අමන මැති කැල කරන පව් දිය කරන්නට වැස්සා තමා
නොමඳ අසරණ දනන් හට ඉන් කෙරුණු හිරි හැර නැත නිමා
සකල ලෝ වැසි සදෙව් පිරිවර මෙතින් කර උන් පව් කමා
වලාහකයිනි පමා කළ මැන මහා දිය කඳ බැමි දමා
ප. ලි.
ඔබේ සුළු ආධාරය ඔවුන්ට මහ මෙරකි.
කමා කොරන්ඩ බැරි තැනටම වැඩ සිද්ධ වෙලා තියෙන්නෙ දැන්...
ReplyDeleteඅහිංසකයොන්ටමනේ රිදෙන්නේ...
Deleteසෙන්නයියලගේ පැත්තට අවුලක් නැතුව ඇති නේද?
අපිට තාම අවුලක් නෑ.. ඉස්සරහට මොනා වෙයිද දන්නෑ....
Deleteපරෙස්සමට ඉන්ඩ
Deleteමේ දවස් ටිකට වැස්ස නම් අප්පිරියාම උනා
ReplyDeleteකියලා වැඩක් නෑ. ඔයාලා හොඳින් නේද?
Deleteඅල් මදිවට හරක් කියල වැස්සට පස්සෙ වසංගත බෝ වෙන්න පටං ඇරංනේ
ReplyDeleteඔක්කම අර ගහෙං වැටෙන උංටමයි වෙන්නෙ
අවන්හල අමතක වෙලා නෑ අක්කා බිසී මාරෙට.බෝම අමාරුවෙන් තමයි බ්ලොග් කියවන්න වෙලාව ගන්නෙත් ඒකත් යලට මහට
ගංවතුරකට පස්සේ ඉතින් වසංගත අනිවාර්යයි නේද :(
Deleteඑකනේ. හැමෝම බිසී. ඉඳල හිටලා හරි මොනවා හරි ලියන එක ලොකු දෙයක්.
මේ පාරනං එහෙමට වසංගත පැතිරුනේ නැ වාගේ
Deleteඒකනම් ලොකු දෙයක් එහෙනං
Delete