මුලින්ම කියන්න ඕනේ ඉතින් ගෑනු ළමයි වෙච්ච අපිට කවදාවත් ඉස්කෝලෙන් දවස් දෙකේ ට්‍රිප් යන්න වාසනාව ලැබුනේ නෑ. දැන් අහන්න එපා ඉතින් දවස් තුනේ ඒවා ගියාද කියලා :(. වන්ඩේ එව්වා විතරයි.
මම හතර වසරේ ඉන්දැද්දි තමයි මුලින්ම ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යන්න චාන්ස් එකක් ලැබෙන්නේ. හැබැයි ඉතින් ඔය චාන්ස් එක මගේ අත ළඟටම ඇවිල්ලා හැරිලා යනවා, මේ බලාගෙන ඉන්දැද්දි. ඒ දවස්වල මම ඉස්කෝලේ ගියේ ලොකු මාමලගේ ගෙදර ඉඳලා (අපේ තාත්තා පරිපාලන සේවයේ ඉඳපු නිසා හැම තිස්සෙම අරහෙට මෙහෙට මාරු වීම් එනවා. ඉතින් හරියට එක තැනක ඉඳගෙන ඉස්කෝලේ යන්න විදිහක් තිබුනේ නැහැ). ඉතින් ඔන්න ට්‍රිප් එක යන්න කැමති ළමයි හැමෝම දෙමව්පියන්ගෙන් අවසර අරගෙන ලියුමක් ලියාගෙන එන්න කිව්වා දවස් දෙකක් ඇතුළත.
දවස් දෙකක් ඇතුලත අහවල් එකක් කරන්නද? අම්මලා සති අන්තේ තමයි මාව බලන්න එන්නේ හරි එහෙම නැත්නම් ගෙදර එක්ක යන්න එන්නේ. එතකන් ඉන්නත් බෑ. අනිවාර්යෙන්ම අම්මා හරි තාත්තා හරි ලියුම අත්සන් කරන්න ඕන කියලයි මිස් කිව්වේ. දෙමව්පියෝ නැත්නම් භාර කාරයෙක් අත්සන් කරන්න කිව්වා. ඉතින් මගේ අම්මයි තාත්තයි ඉන්නවනේ...ඒක හින්දා භාර කාරයෝ හරි යන්නෙත් නැහැ. මට හිතුනේ එහෙමයි. මොනවා කරන්නද මැටි කම නේ. ඉතින් මම එදා ඉස්කෝලේ ඇරිලා මාමලගේ ගෙදර ගිහින් චූටි අක්කට (මාමගේ පොඩි දුව) කිව්වා විස්තරේ. එයා එතකොට හය වසරේ. මාත් එක්ක බැලුවම බුද්ධි මට්ටමේ වැඩි වෙනසක් නැහැ :D. ඉතින් එයා පැයක් විතර දත කට පූට්ටු කරගෙන අපේ තාත්තගේ විදියට අස්සන ගහන්න ට්‍රයි කරා . ම්හු...හරි ගියේම නැහැ. මාමා ඇවිල්ලා "මොකද්ද ළමයිනේ මේ කරන විකාරේ?" කියලා අහලා ලියුම "භාරකරු" විදියට අත්සන් කරලා දෙනකල්ම අපි දෙන්නා හොර අත්සන් ගහන්න ට්‍රයි කරා.
ඒකත් හරි ගියා කියමුකෝ. ඉතින් හරියටම ට්‍රිප් එක යන්න කලින් දවසේ මට හැදුනේ නැද්ද උණක්. හයියෝ...අන්න එහෙමයි මගේ මුල්ම අධ්‍යාපන චාරිකාව වතුරේ ගියේ.
ඉතින් මම මුලින්ම ඉස්කෝලෙන් හා හා පුරා කියලා ට්‍රිප් එකක් ගියේ 6 වසරෙදි. ඒකනම් එහෙමකට ආතල් ට්‍රිප් එකක් නෙමෙයි ඉතින්. අත්පුඩි ගගහා සින්දු කියලා පොඩ්ඩක් නටනවා ඇරෙන්න වෙන දෙයක් කරේ නැහැ ඔය ගමනෙදි. පොඩි ළමයි හින්දා ගුරුවරුන්ගේ ඇල්ම බැල්මත් වැඩියි නේ. බස් එකෙන් එලියට බැහැපු තැන ඉඳලම දෙන්නා දෙන්නා පේලි හැදිලා තමයි යන්න ඕන. ගින්තොට තුනී ලෑලි එක එහෙම බලන්න ගියා මට මතකයි.
ඕකෙන් පස්සේ ඇත්තම ඇත්ත ට්‍රිප් එකක් කියන්න පුළුවන් එකකට ගියේ 9 වසරෙදි. ඒ වෙලාවෙත් ඔය කොළඹ පැත්තේ කොහේ හරි තමයි ගියේ. වැඩේ කියන්නේ මට ගිය තැන් හරියකට මතක නැහැ නේ, බස් එක ඇතුලේ නටපුවයි දඟලපුවයි ඇරෙන්න. හැබැයි ඔය පහළ පින්තූරේ තියන වලව්ව නම් බලන්න ගියා මතකයි. ඒ කාලේ ඔකේ පදිංචි වෙලා හිටපු ජෝඩුවට ළමයි හිටියේ නැහැ ලු. ඒ නිසා ඒ ගැන හරිම දුකෙන්ලු හිටියේ දෙන්නා. ඔය හින්දා වලව්වේ මිදුල පුරාම පුංචි ළමයින්ගේ ප්‍රතිමා හදලා තියනවා. දැන්නම් මේ ගෙදර ළමා නිවාසෙකට දීලා ලු තියෙන්නේ.

අපේ ඉස්කෝලේ එක ශ්‍රේණියකට පන්ති 8 ක් තියනවා. ඉතින් ට්‍රිප්ස් යනකොට බස් හතරක් ගෙනත් පන්ති දෙකක් එක බස් එකකට නග්ගවනවා. මේ කියන ට්‍රිප් එක අපිට යන්න සෙට් උනේ 'D' පන්තියත් එක්ක. D එක කියන්නේ අපේ පන්තිය ඇරුනහම මුළු 9 වසරේම තිබ්බ අනිත් පිස්සු පන්තිය. ඉතින් එහෙව් පන්ති දෙකක් එක බස් එකකට දැම්මහම තත්ත්වේ කොහොමද කියලා හිතාගන්නකෝ.
මුලින්ම දෙගොල්ලෝ බස් එකේ පිටිපස්ස ට රණ්ඩු වෙන්න පටන් ගත්තා. අන්තිමට බොහොම අමාරුවෙන් සම්මතේකට ආවා දිවා ආහාරය වෙන තුරු අපේ පන්තියත් ඉන් පස්සේ D පන්තියත් ඔය මහානුභාව සම්පන්න පශ්චාත් බාගේ බෙදා ගන්නවා කියලා. හැබැයි ඉතින් හිතේ කොස්ස එහෙමමයි. ඉතින් ඔහොම සින්දු කිය කියා රැඟුම් පපා ටික වෙලාවක් යද්දී අපේ කට්ටියට මීටර් උනා අර පන්තියේ අය එක්තරා සිංදුවකට පොඩි අකමැත්තක් දක්වන බව. සිංදුව තමයි රූකාන්තගේ "කුසුමි ලතා රේණු ලතා හඬන කතාවේ" . ඒ ගොල්ලෝ ඒකට අකමැති උනේ මොකද කියලනම් මම දන්නේ නෑ. හැබැයි ඒක මීටර් වෙච්ච වෙලාවේ ඉඳලම බස් එකේ ඇහුනේ ඔය සිංදුව විතරයි.
"සිත බැඳූ..නට...කුසූ..මිට...මගේ සිත ඇය..ළඟ...නෑ....රැඳෙන් නෑ....
ඇය...හැඬු...වට...තැව්..නට...ඇගේ සිතෙන් මට..වැඩක් නෑ.....වැඩක් නෑ...
හද පතුලේ..මගෙ හිත ඇතුලේ...ඔබ පමණයි...ළඟ ඉන්නේ...."
ඔය හරිය කියද්දී කට්ටියගෙ මූණු නිකන් කුණ්ඩ හට්ටි වගේ වෙලා...යන්තම් සින්දුව ඉවර වෙද්දී කට්ටිය සැනසුම් සුසුමක් හෙලනවා. එතකොටම ඔන්න අපේ කට්ටිය ආපහු පටන් ගන්නවා...
"කුසුමි ලතා...රේණු ලතා...හඬන කතාවේ..."
ඔන්න ඔහොමයි එදා උනේ. අපි ඒ ට්‍රිප් එක පුරාවටම කිව්වේ ඔය සින්දුව විතරද කොහෙද. අන්තිම වෙද්දී ඒක අපිටත් ඇති වෙලා.
ඉතින් ඒ ට්‍රිප් එකත් එහෙම ඉවර උනා කියමුකෝ. ඊට පස්සේ ඊ ළඟ අවුරුද්දෙත් ට්‍රිප් එකක් ගියා. ඒ කියන්නේ අපි 10 වසරෙදි. ඒ පාර ගියේ හම්බන්තොට පැත්තේ. මුල්කිරිගල, උස්සන්ගොඩ, මදුනාගල උණු දිය පොකුණු එහෙම බලන්න ගියා ඔය ගමනෙදි.
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න...
උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න
මටනම් ඉතින් ඒ බලපු තැන් අලුත් අත්දැකීම් නෙමෙයි. හම්බන්තොට, තිස්සමහාරාම කියන්නේ මගේ පුංචි කාලේ මතක ගබඩා වෙච්ච තැන් :)
ඒ ට්‍රිප් එකනම් පිස්සුම පිස්සු නටපු ට්‍රිප් එකක්. ආපහු 11 වසරෙදි ට්‍රිප් එකක් යන්න හිටියට ඒ වැඩේ කරගන්න බැරි උනා. ඊට පස්සේ ඉතින් එච්චරයි. ඒ ලෙවල් කාලේ ට්‍රිප්ස් ගියෙත් නෑ. ගියත් ඉතින් අර යාළුවො තරම් ෆිට් එකකුත් නෑ. 9, 10, 11 වසරවල් තමයි මට හිතෙන විදිහට ඉස්කෝල ජිවිතේ හොඳම අවුරුදු තුන. මේක එක එක අයට වෙනස් වෙන්න පුළුවන් උනාට ගොඩක් දෙනෙක්ට ඒක එහෙමම තමයි කියලයි මට හිතෙන්නේ. ඒ ලෙවල් කාලෙත් ඉතින් නරකම නැහැ. හැබැයි වැඩ වැඩියි. යාළුවො සීමිතයි. පිස්සු නැටීමේ කාලය අඩුයි :)
දැන් බලාගෙන යනකොට අපි එච්චර ට්‍රිප් ගිහිල්ල නෑ නේ :O මම කිව්වේ ඉස්කෝලෙන්. ආ... කියන්න අමතක උනා. අපි හොස්ටල් එකෙනුත් ට්‍රිප් එකක් ගියා නේ. ඒකත් ගියේ 9 වසරේදී තමා. ඒ දවස්වල ඉතින් වැඩිපුරම ෆිට් හොස්ටල් යාළුවො එක්ක. දවසේ වැඩි හරියක් ඉන්නේ එයාලත් එක්කනේ. හොස්ටල් කතා නම් ගොඩක් තියනවා කියන්න වෙලාවක් නෑ. මට මතක විදිහට ළමයි 50 - 60 අතර ගානක් තමයි හිටියේ. එයිනුත් අපේ 9 වසරේ අය හිටියේ හත් දෙනයි.
ඒ ට්‍රිප් එක ගියේ රතනපුරේ පැත්තට. බෝපත් ඇල්ල, සමන් දේවාලේ, මඩුවන්වෙල වලව්ව එහෙම බලන්න ගියා. බස් එකේ ඇතුලේ ඉස්සරහින්ම කෙසෙල් කැනකුත් එල්ලගෙන තමයි ගියේ. එදා රෑ ආපහු එද්දී කට්ටියගේ අත පය කොර වෙලා උගුරුත් බැරැන්ඩි වෙලා තමයි ආවේ. අර කෙසෙල් කැනේ නැට්ට විතරයි ඉතුරු වෙලා තිබුනේ. අන්තිම හරිය වෙද්දී සමහරු සීට් උඩම නින්ද ගිහින් පැද්දෙන තාලෙට අර කෙසෙල් නැට්ටත් පැද්දි පැද්දි ආවා අපිත් එක්ක.
ඔය ට්‍රිප් එකේදි වෙච්ච ආතල්ම වැඩේ තමයි මොකක් හරි හේතුවක් හින්දා හොස්ටල් එකේ මෙට්‍රන් ට ට්‍රිප් එක එන්න බැරි වෙච්ච එක. හැබැයි ඒ වෙනුවට විදුහල්පතිනිය ආවා අපිත් එක්ක. එයානම් ළමයිගේ විනෝදෙට අකුල් හෙලන කෙනෙක් නෙමේ. ගමන පුරාවටම ඉස්සර සීට් එකක වාඩි වෙලා ගියා මිසක් කිසිම දේකට අත දැම්මේ නෑ. ඒ එක්කම කියන්න ඕනේ මගේ ජිවිතේ දැකපු හොඳම පෞරුෂයක් හිමි අයගෙන් කෙනෙක් තමා අපේ ඔය විදුහල්පතිනිය.
ඉතින් ඉස්කෝලෙන් ගියපු ට්‍රිප් වලට කියලා තියෙන්නේ ඔච්චර තමා. එතකොට කැම්පස් එකෙන් ගියපු ට්‍රිප්? ආ...එව්වා පස්සේ...

ඉස්කෝලේ කාලේ ඉතින් අවුරුද්දකට සැරයක් අනිවා ට්‍රිප් එකක් යනකන් කට ඇරන්නේ බලාගෙන ඉන්නේ..අනික් වැඩ කෝම උනත් ඕවා කියන්න කලින් ඕගනයිස් කරන කට්ටිය තමා මේ අපි නම්..
ReplyDeleteඕගනයිසින් වැඩනම් බෑ අප්පා මටනම්. ටිර්ප් එක යන්න තිබුනොත් ඇති :)
Deleteහොඳ වෙලාවට පාඩමක් නැත්තේ...අපිට උගන්නපු කිසි දෙයක් මතක නෑලු.:P
ReplyDeleteටීචර් ඉස්සර පන්තියේ හිටපු නෝටිම ලමයානේ?
ආ...එව්වා කොහෙද...ඊ ළඟ එකේ පාඩමක් එනවා :)
Deleteහම්මේ ඉතිම් නේ
ReplyDeleteට්‍රිප් යන එකේ හොදම ෆන් එක තමයි ට්‍රිප ඉවර වෙලා ඉස්කෝලෙ ගාව ඇවිත් බහිද්දි අපේ මමීලා සෙට් එක රියල් මමීස් වගේ අපි දිහා බලං ඉන්න විදිය
හම්මේ ඒ වෙලාවෙ සවුන්ඩ් කාඩ් එකත් ගිහිං නන්න වෙලා හිංද අර කියන දේ අහගෙන ගෙදෙට්ටම යනකං යන්න පුලුවං හැක්
ියන්නෙ නං ආයෙ යන්න දෙන්නෑ කියලමයි
කොහෙද ඊළග අවුරුද්දෙත් යනව
කතා නං තියේ ලියන්න හෙන කමුමැලී අප්ප
මොකෝ පාඩං ටිකට වුණේ ගංවතුරට ගියාය
හෙහෙ....ඒක හරි. මමීලා එහෙම තමා. පාඩං ගැන බය වෙන්න එපා. ළඟදීම එකක් එනවා..
Deleteඅර පින්ත්රේ තියෙන්නේ කලුතර මාලිගාවක් නේද??
ReplyDeleteමටත් හිතෙනවා මාත් ට්‍රිප් ගියා මදි කියලා.. 9-11 තමා උපරිම ෆන් කාලේ ඒකේ දෙකක් නෑ ටීචර්
Richmond Castle
Deleteඅන්න හරි. ඒක තමා :)
Delete//9-11 තමා උපරිම ෆන් කාලේ ඒකේ දෙකක් නෑ ටීචර්//
ආයෙත් අහලා
සාමාන්‍යෙයන් බාලිකා පාසල්වල දින දෙකේ ට්‍රිප් යනවනේ.. මන්දා අපි නම් ගියා..
ReplyDeleteවැස්සට තෙමුන්නේ නැද්ද
Deleteසාමාන්‍යෙයන් මං යන යන තැන වහිනවා.. ඒක ඉතා සාමාන්‍ය දෙයක්.ඕං ඕක හන්දා තමා මම සයිබර් ෆෙස්ටිවල් එකකටවත් ආවෙ නැත්තෙ.නිකං වැස්සක් වස්සලා ඔව්වා අවුල් කොරන්නේ මොකටෙයි...
Deleteඅපිට යන්න දුන්නේ නෑ අයියෝ :(
Deleteහෙහී...ඒමද? එහෙනම් මෙයාව ට්‍රිප් එක්ක යන්න හොඳ නැහැ.
සයුරි ගේ ලිපියක් කියෙව්වේ බොහොම කාලෙකින්. පාසල් ට්‍රිප් මතකය අලුත් කළා මේ සටහන. ඔබ කියනවා වගේ හොදම කාලය තමා 9- 10 පන්තිවලදි ගිය ට්‍රිප්. ඒ ලෙවල් කාලෙනං අපි ඉස්කෝලෙට හොරෙනුත් ට්‍රිප් ගියා.... පට්ටම කාලයක්.
ReplyDeleteපහුගියදා අපේ කණ්ඩායමේ ඒ කියන්නේ 87 බැජ් පාර්ටි එක තිබ්බා අපි අම්බලන්ගොඩ ශැංගිලා එකේ. බැජ් එකේ සාමාජිකයන් ගණන 404ක් වුණත් ඇවිත් හිටියේ 110යි. අනිත් අය හොයාගන්න බැ. නැතිනම් දැනගන ආවේ නෑ. හුගක් අය විදෙස්වල. ඒ කොහොම වුණත් පාසලෙන් අයින් වෙලා 28 අවුරුද්දකට පස්සේ අපි එදා ආයේ පාසල් ගියා වගේ දැනුණා.
එහෙම බැච් පාටි එකකට යන්න ලැබෙන එකත් ලොකු පිනක් අප්පා. ඒ කාලේ පිස්සු නටපු යාළුවො ලොකු මිනිස්සු වෙලා ආපහු හම්බ වෙනකොට කොහොම දැනෙනවා ඇත්ද? :)
Deleteඅනේ ඒ අතිං අපිනං ට්‍රිප් ගිහිල්ලම නෑ ඉස්කෝලෙ කාලෙ බලනකොට.
ReplyDelete6-7 පන්තිවලද කොහෙද කොළඹ ගියා බස් තුනකින්. කෞතුකාගාරෙ, ග්‍රහලෝකාගාරෙ, සූ එක, ගෝල්පේස් තමයි බැලුවෙ.
ඊට පස්සෙ ඉතිං 12 දි තමයි ගියේ. ඒකෙ තමයි ටිකක් හරි ෆන් එකක් ගත්තෙ. කළුතර පැත්තෙන් ගිහිල්ල ඔය හැම බීච් එකක් ගානෙම සත්තු අල්ල අල්ල ඇවිල්ල ඇඹිලිපිටිය පැත්තෙන් ආපහු ආව.
හොඳම දේ කියන්නෙ ගෑණු, පිරිමි ළමයි එකට යන්න එපා කියල කොට්ඨාශ කාර්යාලෙන් කියල තියෙද්දි උංට හොරෙන් ගිය එක.
//හැම බීච් එකක් ගානෙම සත්තු අල්ල අල්ල ඇවිල්ල ඇඹිලිපිටිය පැත්තෙන් ආපහු ආව//
Deleteම්ම් සත්තු කිව්වේ මොන වගේ සත්තුද දන්නේ නෑ නේද?
//ගෑණු, පිරිමි ළමයි එකට යන්න එපා කියල කොට්ඨාශ කාර්යාලෙන් කියල තියෙද්දි//
හිහි...ඇයි දෙයියනේ එහෙම නීතියකුත් තිබ්බද? ඒ කියන්නේ එක බස් එකේ යන්න එපා කියලා වෙන්න ඇති. මරු නීතියක් නේ අප්පා...
සත්තු කියන්නෙ ඒ කාලෙ ඔය සූලොජි වලට උගන්නපු උං තමයි.
Deleteබස් එකක යන්න තරයි ළමයි හිටියෙ නෑ ලැබ් එකේ. වෑන් එකක තමයි ගියේ. වාහන දෙකක යන්න තරං කට්ටිය කොහොමත් නෑ.
එකඟ වෙන්න් පුළුවන් තැන් ගොඩක් තියෙනවා
ReplyDelete9,10,11 පංති තමා ලෝකේ තියෙන හොඳම පංති , ඒ කාලේ තරං ෆන් ගත්ත කාලයක් ජීවිතේට මතක නෑ.
අනික D පංතිය කියන්නේ පිස්සෝ සඳහා විශේෂයන් හදපු පංති , මොකද මාත් හිටියේ 8 වසරේ ඉඳන් O/L ලියනකම්ම D පංතියේ . පංතියේ හිටියා කිව්වට වැඩි පුර හිටියේ කොරිඩෝවේ දනගහගෙන , එහෙන්ම නැත්තම් කන් එද්ක ඇත දෙකෙක් අල්ලන් මිදිලේ හිටගෙන , එක්කෝ ප්‍රින්සිපල් ගේ ඔෆීස් එකේ වේවැල් දිහාට් අත දික් කරගෙන ...
ට්‍රිප් ගැනත් ලියන්න ගියොත් මෙතන පොස්ට් එකක් ලියන්න වෙනවා ..
හැක්.. ඔය D පන්ති කතාවනං කොහෙත් එකද කොහෙද. අපේ D එකෙත් හිටියෙ ලෝකෙ කාපු එවුවො ටිකක් තමයි.
Deleteඅපි හිටපු A පන්තියට 9,10,11 කාලවල කිවුවෙ කැම්පස් එක කියල. කිසිම එකෙකුට පාලනය කරන්න බෑ. වැඩේ කොච්චර දරුණු උනාද කියනවනං පන්තිය කෑලි වලට කඩල අනික් පන්ති තුනට දාන්න යන තත්වෙට ගියා. ඒක නැවතුනේ 6 වසරෙ ඉඳල හිටපු ගුරුවරු හතරදෙනෙක්ගෙ අප්‍රතිහත මැදිහත්වීම නිසා.
මේ පොස්ට් එකට කමෙන්ට් කරන්න බෑ. කමෙන්ට් බොක්ස් එකක් එන්නේ නෑ. ඒ නිසා ඔන්න මේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දානවා. අර 9,10,11 අවුරුදු තුනේ කතාවට නම් මමත් එකඟයි. මම අන්තිම ට්‍රිප් එක ගියෙත් 10 වසරේ. එක නම් හැබැයි බස් එකේ ටයර් එකක් ගිහිල්ල මගින් හිර උනා..
Deleteහ්ම්ම් බලාගෙන යනකොට හැමෝම වැඩිපුර කැමති 9, 10, 11 පන්ති වලට තමා. ඉවාන් ට වගේ තමා අපිටත් punishment නම් වැරදිච්ච දවසක් තිබුනේ නෑ. දවසක් අර ඉස්කෝලේ ඇරුනම කියන "යෝවද තම්පව රෝමනු ජේසු" එක රැප් කරලා කිව්වා කියලා අපේ පන්තියට ඊ ළඟ දවසේ බාස්කට් බෝල් කෝට් එකේ හිටවලා ඒක දහ සැරයක්ද කොහෙද කියෙව්වා.
Deleteඅඟහරුස්...කොමෙන්ට් බොක්ස් එක ඔය හොඳට තියනවනේ :O
Deleteනියමයි. මම ළමයෙක් හැටියට ගියපු ට්‍රිප් වල ජොලිත්වය උඩ ගුරෙක් හැටියට ගිය ට්‍රිප්වල වගකීම overwrite වෙලා ආතල් කැඩිලා තියෙන්නේ.
ReplyDeleteමම මේ බැලුවා "උඩ ගුරෙක්" කියන්නේ කවුද කියලා :) බැලින්නම් කොමාවක් අඩු වෙලා නේ...
Deleteකොමාවකට කල හැකි දේ!
Deleteඑ කොමා කැන් කිල් අ මෑන් කිව්වලු
Deleteඉස්කෝලේ ට්‍රිප් නම් අවුලක් නෑ. සංවිධානය කලාම එනවා නේ ගොඩක් එවුන්. ඊට පස්සේ තමයි ට්‍රිප් වල කට්ට තියෙන්නේ. මාස ගානක් තිස්සේ කට්ටිය එකතු කරගන්න ඕනේ. රටේ ලෝකේ නැති හැම වැඩම එදාට සෙට් වෙනවා අපේ එවුන්ට. පවුල් තුන හතරක වත් කවුරු හරි මැරිලා.
ReplyDeleteඅපෝ ඔය ගැනනම් කියලා වැඩක් නැහැ. කැම්පස් එකේ යාලුවොත් ඉතින් ඔහොමම තමා. මමනම් කියන්නේ ඇත්තටම ඕන කමක් තියනම් ඔයින් වැඩි දෙනෙක්ට එන්න පුළුවන් කම තියනවා කියලයි :)
Delete17 හංදිය අදම තමා මේ පැත්තේ ආවේ මම හිතන්නේ. සාදරයෙන් පිලිගන්නවා :)
අපෝ එක දවසට වඩා යන ට්‍රිප් තමයි ට්‍රිප්.......
ReplyDeleteඒක තමා බන්ඩෝ
Deleteආ මෙන්න මේ කම්පියුටර් එකෙන් ආවම කමෙන්ට් බොක්ස් එකක් තියනවා..
ReplyDeleteමම අන්තිමට ඉස්කෝලේ ගියේ 10 වසරේ සෙට් ඒකත් එක්ක ගිය රෙඩ් රොක්ස් ට්‍රිප් එක. ඒක තමා ඔය මග හිටියේ. අපරාදේ ඒක නම්. 10 වසර 11 වසර තමා මට නම් හොඳ අවුරුදු. පාඩම් වැඩ එහෙම අධික උනත්, එව්වලත් එක්තරා රහක් තිබ්බා. හුචස් පෙළ කාලේ වගේ නෙවේ.
සික් ට්‍රිප් එකක් මග හිටිනවා කියන්නේ ඉතින් ඉඳල වැඩක් නෑ තමා.
Deleteහුචස් පෙළ..හික්ස් :)
මොකක්ද කුසුමි ලතා සීන් එක කියලා හොයලා බැලුවෛ නැද්ද?
ReplyDeleteමට හොස්ටල් එකක ඉන්න නොලැබුන එක ගැන පොඩි දුකක් හිතුනා....
මට නම් ගිය ට්‍රිප් මතකත් නෑ.. එක සැරයක් එලිෆන්ට් හවුස් එක බලන්න ගියා මතකයි. ඒ ලෙවල් කරනකොට කතරගම ගියා..
//මොකක්ද කුසුමි ලතා සීන් එක කියලා හොයලා බැලුවෛ නැද්ද? //
Deleteඒකනම් අමුතුවෙන් හොයල බැලුවේ නැහැ. මන් හිතන්නේ පොල් ලෙලි තලනවා වගේ අපේ කට්ටිය ඒක කියන විදිහට වෙන්න ඇති ඒ ගොල්ලෝ අකමැති.
හම්මේ හොස්ටල් ජිවිතේ නම් ඉතින් ඉඳලම බලන්න ඕන එකක් තමා. පුදුම රස සාගරයක් ඒක.
//මට නම් ගිය ට්‍රිප් මතකත් නෑ.//
බලාගෙන යනකොට මම හොඳයි නේ :O
මට නම් ස්කොලෙන් ගිය ට්‍රිප් කියලා ඒ හැටි මතකයක් නැහැ.ස්කෝලේ හිටියෙත් ට්‍රිප් එකක් ගියා වගේ විනෝදෙන්,සැහැල්ලුවෙන් නිසා වෙන්ට ඇති මට එහෙම දැනෙන්නේ.
ReplyDeleteහෙහෙ අන්න නියම පැහැදිලි කිරීමක්... :) ඇත්තටම එහෙම වෙන්න ඇති
Deleteමේ පිංතූරෙ තියෙන මන්දිරේ තියෙන්නෙ කලුතර. රිච්මන්ඩ් කාසල් කියන්නෙ මේකට. මායි, චූටි මැණිකෙයි දොහක් මේක බලගන්න ගියා. හරි සෝක් තැන. බූත ගුහාවක්
ReplyDeleteඒක තමා. දැන් නේ මට නම මතක් උනේ. බූතයෝ එහෙමත් දැක්කද ඉතින්?
Deleteඉස්කෝලේ කාලෙ ගිය කාලෙ ට්‍රිප් තමා නියම. සාමාන්‍ය පෙළ කරන කාලෙ ගිය එකක් මට හොදට මතකයි. ඒ කාලෙ ඉතින් ගෑනු ළමයෙක්ගෙ හිත ගන්න දඟලපු කාලයක්. ට්‍රිප් එකේ විස්තර නම් මෙලෝ දෙයක් මතක නෑ ඔං. :D
ReplyDeleteඅපොයි ඔව් ඉතින් ගෑනු ළමයි ගැන හිත හිතා හිටියම මතක තියනවද මම අහන්නේ
Deleteස්කොලෙන් ගිහිපු එක ට්‍ර්ප් එකකටවත් මට යන්න බැරි වුණානේ.
ReplyDelete