ගිය පාර ලිපියෙන් අපි කතා කරේ කුසුමාසන දේවිය විමලධර්මසූරිය රජුගේ බිසව වෙලා ඔහුට රාජ්‍ය උරුමය ලබා දීපු හැටිත් එයින් පෘතුගීසින්ට අත් වෙච්චි අන්ත පරාජයත් ගැන නේ.
ඉතිං මේ සිද්ධියත් එක්කම කොළඹ පෘතුගීසි පාලන පෙදෙස් වලත් සිංහල කැරලි කරුවෝ බිහි වෙන්න පටන් ගත්තා. තමන්ට ඇති වෙච්ච ලැජ්ජාව මකා ගන්නත් මේ තත්වය මර්ධනය කරන්නත් අලුතින් කොළඹට පත් කරලා එවපු පෘතුගීසි ආණ්ඩුකාරයා තමයි අති කෘර "දොන් ජෙරනිමෝ ද අසවේදු".
අසවේදු ඉතාමත් නින්දිත සහ කෘර විදිහට සිංහලයාගේ කැරලි මර්ධනය කරන්න පටන් ගත්තා. පෘතුගීසින් අතරම හැදුනු වැදුණු "එදිරිල්ලේ බණ්ඩාර" නම් අයෙක් මෙහෙයවපු විශාල කැරැල්ල මැඩපවත්වා අවසානයේ ඔහු මරා දැමීමට ඔවුන් සමත් වුනා.
මේ කාලයේ වෙච්ච තවත් වැදගත් සිද්ධියක් තමයි ධර්මපාල රජතුමා මරණයට පත් වීම. මතකයි නේද? අපේ රූකඩ රජතුමා, පෘතුගීසින් ගේ සෙවණේ ලෙඩ පිට හිටියේ. එතුමා ඉතින් ලංකාවේ භාර කාරත්වය තෑගි ඔප්පුවකින් පෘතුගාලයේ රජතුමාට පවරලානේ තිබුනේ. ඉතින් මේ වෙලාවේ ජෙරනිමෝ ද අසවේදු කළේ කෝට්ටේ නිලධාරීනුත් රදලයිනුත් කැඳවලා රැස්වීමක් තියලා ලංකාව දැන් පෘතුගාලයේ රජුට අයිති බව කියා ඔවුන්ගෙන් දිවුරුම් ගන්න එක.
ඉන් පස්සේ ලංකාවේ මිනිසුන් පෘතුගාලයේ නීති වලට අනුගත වෙන්න ඕනද කියන එක ගැන තීරණය කරන්න අසවේදු හැම කෝරලයකින්ම සිංහල නිලධාරීන් දෙදෙනා බැගින් මල්වානට කැඳවලා සාකච්ඡා කරනවා. එතැනදී තීරණය වෙන්නේ ලංකාවේ මිනිසුන් තමන්ට පුරුදු සිංහල නීති වලට යටත් විය යුතු බවත් පෘතුගාලයේ රජුට සේවය කළ යුතු බවත්. මෙතැනදී අත්සන් කරන ගිවිසුම තමයි "මල්වානේ ගිවිසුම".
ඉතින් පෘතුගීසින්ට අයත් ප්‍රදේශ මේ ගිවිසුම යටතේ පාලනය වෙන්න පටන් ගත්තා. ඒත් මේ පෘතුගීසින් යටතේ සිංහල නීතිය ක්‍රියාත්මක කිරිල්ල සාර්ථක උනේනම් නැහැ. පාලකයින් ජනතාවගේ පැත්තෙන් නොහිතා ඔවුන් මත බදු බර පටවමින් රාජකාරි කළා. මේ ප්‍රදේශ වල පාලනයට සිංහල දිසාවේ සහ විදානේ ලා පත් කරලා තිබුණා.
මේ වැඩ පිළිවෙල ට තදින්ම විරුද්ධ වෙච්ච කෙනෙක් තමයි විමලධර්මසූරිය රජතුමා. එතුමා පෘතුගීසින්ට විරුද්ධව කැරලි මෙහෙයවනවා. අසවේදුත් ඒ කැරළි මැඩපවත්වන්න පෘතුගීසි සේනා යොදවනවා. ගෝවෙන් ආධාර ලබා ගන්නා අසවේදු අවසානයේ බලන දුර්ගයත් අල්ලා ගන්න සමත් වෙනවා.
මේ අතරේ තවත් වැදගත් සිද්ධිය වෙනවා. ඒ තමයි ප්‍රථම ලන්දේසි නැවේ ආගමනය. ඒ වර්ෂ 1602 දී. ඔවුන්ට උවමනා වෙනවා රාජතුමා හමු වෙන්න. ඉතින් ඔවුන් කැඳවා ගෙන එන්න රජතුමා නියෝජිතයෙක් යවනවා මඩකලපුවට. ඒ අනුව රජතුමා හමු වෙන "අද්මිරාල් ජොරිස් වාන් ස්පිල්බර්ජන්" පෘතුගීසින් පළවා හරින්න ඔවුන්ට උදව් කළ හැකි බව පවසනවා. මේකෙන් රජතුමා ඉතාමත් සතුටට පත් වෙනවා.
මෙයින් මාස කීපෙකට පස්සේ තවත් ලන්දේසි නියෝජිතයෙක් එනවා ලංකාවට. ඒ තමා "සීබෝල්ඩ් ද වාර්ට්". මේ වෙද්දී රජතුමා පෘතුගීසින් සටන් කීපයකින්ම පරද්දලා ඔවුන් දිවයිනෙන් අතුගාලා දැමීමේ උවමනාවෙන් ඉන්නේ. ඉතින් වාර්ට් ගෙන් ඉල්ලීමක් කරනවා මුහුදු ආධාර ලබා දෙන්න කියලා.
ඉතින් මේ වෙලාවේ මඩකලපුව හරහා යාත්‍රා කරපු පෘතුගීසි නැව් කිහිපයක් අල්ලා ගන්න මේ අය කටයුතු කරත් රජතුමා එහි පැමිණීමට කලින් ඔවුන් නිදහස් කරලා යවනවා. මේකටත් උදහසින් ඉන්න අතරේ තමයි වාර්ට් රජතුමාව මුණ ගැහෙන්නේ. හොඳටම සුරා පානය කරලා හිටපු වාර්ට් ගේ කටින් රජතුමාගේ බිසවට, ඒ කියන්නේ කුසුමාසන දේවියට කට කැඩිච්ච කතාවක් කියවෙනවා. මෙවෙලේ හොඳටම කෝප වෙන රජතුමා කියනවා,
"සුරා පානය කරන්නා කුමකට හොබීද? මේ බල්ලා බැඳ දමනු."
කියන ඉතින් මෙවෙලේ ඇතිවෙන කලබලයෙන් වාර්ට් ඇතුළු තවත් ලන්දේසින් 50 ක ගේ විතර ජිවිත නැති වෙනවා. මේ සිද්ධිය නිසා ලන්දේසීන්ගේ උදව් ගැනීමේ රජුගේ බලාපොරොත්තුව නැති වෙලා යනවා.
රජතුමා ගේ මහළු කාලය පැමිණියත් ඔහුගේ දරුවන් සිටියේ ළදරු වයසේ. ඉතින් රජතුමා උත්සාහ කරනවා ඔහු පෘතුගීසින් සමග සිටිද්දී ඔහුට දාව පෘතුගීසි ගැහැණියකට ලැබුණු පුත්‍රයා ගෙන්වා ගන්න. ඒ පුත්‍රයා ඒ වෙද්දී ගෝවේ ඉගන ගනිමින් සිටියේ. එහෙත් පෘතුගීසින්ගෙන් එයට අවසර ලැබෙන්නේ නැහැ.
ඉතින් රජතුමා තමන්ගේ රාජ්‍යයත් දරුවනුත් බිරිඳත් ඔහුගේ පුංචි අම්මාගේ පුතා වන "සෙනරත්" ට බාර දෙනවා. 1604 වසරේ මැයි මාසයේදී දරුණු උණ රෝගයකට ගොදුරු වෙන විමලධර්මසූරිය රජතුමා මරණයට පත් වෙනවා. ඒ තමයි තවත් රජ පෙළපතක් තනා මාතෘ භූමිය වෙනුවෙන් නොබියව සටන් කරපු රජෙක් ගේ අවසානය.
ඉතින් මේ සෙනරත් රජතුමා ගේ කල්කිරියාව ගැනත් අපේ රටේ ප්‍රසිද්ධ ඉඟුරු දී මිරිස් ගැනීමේ සිද්ධිය ගැනත් අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.
ස්තූතියි ! Vatinaa lipiyak. Kaalekin enna labune. Kiyawanna godai.
ReplyDeleteගොඩක් කාලෙකින් නම් තමයි නේද? හරිම සතුටුයි :)
Deleteඉතාමත් අගෙයි සයුරි. හැමදාමත් වගේ අපේ ඉතිහාස පාඩමට ඔන්න මාත් කාලෙකින් එක් වුණා.
ReplyDeleteපරණ ශිෂ්‍යයෝ ආයෙත් ඇවිල්ලා ඉන්නවා දැක්කම හරිම සතුටුයි අප්පා. බොහොම ස්තුතියි
Deleteමල්වානේ ගිවිසුමක් ගැන කිසිම මතකයක් නැහැනේ, ඉස්කෝල පොත් වල තිබ්බේ නැද්ද...
ReplyDeleteමොනවා උනත් අපේ හිටපු ගොබ්බ රජවරු සහ නුතන නිවට පාලකයෝ හැම එකාම ඔය ගිවිසුම් හරහා තමයි අපේ රටට කෙළවල තියෙන්නේ සහ ඉදිරියටත් කෙළවන්නේ... ;(
අපට හොරා වෙසක් දවසේ පාටි දුන්නා නේද?
Delete///අපට හොරා වෙසක් දවසේ පාටි දුන්නා නේද?///
Deleteපිස්සුද බොල...
වෙසක් දවසට පහුවෙනිදා මගේ වැඩක් වෙනුවෙන් අපේ ගෙදර ආපු උදවියට කන්න බොන්න පොඩ්ඩක් දුන්නා. එච්චරයි...
ලොකු පුතා ඉස්කෝලේ ඒක උගන්නපු වෙලාවේ නිදා ගත්තා නේද? :) ඔව් ඉතින් එයාලා ගිවිසුම් ගහන්නේ හරියට තමන්ගේ පෞද්ගලික දේපල වගේ නේ.
Deleteසුරා පානය කරන්නා කුමකට හොබීද?
ReplyDeleteආණ්ඩුවට "බදු" ගෙවීමට වටි.
සරා සලෙලු දන සතොසේ සුරා පාන කරන ලෙසේ
Deleteඒ කාලේ අපේ රටේ සුරා නොතිබ්බට "රා" නම් තියෙන්න ඇති නේද
මල්වානෙ රඹුටන් මිසක් ගිවිසුම් ගැන අහලා තිබුනෙ කව්ද ? මනෝජ් කිව්වත් වගේ මුන්ට ගිවිසුම් ගහන්න කොහෙ තියන බලයක්ද, රටටම කෙලෝනවා ගිවිසුම් වලින්..
ReplyDeleteලියපන්කෝ මචෝ සේනානායකවරුන්ගේ ගිවිසුම් ගැන උඹත්. ඒ මැත ඉතිහාසය හුගක් වැහිලා තියෙන්නේ.
Deleteඅනේ නලියො මම මොනාද ඕකුන්ගෙ ගිවිසුම් ගැන දන්නේ ! ඔහොම ගිහින් අපේ ඉතිහාස මිස් ඔය හරියටත් එයිනේ. අපි මිස්ටම වැඩේ බාර දීලා බලන් ඉමු.
Deleteඔයත් ලොකු පුතා එක්ක එකතු වෙලා නිදා ගත්තා නේද මල්වාන ගිවිසුම පාඩමේදී :)
Deleteහපොයි සෙන්නෝ මම සේනානායක හරියට එනකොට ඉතින් අපේ මේ දැන් බ්ලොග් පාඨකයෝ ටික වයසට ගිහින් ඉඳීවි. කියවගන්න ඇස් පේන එකකුත් නෑ. ඒ නිසා නරකද පොඩ්ඩක් ඒ ගැන හොයලා ලිව්වොත්?
අනේ අනේ මේ ! ඔයරජවරු ගැන ලිව්වා වගේ නෙමේ සේනානායකලා, බණ්ඩාරනායකලා ගැන ලියන එක.. මොකද ඒ ගොල්ලන්ට අයිතිකාරයො ඉන්නවා මරාගෙන මැරෙන්න උනත් ලෑස්ති.. ඔයත් ඔය හරියට එනකොට පරිස්සමින් ලියන්න.. එහෙම නැත්නම් 1815න් කතාව නවත්තලා දාන්න..
Deleteඒකත් හැබෑව. :D
Deleteරටේ පාලකයෝ ඒ කාලේ අද කාලේ කියලා මහ ලොකු වෙනසක් නෑ වගේ නේද
ReplyDeleteඇත්ත ඇත්ත. කිසිම වෙනසක් නෑ
Deleteමල්වානේ ගිවිසුම අපිට අටේ පන්තියෙදි හරි නවය පන්තියෙදි හරි ඉතිහාසය පාඩමට ඉගැන්වුවා ලාවට වගේ මතකයි. ඔය කාලෙ ඉතිං අපි වාර විභාගවලට ඉගෙන ගත්ත මිසක් රටේ ඉතිහාසයක් ගැන උනන්දුවෙන් ඉගෙනගත්තැයැ.
ReplyDeleteඒ කාලෙ ඉතිං දැන් වගේ නෙවිනේ, මම අහල තියෙන හැටියට ඈත අතීතයෙ නාවික කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙන්නෙ නීතියෙන් පලායන්නොයි, හොරු, මංකොල්ලකාරයො වගේ දරුණු මිනිස්සුලු. ඔය යුරෝපයෙන් පෙරදිගට ආපු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ වගේ රටවල්වල නාවිකයො ගැන දරුණු කතන්දර අපිට අහන්න ලැබෙන්නෙ ඒ නිසා වෙන්න ඇති. කොහොමත් උන් කරේ මේ රටවල්වලින් මංකොල්ලකාලා මහ ධනස්කන්ධයක් එයාලගෙ මවුරටවල්වලට ගෙනියපු එක.
ජයන්ත චන්ද්‍රසිරි මහත්මයගෙ අකාල සන්ධ්‍යා ටෙලියෙ තිබුනෙ ඔය සෙනරත් රජ්ජුරුවන්ගෙ කාලෙ පසුබිම් වුනු කතාවක්. හැබැයි ඒකෙ කාල තරණය ගැන සීන්කෝන් එකකුත් ගියා. ඩබ්. ජයසිරි උන්නැහැ තමයි සෙනරත් රජ්ජුරුවන්ගෙ චරිතෙ කළේ. මම ගොඩක් ආශාවෙන් බැලුව කතාවක්. පස්සෙ කාලෙක ඒ කතාවෙ මුද්‍රිත තිරපිටපත පොත් ප්‍රදර්ශනයකදි දැකල අරගත්තා.
ඒක ඇත්ත වෙන්න පුළුවන් DDT. වැඩිය ඕන නෑ, විජයත් එහෙමලු නේ.
Deleteඅකාල සන්ධ්‍යා වලට මමත් හරිම ආසයි. කොටින්ම මම ඒ DVD එක ලඟදි ටොරානා එකේ ලොක්කට ඊ මේල් කරලා ගෙන්නවා ගත්තා. ඔව් කාල තරණය තමයි ඒක පුරාවටම තියෙන්නේ. හරියට ස්පිල්බර්ගේ කතාවක් වගේ තිතටම හිතලා හදලා තියනවා. ඒ අස්සට අංගම් පොර එහෙම රිංගවලා, හරිම ලස්සන නිර්මාණයක්. හෙහෙ, ඔව් සෙනරත් රජා මරු. ජයසිරි උන්නෙහෙත් ඉතින් මම කැමති නළුවෙක්.
වටිනා ලිපියක්... ජයවේවා...
ReplyDeleteස්තුතියි මිතිල. සාදරයෙන් පිළිගන්නවා පහන්යාය ට.
Deleteමේක මිස් වෙලානෙ මට.. හැබැයි එදා ඒ විදියට පරංගි පන්නලා දාන්න ලැබුනා නම් ලංකාවේ ඉතිහාසය සෑහෙන්න වෙනස් වෙන්න ඉඩ තිබුනා. ඉංග්‍රීසි පාලන සමය පවා කෙටි වෙන්න ඉඩ තිබුනා.
ReplyDeleteඒක තමා. ඉතිහාසයේ හැරවුම් ලක්ෂ ගොඩක් තියනවා. හරියට අර butterfly effect වගේ.
Delete