~~~~~~~~~~~~~~
ගිය පාර අපි අන්තිමට කතා කලේ බුවනෙකබාහු රජතුමා මිය ගිහිල්ලා ධර්මපාල කුමාරයා රජ වෙච්ච හැටි. ඉතින් මේ ධර්මපාල රජ වෙනවත් එක්කම ගෝවේ පෘතුගීසි නිලධාරියා කෝට්ටෙ ට එනවා. ඒ බුවනෙකබාහු රජුගේ ධනය අත්පත් කර ගැනීමේ අරමුණෙන්.
ඒත් ධනය හන්ගපු තැනක් නම් හොයා ගන්න බැරි වෙනවා. මේ අතරේ වීදියබණ්ඩාර ඇතුලු සෙනෙවියෝ ඔවුන්ට කියනවා සීතාවක යටත් කර ගැනීමට උදව් කලොත් විහාර වලට අයත් ධනය ඔවුන්ට පවරා මාළිගාවේ සැවොම කිතු දහම වැළද ගන්නා බව. මේ නිසා ධනය සෙවීම නවතා ඔවුන් සීතාවකට පහර දීමට යනවා.
සීතාවක සේනාව සටනින් පැරදී පසු බැසීම නිසා සාමාන්‍ය වැසියන් ද නගරය අතහැර පලා යනවා. පෘතුගීසීන් නගරය වනසමින්, සතුන් පවා මරමින් සන්හාරයක යෙදෙන නිසා මෙය කෝට්ටේ ජනතාවගේත් අප්‍රසාදයට ලක් වෙනවා.
බොහෝ අය කෝට්ටේ අතහැර සීතාවකට යාමට පටන් ගන්නවා. මේ නිසා බිය ගන්නා ධර්මපාල රජතුමා පෘතුගීසි සේනා නැවත ගෙන්වා ගන්නවා. කෙසේ වෙතත් පෘතුගීසි නිලධාරීන් ගේ ධනය සෙවීමේ ආශාව යටපත් වෙන්නේ නැහැ. මේ සදහා සෙනෙවියන් එකිනෙකා අත් අඩන්ගුවට ගනිද්දී වීදියබණ්ඩාර පලා යනවා. මේ අල්ලාගත් සෙනෙවියන් ඉන්දියාවට ගෙන යාමට සැරසෙද්දී ධර්මපාල රජු ඉතාමත් අමාරුවෙන් ඔහුගේ බාප්පා වන "තම්මිත්ත" බේරා ගන්නවා. මේ ආකාරයෙන් තරමක ධනයක් කොල්ල කා ගැනීමට මේ නිලධාරියා සමත් වෙනවා.
මෙවැනි හේතු නිසා පෘතුගීසීන් එපාම වෙන වීදියබණ්ඩාර කෝට්ටේ පාලනය සියතට ගන්නවා. ධර්මපාල රජතුමා නමට පමණක් රූකඩ රජෙක් ළෙස පෙනී හිටිනවා. පෘතුගීසීන්ට විරුද්ධව වැඩ කරන අභීත වීදියබණ්ඩාර වටා ජනතාව පෙළ ගැසෙද්දී පෘතුගාලයේ රජුට මේ බව ආරන්චි වෙනවා. මේ ගැන සොයා බලද්දී ඔහුට පෙනී යනවා එයට හේතුව ගෝවේ පෘතුගීසි නිලධාරියාගේ අකටයුතු කම් බව. ඉතින් කොල්ල කා ගත් ධනය ආපසු දෙන ළෙස ඔහුට අණ කළත් ඔහු එය දැනටමත් විකුණා අවසන්. කළ හැකි එකම දෙය වීදියබණ්ඩාර සමග මිතුරු වීම බව සිතන ඔහු ඒ සදහා සාම දූතයෙක් යවනවා.
කොල්ල කා ගත් ධනය වෙනුවට මුදල් ගෙවීමෙන් පසු වීදියබණ්ඩාරගේ මිත්‍රත්වය ලබා ගැනීමට හැකි උනත් කෙටි කලකින් වීදියබණ්ඩාර නැවතත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට පටන් ගන්නවා. මේ නිසා වීදියබණ්ඩාර අල්ලා ගැනීමට "දියේගෝ ද මාලෝ" ප්‍රමුඛ සොල්දාදුවන් දස දෙනෙක් යවනවා. මිතුරු වෙසින් වීදියබණ්ඩාර රවටා ඔහු අත් අඩන්ගුවට ගැනීමට මොහුට හැකි වෙනවා.
ඉන්පසු කෝට්ටේ නිල නොලත් පාලකයා ළෙස පෘතුගීසීන් පත් කරන්නේ ඔවුන්ට පක්ෂපාතී "තම්මිත්ත සූරියබණ්ඩාර". ඔහු වීදියබණ්ඩාරගේ බාල සොහොයුරෙක්. ඔහුත් ධර්මපාල රජුත් වීදියබණ්ඩාර නිදහස් කර ගැනීමට උනන්දුවක් දක්වන්නේ නැහැ.
වීදියබණ්ඩාරගේ වත්මන් දේවිය වන "සූරියදේවී" පමණක් ඔහු නිදහස් කර ගැනීමට උත්සුක වෙනවා (මේ සූරියදේවී කියන්නේ මායාදුන්නේ ගේ දියණිය. වීදියබණ්ඩාර මායාදුන්නේ ගේ සිර කරුවෙක්ව ඉද්දී ඔහුට පැන යාමට උදව් කරන්නේ ඇය.). වීදියබණ්ඩාර සිර කර සිටින තැනට කිට්ටු ගල්ගමුව ට යන සූරියදේවී සිර කූඩුවට උමගක් කප්පවනවා. මේ රහසිගත උමග ඔස්සේ පලා එන වීදියබණ්ඩාර රයිගමට පලා ගොස් බල කොටුවක් තනා නැවතත් පෘතුගීසීන්ට හා කතෝලිකයින්ට විරුද්ධව සටන් කිරීමට පටන් ගන්නවා.
මේ අතරේ වීදියබණ්ඩාර නැති කිරීමේ උවමනාවෙන් සිටින මායාදුන්නේ පෘතුගීසීන් ට පක්ෂපාතී වී ඔවුන්ගේ උදව් ලබා ගැනීමට උත්සාහ කරනවා. මායාදුන්නේ ගේ පුත් ටිකිරිබණ්ඩාර සහ පෘතුගීසීන් අතර ඇති වෙන ගිවිසුමක් අනුව සේනා දෙකම එක් වී වීදියබණ්ඩාර අල්ලා ගැනීමට එනවා. අවුරුදු පහක්ම මේ ආකාරයට වීදියබණ්ඩාර අල්ලා ගැනීමට තැත් කළත් හැම විටම ඔවුන් පරාජය වෙනවා. අන්තිමේදී ටිකිරිබණ්ඩාර ප්‍රමුඛ තිස් දාහක සේනාවක් සමග සටන් කිරීමේදී එතනින් පලා යන වීදියබණ්ඩාර එවකට උඩරට රජු වන "කරලියද්දේබණ්ඩාර" හමුවට ගොස් ඔහුගෙන් ආරක්ෂාව ලබා ගන්නවා. එහෙත් වීදියබණ්ඩාර පලවා හරින ළෙස සීතාවක ටිකිරි කුමරු කරලියද්දේ ට බලපෑම් කරන නිසා වීදියබණ්ඩාර කැමැත්තෙන්ම සත් කොරලේ ප්‍රාදේශීය පාලකයෙක් වන එදිරිල්ලේ රාළ ගේ වාසස්ථානයට යනවා.
එදිරිල්ලේරාළ ගේ මරණයෙන් පසු සත් කෝරළයේ පාලනය වීදියබණ්ඩාර අතට පත් වෙන අතර විශාල හමුදාවක් සමග එන ටිකිරි කුමරුගෙන් ගැලවීමට ඔහු උතුරුකරයට පලා යනවා.
උතුරේ දෙමළ රජු වන "වගරාජ" හමු වී පෘතුගීසීන් පලවා හැරීමට විශාල සේනාවක් සන්විධානය කර ගන්නවා. සටනට යාමට පෙර නල්ලූර් කෝවිලේ ආගමික වතාවත් පවත්වද්දී වෙඩි බෙහෙත් ගොඩකට වැටෙන ගිනි පුළිගුවක් වරදවා වටහා ගන්නා වීදියබණ්ඩාර කඩුව ඔසවාගෙන සටනට සැරසී සිටගන්නවා. මෙය වරදවා වටහාගත් දෙමළ සෙන්පතියන් ඔහු හා සටනට එනවා. සියඹලා ගසකට පිට දී සිට ගන්නා වීදියබණ්ඩාර ඔවුන් සමග තනිවම නිර්භීත සටනක යෙදෙනවා. සියඹලා ගසට නැගගත් සෙබලෙක් පිටුපසින් පහර දී ඔහු මරා දමන තුරුම සටනේ යෙදෙනවා.
මේ වීරෝදාර සෙනෙවියාගේ මරණයෙන් පසු ඔහුගේ පුත් ධර්මපාල රජු, පූජකයින්ගේ බල කිරීම මත ක්‍රිස්තියානි දහම වැළද ගන්නවා. ඔහු "දොන් ජුවන් ධර්මපාල" නමින් බෞතීස්ම වන අතර ඔහු අනුව යන දේවිය "දෝන කතිරිනා" නමින් බෞතීස්ම වෙනවා.
ඉතින් මේ විදියට ලන්කා ඉතිහාසයේ තවත් පරිච්චේදයක් නිමා වෙනවා.
ඈැැැැහ්.....
ReplyDeleteමේක දැක්කම "ඇහ්" ගෑවුනේ නැත්තම් තමයි පුදුමේ :D
Deleteසිංහල බ්ලොග් අවකාශයේ කාන්තා නියෝජනය බෙහෙවින්ම පහත මට්ටමකට වැටී ඇති මේ ඛෙදනීය අවස්තාවේ ඔබගේ පුනරාගමනය් බෙහෙවින් යහ්පති මැතිණිය...
Deleteකතා බාගෙට ලියලා නවත්තලා තියන උන්ට සිටුවා පස් ගහන්න ඕනා.. :D
සිටුවා? සිටුවා නෙමෙයි උල තියලයි පස් ගහන්න ඕනේ :D
Deleteවීදිය බණ්ඩාරත් පස්ට පොරක්නේ බලං ගියාම... හෙහේ..
ReplyDeleteආපහු සෑහෙන කාලෙකිං නේ...
බ්ලොග් පෝස්ට් වැහි වහින හැපි 2017 ක් වේවා...
සෑහෙන කාලෙකින්ද කියලත් අහනවා ඉතින් :) බලමුකෝ 2017 වත් පෝස්ට් ටිකක් දාගන්න
Deleteමට ගොඩක් කතා මිස් වෙලා වගේ...ඒ ටිකත් කියවගෙන එන්න ඕන.
ReplyDeleteමතකද සිහ ශක්තිලාගේ මේ සිංදුව ?
පරසිදු කරලියැද්ද රුවපිරි ලෙස පැලැන්ද
කුසුමාසන දේවිය... දෝන කතරිනා.
දිග නම් ගම් මොකටද.. සිංහාසන කුමටද
සෙංකඩගල ඇගේ රජ මැදුර සමානා....
මදුරුවෝ..මොකෝ මේ නමත් වෙනස් කරගෙන? තව පොඩ්ඩෙන් මට අදුරගන්නත් බැරි වෙනවා.
Deleteඔව් ඔව් මම ආසයි මේ සින්දුවට. ඕක ගැන ඊළග කොටසෙන් කියන්නම්
සීත කාලය මැතිණීය. සීත කාලය..දොන් ජුවන්ල් කතරිනාල වැහි වැහැල දැං
ReplyDeleteහප්පේ දේශා...හැබෑට? දැන් කාලේ සීත කාලෙට වහින්නේ ජුවන්ලයි කතිරිනාලයි ද :O
Deleteමරා ගන්නවාට වඩා වැඩක් අපේ රජවරුන්ට තිබිලා නැහැනේ.මේ විදියට ප්‍රාදේශීය පාලකයෝ ගණනාවක් හිටපු රට ආයෙමත් එක්සේසත් කරලා දුන්නෙත් ඇත්තේ සුද්දෝ තමයිනේ.
ReplyDelete//ප්‍රාදේශීය පාලකයෝ ගණනාවක් හිටපු රට ආයෙමත් එක්සේසත් කරලා දුන්නෙත් ඇත්තේ සුද්දෝ තමයිනේ//
Deleteහික්ස්...ඒකනම් මරු කතාව මනෝජ්. ඇත්ත කතාව ඒක තමා. :))
"මරා ගන්නවාට වඩා වැඩක් අපේ රජවරුන්ට තිබිලා නැහැනේ"
Deleteඔකනෙ අපි බොලාට කියන්නෙ "මරා ගන්න එපා" කියන්න එපා කියලා .. :D
ඔය කියන ඒවා "සිරා ගන්න" එපා බන් අයියේ
Deleteසිරා"ගන්නමයි කියන්නේ මම නම් කියන්නේ."මරා" නම් කොහොමත් එපා.
Deleteමෙන්න ඉතිහාස ටීචර් අැවිල්ල,
ReplyDeleteතව ටිකක් පරිස්සමෙං මේක කියවන්න ඔ්න :)
අහ් මේ අලියත් යහතින් ඉන්නේ. කාලෙකින් ඒ පැත්තෙත් එන්න බැරි උනා. ඉක්මනට එන්නම්...
Delete/සමහරුන්ගෙ blog වල ලියාගෙන ගියපු කතා වස්තු එහෙම තාම නවත්තපු තැන් වල එහෙම්මමයි./
ReplyDeleteඔන්න අපි නම් එහෙම නැත. සිරිමත් සේ ඉතා හොඳ ළමයෙක්මි.
/සටනට යාමට පෙර නල්ලූර් කෝවිලේ ආගමික වතාවත් පවත්වද්දී.../
මේ පහුගිය ජූලි මාසෙ මම යාපනේ ගිය වෙලාවෙ නල්ලූර් කෝවිලටත් ගියා. ඔය වීදිය බණ්ඩාර සෙනෙවිතුමා මැරුණෙ නල්ලූර් කෝවිලේදි කියල මම දැනගෙන හිටපු හින්ද එතන හිටපු නිලධාරියෙකුගෙන් ඇහැව්ව ඒ ගැන. ඒත් ඒ මනුස්සය එහෙම දෙයක්ගැන හාංකවිසියක් දැනගෙන හිටියෙ නෑ.
ඒත් මට මතකයි අටසිය අනූගණංවල හිටපු බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියෙක්වන ජෝන් ස්ටිල් මහත්මයා ලංකාවෙ ගතකල කාලය ගැන ලියපු හරිම අපූරු පොතක්වන "Jungle Tide" පොතේ කියල තිබ්බ නල්ලූර් කෝවිලේදි ඒ සියඹලා ගහ දැක්කයි කියල. ඒක යට පුවරුවකුත් තිබ්බලු වීදිය බණ්ඩාර මියගියේ මෙතැන කියල.
දැන් කාලේ නිලධාරියෝ ඉතින් වීදියබණ්ඩාර කියල කෙනෙක් හිටියද කියලවත් දන්නේ නැතුව ඇති, මැරුණ හරි කෙසේ වෙතත්. බොලේ ඒ කියන්නේ ඒ සියඹලා ගහ සෑහෙන කාලයක් තිබිලා කපන්නේ නැතුව.
Delete//ඔන්න අපි නම් එහෙම නැත. සිරිමත් සේ ඉතා හොඳ ළමයෙක්මි.//
ඔව් ඔව්...කතාව ගොලුබෙල්ලෙක්ගේ පිටේ තියලා යවලද කොහෙද. ඒත් දොසක් කියන්න බෑ...මොනවා හරි ලියල නෙව
යකෝ බලහන්කෝ රවී අයියේ.. මුන් හයිබර්නේට් වෙලා ඉඳලා එනකොට අනිත් උන් ලියලා තියන්න ඕනා කියවන්න.. නැත්නම් ඒකටත් බැනුම්.. අනේ අම්ම්පා..... ලඟපාතක හිටියනම් ....
Deleteහික්ස්... :D
Deleteඕං සෑහෙන කාලෙකින් දැක්ක නිසා බලන්න ආවා. මට නම් දැන් අන්තිමට නැවැත්තුවෙ කොතනින්ද කියලත් මතක නෑ අෆ්ෆා...
ReplyDeleteඑහෙනම් ඉතිං මේ අවුරුද්දෙවත් දිගටම ලියමු. දැන් ඉතිං බිනර මලත් දඟකාර හුරුබුහුටි වයසෙ නේද?
පුදුමයක් නෑ DDT, මාත් ආපහු කියවල තමා නවත්තපු තැන හොයා ගත්තේ :) බලමු දැන්වත් දිගටම ලියන්න. අප්පා ඔව්, බිනර මලනම් දැන් හොඳම වයසේ. DDT ටත් සුබ නව වසරක් වේවා.
Deleteතව විස්තර ඇතුව ලිව්වනම් හොඳයි කියල හිතුනා...
ReplyDeleteඔය කිව්වට මමත් සයුරිට දෙවෙනි නැහැ, ගිය අවුරුද්දටම පෝස්ට් තුනයි...
ලියන්න කම්මැලියි අප්පා...
හ්ම්ම් හ්ම්ම්..මටත් හිතුනා. ඊට පස්සේ හිතුනා මේක ඉක්මනට පබ්ලිස් නොකෙරුවොත් ඊ ලග අවුරුද්දේ තමයි මේක දාන්න වෙන්නේ කියලා :)
Deleteකම්මැලි නැතිව ලියන්න අප්පා...
සයුරි ටීචට සුබ අලුත් අවුරුද්දක් වේවා! හරි ම සතුටුයි ආයෙත් මේ ලස්සන, වටින සටහන් කියවන්න ලැබුණාට. :) වීදිය බණ්ඩාර මගේ ඓතිහාසික වීරයන්ගෙන් එක්කෙනෙක්, මම හරිම ආදරේ කරන, ගරු කරන වීරයෙක්.
ReplyDeleteඑදිරිල්ලේ රාළ වීදිය බණ්ඩාර එක්ක ඇතිවුණ සටනකින් මිය ගියා කියලා දැක්කාමනම් මට පුදුම හිතුණා සයුරි. එදිරිල්ලේ රාළ කියන්නේත් වීදිය බණ්ඩාර වගේම පෘතුගීසීන්ට විරුද්ධව සටන්කරපු කෝට්ටේ රාජධානියේ හිටපු වීරයෙක්. ඩොමින්ගෝ කොරයා තමයි එයාගේ හැබෑ නම. මට මතක හැටියට එයාටත් හිටියා වීදිය බණ්ඩාරගේ සොයුරු තම්මිට සූරියබණ්ඩාර වගේ පෘතුගීසීන්ට ගැතිකම් කරපු බාල සහෝදරයෙක්. මම කියවලා තියෙන හැටියට එදිරිල්ලේ රාළ මරා දැමුවේ පෘතුගීසීන්. ඓතිහාසික නවකතා පොතක තමයි එයාගැන විස්තර කියවලා තිබුණේ මම. කර්තෘ දෙනගම සිරිවර්ධන මහත්මයා.
ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා සිත්තමියෝ. ඔව් මට මතකයි ඔයා ලියපු අර සූරිය දේවි ගේ කතාව. කලින් පෝස්ට් එකේනම් මම ඒකට ලින්ක් එකක් දැම්මා.
Deleteඑදිරිල්ලේ රාළ ගැන හොයද්දි ගොඩක් පරස්පර දේවල් හම්බ උනා මට. එයා බැන්දේ වීදියබණ්ඩාරගේ දුවෙක් කියලත් තිබුණා. ඔව්, සමහර ඒවා විශ්වාස කරන්න අමාරුයි තමා. මැරුන හැටි ගැන නොලියා ඉන්න එක හොඳයි වගේ. මම හදන්නම්කො එතන.
නංගී මමත් හුඟ කාලෙකින් බ්ලොග් එකට ආවේ. ඔයා ලංකාවට ආවද
ReplyDeleteනෑ නේ අයියේ. තවම මෙහේ
Delete