. ඔය බ්‍රැන්ඩිගල නැගපු හැටිත් බ්ලොග් එකේ දාන්නකෝ. ස්තුතියි රූ...
Deleteඔව් ඔව් දේදුන්න වගේ ම තව තව ලස්සන දේවල් මොනතරම් නම් තියෙනවද මාතලේ පැත්තේ :P (පොඩි මාකටින් පාරක්... ) බ්‍රැන්ඩිගල නම් තියෙන්නෙ අපේ ගම කිට්ටුවමයි. රූ අක්කා ඔය කඳු නඟින කාලේ මම බොහොම සූටීයි වෙන්නෝන :)
Deleteමම ඒත් බැලුවා මගේ බ්ලොග් රෝලේ අක්කගෙ බ්ලොගෙ අප්ඩේට් වෙන්නෙ නැත්තේ ඇයි කියලා. මම හිතුවේ හොඳටම බිසී ඇති කියලා. අහස නිල් වෙන කතන්දරේ අහලා තිබුණට දම් පාට නොවෙන්නෙ ඇයි කියලා නම් දැනගෙන හිටියෙ නැහැ. මුහුදේ පාට සම්බන්ධ ව නම් ගැඹුරේ සම්බන්ධයකුත් තියෙනවා කියලා අහලා තියෙනවා. ඒ වගේ ම මුහුදේ මැද සමහර තැන් වල තියෙනවා එක ළඟ පාට වෙනස් තැන්. ඒක හරි ම ලස්සනයි....
ReplyDeleteඅලෙ ඉතින් අප්ඩේට් වෙන්න පෝස්ට් දාන්න එපෑය මල්ලි. මුහුදේ එහෙම වෙනස් පාට තැන් ඇත්තටම ලස්සනයි තමයි. වීඩියෝ වල මිසක් හැබැහින් දැකලා තියනවද කියලා මතකයක් නෑ .
Deleteඔන්න සයුරි දැන් ඔයා මගේ බ්ලොග් රෝල් වල ඉන්නවා. මගේ ඩෙනිම සහ HeyDude දෙකේම. සමහරවිට දැන් ඔයාට හිතෙන්නෙ බැරිකමක් නෑ අපරාදයක් අර සෙන්නා කලේ කියලා. :D
ReplyDeleteඅප්පේ HeyDude කියලා එකකුත් තියනවද. ඉංග්‍රීස් එකක් වෙන්ටැති :) මම ඩෙනිමනම් ෆලෝ කරලා ආවා ඊයේ.
Delete//අපරාදයක් අර සෙන්නා කලේ කියලා.//
හපොයි :D
අමතක වෙලා තිබුණු කරුණු කාරණා ටිකක් ආපහු මතක් උනා. බොහොම ස්තුතියි :) විද්‍යාත්මක කරුණු ගැන ඉස්සර නම් ලොකු උනන්දුවක් තිබුණ. දැන් දැන් ඒක සෑහෙන දුරට අඩු වෙලා ගිහින් :-/
ReplyDeleteමම හිතුවෙ ඊළඟ ලිපිය රාජාවලිය වෙයි කියල :) විශේෂයෙන් ම මගේ නම සඳහන් කරල කියල තියෙනව නෙ ඉක්මනට ලියන්නම් කියල.. එහෙනම් ඉතින් හැකි ඉක්මනින් ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව :)
ජය වේවා !
හසල කීප සැරයක්ම ඇහුවනේ රාජාවලිය ගැන. ඊ ළඟ එක අනිවාර්යෙන් රාජාවලිය එකක් වේවි :) ඉක්මනටම ලියන්න බලනවා දැන්නම්
Deleteඑකොලහ වසරේ පළමුවෙනි ෆිසික්ස් පාඩමයි පළමුවෙනි බයෝ පාඩමයි මතක් වුණා...))))තරංගයි ඇසයි තමා ඒ දෙකේ පිළිවෙලින් තිබුණෙ!
ReplyDelete(දැන් නම් භාෂා ප්‍රශ්නෙ හරි ගිහිල්ලා වගේ..._)
ඔව් ඔව් භාෂා ප්‍රශ්නේ හරි දැන් ටිකක්. ම්ම්..ඔයාලගේ නිර්දේශේ ඉතින් අපිට වඩා වෙනස්නේ නගා
Deleteඅද සයුරි ටීච ගේ සයන්ස් පාඩමක් !!! මම මේ අහන්නම හිටියේ සයුරි අල්ලපු රටට වෙලා මොන විදියේ දෙයක්ද ඉගෙන ගන්නේ කියලා !!! පේන විදියට නම් විද්‍යාත්මක පැත්තට බරයි වගේ...
ReplyDeleteඉස්සර මටත් තිබුණු ප්‍රශ්ණයක් ඕක. තනියෙන් යමක් තේරුම් ගන්න කාලේ වෙද්දී වෙනවෙන ප්‍රශ්ණ එක්ක ඕක අමතක වෙලා ගියා... මේ ළඟකදි අහම්බෙන් වගේ තමා මමත් උත්තරේ දැනගත්තේ... නොදන්න අයට දැනගන්න මේ වගේ දෙයක් පළ කරපු එකත් හොඳයි... විද්‍යාත්මක කරුණු සරලව පැහැදිලි කරලා දෙන එක ගොඩක් වටිනවා...
ජයෙන් ජය !!!
ඔව් ඔව් එක්තරා විදියක විද්‍යාවක් තමයි චතු :)
Deleteමටත් ඔය වගේ අමතක වෙලා ගියපු ප්‍රශ්න ඕන තරම් ඇති. සමහර ඒවාට අහම්බෙන් උත්තර හම්බ වෙනවා. බොහොම ස්තුතියි
හි හී... සයුරි ඉතිහාස මිස් දැන් විද්‍යා පාඩමටත් බැහැලද... අර වර්ණාවලිය මතක තියාගන්න වාක්‍යයේ ඉර වෙනුවට අපි කිවේ අවරිය කියල... අනේ මන්ද අප්පා.... :0
ReplyDeleteඔව් නේ අනූ :) ඒ මොකක්ද අප්පා අවරිය කියන්නේ :0
Deleteසයුරී කාලෙකින් ඇවිත්, මටත් අවිවේකය නිසාම කමෙන්ටුව පමා වුනා. නිල් අහස, දම් පාට අහස , පාට පාට දේදුන්න සුදු වලාවන් කොච්චර චමත්කාරයක් මවනවද අපේ සිත් තුල. ඒත් ඒවාගැන හිතන්නට වත් කාලයක් කොයින්ද? ආසාවෙන් කියෙව්වා ලස්සන සටහනක්.
ReplyDeleteඅනේ මම පෝස්ට් දාන වේගේත් එක්ක බැලුවම මේ කමෙන්ටුවේ කිසිම පමාවක් නැහැ. ඔබටත් බොහොම ස්තුතියි අගය කිරීමට.
Deleteස්තූතියි මේ ගැන කියලා දුන්නාට. මුහුදේ පාට වෙනස් වෙන්න මම හිතන්නේ මුහුදේ ගැඹුර වගේම මුහුදට වැටෙන හිරු එළියත් බළපානවා, මුහුදේ ඇල්ගි වගේ දේවලට අමතරව.
ReplyDeleteඔබටත් බොහොම ස්තුතියි. ඔව්, හිරු එළියේ බලපෑමත් අනිවාර්යෙන් ඇති.
Deleteaaaaaahhhhhhh kaalekingne meya post ekak daala thiyenne...aye itin eelanga maase thamaa...kiwwata mokada ela kollath aawe sehenna kaaleking
ReplyDeleteඒකනම් ඇත්ත තමා. එල කොල්ලත් ඇවිත් තියෙන්නේ සෑහෙන කාලෙකට පස්සේ නේන්නම් :)
Delete