වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Wednesday, November 16, 2011
පොඩ්ඩන්ගේ කටවල්
පොඩ්ඩන්ගේ කටවල් එක්ක වැඩ කරන්න ඕන හරිම පරෙස්සමින්. උන් කටක් ඇරියොත් කියන්නේ ඇත්තය...ඒත් ඒ ඇත්ත නිසා වැඩිහිටියන්ට පොළව පලාගෙන යන්න හිතෙන වෙලාවල් අනන්තය. මම මේ කියන්න යන්නේ මම දන්න අඳුනන කීප දෙනෙක් පොඩි කාලේ කියපු කතා වගයක්.
අපේ ලොකු නැන්දට ඉන්නවා නසරානි පොඩි එවුන් දෙන්නෙක්. දෙන්නම මල්ලිලා. මුන් දෙන්නා පොඩි කාලේ හරිම සුවිට්. දවසක් නැන්දයි මාමයි පොඩි මලයා වත් එක්කගෙන අසල්වැසි ගෙදරකට ගියාලු. ඒ මිනිස්සු ඉතින් තේ එහෙම හදල බිස්කට්, කේක්, මාෂ් මෙලෝස් වගේ දේවල් එහෙම ගෙනත් අල්ලලා. මේ පොඩ්ඩට කලින් වතාවක අවවාදයක් හම්බ වෙලාලු තිබුනේ "පිට ගෙදරක ගියාම ඕනවට වඩා කන්න එපා, හරි නැහැ නේ" කියලා (නැත්නම් ඉතින් කේක් කෑලි 10 ක් කන ජාතියේ බඩුවක් තමයි මෙයා). දැන් ඉතින් පොඩි එකා ඕක අකුරටම පිළි පැදලා හැම වර්ගෙන්ම එකයිලු ගත්තේ :) ටික වෙලාවකින් ඒ ගෙදර ඇන්ටි කියනවලු තව ගන්න කියලා. මෙයා ඇඹරෙනවලු.
ඇන්ටි : පුතා..තව ගන්න, එකයි නේ කෑවේ
පොඩ්ඩා :
ඇන්ටි : අයියෝ...ලැජ්ජ වෙන්න එපා පුතා.....තව එකක් ගන්න
කියලා කේක් එක ඇල්ලුවලු. මෙයා ඇඹරි ඇඹරි නැන්දා දිහා බලනවලු.
නැන්දා : කමක් නෑ එකක් ගන්න
පොඩ්ඩා : (කේක් කෑල්ලක් ගන්න ගමන් නැන්දා දිහා හොරාට බලමින්) හැබැයි ඔන්න ගෙදර ගිහින් බනින්න බෑ හොඳේ.......
නැන්දා :
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඔය කියපු පොඩ්ඩාගේ අයියාත් එසේ මේසේ පොරක් නෙමෙයි. කාටවත් බය නැහැ. මේ කියන කාලේ එයාට අවුරුදු 4 ක් විතර ඇති.ඉස්සර අපේ පුංචි තාත්තාට ලොකු බඩක් තිබුණා. අපිනම් ඒක නිසා ටිකක් බයයි පුංචි තාත්තට. පොඩි එකෙක්ව බය කරලා කෑම එහෙම කවා ගන්න ඕන උනොත් ඕඩරේ එන්නේ පුංචි තාත්තට. දවසක් ලොකු නැන්දා ඔය විදියේ ඕඩරයක් දැම්මා මේ කොලුවව බය කරලා දෙන්න කියලා.
පුංචි තාත්තා : බත් ටික කෑවේ නැත්නම් මම දෙනවා හොඳ දඬුවමක්...
කොලුවා : අපි බය නෑ...හා මොකද්ද කරන්නේ....
පුංචි තාත්තා : ගිලිනවා.....
කොලුවා : එතකොට මම ඔයාගෙ බඩ ඇතුලේ ඉඳගෙන බඩ කනවා....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මේ නම් ඇත්ත කිවු පොඩි එකෙක් නෙමෙයි, බොරු කිවු ඇට්ටර පොඩි එකෙක් ගැන කතාවක්. අපි අඳුරන අයියා කෙනෙක් ඉන්නවා ජයේ අයියා කියලා. එයාලා A/L කරලා තියෙන්නේ බෝඩ් වෙලා ඉඳගෙන. ඒ ගෙදර ඉඳලා තියනවා 5 වසරේ පොඩි එකෙක් (මේ කාලේ වෙනකොට පොඩි එවුන්ගේ අවංක ඇත්ත කීමේ ගතිය නැති වෙලා අතේ පත්තු වෙන බොරු කියන කාලේ නේ). ඔය කාලේ ලු ටයිටැනික් චිත්‍රපටිය ආවේ. ඉතින් මේ අයියලා සෙට් එක කොහෙන්ද ෆිල්ම් එක හොයා ගෙන ඇවිත් බලන්න හදනකොටම අර පොඩි එකත් දුවගෙන ඇවිත්. එයාව යවාගන්න බැරිලු කොහොමවත්ම. ඉතින් කියන වෙලාවට ඇස් වසා ගැනීමේ පොරොන්දුව මත එයාටත් අවසර දුන්නලු ෆිල්ම් එක බලන්න. දැන් ඔන්න අදාළ වෙලාව ආවම අයියලා කිව්වලු ඇස් වහ ගන්න කියලා. පොඩි එකාත් "හා..." කිව්වලු. අදාළ දර්ශනය ඉවර වෙනකොටම මූ අහනවලු
"දැන් ඇස් ඇරියට කමක් නැද්ද....?? "
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මේ කතාවනම් පොඩි එවුන් ඉන්න අම්මල තාත්තලා ආදර්ශෙට ගන්නවානම් හොඳා....මේ වැඩේ කරේ අපේ ලොකු අම්මගේ දුව පොඩි කාලේ. ලොකු අම්මලා එක්ක ටිකක් හිතවත් ගෙදරක් තිබිලා ළඟ පාත. එහාට ගිහින් දොරට තට්ටු කරාම ගොඩක් වෙලාවට දොර අරින්න එන කෙනා ඇඳුමක් ඇඳ ඇඳ ලු එන්නේ. ඇන්ටි නම් හවුස් කෝට් එකක්, අන්කල් නම් ෂර්ට් එකක්, වගේ. ඕක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. දවසක් ලොකු තාත්තයි ලොකු අම්මයි ගෙදරදි විහිළුවට මේ ගැන කියලා හිනා වෙලා. "ඒ ගෙදර මිනිස්සු ඇඳුම් නැතුව ඉන්නවද මන්දා හැම වෙලේම ඇඳුමක් ඇඳ ඇඳ ඇවිත් දොර අරින්නේ" කියලා.
අඳෝමැයි...අර නසරානි කෙල්ලගේ කනට මේක වැටී, නැවත ඒ ගෙදරට ගිය විටක ඔවුන් ඉන්නේ ඇඳුම් නැතුව දැයි විමසා ඇති අතර එයින් නොනැවතී, එසේ කිවුවේ අම්මා සහ තාත්තා යැයිද පවසා ඇත.
Subscribe to:
Post Comments (Atom)
මගේ අක්කගේ පොඩි එකාටත් මම කියන්නේ යක්සය කියලා..මොරටුවේ අලුතෙන් KFC එක ඕපන් කරපු එකට අපි ගියා..මූට ඉල්ලපි දේ දුන්නේ නෑ කියලා ගෙදරදි තරහ ගියාම ඌ කරන දේ කරානේ...මිනිස්සු නහයවල් වහ ගත්තා..මූ ටයිල් එකක් පිරෙන්න හෙන බොගග් දැම්මනේ ...කාඩ් කුඩු ..මස්සිනයි මමයි උස්සන් දිව්වා බොගාව එලියට....
ReplyDeleteඅපේ අප්පෝ .... දැන් හැදෙන පොඩි උන් ඔහොමමයි කටක් ඇරියොත් අපි විනාසයි...
ReplyDeleteමගේ අක්කිටත් ඉන්නවා චන්ඩි බන්ඩියෝ දෙන්නෙක්.. මාත් ඔය ඩබල ගැන පොස්ට් එකක් ලියන්නයි හිතාගෙන ඉන්නේ... :) :)
ළමයි කියන්නෙ ඒක වෙන්නැති..තමන්ට ඕනෙ ඩේ මොන ක්‍රමයකින් හරි ගන්න අය...අඬලා හරි නැත්තම් හිතුවක්කාර වැඩක් කරලා හරි...
ReplyDeleteදැන් ඉන්න පොඩි අය නම් ඇත්තටම පැහිලා...අපි දන්නවට වඩා ඒ අය දන්නවා....කපටිකමත් ඒ වගේමයි..ඒයාලත් එක්ක ඩීල් කරද්දී අර සයුරි කිව්ව වගේ සෑහෙන පරිස්සම් වෙන්න ඕනෙ ....
අපෝ සහතික ඇත්ත. කතා කරන්න එපා පොඩි එවුන් ගැන. යක්ස පැටව්. ( හැබැයි මාත් එහෙම තමයිලු පොඩි කාලේ) :D
ReplyDelete@ඔබ නොදුටු ලොවක් : අප්පට සිරි..දැන් පොඩි එවුන් හෙන ඇඩ්වාන්ස් නේ...ඔහොම එකක්නම් මම ඇහුවමයි :)) හිතුන හිතුන වෙලාවට එහෙම කරන්න පුළුවන් එකත් සෑහෙන දස්ස කමක් තමයි....
ReplyDelete@ අයිස් : ලියන්න ලියන්න ඒ චන්ඩියෝ දෙන්න ගැනත්...මම හිතුවේ ඔයාට ඉන්නේ අයියා කෙනෙක් විතරයි කියලා...හි හි.
@ දිල් : ඒක නම් ඇත්ත..වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ළමයි...අපි සෑහෙන පරෙස්සම් වෙන්න ඕන පොඩි අය ඉස්සරහා විහිළුවක් උනත් කරනකොට උනත්...
@ සීතල අයියා : හෙ හෙ ඔය එලි වෙන්නේ...අනිත් මිනිස්සුන්ගේ ඇඟ සීතල වෙන වැඩ ටිකක් කරන්න ඇති එහෙනම්...
අනේ මට අයියා කෙනෙක් නෑ සයුරි අක්කි.. මට ඉන්නේ අක්කි කෙනෙක් විතරයි.......
ReplyDelete~මහිම මන්දහාසියේ~ මධුක වෙලා ලියවෙන්නේ හැමදාම මගේ හිතේ ඉන්න ඒ අයියා ගැන... :) :)
අර පුංචි තාත්තගේ කථාව ඇහුවම මම අහපු කථාවක් මතක් වුනා...
ReplyDeleteබස් එකක යනවලු ටිකක් තරුණ පහේ අම්ම කෙනෙකුයි, චූටි දරුවයි. දැන් මේ පොඩි එකා මරහඬ තියලා අඬනවලු. නලවගත්තම ආයෙත් ටිකකින් අඬනවලු. මල ඇණයක් වුනාලු. ඉතින් අම්මා එහා සීට් එකේ හිටපු මනුස්සව පෙන්නලා කිව්වලු. ‘මේ අන්කල් සැරයි... නාඬා ඉන්න... ඔයාව ගිලියි‘ කියලා.
ඒ මනුස්සයත් අර අම්මා එක්ක කථාවට වැටුනාම අම්මා කිව්වලු බලන්න අයියේ, මේකා නලවගන්න විදියක් නෑනේ කියලා. ඉතින් මනුස්සයා කිව්වලු මම නලවලා දෙන්නම් කියලා..
‘හරි හරි බබා අඬන්න එපා... මම ටොපි අරන් දෙන්නම්..‘ ඔය වගේ චාටු කථා කිව්වට අර පොඩි එකා නැලවුනේම නෑලු. දැන් මුගේ ඇඬියාවට මනුස්සයටත් මල ඕවර්...
‘වහපන් කට... ගහනවා තෝව උස්සලා පොලවේ...!!!‘
ඔන්න ඒ පාර පොඩිඑකා ඇඬිල්ල නවත්තලා හොඳටම බයවෙලා අම්මට තුරුලු වුනාලු... දැන් පොඩිඑකාට නෙවේ අම්මත් බය වුනාලු ඒ කියපු කීමට.
‘එච්චර සැර කරන්න එපා අයියේ... පව්නේ...‘
‘තෝත් කට වහපන්... තෝවත් ගහනවා පොලවේ...!!!‘ :P
අක්කේ..ඔයාලගෙ ලොකු අම්මත් එක්ක ඒ ගෙදර අය තරහ වුනේ නැද්ද එදායින් පස්සෙ.
ReplyDeleteඅර පහ වසරෙ කොල්ලනම් අන්ඩපාලයෙක් වගෙයි.
ෂඃ! කොලු තාත්තලනෙ :D
ReplyDeleteපොඩි ළමයි ඉතින් මෙහෙම තමයි... පොඩි වයසට දඟ වැඩත් තියෙන්න ඕනනේ... හැබැයි ඉතින් පොඩි අයත් එක්ක වැඩ කරන කොට එහෙම ටිකක් ප්‍රවේශමෙන්... විශේෂයෙන් කතාබහේදී... මොකද පොඩි එවුන් අහන ප්‍රශ්න වලට ලේසියෙන් උත්තර දෙන්න බෑනේ :)...
ReplyDeleteඒකනම සහතික ඇත්ත අක්කේ.. ලොකු අයගෙන් බේරුනත් පොඩ්ඩන්ගෙනම් බේරුමක් නෑ..
ReplyDeleteමරු කතන්දර ටික. අන්තිම එක සිරා! පොඩ්ඩොන්ගෙන් බේරෙන්න ඉතින් අමාරුයි තමයි
ReplyDeleteඅපේ ෙ/දරට උඩ ගෙදරත් ඉන්නව රජ බඩුවක් .යන්නේ පෙරපාසල් හැබැයි කරන්නේ උසස්පෙළ පන්තියේ විතර වැඩ. ලොකු අයියලා නිතර එයාගේ ලොකු අම්මලයි ගෙදර අයියා හම්බ වෙන්න එන නිසා වැඩිය ඇහැ ගැටෙන්නේ එයාලා එක්ක.
ReplyDeleteකලිසමක් අදිද්දී එකට යටන් තව එකක් ඇදලා යට කලිසම පේන්න උඩ එක පහත් කරනවා. ඒ ඇයි කියලා ඇහුවහම ඇයි චූටි අයියයි එයාගේ යාළුවොයි එහෙමනේ අදින්නේ කියලා.
ඒ දවස් වල මං ගෙදර ඉන්න දවසට හැමදාම උදේට එනවා. බට්ටි අක්කේ ප්ලේන්ටියක් කියලා විඩිවෙනවා පුටුවෙන්. මාත් ඉතිං හදලා දෙනවා. දවසක් මං කුස්සියේදී අයාට තේ එක නිවලම දුන්නා. ඒකත් අරන් යද්දී තාත්තා තේ එකට කටින් පිඹපිඹ ඉන්නවලු තේ එක උණු නිසා. මූ ගත් කටටම තාත්තට කිව්වලූ
'මොකෝ මචං තේ එක උණු ද මටත් බට්ටි අක්කා නිවලා දුන්නා උඹත් නිවා ගනින් කියලා' මටයි තාත්තටයි හොදටම හිනා.
පොඩිඅය කරන්නේ ලොකු අය කරන කියන දේවල් නේ. ඒක නිසා පරිස්සම් විය යුතුමයි.
අම්මෝ මෙහෙමත් පොඩි එවුන්. මාත් හැබැයි පොඩි කාලේ එහෙම්මමයි. කටට එන්නේ මොනාද ඒක අහලා මිසක් පස්ස බලන්නේ නෑ. තාමත් එහෙම්මමයි. මොකද ඉතින් සැකයක් තියේ නම් අහලා ඒක පැහැදිලි කරගන්න එපැයි.
ReplyDeleteඒක නෙමෙයි මේ දවස්වල පොඩි එවුන් ගැන ලියන්නේ දරු සුරතල් බලන්නවත් හිතිලද මන්දා. :)
@අයිස් : :)) මේකනේ නංගා කොච්චර කිව්වත් මට හිතෙන්නෙම ඒ ඔයාගේ ඇත්ත කතාව කියල නේ...
ReplyDelete@චතුරංග : හි හි...ඒකනම් මරු කතාව...අම්මයි ළමයවයි දෙන්නම බය කරලා දාල නේ...ස්තුතියි ඒ කතාව කිව්වට...
@නිසු : තරහ වෙලානම් තිබුනේ නෑ මගේ හිතේ..තවමත් ඒ ගොල්ලෝ ආශ්‍රය කරනවා...පොඩි එකාගේ කතාව වැඩිය ගණන් ගන්නේ නැතුව ඇති :)) ඔය කතාව කියල තමයි දැන් අපේ පවුල් වල පොඩි එවුන්ට ඔය වගේ වැඩ කරන්න එපා කියල තේරුම් කරලා දෙන්නේ...
@ තනි අලියා : ආයෙත් අහලා...:))
@ උදයංග : ඒක ඇත්ත..කතා බහේදී තමයි වැඩිපුරම ප්‍රවේසම් වෙන්න ඕන...වැඩිහිටියෝන්ගේ කටින් පිට වෙන සමහර දේවල් පස්සේදී එයාලට විරුද්ධව පාවිච්චි කරනවා පොඩි අය...
ReplyDelete@ දිනේෂ් : ඒක නේන්නම්..කොහේ බේරෙන්නද ඉතින්
@ විසිතුරු : ඔව් අප්පා...පොඩි එවුන් අහන ප්‍රශ්න වලට අපිත් කැරකිලා යනවා...
@ බට්ටි : හි හි...එයා නම් රජ බඩුවක් ම තමයි බට්ටි...සමහර පොඩි එවුන් තාත්තා අම්මට නම කියල කතා කරනවා අහන් ඉඳලා එයත් එහෙමම කියනවා :)
ReplyDelete@ මධූ : නැතුව නැතුව...මට හිතා ගත්තැකි ඒ කාලේ ඔයාගේ හැටි :)) අපොයි ළමයෝ මේ වගේ කතා ඇහුවම දරු සුරතල් බැලීමේ ආසාව නැති වෙලා යනවා නොවැ..
අපොයි දෙවියනේ අර අන්තිමට උනා වගේ වැඩක් හතුරෙකුටවත් වෙන්න එපා... වහ කන්න හිතෙන්න ඇති ඒ අම්මටයි තාත්තා ටයි..
ReplyDeleteජය..
අප්පේ මාත් පුංචි කාලෙ අපේ පුංචිල එක්ක යාළුවන්ගෙ ගෙවල්වල ගියාම ඔයවගේ ඒව කරල තියනවලු. පොඩි අයට ඇහෙන්න කතාකරනදේවල් ගැන හෙන පරිස්සම් වෙන්න ඕනවගේ..
ReplyDelete@ ගයාන් : අනේ ඔව් මමත් එහෙමම ප්‍රාර්ථනා කරනවා හතුරෙක්ටවත් එවන් විළි ලැජ්ජාවක් වෙන්න එපා කියලා..
ReplyDelete@ රෝස කුමාරි : ඔව් ඔව්...ඔන්න ඔයාලත් මේවා හොඳට මතක තියා ගන්න...අනාගතේට වැදගත් වෙයි :)
පොඩි උන් දගකලාට ඒවා මතක් කරලා ඕන වෙලාවක හිනාවෙන්න පුලුවන්නේ.... හිතුමතේ...
ReplyDeleteබලන්නකෝ අර පිඩියාප්‍රෝ ඇඩ් එක කවුරු පුරුදු කලත් වෙන ඇඩ් වගේ නෙමේනේ බැලුවට බැලුවට එපා වෙන්නේ නැ
@ හිතුමතේ : අනේ ඒකනම් ඇත්ත..මමත් ඉස්සර ඉඳලම ඇන්කර් ඇඩ් වලට හරිම ආසයි...පුදුම ලස්සනක් තියෙන්නේ...
ReplyDeleteනොතේරෙන කවි නැද්ද අපේ අක්කා ?
ReplyDelete@ මධූ : හි හි...ඉන්නකෝ මල්ලි, ලබන මාසේ නම් කොහොම හරි එකක් ලියනවා :) අනිවා...
ReplyDeleteහිකිස්,.. පොඩි වුන් නම් නසරානිම තමයි,. අපේ අයියගේ පොඩි එවුන් දෙන්නා ප්ලෑන් කරලා ගෙදරට එන හැම වැඩකාරයම එළවනවා,. තාම වයස අවුරුදු 5යි, 4යි දෙන්නට,..
ReplyDelete@ ප්‍රාර්ථනා : අප්පේ පිස්සු හැදෙනවා :) දැන් කාලේ වැඩ කාරයෝ හොයනවා කියන්නෙත් ලේසි වැඩක් නෙමෙයි නේ...
ReplyDeleteවේදනා සහගත මොහොතක කියවන්න ලැබුන මේ ලිපිය නිසා මා සිත මොහොතකට සුව විය... ඒ ගැන ඔබට පිං
ReplyDelete....
අපෙත් අම්මාගේ යාලුවෙක් (පවිනි කියමුකො) හැමදාම වගේ ගෙදර එන්න පුරුදු වෙලා හිටිය ඉස්සර. හොඳ උනාට ඉතින් හැමදාම එනකොට වෙන වැඩක් කරගන්න වෙන්නෙත් නෑනෙ. කොහොමත් එයා ආවම අඩුම පැය තුනක්වත් මොන හරි කිය කියා ඉන්නවම තමයි. එක දවසක් එයා ගියාම අම්ම කිව්වා පවිනි ආවම හරි වදේ කියල. ඊළඟ දවසෙත් පවිනි අපේ ගෙදර ආව. මාත් සාලෙට ගියා අම්ම එක්කම. අපේ ගෙදර විනාඩියක් විතර යනකම් ඇල්පෙනෙත්තක් බිම දැම්මත් ඇහෙන තරමට නිහඬ බවක් ආව. පවිනිත් ගියා ආයෙ මම දැක්කේ නෑ. මම මොකක් හරි වැරද්දක් කරා ද ?
@ Anonymous : මේ ලිපිය නිසා ඔබට පොඩි හරි හොඳක් වීම ගැන බොහොම සතුටුයි...
ReplyDeleteඇත්තටම මේ වගේ සිද්ධි දිහා බලද්දී අපිට කොච්චර දේවල් හිතන්න පුළුවන්ද? අනිත් මිනිස්සු අපි නැති තැන අපිට කියන දේවල් දන්නවනම් අපිට ආපහු එයාලගේ මූන වත් බලන්න හිතෙන එකක් නැහැ නේද? පොඩි අය ඒ අතින් හරිම අවංකයි...
දැන් කාලේ ඉන්නේ කොලු තාත්තලා. මේ කතා අහපුවාම හැදෙන ගහ දෙපැත්තේ දැනේ කිව්වලු :))
ReplyDeleteමාසයක් ඉවසගෙන ඉදපන්කෝ ඉතින් !!!
ReplyDeleteහොදා හොදා. බතල හැදෙනකන් ඉවසන් හිටපු එකේ තැම්බෙනකන් ඉන්න එක අමාරු යෑ. (ඒක තමා අමාරුම වැඩේ.) හික්ස් :)
@ හසිත : ආයෙත් අහලා හසිත..නියම කතාව. ඔයා මේ පැත්තේ ආපු මුල් වතාව වගේ...සාදරයෙන් පිළි ගන්නවා....
ReplyDelete@ මධූ : ෂඃ මරු කතානේ අපේ මල්ලි දන්නේ...:) ඉක්මනටම දාන්නම්කො..මේ දවස්වලනම් ඔළුව ටිකක් යකාගේ කම්මල වගේ...කවි ලිව්වොත් මොනවා ලියවෙයිද දන්නේ නෑ :D
ෂාහ් මීටරේ හොඳයි වගේ :))
ReplyDelete:))
ReplyDeleteඌට පැය 24රේ ඕනම වෙලාවක ඒක කරන්න පුලුවන්...තව ශොපින් බෑග් වලට ඒවා එකතුකරලා ගෙදරට කවුරුහරි ආවම සාලේ මැද්දේ දාලා දුවන්නත් පුළුවන්....හප්පේ ඌ කරපුවා......ජීවිතේට මමත් දැක්කේ නෑ ඒ වගේ යකෙක්.....
ReplyDeleteඅප්පේ...මාත් ඇහුවමයි ඔහොම පොඩි එකෙක් ගැන නම් :)) හි හි
ReplyDeleteනියම කතා අහුර, අන්තිම එක තමා මට නං හොඳම. ඉතුරු පෝස්ට් ටිකත් හවස බලන්න ඕනෙ.
ReplyDelete@ Observer : බොහොම ස්තුතියි ඔබා මාමේ..ඉඩ ඇති වෙලාවක කියවන්නකෝ....
ReplyDeleteමරු කතා ටික සයුරි... අපි කස්ටිය එක නැකතටනෙ පොඩි උන් ගැන කතා ලියන්න පටන් අරන් තියෙන්නෙ.... :)
ReplyDelete@ මියුරු : ඒක තමා අනේ...පොඩි උන් ගැන කතා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ඉතින්..
ReplyDeletemama podi kaale karapu marisi weda thaama godak kattiya ape gedatta aawama kiyanawa.....man wage ekek ea kaale hitiye na kiyla thami kynne....oyage me post eka dekkama mathak une akki,montisori kaale magen guti kaala dathak kadagaththu teacherwa!!!paw kiyala hithenawa
ReplyDelete@ එල කොල්ලෙක් : හප්පේ ටීචර් කෙනෙකුටත් ගැහුවද? ඔයා නම් එල කොල්ලෙක්ම තමයි...බයෙත් බැහැ :)
ReplyDelete