අපි ගිය පාර රාජාවලිය ලිපියෙන් අනුරාධපුර යුගයේ අවසානෙටම ආවනේ. අද ඉඳන් එහෙනම් අලුත් යුගයක්. පොළොන්නරු රාජධානියේ ඇරඹුම...
අනුරාධපුර රාජධානියේ අවසානය සිද්ධ උනේ ඉතාමත් ශෝචනීය විදියට බව කට්ටිය කලින් ලිපියේ දකින්න ඇති. පස්වන මිහිඳු රජතුමා සිරකරුවෙක් විදිහට චෝල දේශයට අල්ලාගෙන ගියා. අපේ දිවයින චෝල පාලනයට නතු උනා. දිවයින කිව්වට මුළු දිවයිනම නෙමෙයි. කවදත් රට ජාතිය වෙනුවෙන් නැගී හිටි රුහුණ මෙදා පාරත් චෝල පාලනයට එරෙහිව ස්වාධීනව නැගී සිටින්න උත්සාහ කරා. රුහුණට ඇතුළු වීමට උත්සාහ කළ චෝලයින්ට දේශ සිමාවේ සිට ඔවුන් පසු බසින තුරු පහර දුන්නා. චෝලයින්ට බදු ගෙවීම ප්‍රතික්ෂේප කරමින් බදු එකතු කිරීමට පැමිණි සිංහල නිලධාරීන්ට අවඥාවෙන් සළකපු රුහුණු ජනතාව එයින් නොනැවතී තවත් මහඟු කාර්යයක් රහසේම කරගෙන යමින් සිටියා. ඒ, තවමත් ළමා වියේ පසු වූ පස්වන මිහිඳු රජුගේ පුත්‍රයා ආරක්ෂා කර ගැනීම.
තමන්ගේම රජෙකුගේ අවශ්‍යතාවය දුටු ඔවුන් මේ කුමාරයාව රජ කමට පත් කරනවා. ඔහු රජ වෙන්නේ "වික්‍රම බාහු" නමින්. මේ පුවත අසා කුපිත වෙන චෝලයින් රුහුණට කඩා වැදී ගම් දනව් වනසද්දී සිංහලයින් ඊට එරෙහිව සටන් අරඹනවා. "කීර්තී" සහ "බුද්ධ" නම් සෙන්පතියන් දෙදෙනෙකු අතින් මෙහෙයවෙන සිංහල හමුදාවට නිර්භීතව සටන ජයග්‍රහණය කිරීමට හැකි වෙනවා. යුධමය අතින් රුහුණ ශක්තිමත් වන ආකාරය දුටු චෝලයින් තවත් චෝල හමුදා ලංකාවට ගෙන්වීමට කටයුතු කරනවා.
රුහුණ ශක්තිමත් වීමෙන් ඇතිවෙන නරක ප්‍රතිඵලයක් තමයි ප්‍රාදේශීය නායකයින් බිහි වීම. ඔවුන් එකිනෙකා පරයා බලය ලබා ගැනීමට තැත් කළ නිසා රුහුණේ ඇති වෙන්නේ අස්ථාවර තත්වයක්. ඒ නිසා චෝලයින් නැවතත් රුහුණට පහර දීමට එය අවස්ථාවක් කර ගන්නවා. මේ චෝල සේනාවට මුහුණ දීමට වික්‍රමබාහු රජු සේනා සංවිධානය කළත් පහර දීමට පෙරම අසනීපයක් හේතුවෙන් ඔහු මිය යනවා. මේ කාලයේදීම චෝල දේශයේ සිරකරුවෙකුව සිටි මිහිඳු රජතුමාත් එහිදීම මිය යනවා.
වික්‍රමබාහු ගේ මරණින් පස්සේ කිර්ති සෙනෙවියා පාලන කටයුතු භාර ගත්තත් ඔහුට දවස් 8 කට වඩා ජිවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ "මහාලන කීර්ති" නම් තවත් සෙනෙවියෙක් ඔහු මරා බලය ලබා ගන්නා නිසා. මහාලාන කිර්ති නිර්භීත වගේම රණකාමී පාලකයෙක් උනා. චෝලයින්ගෙන් නැවතත් ඇති වුනු ප්‍රහාර හමුවේ ඉතා නිර්භීතව සටන් කොට, එයින් පරාජය අත් වන බව දැක, සිය දිවි හානි කර ගන්නවා. ඔහුගෙන් පසුව බලයට එන්නේ "වික්‍රම පණ්ඩු" නම් කුමාරයා. ඔහු මහාලාන කිර්තිගේ පුතෙක් බවටත් පිළිගැනීමක් තියනවා. කොහොම උනත් මේ කුමරුවා නිසා චෝලයින්ගේ හිරිහැරයට ලක් වෙමින් තිබුණු රුහුණ නැවතත් සංවිධානය වී සාමාන්‍ය තත්ත්වයට පැමිණෙනවා.
ඔය අතරෙදි ඔවුන්ට නැවතත් සතුරු කරදරයක් එල්ල වෙනවා. ඒ චෝලයින්ගෙන් නෙමෙයි, අයෝධ්‍යාවෙන්. අයෝධ්‍යා සේනාවේ නායක "ජගතිපාල" අතින් මරණයට පත් වීමට වික්‍රම පණ්ඩු ට සිද්ධ වෙනවා. සිංහල ජනතාවගේ අකමැත්ත නොතකා ජගතිපාල දකුණේ පාලන කටයුතු අතට අරගෙන එය හොඳින් කරගෙන යාමට උත්සාහ කරන අතරේ චෝලයින් ජගතිපාල එලවා ගැනීමට මාන බලනවා. ඒ නිසා නැවතත් ප්‍රහාරයක් දියත් කරන චෝලයින් ජගතිපාලව පරාජය කිරීමට සමත් වෙනවා. ඉන්පස්සේ වික්‍රමපණ්ඩු ගේ පුත්‍රයා "පරාක්‍රම පණ්ඩු" පාලනය අතට ගත්තත් ඔහුත් අවු. 2 කට පස්සේ චෝලයින්ගෙන් මැරුම් කනවා.
ඔහොම කාලය ගත වෙද්දි මිනිස්සු අතර කසුකුසුවක් පැතිරෙනවා රාජ පරම්පරාවට සෘජුවම සම්බන්ධ කමක් ඇති කුමාරයෙක් ගැන. ඒ තමයි "කීර්ති" කුමාරයා. ඔහු පස්වන මිහිඳු රජුගේ මාමා කෙනෙකුගෙන් පැවතෙන අයෙක්. මේ කුමාරයා කුඩා කල පටන්ම පැරණි රජවරුන්ගේ වීර කතා තම මවගෙන් අසා ගැනීමට ඇලුම් කළා වගේම තමන්ගේ රට පරදේසක්කාරයින් අතින් පාලනය වීම ගැන බලවත් අකමැත්තකින් පසු වුනා. තමාට අවුරුදු 15 වන විට මලය රටට ගොස් සේනා සංවිධානය කිරීම ආරම්භ කළ කීර්ති කුමාරයා සෙබළුන්ට මනා පුහුණුවක් ලබා දීමටත් කටයුතු කළා.
මේ අතර "ලෝකේශ්වර" නම් නිර්භීත, තද ගතිගුණ ඇති සෙනෙවියෙක් කතරගම ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලනයක් ගෙන ගියා. චෝලයින් පවා ඔහුට එරෙහි වීමට බිය වූ නිසා ඔහු මිය යන තුරුම චෝලයින්ගෙන් හිරිහැර එල්ල උනේ නැහැ. මේ ලෝකේශ්වරගේ බොහොම කුළුපග ඇමතියෙක් තමයි බුද්ධරාජ ඇමති. ලෝකේශ්වර සමග ඇති වුන අමනාප කමක් නිසා සියලු තනතුරු අතහැර පලා යන බුද්ධරාජ ඇමැතිත් මලය රටට ගොස් කීර්ති කුමාරයාට එකතු වෙනවා. මේ බුද්ධරාජ ඇමති වගේම කිර්ති කුමාරයාට බොහොම උදව් කළ තවත් කෙනෙක් තමයි දේවමල්ල ඇමති. කිර්ති කුමාරයා සේනාවෙන් සහ බලයෙන් පොහොසත් වන හැටි බලා සිටිමටම අපහසු වූ ලෝකේශ්වර කුමරු සමග සටනට එන්නේ මේ අතරවාරයේ දී. වතාවක් නොවෙයි දෙවතාවක්ම සටන් මෙහෙයෙව්වත් ලෝකෙශ්වරට අයිති වෙන්නේ පරාජයක්. ඒ වගේම මලය රටේ පාලනය සම්පුර්ණයෙන්ම කිර්ති කුමාරයාට නතු වෙනවා.
කීර්ති කුමාරයාගේ මීළඟ ඉලක්කය උනේ රුහුණ සහ මලය රට එක්සේසත් කිරීම. චෝලයින් එළවීමට පෙර රටේ අනෙක් ප්‍රදේශ එකට එකතු විය යුතු බව ඔහුට වැටහුනා. ඒ විතරක් නෙමෙයි, කුමරුගේ ඉලක්කය රුහුණ බව ලොකේශ්වරටත් වැටහුණා. ඉතින් ඔහු කරන්නේ නැවතත් කුමරු සමග සටනට යාම. ගම් බිම් විනාශ කරමින් සටනට පැමිණි ලෝකේශ්වරගේ ක්‍රියාකලාපය ගැන බෙහෙවින් උරණ වූ කීර්ති කුමරු ඉතාමත් දරුණු සටනකින් අනතුරුව නැවතත් ලෝකේශ්වර පරාජය කරනවා. මේ පරාජය නිසා සිත් තැවුලෙන් නැවතත් කතරගමට ගිය ලෝකේශ්වර ක්‍රි. ව. 1054 දී අසනීප වී මිය යනවා.
ඔහුගෙන් පසුව එහි පාලනය බලය ලබා ගන්නේ "කේසධාන කාශ්‍යප" නම් අයෙක්. ඔහු ලෝකේශ්වර තරම්ම තද පාලකයෙක් නොවුනත් එතරම්ම ජන ප්‍රසාදයට ලක් වූ පාලකයෙකුත් නෙවෙයි. ඔහුගේ අභිලාශය වුනෙත් චෝලයින් පලවා හැරීම. ඔය අතරේ චෝලයින්ගෙන් රුහුණට එල්ල වෙන ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වීම නිසා ඔහුට යම් ජනතා ප්‍රසාදයකුත් ලැබෙනවා. ඒත් කීර්ති කුමාරයාගේ අරමුණට මේක බාධාවක්. රුහුණ යටත් කරගැනීම හැර වෙන මගක් නැති බව දකින ඔහු සේනාවත් සමග රුහුණ යටත් කර ගැනීමට පැමිණෙනවා.
කුමාරයාගේ එක ප්‍රතිපත්තියක් උනේ සටන් වලදී සාමාන්‍ය ජනයාට සහ දේපල වලට වන හානිය හැකි තරම් අවම කිරීම. මේ ආකාරයට රුහුණට ඇතුල් වෙන කුමාරයාට රුහුණු ජනයාගේ සහය නොමදව ලැබෙනවා. රජ කමට නිත්‍යානුකුල අයිතියක් තිබූ කීර්ති කුමරුට ඔවුන් වඩා කැමති උනා. ඒ වගේම මිනිසුන් ආකර්ෂණය වන ආකාරයේ හොඳ ගති ගුණත් ඔහුට තිබුණා. මේ නිසා බයට පත්වෙන කේසධාන, උපක්‍රමශීලිව කතරගමින් පහු බැහැලා පසුව එක්වරම ප්‍රහාරයක් එල්ල කරනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ කුමරු අතින් කේසධාන මරණයට පත් වීම. මේ සමගම රුහුණේ පාලනයත් කීර්ති කුමරු යටතට එනවා. පසුව කුමාරයා හැඳින්වෙන්නේ "විජයබාහු" නමින්.
මේ සිද්ධි දැනගත් චෝලයින් නැවතත් සන්ත්‍රාසයට පත් වී රුහුණට ශක්තිමත් සේනාවක් එවනවා. තමන්ට එකවරම චෝලයින් පැරදවිය නොහැකි බව දුටු විජයබාහු, නුවණැති තීරණයක් ගන්නවා තාවකාලිකව මලය රටට පසු බැසීමට. ඒ වගේම චෝලයින් පලවා හැරීම සඳහා විදේශ ආධාර ලබා ගැනීම සඳහා බුරුමයේ අනවරත රජු වෙතට දූතයින් යවනවා. සාර්ථක දූත ගමනකින් පසු එරටින් සේනාවක් වගේම සෙබළුන්ගේ වියදමට වස්තුවත් ලැබෙනවා.
එයින් පස්සේ තමයි චෝල දේශයන් විශාල සේනාවක් ලංකාවට එවන්නේ. ලංකාවට ගොඩ බසින ඔවුන් පොලොන්නරුව දක්වා යන ගමනේදී මිනිසුන්, දේපල විනාශ කරමින් හැසිරෙන්නේ ඉතා තුච්ඡ විදියට. රජරට අනෙක් චෝලයින් සමග එක්වන ඔවුන්ගේ මී ළඟ අභිප්‍රාය වන්නේ රුහුණ ආක්‍රමණය. මේ අතරේ විජයබාහු රජතුමා ළඟ සිටි රවී සහ චාලා සෙන්පතියන් දෙදෙනෙක් රජුට ද්‍රෝහී වී චෝලයින්ට එක් වෙනවා. ඔවුන්ගේ උදව් ඇතිව චෝලයින් රුහුණට කඩා වැදී රුහුණ විනාශ කරනවා. එහෙත් මලය දේශයේ සිටි විජයබාහු රජු අල්ලාගැනීමට හැකි වන්නේ නැහැ. විජයබාහු රජු පාලටුපහන නම් ස්ථානයේ කඳවුරු ගසාගෙන සිටින බව සැල වී ද්‍රෝහී සෙන්පතියන් විසින් එය චෝලයින්ට දැනුම් දෙනවා. එය ඇසූ චෝලයින් වහාම පලටුපහන බලා පිටත් වෙනවා.
එහිදී ඇවිලෙන්නේ ඉතාමත් දරුණු සටනක්. සිංහයින් මෙන් නිර්භීතව සටන් කරන සිංහල හමුදාව අවසානයේ ජයග්‍රහණය කරා ලඟා වෙද්දී චෝල ප්‍රධාන සෙන්පතියා පලා යනවා. එහෙත් ඔහු පසු පස හඹා යන හමුදාව ඔහුව මරණයට පත් කරනවා. ජයග්‍රහණයෙන් උදම් වෙන රුහුණු සහ මලය වැසියන් උත්සව පවත්වා ජයග්‍රහණය සමරන අතරේ පොළොන්නරුවේ චෝලයින් ඉතාමත් සිත් තැවුලෙන් පසු වෙනවා. සිංහල හමුදාව වැඩි කල් නොයවාම ඔවුන්ගේ ඊ ළඟ ඉලක්කය වන පොලොන්නරුව වෙත ගමනාරම්භ කරද්දී චෝලයින්ට අත් වූ පරාජය ගැන උදහස් වූ චෝල අධිරාජයා තවත් චෝල සේනාවක් ලංකාවට එවනවා. විජයබාහු රජු ඇතුළු හමුදාව පොළොන්නරුවට ලඟා වෙද්දී තමයි ඔවුන්ට සැල වෙන්නේ මාන්තොටින් තවත් චෝල හමුදාවක් ගොඩබසින බව. එනිසා ඔවුන් හා සටනට සේනාවෙන් කොටසක් යවා ඉතිරිය පොළොන්නරුවට පහර දීම සඳහා රඳවා ගැනීමට රජු තීරණය කරනවා.
මාන්තොට බලාගිය සේනාව චෝලයින් හමුවී කළ දරුණු සටනකින් පරාජයට පත් වෙන අතර මෙය ඇසූ රජු ඇතුළු සේනාව දකුණට පසුබැස කඳවුරු ගසා ගන්නවා. තමන් ඇල්ලීමට චෝලයින් එන බව ඇසූ රජතුමා, වටගිරි පර්වතයේ බලකොටුවක් සාදාගෙන එහි කඳවුරු බඳිනවා. මේ පර්වතය වට කරන චෝලයින් මාස 3 ක පමණ කාලයක් සටන් වැදුනත් ඔවුන්ට මුදුනට ලඟා වීමට හැකි වන්නේ නැහැ. ගල් පෙරලීම ආදී උගුල්වලින් චෝලයින්ට උපරිම හානි අත්කර දීමට සිංහලයින් සමත් වෙනවා. කොහොම උනත් විජයබාහු රජතුමාට කරදරවලින් නම් අඩුවක් වෙන්නේ නැහැ. රජු අතින් කතරගමදී මැරුම් කෑ කේසධාන ගේ සොහොයුරා රජුට විරුද්ධව දකුණේ කැරලි ඇති කරන්නේ මේ අතරේදී. ඔහුට පහර දී ඒ කැරලි මැඩපැවැත්වීමට රජු සමත් වෙන අතර කෙසධාන ගේ සොහොයුරා පලාගොස් සොළින්ට එකතු වෙනවා.
ඉන්පසුව විජයබාහු රජතුමා වලවේ ගඟ ඉහත්තාවේ සිට අවසාන සටනට සේනා සංවිධානය කිරීම අරඹනවා. මේ කාලයේ තමයි චෝල අධිරාජයා වන රාජ රාජ රජු මිය යන්නේ. ඒ සමගම චෝල අධිරාජ්‍යයේ අනික් යටත් රටවලුත් නිදහස් වීමේ අරගල ආරම්භ කළ නිසා එය චෝලයින්ට කිසිසේත්ම හොඳ කාලයක් උනේ නැහැ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතූ රජතුමා වහාම තුන් පැත්තකින් පොළොන්නරුවට පහර දීම අරඹනවා. ගමෙන් ගම දිනා ගනිමින් ඒ ගම් වැසියන්ට හැකි තරම් කරුණාවන්ත වෙමිනි ඔවුහු රජරට බලා ගමන් කරනවා. කිහිප දිශාවකින් එල්ලවන ප්‍රහාර හමුවේ පසුබසින චෝලයින් ඔවුන්ගේ කඳවුරට වැදී ආරක්ෂාව තර කර ගන්නා අතර සිංහල හමුදාව මාස 3 කට අධික කාලයක් කඳවුර බිඳීමට උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී "රවිදේව" නම් නිර්භීත සෙනෙවියෙක් ඉදිරිපත් වී තවත් කිහිප දෙනෙක් සමග කඳවුරු බැම්මෙන් ඇතුලට පැන එහි ආරක්ෂකයින් මරා දමා දොරටු විවර කරනවා. එහිදී ඇතිවන අවසාන සටනෙන්, 50 වසරකට අධික කාලයක් ලංකාවේ බලපැවැත්වූ චෝල පාලනය නිමාවට පත් වෙනවා.
ඒ වන විට වැනසී තිබුණු රජරට ප්‍රතිසංස්කරණය කිරීම අරඹන රජතුමාට තවත් සතුරු කරදර වලට මුහුණ පෑමට සිද්ධ වෙන්නේ චෝලයින්ට පක්ෂව සිටි සිංහල නිලධාරීන්ගෙන්. ඒත් වෙහෙර ගිලපු රජතුමාට අග්ගලත් කජ්ජක්ද? ඒවාත් සාර්ථකව මැඩපැවැත්වීමට ඔහුට හැකි වෙනවා.
ඔන්න ඔය ආකාරයට තමයි මහා විජයබාහු රජතුමා (ක්‍රි. ව. 1070 - 1111) අපේ රට එක්සේසත් කලේ.
ක්‍රි. ව. 1017 දී පාලනය චෝලයින් අතට ගිය තැන් පටන් රට පාලනය කළ චෝල රජවරු -
රාජේන්ද්‍ර චෝල I (ක්‍රි. ව. 1017 - 1044)
රාජාධිරාජ චෝල (ක්‍රි. ව. 1018 - 1054)
රාජේන්ද්‍ර චෝල II (ක්‍රි. ව. 1051 - 1063)
විරාජේන්ද්‍ර චෝල (ක්‍රි. ව. 1063 - 1070)
අතිරාජේන්ද්‍ර චෝල (ක්‍රි. ව. 1063 - 1070)
ප. ලි.
දවස් ගානක් ටයිප් කරපු ටික මැකිලා මුල ඉඳන් ලියන්න උනා. ලිපිය පොඩ්ඩක් අංජබජල්ද මන්දා. මීට වඩා කොට කරන්නනම් බැරි උනා. මේ ලිපියත් සම්පූර්ණ එකක් නෙමේ. විජයබාහු රජතුමා ගැන එච්චරට විස්තර තියනවනේ :)
වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Thursday, April 11, 2013
Tuesday, March 26, 2013
නිල් අහසට නිල කොයින්ද?
"තාත්තේ තාත්තේ...අහස නිල් පාට මොකද?" 
ඔයාල පොඩි කාලේ මෙහෙම ප්‍රශ්න අහල ඇතිනේ. නැතත් දැන් පොඩි එවුන් ඉන්න අයටනම් මෙහෙම ප්‍රශ්න දහයක්වත් එනවා ඇතිනේ දවසකට. (මෙතන "අම්මේ" කියලා නොලිය " තාත්තේ කියලා ලිව්වේ මමනම් පොඩි කාලේ ඔය වගේ බරපතල ප්‍රශ්න අහන්න ගොඩක් වෙලාවට තෝරගන්නේ තාත්තා හින්දා.)
දැන් ඉතින් දීපන්කෝ උත්තර...
ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් වර්ණාවලිය ගැන දැනගෙන ඉන්න ඕනා. කට්ටිය දන්නවනේ දේදුන්න ගැන. ඉස්සර අපි දේදුන්නේ පාට හත පාඩම් කරේ "රන් තැඹිලි කඩන කොල්ලා නිල් ඉරක් දකී" කියලා.
ඕන් ඔය කියන පාට හතෙන් තමා සුදු ආලෝකය / හිරු එළිය නිර්මිත වෙලා තියෙන්නේ. පාට හත කිව්වට මේකට ඔය පීච් කලර්, අයිවරි ගෝල්ඩ්, ගොම කොළ අරක මේක සේරම අහු වෙනවා හරිද. ඒවා ඉතින් සංකලන. ඔන්න ඔය අපේ ඇහැට ගෝචර වෙන පාට ටික තමයි "ආලෝකයේ දෘශ්‍ය පරාසය" හැටියට හඳුන්වන්නේ. සිංහලෙන් කිව්වොත් "Visible Color Spectrum". ඔය තියෙන්නේ ඒක තමයි.
එතකොට මේ විදියේ තරංග වර්ග 7 ක් හිරු එළියේ අඩංගුයි. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ හිරු එළියේ අඩංගු ඔය කිරණ වර්ග විතරයි කියලා. "අධෝ රක්ත", "පාරජම්බුල" කිරණ එහෙමත් තියනවා. ඒවා අපිට පේන්නේ නැත්තේ ඒවා දෘශ්‍ය පරාසයට අයිති නොවෙන නිසා.
දැන් මේ තරංග එකිනෙකට වෙනස් වෙන්නේ ඒවායේ තරංග ආයාමයෙන් (මේක ඕලෙවල් වලටත් උගන්නන නිසා හැමෝටම තේරෙන්න ඕනේ :). වර්ණාවලියේ වමට වෙන්න තියන තරංගවල ආයාමය වැඩියි. දකුණට යන්න යන්න ආයාමය අඩු වෙනවා. බලන්නකො පහල පින්තුරේ පාරජම්බුල වල ආයාමය අනෙක්වට වඩා අඩුයි.
ඔන්න ඔය වගේ එකිනෙකට වෙනස් තරංග ආයාමයන් අඩංගුයි හිරු එළියේ. දැන් ඉතින් හිරු එළිය ඉහල වායු ගෝලයේ තියන ඉතා කුඩා අංශු අතරෙන් පෙරිලා පොලව දිහාවට එද්දී, මේ තරංග අර අංශුවල ගැටිලා විසිරෙන්න ගන්නවා. එහෙම වෙද්දී වැඩිපුරම විසිරීමේ හැකියාවක් තියෙන්නේ තරංග ආයාමය වැඩි කිරණ වලට. ඒ කිව්වේ දෘශ්‍ය පරාසයේ තරංග ගැන හිතුවොත් දකුණට වෙන්න තියන පාට වලට (නිල් සහ දම් වැනි).
එහෙම වඩාත් හොඳින් විසිරෙන තරංග වල පාටින් අපට අහස පෙනෙන එක පුදුමයක් නෙමෙයි නේද? හැබැයි බුද්ධිමත් පොඩි එකෙක්නම් ඔතනින් නවතින්නේ නැතුව තව ප්‍රශ්නයක් අහනවා.
එතකොට දම් පාට තියෙන්නේ නිල් පාටට වඩා දකුණෙන් නේ. ඉතින් ඇයි අපිට අහස දම් පාටට පේන්නේ නැත්තේ?
ඕවට පහු බහින්න එපා. මෙන්න උත්තරේ...
ඒකට හේතුව තමයි අපේ ඇහැ.
මිනිස් ඇසේ තියන දෘෂ්ටි විතානයේ අඩංගු වෙන කෝණාකාර සෛල (මේවට කියන නම මතක් කරගන්න හැදුවට හරි ගියේ නෑ) තමයි අපිට පේන පාට ගැන වගකියන්නේ. මිලියන පහක් පමණ වෙච්ච මේ කෝණාකාර සෛල කොටස් තුනකට බෙදෙනවා. එක එක වර්ණ පරාසයන් අඳුරා ගැනීම සඳහා ඒ සෛල කොටස් ක්‍රියා කරනවා. ඇතැම් අවස්ථාවල මේ සෛල පරාසයන් සමපාත වෙන වෙලාවලුත් තියනවා. ඒ වගේ වෙලාවට වර්ණ සංකලනයක් උනත් පේන්නේ තනි පාටක් හැටියට. ඉතින් අහස දිහා බැලුවම අපේ ඇහැට එන ආලෝකයේ අඩංගු වෙන නිල් දම් වර්ණ සංකලනයත් අපේ ඇහැ ගෝචර කර ගන්නේ අර විදියේ සමපාත වෙච්ච සෛල වලින්. ඒක අපේ ඇහැට පේන්නේ තනි ලා නිල් පාටක් හැටියට. එහෙම නැත්නම් "අහස් නිල" හැටියට.
තේරුනාද මන්දා.
නැත්නම් මෙහෙම වැඩක්වත් කරලා බේරෙන්න බලන්ට ඉතින්...පොඩි එකා ඔය ප්‍රශ්නේ ඇහුවම ආපහු මෙන්න මෙහෙම අහන්න. :)
නිල් අහසට නිල කොයින්ද
ඒ අහසෙම තරු කොයින්ද
එහෙම අහන මගේ දෝණිට
මේ නිල් තරු ඇස් කොයින්ද?
ඕක හරිම ලස්සන සින්දුවක්. තිබුනේ "නිල් අහස" කියන ටෙලි නාට්ටියේ. නැලවිලි ගීයක් හැටියටත් හොඳයි. අහල බලන්නකෝ.
ප. ලි. - වැලේ වැල් නැතුව ඉද්දි සිංහල ප්ලගීන්ස් ගැන ඔත්තු දීපු සෙන්නටයි හරීටයි තෑන්ක්ස් හොඳේ. මට මොනවා වෙලාද කියලා අහපු දිනේෂ් මලයා, අසාර්, වී අයියා ඇතුළු හැමෝටමත් ස්තුතියි. මාස ගානකින් පෝස්ට් එකක් (වගේ එකක්) දාගත්තා. මක්කරන්නද ඉතින් පොඩ්ඩක් වැඩ අඩු වෙනකන් ඉඳලා නොලියපුවටත් එක්ක ලියන්න ඕනේ. කට්ටියගේ බ්ලොග් බලන්න බැරි වෙන්න ඇති ගොඩක් ඒවා. ඒකටත් සමාවෙන්න හොඳේ.
හසල - රාජාවලියත් ඉක්මනට ලියන්නම් :)

Monday, February 11, 2013
ඔබ සතුටින්ද ?
"ඔබ සතුටින්ද?" කියන ප්‍රශ්නේ කවුරුහරි ඔබෙන් ඇහුවොත් දෙන පිළිතුර මොන වගේ එකක් වේවිද? ඒකට පිළිතුරක් දෙන්න කලින් තවත් ප්‍රශ්නයක් ඔබේ හිතට ඒවි.
"සතුට කියන්නේ මොකක්ද?"
කෙනෙක්ගේ සතුටින් සිටීමේ හැකියාව කියන එක තීරණය වෙනවා කාරණා 3 ක් මත.
* 50% ජාන මගින්. සර්වසම නිවුන් දරුවන් යොදාගෙන කළ පරීක්ෂණ වලින් මේ බව ඔප්පු වී තිබෙනවා. ඒ නිසා යමෙක් උපදින විටම ඔහුට කොයි තරම් සතුටින් සිටීමේ හැකියාවක් ඇත්ද යන්න 50% කින් තීරණය වී අවසානයි.
* 10% මුදල්, පහසුකම්, සමාජ තරාතිරම ආදිය. මේ දේවල් සතුටට බලපාන්නේ කොයි තරම් සුළුවෙන්ද යන්න පැහැදිලියි නේද?
* 40% තමන් එදිනෙදා ජීවිතයේදී කිරීම සඳහා තෝරා ගන්නා දේවල්. මේ කොටස ගැන තමයි අප සැළකිලිමත් විය යුත්තේ. සතුට සොයා යාමට අපට කළ හැක්කේ මොනවාද?
අපිට සතුටක් කියා දෙයක් දැනෙනවානම් ඒ සඳහා හේතු වෙන්නේ මොළයේ ඇති "ඩොර්පොමින්" නම් රසායන ද්‍රව්‍යයයි. ස්නායු දිගේ පැමිණෙන විද්‍යුත් සංඥා තවත් ස්නායුවක් හා සම්බන්ධ වන සන්ධිස්ථානයක ගැටීමේදී මේ රසායන ද්‍රව්‍ය වහනය වී අනෙක් ස්නායුවට ප්‍රවාහනය වෙනවා. මේ සංසිද්ධිය හඳුන්වන්නේ "නියුරෝට්‍රාන්ස්මිට්" නමින්.
වැදගත්ම කාරණේ තමයි මේ ඩොර්පොමින් දිගු කලක් තිස්සේ භාවිතයට නොගැනීම නිසා අක්‍රිය වෙලාම යන්නත් ඉඩ තියනවා. ඩොර්පොමින් වල නිසි ක්‍රියාකාරිත්වය සඳහා උත්තේජනය වීමක් අවශ්‍යයි. ඒ නිසා ඉඳල හිටලවත් සතුටු වෙන යමක් නොකළොත් පහු කාලීනව අප්සෙට් මූඩ් එකේම හිර වෙන්න ඉඩ තියනවා. ඒ වගේමයි ක්‍රීඩා කිරීම, කඳු නැගීම, සර්ෆින් වැනි ශාරීරික අභ්‍යාස කිරීම නිසා මේ රසායන ද්‍රව්‍යයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වීමක් වෙනවලු.
සතුට සඳහා ධනවත් කමේ බලපෑම කොයි තරම් කියලද ඔබ හිතන්නේ. ඇත්තම කිව්වොත් බලපෑමක් නැති තරම්. මිනිසෙකුගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ උනාට පස්සේ වැඩිපුර ධනය ලැබුණා කියලා සතුටේ වැඩි වීමක් දකින්න නැහැ. පහළින් තියෙන්නේ ඇමරිකාවේ ධනවත් කමත්, මිනිසෙකුගේ මධ්‍යනය සතුටත් කාලයත් සමග ප්‍රස්ථාරගත කරලා තියන හැටි. පේනවා නේද ආදායම වැඩි උනා කියලා සතුටේ වැඩි වීමක් වෙලා නැහැ.
ඉන්දියාවේ මුඩුක්කුවක ජීවත් වෙන රික්ෂෝ කරුවෙකුගේ සතුට සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ තරම්ම වන බව ඇසුවොත් ඔබ පුදුම වෙන එකක් නැහැ.
රික්ෂෝ කරු ඔහුගේ ජීවිතය ගැන කියන්නේ මෙහෙමයි...
"සමහර මගීන් අපට කරදර කරනවා...විශේෂයන් බේබද්දන්. එහෙත් මම ඔවුන් සමග රණ්ඩුවට යන්නේ නැහැ. මම එහෙම කළොත් ඔවුන් හෙට මගේ රික්ශෝවේ යන්න එන්නේ නැති නිසා.....මගේ ගෙදර එක පැත්තක් සම්පූර්ණයෙන් විවෘත නිසා හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. කරදරයකට ඇත්තේ වැසි දවසට ගෙතුල තෙමීමයි. ඒ හැරුණු විට අපි හොඳින් ජීවත් වෙනවා...මම හවස ගෙදර එන තුරු තේ කඩය ළඟ බලා සිටින මගේ පුතා "තාත්තා" කියා කෑ ගසන විට මට දැනෙන්නේ සතුටක්. මගේ අසල්වැසියෝ හොඳයි...අපි හැමෝම යාළුවෝ...මගේ දරුවාගේ මුහුණ දකින විට දැනෙන්නේ පොහොසත්ම මිනිසා මම බවයි. සමහර විටෙක අපි ලුණුයි බතුයි කනවා. ඒත් අපි සතුටින්"
~~~~~~~~~~~~~
මේ පර්යේෂණ වලදී සොයාගත් තවත් වැදගත් කාරනාවක් තියනවා. ලෝකයේ ඉතාමත් සතුටින් ජිවත් වෙන හැම කෙනෙක්ටම පාහේ ඉතා හොඳ පවුල්/නෑ සබඳතා තිබීමයි ඒ. රැකියාව තුළ තමාගේ තත්ත්වය හා ප්‍රතිරූපය ගැන වද වෙමින් සමාජ සබඳතා පසෙක හෙලීම සතුට වනසා දැමීමට දායක වේ. ඒ සම්බන්ධයෙන්, ලෝකයේ දියුණු රටවල් අතරින් අඩුම සතුටක් ඇති රට ජපානය බව හෙළි වී ඇත.
මේ, ජපන් ශ්‍රමිකයෙකුගේ සම්මුඛපරීක්ෂණයකින් කොටසකි. (වෙලාව- රාත්‍රී 11.50. ස්ථානය- කඩපිලක් අසළ )
Interviewer : What day is it today?
Japanese worker : (Umm) My birthday
Interviewer : Is it ok to hang out with your colleagues on your birthday? is your girlfriend or family OK with that?
Worker : (smiling) I didn't even think about it...They invited me..I already explained to her...Business is more important. I will see her tomorrow.
ඒ ජපානයේ තත්ත්වයයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව අන්තිම අගාධයටම ඇද වැටුණු ඔවුන් අද වන විට බටහිර රටවල් හා කරට කර සිටින තත්ත්වයකට පැමිණ ඇති බව සැබෑය. එහෙත් ඒ සඳහා ඔවුන්ට තම ජිවිතයෙන්, සතුටෙන් කොටසක්ද පූජා කිරීමට සිදු වී ඇත. අධික වැඩ සහිත පමණ ඉක්මවූ සේවා මුර නිසා ශ්‍රමිකයින් මිය යාම ජපානයේ සුලබ දෙයකි.ජපන් ආභාෂයක් ඇති "කරෝෂි" යන වචනයෙන් විස්තර වන්නේ එයයි.
කරෝෂි ගැන වීඩියෝවක්
ජපානයේ එහෙම වෙද්දී ආසියාවේ පුංචි රටක් වන භූතානය ඊට වෙනස්ම ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා. ඔවුන්ගේ පරමාර්ථය වන්නේ මිනිසුන්ගේ ධනවත් බව නොව, සතුට වර්ධනය කිරීමයි. දළ ජාතික සතුට (Gross National Happiness :) යනු තම ආණ්ඩුවේ වගකීමක් බව ඔවුන්ගේ අදහසයි. එහෙත් තවමත් ඔවුන් ඒ අරමුණ බලා ගමන් ඇරඹුවා පමණයි.
මේ අතර ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන්ගේ රට ලෙස හඳුනා ගැනෙන්නේ "ඩෙන්මාර්කය" යි. ජිවිත කාලය පුරාවටම නොමිලේ සෞක්‍ය පහසුකම් සහ වි. විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ඔවුන්ට ලැබෙනවා. පවුල් කිහිපයක් එක්වී එක ගොඩනැගිල්ලක (එහෙත් වෙන් වෙන් නිවෙස් වල) සහයෝගයෙන් ජිවත් වීම ඩෙන්මාකයේ දකින්න පුළුවන්. එම පවුල් සැන්දෑවට, රාත්‍රී කෑම වෙලාවට එකට එකතු වෙනවා.
සහයෝගීතාවය ඔවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක්. තරඟකාරිත්වයට වඩා සහයෝගිතාව, ආදරය, අනුකම්පාව යන දේවල් සතුට සඳහා ඉහළින්ම දායක වේ.
~~~~~~~~~
පරිගණක ක්‍රීඩා, විදුලිය, රථ වාහන ආදිය සොයා ගැනීමට පෙර යුගයේ මිනිසා සතුට සොයා ගියේ කෙසේද?
ලෝකයේ ආදී වාසීන්ට සමානකම් කියන ජන කොටස් ජිවත් වන නැමීබියාව මේ පර්යේෂණ සඳහා තෝරා ගෙන ඇත. මේ මිනිසුන් ප්‍රධාන වශයෙන් ආහාර සපයා ගන්නේ දඩයමෙන් වන අතර නොයෙක් බෙරි වර්ග, අල වර්ග මෙන්ම පළතුරුද ආහාරය සඳහා ගැනේ. සොබාදහමත් සමගම ජීවත් වන ඔවුන්ට විලි වසා ගැනීම සඳහා රෙදි කඩක් පමණක් සෑහේ. ජීවත් වීම, දඩයමේ යාම වැනි සියලුම දේ ඔවුන් කරන්නේ සමූහ වශයෙන්. කෙනෙක් ලෙඩ වූ විට පවා ඔහු සුව කිරීමට සියලු දෙනාම එකා මෙන් සහාය දෙනවා. ඔවුන් කියන්නේ තමන් එකට සිටින තාක් කල් කරන්නේ කුමක්ද යන්න තමාට නොවැදගත් බවත් එහෙයින් ඔවුන් සිටින්නේ සතුටින් බවත්ය.
සතුට සොයා යන්නන්ට තවත් සුබදායී ආරංචියක් ඇත. අනුන්ට උදව් කිරීමෙන් ලැබෙන සතුට තරම් සතුටක් වෙනත් දෙයකින් නොලැබෙන බව පර්යේෂකයින් කියති. අපි "ඇන්ඩි විමර්" නම් බැංකු නිලධාරියාට මදක් සවන් දෙමු..
"මට ඕනා උනේ ලාබාලම බැංකු අද්‍යක්ෂකවරයා වෙන්න. මට හොඳ ආදායමක් තිබුණා. ඇති තරම් මුදල් වියදම් කරා වගේම ජීවිතය සතුටින් ගෙව්වා. ඒත් කල් යද්දී ඒ දේවල් තව දුරටත් වැදගත් නැති බව මට දැනුනා. මොනවා හෝ යමක් අඩු බව දැනුනා. හොඳ ආදායමක් සහිත හොඳ රැකියාවක්, බිරිඳක්, දූ දරුවන්, මේ හැම දේකටම වඩා තවත් යමක් ජිවිතයේ තිබිය යුතුයි. "
ඉන් පස්සේ තමයි ඔහු කල්කටාවේ තෙරේසා මවු තුමිය විසින් අරඹන ලද ප්‍රථම "Home for the Dying and Destitute" ආයතනය සමග සම්බන්ධ වී දුප්පත් රෝගීන්ට පිහිට වීම අරඹන්නේ.
"ඒ ආයතනයට මුලින්ම ගිය දවසේ මම දුටුවේ රෝගී වී මිය යමින් සිටි පිරිමි ළමයෙක්. මට සිදු උනා ඔහුට කවන්න. මම කවන විට ඔහු අපහසුවෙන් එය අනුභව කරා. ඉන් පස්සේ ඇස් ඇරලා මා දිහා බැලුවා. මට සිතුනා...මේ තමයි මම සොයපු දෙය..."
ඔහුගේ කතාවෙන් වඩාත්ම හිතට වැදුනේ මේ කොටස
"මට මේ ජීවිතය ලැබිලා තියනවා...දෙමව්පියන්, යහළුවන් සිටිනවා...මම කෙදිනකවත් දරුණු ලෙස රෝගී වී නැහැ....අවශ්‍ය තරම් ආහාර ලැබෙනවා....කිසි දිනක යුද්ධයක් අත්නොදුටු මගේ පරම්පරාවේ පළවෙනියා මමයි...මට මගේ ජීවිතය දෙවියන් විසින් දුන් ණයක් වගෙයි...මා එය පොළියත් සමග නැවත ගෙවිය යුතුයි."
ඉතින් ඔබ සතුටින්ද? දැන් ඔබට පිළිතුරක් දෙන්න පුළුවන් වෙයි.
මෙන්න සතුට සොයා යන්නන්ට මගෙන් සුළු තෑග්ගක්..ෆුල් ස්ක්‍රීන් දාගෙන තනියම බලන්න :)
The Mountain from TSO Photography on Vimeo.
ප. ලි.
හැපී නම් වාර්තා වැඩසටහන ඇසුරෙන් සකසන ලදී. මෙය එහි ඉතාමත් සංක්ෂිප්ත සටහනකි. එය නැරඹීමට අවශ්‍ය නම් මෙතනින් යන්න.
ස්තුතියි - සයුරු ට :)

Friday, February 1, 2013
අනුරපුර අවසානය - රාජාවලිය XXVII
ගියපාර රාජාවලිය ලිපිය අපි නතර කළේ පස්වන කාශ්‍යප රජතුමා රජ උනා කියල නේ. මේ රජතුමා දැහැමිව රට පාලනය කරපු හොඳ රජ කෙනෙක්.
ඔය කාලෙදි අපේ අසල්වැසි ඉන්දියාවේ සොලීන් සහ පාණ්ඩ්‍යයින් අතර සටන් ඇවිලිලා තිබුනලු. සොලීන්ගේ පහර දීම හමුවේ අසරණ වෙච්ච පඬි රජතුමා අපේ කාශ්‍යප රජුගෙන් ආධාර ඉල්ලීමේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවෙන් හමුදාවක් පාණ්ඩ්‍යයින්ගේ සහයට යවනවා. මේ හින්දා උද්දාමයට පත්වෙන පඬි රජතුමා පඬි සහ ලක් සේනා දෙකම එකතු කරගෙන චෝලයින් ඉදිරියට යනවා. වෙල්ලූර් වලදී දෙපිරිස මුණ ගැහිලා ඉතාමත් දරුණු සටනක් අරඹනවා. මේ වෙලාවේදී අවාසනාවකට ලක් සේනාවට වසංගත රෝගයක් වැළඳිලා එක එකා මිය යන්න පටන් ගන්නවා. මේ බව අසා දුක් වෙන කාශ්‍යප රජතුමා ඉතිරි සෙබළුන් වහාම ලක්දිවට ගෙන්වා ගන්න වග බලා ගන්නවා. වෙල්ලූර් සටන ජය පරාජයක් නැතුවම අවසන් උන බවයි කියවෙන්නේ.
ක්‍රි. ව. 939 දී පස්වන කාශ්‍යප රජතුමා මිය ගියාට පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ පුත් හතරවන දප්පුල රජතුමාට (ක්‍රි. ව. 939 - 940). ඒත් එයින් මාස 7 කට පස්සේ ඔහු මිය ගිය නිසා ඉන් පස්සේ ඔහුගේ සොහොයුරු පස්වන දප්පුල රජ වෙනවා (ක්‍රි. ව. 940 - 952). මේ කාලයේදීත් පස්වන කාශ්‍යප රජුගේ කාලයේදී වගේම සොලීන් විසින් පඬි දේශය ආක්‍රමණය කිරීම නිසා පඬි රජු සහය පතා ලංකාවට එනවා. දප්පුල රජු යුධ ආධාර ලබා දෙන්න සූදානම් උනත් ප්‍රාදේශීය නායකයින් එයට එරෙහිව නැගී සිටින නිසා ඒ අදහස අත්හැරගන්න සිදු වෙනවා. මේ නිසා පඬි රජතුමා, ඔටුන්න ඇතුළු වටිනා භාණ්ඩ දප්පුලV රජු භාරයේ තබා කේරළය බලා පිටත් වෙනවා.
පස්වන දප්පුල රජතුමා මිය යන විට යුව රජුව සිටි ආදිපාදවරයා උදය II නමින් රජ වෙනවා (ක්‍රි. ව. 952 - 955). ඒත් ඇමතිවරුන් අතර මේ රජතුමා ගැන අප්‍රසාදයක් හට ගන්නවා. හේතුව නොදනී. මේ ගැන රජතුමාගේ කනට වැටීම නිසා ඇමතිවරු බයට පත් වෙලා තපෝ වනයකට පලා ගිහින් සැඟවී ජිවත් වෙනවා. කොහොම උනත් රජතුමාත් ඉන්නේ ඔවුන්ට බයෙන්. මේ නිසා යුවරජ සමග එකතු වෙලා උදය රජතුමා තපෝ වනය වටලා ඇමතිවරුන් සොයා දරුණු විදියේ සංහාරයක් කරනවා. මෙයින් කළකිරෙන තපෝවන භික්ෂුන් රුහුණට පලා යනවා. අවසානයේ පසුතැවිලි වන යුවරජ ඒ භික්ෂූන් සොයා ගොස් ඔවුන් නැවතත් තපෝ වනයට ගෙන්වාගන්න කටයුතු කරනවා. රජතුමාත් භික්ශුන්ගේ දෙපා මුල වැටී සමාව ගන්නවා.
දෙවන උදය රජතුමා මිය ගියාට පස්සේ රජ වෙන්නේ යුවරජ ව සිටි ඔහුගේ සොහොයුරු තුන්වන සේන (ක්‍රි. ව. 955 - 964). ඔහු මේ වන විට ඉතාමත් දැහැමි පුද්ගලයෙක් බවට පත්ව සිටියා. ආගමානුකූලව දහමින් රට පාලනය කළ මෙතුමා දුප්පතුන්ටද උදව් උපකාර කරනවා. සේන III රජතුමා මියගියාට පස්සේ රජ වෙන්නේ යුව රජ වී සිටි ඔහුගේ හොඳ මිතුරෙක් වන තුන්වන උදය රජතුමා (ක්‍රි. ව. 964 - 972). මේ රජතුමා මත්පැනට ලොල් වූ උදාසීන පාලකයෙක් විදිහටයි සැළකෙන්නේ. මේ නිසා රටේ පරිපාලන කටයුතු එහෙම පිටින්ම අවුල් වෙලා ගියාලු. මෙයින් වෙන තවත් අවාසියක් තමයි චෝලයින් අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට සැරසීම. රට අවුල් සහගත තත්වය දුටු චෝල රජතුමා, දප්පුලV රජුගේ කාලයේ පඬි රජු විසින් ලංකාවට භාර දුන් රාජ්‍ය ආභරණ ඉල්ලා සන්දේශයක් එවනවා. එහෙත් තුන්වන සේන රජතුමා එය ප්‍රතික්ෂේප කරනවා (ඒ වෙද්දී චෝලයින් පඬි රට යටත් කරගෙන). මෙයින් කිපෙන චෝල රජතුමා සේන රජුට විරුද්ධව සටන් කිරීමට සේනාවක් එවනවා. මේ සටනින් සිංහල හමුදාව පරාජය වෙද්දී උදය රජතුමා රුහුණට පලා යනවා. රජු හඹා යාම අපහසු බව දුටු සොලී සේනාව හැකි තරම් වස්තුව කොල්ල කා ගෙන ආපසු යනවා. කොහොම උනත් මේ ප්‍රශ්න ඇති උනේ තමන්ගේ දුර්වල කම නිසා බව තේරුම් ගන්න උදය රජතුමා ඒ ගැන පසුතැවි ශක්තිමත් හමුදාවක් සදා සොලී දේශයට යවනවා. ඔවුන් සොළින්ගේ වස්තුවද කොල්ල කාගෙන නැවත පැමිණෙනවා.
උදය III රජුගෙන් පසු රජ වෙන්නේ ඔහුගේ යුවරජ සේන IV (ක්‍රි. ව. 972 - 975). ඔහුගේ කෙටි රාජ්‍ය කාලයෙන් පසුව රජකම ඔහුගේ සොහොයුරු මහින්ද IV (ක්‍රි. ව. 975 - 991) ට හිමි වෙනවා. මේ මහින්ද රජතුමා අගමෙහෙසිය හැටියට පාවා ගන්නේ කාලිංග කුමරියක්. ඇයට පුතුන් දෙදෙනෙක් සහ දුවක් ලැබෙනවා. මේ කාලයේදී චෝල රජෙක් වන වල්ලභ විසින් ලංකාවට හමුදාවක් එව්වත් ඔවුන් පරාජය කරන්න රජුගේ සේනාවට හැකි වෙනවා. හතරවන මිහිඳු රජතුමා මියයන විට කාලිංග බිසවගෙන් ලද පුත්‍රයාගේ වයස අවු. 12 ක් වුවත් රජකම ලැබෙන්නේ ඔහුට. ඔහු සේන V නමින් රජ වෙනවා (ක්‍රි. ව. 991 - 1001). මේ ළමා රජතුමා හැසිරෙන්නේ ඉතාමත් නොමනා ආකාරයට. රජකම් කිරීමට තරම් හැකියාවක් බුද්ධිය මෝරා නැති මේ කුඩා ළමයාට නොතිබුනා වගේම ඔහුගේ ඔහුගේ ක්‍රියා කලාපයත් හොඳ උනේ නැහැ. මේ නිසා මහින්ද රජුගේ ප්‍රධාන සෙනෙවියා මොහුට විරුද්ධ වෙනවා. රජු විසින් සෙනෙවි ගේ තනතුර වෙන කෙනෙක්ට පිරිනැමීමත් එයට එක හේතුවක් උනා. සෙනෙවියාට පරාද වෙන රජතුමා දකුණු දේශයට පලා ගියත් ඔහුගේ මව ඉතුරු දරුවන් දෙදෙනාත් සමග අග නුවර රැඳෙමින් රටේ පාලනය කටයුතු කරගෙන යනවා. මේ අතර සෙනෙවියා ඔහුගේ ද්‍රවිඩ භටයින්ට අනුරාධපුරය බාර දී පොළොන්නරුවේ වාසයට යාම නිසා ද්‍රවිඩයින් හිතේ හැටියට සිංහලයින්ට හිංසා පීඩා කරන්න පටන් ගන්නවා. මේ අවුල් සහගත තත්වය නිසා රුහුණට පලාගිය සේන රජතුමා නැවතත් සාකච්චා මාර්ගයෙන් සෙනෙවි සමග මිතුරු වී අගනුවරට පැමිණෙනවා. සෙනෙවිගේ දියණිය රජුට පාවා දීමත් සිදු වෙනවා.
පස්වන සේන රජතුමාගෙන් පසු රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු පස්වන මිහිඳු (ක්‍රි. ව. 1001 - 1017). මොහු ඉතාමත් දුර්වල පාලකයෙක් උන නිසා පාලන කටයුතු හරිහැටි කර ගැනීමත් ඔහුට අපහසු උනා. මිනිසුන් බදු ගෙවීම ප්‍රතික්ෂේප කළ බැවින් භාණ්ඩාගාරය හිස් වී හමුදා භටයින්ට පඩි ගෙවා ගැනීමටත් නොහැකි අවස්ථාවකට ආවා. මෙවිට කේරළ භටයින් මාළිගාව වටලා කැරලි ගැසීම නිසා රහසේම රුහුණට පලා යාමට රජුට සිදු උනා. මේ අතර අගනුවර පාලනය ද්‍රවිඩ භටයින් සහ වෙනත් අය අතින් හිතු මනාපයට සිදු වුන නිසා රට ඉතාමත් අවුල් සහගත තත්වයකට පත් වුනා. කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය, මේ හැම දෙයක්ම බිඳ වැටුනා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ කල දුටු කල වල ඉහ ගැනීමට බලා සිටි චෝලයින්. රාජ රාජ නම් චෝල රජ, ඔහුගේ පුත් රාජේන්ද්‍ර ප්‍රමුඛ සේනාවක් ලංකාවට එවන්නේ ලංකාව යටත් කර ගැනීමේ අදහසින්. මේ සේනාව ලංකාවට ගොඩ බැසි මොහොතේ පටන්ම ගම් දානව ගිනි තියමින් විශාල සංහාරයක් කරමින් අග නුවරට ඇතුල් උනා ලු. දප්පුලV රාජ්‍ය සමයේ පඬි රජු මෙහි තබා ගිය රාජ්‍ය ආභරණත් පැහැර ගත්තා කියලා සඳහන් වෙනවා. ඒ වගේම පස්වන මිහිඳු රජතුමාත් චෝල දේශයට අල්ලාගෙන ගියාලු. ඔහුගේ මරණය සිදු වෙලා තියෙන්නේ එහිදී. එහත් රජතුමාගේ පුත්‍රයෙක් රුහුණු වැසියන් විසින් සඟවා ගෙන ආරක්ෂා කළ බවත් කියවෙනවා.
ඉතින් අනුරපුර යුගයේ අවසාන සිද්ධ වෙන්නේ මෙවැනි අවාසනාවන්ත ආකාරයකට. දිවයිනේ වැඩි කොටසක් චෝල බලයට නතු වීම නිසා සිංහල ජනතාව එයින් පීඩා විඳිනවා. රටේ තවත් අඳුරු යුගයක් මේ ආකාරයට ආරම්භ වෙනවා.
Friday, January 18, 2013
කළකිරීමෙන් ලියමි...
සතුට ගැන ලිපියක් ලිය ලිය හිටියේ...ඒත් මොන සතුටක්ද? මේ වෙන දේවල් ඇහුවම :(
ඊයේ හැමෝම වගේ මූණු පොතේ කළු කොඩි දාගෙන ඉන්නවා දැකලා බලද්දී තමයි සිද්ධිය දැනගත්තේ.
"NDT එවුන් අපේ එවුන්ට ගහල ලු"
ඕක ඉතින් අවුරුද්දකට සැරයක්වත් වෙන දෙයක්නේ...
"නෑ මේ පාර ඊට වඩා බරපතලයි. කඩු, පොලු අරගෙන හොස්ටල් වලට පැනලා. හොස්ටල් වල ළමයි කාමර ඇතුලට පැනලා දොරවල් වහගත්තම කඩු වලින් ගහලා දොරවල් කුඩු කරලා...පෙට්‍රෝල් බෝම්බ දාලා ගිනි තියලා...ගර්ල්ස් හොස්ටල් එකටත් ගහලා...එකෙක් ICU එකේ"
මේ මම කනින් ඇසූ දේවල් මිස ඇසින් දුටු දේවල් නොවේ. එහෙත් ඇසින් දුටුවන් කියන දේ මමද විශ්වාස කරමි.
NDT - BSc ප්‍රශ්නය අද ඊයේ ඇති වූවක් නොවේ. එය අඩු තරමින් අවුරුදු 10 කට වඩා පැරණිය. මිනී මරාගන්නා තරමට එය ඔඩු දුවන තෙක් ඇස් කන් පියාගෙන සිටි බලධාරීන් ගැන වෙනම කතා කළ යුතුය.
එදා පටන් අද දක්වා මේ සම්බන්ධ වලි වලින් විශ්ව විද්‍යාලයට අඩුවක් උනේ නැත. දෙකොට්ඨාෂයේම අභ්‍යන්තර ගැටුම්ද නොතිබුනා නොවේ. මේ නිසා "වලි" යනු මොරටුවට අරුමයක් නොවේ. එහෙත්,
"කාන්තා නේවාසිකාගාරවලට පහර දීම, සති කිහිපයක පටන් සැළසුම් කර කඩු, පෙට්‍රෝල් බෝම්බ වැනි දේ යොදාගෙන සංවිධානාත්මකව සිසුන් කොටු කර පහර දීම" වැනි දේවල් මා දන්නා ඉතිහාසයේදී නම් සිදු වී නැත. වඩාත්ම කණගාටුවට කරුණ නම් BSc ගැහැණු ළමුන්ගේ නිදන කාමර පෙන්වා ඇත්තේ NDT ගැහැණු ළමුන් බව අසන්නට ලැබීමයි. හතර වටින්ම ගේට්ටු වසා දමා සිසුන්ට පිට වීමට නොදී එකෙක්ගේ ඔලු කට්ට පුපුරන තෙක් මුගුරු වලින් ගැසීමට තරම් සරසවි සිසුන් සාහසික වන්නේ කෙසේද?
ඊයේ හැමෝම වගේ මූණු පොතේ කළු කොඩි දාගෙන ඉන්නවා දැකලා බලද්දී තමයි සිද්ධිය දැනගත්තේ.
"NDT එවුන් අපේ එවුන්ට ගහල ලු"
ඕක ඉතින් අවුරුද්දකට සැරයක්වත් වෙන දෙයක්නේ...
"නෑ මේ පාර ඊට වඩා බරපතලයි. කඩු, පොලු අරගෙන හොස්ටල් වලට පැනලා. හොස්ටල් වල ළමයි කාමර ඇතුලට පැනලා දොරවල් වහගත්තම කඩු වලින් ගහලා දොරවල් කුඩු කරලා...පෙට්‍රෝල් බෝම්බ දාලා ගිනි තියලා...ගර්ල්ස් හොස්ටල් එකටත් ගහලා...එකෙක් ICU එකේ"
මේ මම කනින් ඇසූ දේවල් මිස ඇසින් දුටු දේවල් නොවේ. එහෙත් ඇසින් දුටුවන් කියන දේ මමද විශ්වාස කරමි.
අද ඒ සිසුවා ජීවිතයත් මරණයත් අතර සටනකය.
සිද්ධියේ විස්තර සහ පින්තූර බැලීමට අවශ්‍ය නම්...
මේ සියල්ල කර අවසානයේ "කැම්පස් එක අපේ...NDT අපි" යනුවෙන් ජයග්‍රහණය සලකුණු කර තිබුණු සැටිද අපි පින්තූර වලින් දුටුවෙමු. ඇත්තටම ඔය කැම්පස් එක ඔබට බාර දී එතනින් ඉංජිනේරු පිඨය ඉවත්ව යයිනම් මමනම් කැමතිය. NDT අයට දියගම හදනවා කියන ගොඩනැගිලි ටික ඉංජිනේරු සිසුන්ට ලබා දේ නම් ඒකත් එකකි.
NDT සිසුන් මොරටුවෙන් එළියට යාමට අකමැති වීමට හේතු කිහිපයක් තිබිය හැක. අපි දන්නා තරමින් එකක් "අන්තරය" යි. NDT සිසුන් හරහා මොරටුව සරසවිය තුළට දේශපාලනය ඉතාමත් නින්දිත ආකාරයට රිංගා ඇති බව පැවසීමට බිය විය යුතු නැත. ඔවුන් එයින් ඉවත් වුවහොත් අන්තරයේ මුල් මොරටුවෙන් ගැලවී යාම ඔවුන්ට නිසැකවම ලොකු ප්‍රශ්නයකි. අනෙක ඩිප්ලෝමා - ඩිග්රි ප්‍රශ්නයයි. NDT යනු ඩිප්ලෝමා පාඨමාලාවක් වන තාක් එය ඩිග්‍රියක තත්වයට ගෙන ආ නොහැක. එය ඉංජිනේරු උපාධිය හා සම තත්වයකට ගෙන එයිනම් අදාළ පාඨමාලා කාලය වසරකින් දිගු කර අනෙක් අධ්‍යාපන/ප්‍රායෝගික සාධක එකතු කර විෂය නිර්දේශය සකස් කළ පසු එයද ඉංජිනේරු ඩිග්රියක් වනු ඇත. එහෙත් එසේ කරයිනම් දැනට ඉංජිනේරු පීඨයට බඳවා ගන්නා ඉංජිනේරු සිසුන් + NDT සිසුන් ට සමාන ප්‍රමාණයකට ඉංජිනේරු සිසුන්ම බඳවා ගත හැක. එවිට NDT කියා පාඨමාලාවක් අවශ්‍ය නැහැ නේද? එවිට සියල්ලෝම ඉංජිනේරුවන් වනු ඇති. තාක්‍ෂණ වේදීන් නැති වී යනු ඇති. එය කොයි තරම් නුවණට හුරුදැයි මදක් සිතා බලන්න.
කෙසේ වුවත් අපේ අය සම්පූර්ණයෙන් සුද්ද කිරීමටද මට අවශ්‍ය නැත. වැඩි ලකුණු ලබා ඉංජිනේරු පිඨයට ඇතුල් වූ පමණින් අන් සියල්ල තමාට වඩා පහත්යයි සිතීම උගත් කමට තරම් නොවේ (මෙය කිව්වේ එසේ සිතන අයටය.) තවත් කෙනෙක් අවතක්සේරු කර තමන් ගැන ලොකුවට සිතා සිටින අයටම අනාගතයේ අර අවතක්සේරු කළ කෙනා යටතේ වුවද වැඩ කරිමිට සිදු වීමට බැරි කමක් නැත. වැදගත්කම ඇත්තේ ඩිග්රියේද දක්ෂතාවයේද යන්න සිතීම ඔබට බාරය. ඔබ ඔවුන්ට වඩා දක්ෂනම් ඔවුන්ව අවතක්සේරු කර තැන තැන එය ප්‍රකාශ කිරීම අවශ්‍ය නැත. දක්ෂ කම යනු ඉබේ ඉස්මතු වන දෙයක් බැවිනි. එමෙන්ම NDT අයටද දක්ෂ කම පෙන්වීමට සමාන ඩිග්‍රියක් ඉල්ලීම අවශ්‍ය නැත. ඔබ දක්ෂනම් නිසි තැන ඔබට ලැබෙනු ඇත. විශ්ව විද්‍යාලයෙන් එළියට ගිය පසු රැකියාවල උසස් වීම් ආදිය ලැබෙන්නේ ඩිග්‍රිය මත නොව, දක්ෂ කම මත බැවිනි. (අඩු තරමින් මේ ක්ෂේත්‍රයටවත් තවමත් සැලකිය යුතු තරමකට දේශපාලනය රිංගා නැති බව මම විශ්වාස කරමි ). එනිසා මොරටුව සරසවියෙන් එළියට යාමටද ඔබ අකමැති විය යුතු නැත.
එමෙන්ම මේ ගැටුමද අහසින් කඩා පාත් වූවක් නොවේ. එය මිට කලින් සිදු වූ ගැටුමක ප්‍රතිඵලයකි. ඒ ගැටුමේදී BSc සිසුන් පිරිසක් විසින් NDT සිසුවෙකුගේ බයික් එකක් විනාශ කර ඇත. එයද කිසිසේත්ම සුළුවෙන් තැකිය යුතු කරුණක් නොවේ. එහෙත් බයික් එකකට පලිය ගන්නේ සංවිධානාත්මක මිනී මැරීමකින්ද යන්න සිතා බැලිය යුතු කරුණකි.
කෙසේ වුවද, දෙපිරිසම දැන ගතයුතු කරුණක් වන්නේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු බර මතින් ඔබ විශ්ව විද්‍යාලයට පැමිණියේ ඒ බදු මුදල් වලින් ඉගෙනගෙන රටට වැඩක් කර ඒ ණය ගෙවීමට මිස දෙපසකට බෙදී කුලල් කා ගැනීමට නොවේ. නිකන් ලැබෙන නිදහස් අධ්‍යාපනය ඔබ තුට්ටුවකට මායිම් නොකරන්නේ ඔබට එය නිකන් ලැබෙන බැවිනි. ඔබේ ඔය සෙමෙස්ටරයක මුදල්මය වටිනාකම කීයක්දැයි කියා ඔබ දන්නවාද? දවසකට පැය ගණනක් පීසා කඩයක හෝ ෂෙඩ් එකක වැඩ කරන ගමන් ඉගන ගන්නා තත්වයට ඔබ පත්ව නැත්තේ ඔය නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නටය. රටේ අහිංසකයින්ගේ බදු මුදල් වලට පින් සිදු වන්නටය. ඒ කිසිවක් නොදුටුවා සේ "අපි විශ්ව විද්‍යාල සිසුන්" යයි මහන්තත්වයකින් උදම් වී එකිනෙකා මරාගන්නා ඔබ, ඒ නිදහස් අධ්‍යාපනයේ මළගම ළඟදීම සනිටුහන් කරනු ඇත...දේශපාලුවන් අතින් ඒ දේ සිදු වීමට පෙර ම....
අවසාන වශයෙන්,
රොෂාන් සොයුර, ඔබට "ඉක්මන් සුවය" පමණක් පැතීමට සිදුවීම ගැන අපි අප්‍රමාණව සතුටු වෙමු.
Thursday, January 10, 2013
අත්වැල මම වෙන්නම්
අඳුරෙ වෙලී සඳ කිණිති ලතාවට
අහස පුරා දඟ කරන තුරාවට
නිල් නෙතු සඟලේ කිමිදී හෙමිහිට
දැහැනක සැතපෙන්නම්
සඳ රැස් වැතිරෙන පුලින තලාවක
පාට පියුම් පෙති වැටෙන වෙලාවක
අත්තල පටලා මා පසෙකින් නුඹ
කැන්දාගෙන යන්නම්
කොඳ මල මුදුනේ මී මැසි සාදෙට
රොන් කෙමියේ පැණි පිරෙන කලාවට
මගෙ හිත පුරවන ටිකිරි හිනාවෙන්
සැමදා සැනහෙන්නම්
රන්ගිර මුදුනට දිනිඳු වඩින්නට
පුන් සඳ අතුරන පිනි පළසක් ලෙස
මගෙ ඇත් රජුනට ලොවම දිනන්නට
අත්වැල මම වෙන්නම්
අහස පුරා දඟ කරන තුරාවට
නිල් නෙතු සඟලේ කිමිදී හෙමිහිට
දැහැනක සැතපෙන්නම්
සඳ රැස් වැතිරෙන පුලින තලාවක
පාට පියුම් පෙති වැටෙන වෙලාවක
අත්තල පටලා මා පසෙකින් නුඹ
කැන්දාගෙන යන්නම්
කොඳ මල මුදුනේ මී මැසි සාදෙට
රොන් කෙමියේ පැණි පිරෙන කලාවට
මගෙ හිත පුරවන ටිකිරි හිනාවෙන්
සැමදා සැනහෙන්නම්
රන්ගිර මුදුනට දිනිඳු වඩින්නට
පුන් සඳ අතුරන පිනි පළසක් ලෙස
මගෙ ඇත් රජුනට ලොවම දිනන්නට
අත්වැල මම වෙන්නම්
Friday, January 4, 2013
හතුරු මිතුරු දඹදිව තුරු - රාජාවලිය XXVI
ඔන්න එහෙනම් අලුත් අවුරුද්දේ හා හාපුරා කියලා දාන පළවෙනි රාජාවලිය ලිපිය. මේකෙත් ඉවරයක් දකින්න එපාය. එහෙනම් ළමායි කම්මැලි නැතුව පොත් අතට ගන්ඩලා...
~~~~~~~~~~~~~~~
අපි අන්තිමට නතර කළේ නමවන අග්බෝ රජතුමා ක්‍රි. ව. 846 දී මිය ගියපු තැනින්. ඉන් පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ සහෝදරයා වන සේන (ක්‍රි. ව. 846 - 866) ට. සේන රජතුමාට "මහින්ද", "කස්සප" සහ "උදය" නමින් සොහොයුරන් තුන් දෙනෙක් හිටියා. යුව රජකම ලැබුණේ එයින් වැඩිමලා වෙච්ච මහින්ද ට. අනිත් දෙන්නාටත් ඇමති තනතුරු ලැබුණා.
එක දවසක් මේ රජතුමා අගනුවරින් පිට යද්දී පාලන කටයුතු බාර දීලා ගිහින් තියෙන්නේ බාලම මල්ලි උදය ට. හැබැයි මේ උදයට කවුරුත් නොදන්නා ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා තියනවා නැන්දා කෙනෙක්ගේ දුවෙක් එක්ක. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත උදය මොකද කළේ, වැඩ කටයුතු ඔක්කොම පැහැර හැරලා අර ප්‍රේමවන්තියත් එක්ක පොළොන්නරුවට පැනලා ගියපු එක. මේක ආරංචි වෙච්ච සේන රජතුමා තරහ ගන්නවා වෙනුවට කරේ බාල සොහොදරයා ගැන හොයන එක තමන්ගෙන් අතපසු උනා කියලා දුක් වෙච්ච එක. එහෙම හිතලා යුව රජ මහින්දව පොළොන්නරුවට යවලා ජෝඩුව නැවත ගෙන්වාගෙන ඉහළින්ම මංගල සාදයකුත් පවත්වනවා. ඒ වගේ හොඳ හිතක් තිබුණ රජෙක් තමයි සේන රජතුමා. ඒ වගේම ඔහු ආගමික කටයුතු වල නිරත වෙමින් දුප්පතුන්ටත් සැලකුවා ලු.
මේ අතරේදී තමයි පඬි දේශයෙන් සතුරු ආක්‍රමණයක් එල්ල වෙන්නේ. ශ්‍රී මාර ශ්‍රී වල්ලභ නම් රජතුමා ප්‍රමුඛ සේනාව ලක්දිව ආක්‍රමණයට පැමිණෙද්දී සිංහල සේනාවලට පසු බසින්න සිද්ධ වෙනවා. ඒකට ප්‍රධානම හේතුව රටට හොඳ පුහුණු සේනාවක් නොසිටීම. මේ නිසා සේන රජතුමා සටනින් පලා ගිහින් සැඟවෙනවා. යුවරජ මහින්දත් සතුරන් සමග සටනට ගොස් පැරදීගෙන එද්දී සතුරාට අසු වෙනවාට වඩා මිය යාම හොඳයි සිතන ඔහු ඇතු පිට සිටිද්දීම තමන්ගේ අසිපතෙන් ගෙල සිඳ ගන්නවා. මේ බව අසා දුක් වෙන කස්සප කුමාරයා තනිව සටන් බිමට ගිහින් දක්ෂ විදිහට අසු හසුරවමින් සතුරන් සෑහෙන ප්‍රමාණයක් මරණයට පත් කරනවා. ඒත් වෙන කාගෙන්වත් උදව් නොලැබුන නිසා ඔහුත් පලා යනවා. ඒත් කොයි විදියකින් හරි ඔහුත් සතුරන් අතින් මිය යනවා.
හිතේ හැටියට අනුරාධපුරයේ වස්තුව කොල්ලකන පාණ්ඩ්‍යයන් අවසානයේ සේන රජු සමග මිතුරු වෙන අදහසින් ඔහු ඒ වෙද්දී සැඟවිලා හිටපු දෙගම්මුව කියන ගමට සාම දූතයන් යවනවා. අපරාදේ කියන්න බෑ සේන රජතුමාත් ඔවුන්ව පිළිඅරගෙන පඬි රජතුමාට තෑගි බෝගත් දීලා තමා පිටත් කරන්නේ. මේකෙන් සතුටු වෙන පඬි රජතුමා රාජ්‍ය නැවතත් සේන රජතුමාට දීලා ලංකාවෙන් පිටත් වෙනවා (හැබැයි පැහැරගත් වස්තුවත් අරගෙනම). ඔන්න ඔහොමයි හතුරෝ මිතුරෝ උනේ.
සේන රජතුමා නැවතත් රට ගොඩ ගන්න පටන් අරගෙන ඉතුරු වෙලා හිටපු උදය කුමාරයට දකුණු ප්‍රදේශය පවරලා ඔහුව පිටත් කරලා ඇරියත් මගදී ලෙඩ වෙන ඔහුත් මිය යනවා. ඉතින් ක්‍රි. ව. 866 දී සේන රජතුමාත් මියගියාට පස්සේ රජකම හිමි වෙන්නේ කස්සප කුමාරයාගේ වැඩිමල් පුතා, එහෙම නැත්නම් සේන රජතුමාගේ බෑනා ට. ඔහුගේ නමත් සේන. ඒ නිසා ඔහු සේන II (ක්‍රි. ව. 866 - 901) නමින් රජ වෙනවා.
දෙවන සේන රජතුමා යුව රජ තනතුර දුන්නේ ඔහුගේ මල්ලි මහින්දට. සේන රජතුමාගේ පුතාට භාර්යාව වෙන්නේ යුවරජ මහින්දගේ දියණිය. රජතුමාගේ හිතට ලොකුවටම වද දීපු ප්‍රශ්නයක් තමයි පළමු සේන රජුගේ කාලයේ පාණ්ඩ්‍යයින් කරපු කොල්ල කෑම. මේකට පළිගන්න සැලසුම් කර කර ඉන්න අතරෙදි තමයි පඬි රජතුමා, ඔහුගේ පුතා වෙච්ච වරගුණවර්මන් කුමාරයව රටින් පිටුවහල් කරන්නේ. ඒ කුමාරයා ඇවිත් ගොඩබහින්නේත් ලංකාවට. ඉතින් වෙච්ච දේ පැහැදිලියිනෙ දෙන්නම එකතුවෙලා මාර ශ්‍රී පඬි රජතුමාට වැඩක් දෙන්න සැලසුම් කරනවා. ඒ සැලසුම ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරගන්නත් පුළුවන් වෙනවා. පඬි රටේ සිහසුන වරගුණ කුමාරයට පවරා දීලා ඒ නගරත් කොල්ල කාගෙන මෙරටින් ගෙනගිය වස්තුවත් නැවත ලබාගෙන අපේ සිංහල සේනාව නැවත ලක්දිවට එනවා.
දෙවන සේන රජතුමා මිය ගියාට පස්සේ රජ වෙන්නේ ඔහුගේ සොහොයුරෙක් වන "උදය II " (ක්‍රි. ව. 901 - 912). යුවරජ මහින්ද රජ නොවුනේ ඇයි කියලා හරියටම පැහැදිළි නැහැ. උදය රජුගෙන් පස්සේ රාජ්‍ය හිමි උනේ "කාශ්‍යප IV" (ක්‍රි. ව. 912 - 929) රජුට. ඔහු දෙවන සේන රජතුමාගේ පුත්‍රයා බවට මතයක් තියනවා. මේ කාශ්‍යප රජතුමා යුවරජ කම දුන්නේ ඔහුගේ පුතා (ඔහුත් කාශ්‍යප) ට. රුහුණේ පාලනයත් පුතාට බාර දෙන්න හදද්දී ඒ වෙද්දී රුහුණේ ඉඳපු මිහිඳු කුමාරයා ඒකට විරුද්ධව සටනට ආවලු. අන්තිමේ ඒ සටන් නැවතිලා තියෙන්නේ සංඝරත්නය මැදිහත් උනාම. කොහොමහරි කාශ්‍යප රජතුමා තමන්ගේ දියණිය මිහිඳු කුමාරයට පාවා දීලා රුහුණේ පාලනයත් ඔහුටම බාර දුන්නලු. බුදු සසුනට සංග්‍රහ කරමින් ආරෝග්‍ය ශාලා ආදිය තනවමින් හොඳින් රජකම් කරපු හතරවෙනි කාශ්‍යප රජුගෙන් පස්සේ රජ උනේ ඔහුගේ පුත් "කාශ්‍යප V" (ක්‍රි. ව. 929 - 939).
ඊට පස්සේ උන දේවල් අපි ඊ ළඟ ලිපියෙන් බලමු නේද?

Subscribe to:
Posts (Atom)

.jpg)