හද අල්ලපු රටේ පිහිටලා තියන යෙලෝස්ටෝන් (Yellowstone) ජාතික උද්‍යානය ගැන හැම දෙනාම නමින් හරි අහල ඇති. ලෝකයේ පළවෙනි ජාතික උද්‍යානය හැටියට සැළකෙන මේ අපූරු තැන බලන්න යන්න අපිටත් අවස්ථාවක් ලැබුණා.
"වයෝමින්ග්", "මොන්ටානා", "අයිඩහෝ" කියන ප්‍රාන්ත තුනටම අයත් වෙන විදිහට පිහිටලා තියන යෙලෝස්ටෝන් බිහි වෙලා තියෙන්නේ මීට අවුරුදු මිලියන දෙකකට ඉහතදී වෙච්ච විශාල ගිනි කදු පිපිරීමක් නිසා. ඊට පස්සෙත් දෙවතාවකදී මේ විදියේ විශාල පිපිරීම් සිද්ධ උනා ලු. අන්තිම වතාවට වෙලා තියෙන්නේ අවුරුදු ලක්ෂ 6 කට කලින්.
ඒ පිපිරීම් නිසා ඇති වෙච්ච භූ තාප සන්සිද්ධි අපිට අදත් දැක ගන්න පුලුවන්. උඩ පින්තූරයේ තියෙන්නේ යෙලෝස්ටෝන් වල තියන උණු දිය උල්පතක්. මේ වගේ උල්පත් සිය ගණනක් අපිට දැක ගන්න පුලුවන්.
මේ තියෙන්නේ "Grand Prismatic Spring" කියන උල්පත.
මේ විදිහට ලස්සන රතු, කහ පාට ඇති වෙලා තියෙන්නේ බැක්ටීරියා වර්ග නිසා ලු. හුමාලය අඩු වෙලාවට මීටත් වඩා ලස්සනට දැක ගන්න පුලුවන්.
මෙහේදි අපට "ගීසර්" දැක ගන්නත් පුලුවන්. ගීසරයක් උණු දිය උල්පතකට වඩා වෙනස්. උතුරමින් නටන උණු දිය විනාඩි කීපයකට සැරයක් විශාල පීඩනයකින් කුළුණක් ආකාරයට අහසට විදිනවා. මේ තියෙන්නේ "Old Faithful" කියන ගීසරය.
උල්පත් වර්ග විතරක් නෙමෙයි, යෙලෝස්ටෝන් වල නොයෙක් විදියේ වන සත්තුත් දැක ගන්න පුළුවන්. පහළින් ඉන්නේ "බයිසන්" ලා. එයාලා නම් රන්චු පිටින් ඉන්නවා.
අපි එකම එක වලහෙකුත් දැක්කා. :)
මෙන්න මේකට කියන්නේ "Mud Volcano" කියලා. මේකේ කැකෑරෙමින් තියෙන්නේ තනිකරම මඩ. නිකන් කිරිමැටි වගේ.
මේ පහළින් තියෙන්නේ "". ලවණ බැදිලා හිම කන්දක් වගේ. මෙතන හැබැයි දරා ගන්න අමාරු ගදකුත් එනවා, සල්ෆර් නිසා.
මේ තියෙන්නේ යෙලෝස්ටෝන් ලේක් එක.
මේ වගේ ලස්සන තැන්, අමුතු සන්සිද්ධි වගේම අනාරක්ෂිත තැනුත් මේ ප්‍රදේශය පුරාම අපිට දැක ගන්න පුළුවන්. හරියට අපේ පොළවට අවනත කරගන්න බැරි වෙච්ච, තමන්ගේ හිතුමතයට වැඩ කරන කෙනෙක් වගේ. ඒකයි මම ඒක අකීකරු දියණියක් හැටියට නම් කරේ.
මේ වගේ සන්චාරක සටහන්, පරණ එව්වත් එක්කම යූ ටියුබ් එකේ අප්ලෝඩ් කරන එක හොදයි කියලා හිතුන නිසා අද ඉදලා ඒ වැඩෙත් පටන් ගත්තා.
මේ තියෙන්නේ යෙලෝස්ටෝන් ගැන හදපු වීඩියෝව. බ්ලොග් එකට දාන්න බැරි වීඩියෝ ක්ලිප් කිහිපයකුත් ඒකට ඇතුළත්.
බලලම හිටින්නකො.
අනෙත් සන්චාරක සටහනුත් මේ විදියටම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. බලා සිටි ඔබ සැමට ස්තුතියි ;)
තැන්කිව් වේවා 'කහ ගලේ' විස්තර අපිටත් බලාගන්ඩ දැම්මට.
ReplyDeleteNPS එකේ සෝක් ලයිව් වෙබ් කෑම් එකක් තියෙනවා. මෙන්න මෙතන ඕල්ඩ් ෆේත්ෆුල් පුපුරණ (erupt) වෙලාවටම බලන්ඩ ඇහැක් .
ඕනෙනං බ්ලොග් පොස්ට් එකටම ඉන්ක්ලුඩ් කොරන්ඩත් ඇහැක් මනාප නං.
ජයවේවා!
තන්කිවු හැට්ටර්. වෙබ් කැම් එකත් රින්ගවන්නම් පොස්ට් එකට. මම අදමයි හැට්ටර් ව දැක්කේ. විට්ටර් නම් දැකලම නෑ :)
Delete"යෙලෝස්ටෝන්" පෙන්නු ඔබටත් ස්තුතියි.
ReplyDeleteහොඳට බලා ගත්තනම් ඉතින් හොඳා
Deleteස්තුතියි සයිරි. ව්ඩියොව බලන්නං. I havent heard much about it. Thanks
ReplyDeleteහා හා බලන්ටකෝ. වැඩිය දිග නෑ. විනාඩි 2 යි
Deleteයෙලෝස්ටෝන් ගැන මුලින්ම ඇහුවෙ සාපෙ ට භූගෝල විද්‍යාව කරද්දි. ඊට පස්සෙ 2012 ෆිල්ම් එකෙන් තමා දැක්කෙ.
ReplyDeleteගීසර් එක ඉහලට විදින වෙලාවක ෆොටෝ එකක් නැද්ද?
බයිසන්ලගෙ ලෝම අඩු වෙනවා එන්න එන්නම. ගෝලීය උණුසුම ඉහල යෑමේ විපාක..
2012 ෆිල්ම් එක මටත් මතකයි. ගිසර් එක විදින හැටි වීඩියෝ එකේ තියනවා.
Deleteබයිසන් ලා හරි ලස්සනයි නෙහ්?
සංචාරක සටහනක් දැක්කෙ කාලකෙින්... අපිත් ගියා වගේ තමයි ඉතින්...
ReplyDeleteඅලුත් නවකතාවක් ඇවිත් තියෙනවා ‘වරණ‘ ඒ කතාව කියවද්දි ඔයාගෙ රාජාවලියත් මතක් වෙනවා.
අක්කත් කාලෙකින් දැක්කේ :) ලඟදි ලිව්වේ නෑ නේද?
Deleteහ්ම්ම් වරණ රජ කතාවක් වෙන්නැති
මං නම් ඊලඟ භවේදිවත් යන්න ලැබෙන්න කියලා පතලා, ස්තූති කරනවා මේ වගේ දේවල් අපිට බලා ගන්ඩ බ්ලොගයේ එල්ලුවට
ReplyDeleteමේ භවේදීම පුළුවන් වෙන්න කියලා පතනවා
Deletegreat work
ReplyDeleteස්තුතියි
DeleteThanks Madam...:)
ReplyDeleteඑහෙමෙහෙ ගිය විස්තර ලියන එකත් හොඳයි. ඒත් අර රජ සීන් ලියන එක අමතක කරන්න එහෙම එපා හොඳේ..:)
නැත නැත දරුවා..කිසිසේත්ම අමතක කරන්නේ නැත. ඊ ලගට රජ සීන් එකක් එනු ඇත :)
Deleteඔයාලත් පඩි නැතුව ගෙදර ද මේ දවස්වල ? :D
ReplyDeleteඑ මොකෝ බොලේ එහෙම ඇහුවේ ? :)
Deleteඇයි shutdown නැද්ද ?
Deleteආ..නෑ නෑ. හයිබර්නේට් විතරයි වගේ මට හිතෙන්නේ
Deleteඅපූරු තැනක් වගේ... youtube දාපු එක හොඳා. බලමු ඒකත්...
ReplyDeleteහොඳා හොඳා බලන්ටකෝ..
Deleteස්ථානයත් ලස්සනයි. විස්තරේත් ලස්සනයි.
ReplyDeleteස්තුතියි ස්තුතියි :)
Deleteහුඟ කාලෙකින් කියවන්න එන්න ලැබුනෙ සයුරි. අද මේ සටහන හරිම සුන්දර පරිසරයක්. ගොඩාක් ස්තූතියි,
ReplyDelete