Sunday, January 29, 2012

දැහැමි රජවරු සහ ක්‍රිස්තු වර්ෂ මාරුව - රාජාවලිය X


අපි පහුගිය ලිපියෙන් කතා කලේ අනුලා රැජිණ මරලා කුටකණ්ණතිස්ස රජතුමා ලංකාවේ රජ උන හැටි. එතුමා අවුරුදු 22 ක් එනම්, ක්‍රි. පූ. 42 -සිට 20 දක්වා (බු. ව. 502 - 524) සාමකාමීව රජකම් කරනවා. 


ඉන් පස්සේ රජකම ලැබෙන්නේ කුටකණ්ණතිස්ස රජුගේ පුත් "භාතිකාභය" කුමාරයා. එතුමා ඉතාමත් ධර්මානුකූලව අවුරුදු 28 ක් එනම්, ක්‍රි. පූ 20 සිට ක්‍රි. ව. 08 දක්වා (බු. ව. 524 - 552) රජකම් කරනවා. මෙතැනදී ඔයාලට පේනවා ඇති ක්‍රි. පූ. මිනුම ක්‍රි. ව. වලට මාරු වෙලා තියන හැටි. ඒ කියන්නේ භාතිකාභය රජතුමා අභිෂේක ලබලා අවු. 20 කට පස්සේ (බු. ව. 544 දී) තමයි බෙත්ලෙහෙමේ  දී ක්‍රිස්තු උපත සිද්ධ වෙලා තියෙන්නේ. ජේසු බිලිඳා බලන්න පෙරදිගින් ගිය රජවරු තුන් දෙනා අතරෙන් භාතිකාභය රජතුමා ත් එක්කෙනෙක් කියලා මතයක් තියනවා. ඇත්ත නැත්ත මම හරියට දන්නේ නැහැ. 


එහෙමනම් ක්‍රි. ව. 0 කියන්නේ බු. ව. 544 ට. ඉන් පසුව ඕනෑම ක්‍රිස්තු වර්ෂයකට 544 ක් එකතු කළ විට අදාළ බුද්ධ වර්ෂය ලැබෙනවා. ඒ නිසා මම මින් පස්සේ කාල සීමා සඳහන් කරද්දී බුද්ධ වර්ෂ අත ඇරලා ක්‍රි. වර්ෂ වලින් විතරක් සඳහන් කරන්නම්.   


ඉතින් මේ භාතිකාභය රජතුමා රුවන්වැලි සෑය සම්බන්ධ විශාල පින්කම් කිහිපයක්ම පැවැත්වුවා ලු. එක වතාවක් සඳුන් කල්ක තවරා ඒ මත සමන් මල් අතුරා අහසින් සුවඳ පැන් ඉස්සා ලු. තවත් වතාවක් රෝමයෙන් ගෙන්වූ අනර්ඝ පබළු වලින් සෑය සැරසුවාලු. මහා විහාරයටත් අභය ගිරියටත් කිසිම වෙනසක් කරන්නේ නැතුව එකම විදියට සළකපු මේ රජතුමාගේ රාජ්‍ය කාලය ඉතාමත් දැහැමි කාලයක් විදියට තමයි සැලකෙන්නේ. එතුමා රජ කරපු අවු. 28 තුල නොවරදවාම වෙසක් උත්සව ත් පවත්වලා තියනවා. 

භාතිකාභය රජතුමා ගේ මරණයෙන් පස්සේ රජ කම ලැබුනේ ඔහුගේ සොහොයුරු "මහාදාඨික මහානාග" රජතුමා (ක්‍රි. ව. 9 - 21) ට.  එතුමා ගේ රාජ්‍ය කාලයේ දී සුවිශේෂ සිද්ධි සිදු උන බවට සඳහනක් නැහැ. එතුමාගෙන් පසුව රජකම ලැබෙන්නේ ඔහුගේ පුත් "ආමන්ඩගාමිණි අභය" (ක්‍රි. ව. 21 - 30). මෙතුමා ත් ඉතාමත් දැහැමි පාලකයෙක් විදියට තමයි සැළකෙන්නේ. දන් පාත්‍ර පුරවා මුළු භික්ෂු සාසනයට ම පිළිගැන්වූ හෙයින් "ආමන්ඩගාමිණි" යන නම ලැබුන බව ට ත් මතයක් තියනවා. 

මේ විදිහට සැලකිය යුතු කාල පරාසයක් පුරා සාමකාමිව ගලාගෙන ගිය සිංහල රාජාවලිය ට ක්‍රි. ව. 30 දී නැවතත් කැළලක් ඇති වෙනවා. ඒ, ආමන්ඩගාමිණි රජුට ඔහුගේ සොහොයුරු වන "කනිරාජනුතිස්ස" අතින් මැරුම් කන්න සිද්ධ වෙන නිසා. මේ වෙලාවේදී ආමන්ඩගාමිණි රජුගේ බිසව ත් පුත්‍රයා "චූලාභය" ත් දියණිය වන "සිංහවල්ලි" ත් තිවක්ක ග්‍රාමය ට පලා යනවා.

මේ පලා ගිය පිරිස නැවත පැමිණ තමන්ගේ උරුමය තහවුරු කර ගන්න හැටි අපි ඊ ළඟ රාජාවලිය ලිපියෙන් කතා කරමු. 


28 comments:

  1. මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ක්‍රි.ව සහ බු.ව අතර වෙනස අවුරුදු 543ක් කියලා....පොඩි උදව්වක් විදියට ඊළඟ ලිපියේ උඩින්ම මේ තාක් දාපු ලිපි රජ පෙළපතේ පිළිවෙලට ලින්ක් දාන්න පුළුවන්ද??

    ReplyDelete
  2. // ක්‍රි. පූ 20 සිට ක්‍රි. ව. 108 දක්වා //

    මෙතන පොඩි වැරැද්දක් තියනවා මගේ හිතේ.. 108 ද ? 08 ද ?

    ReplyDelete
  3. සහෝදරය මරල රජ කම ගත්ත නේද... වැඩේ කැතැයි....

    ReplyDelete
  4. පොඩ්ඩක් ඉන්ට හොඳට කියවලා එනකල්....:D

    ReplyDelete
  5. මගේ දැනුමේ හැටියට ඊළගට ලියවෙන්නේ අපි හොදින්ම දන්න කොටසක් වෙන්න ඕන..

    ReplyDelete
  6. ආයි දෙකක් නෑ.. බලයට ඕනම දෙයක්

    ReplyDelete
  7. ඊළඟ ලිපිය දානකල් බලන් ඉන්නවා!!!

    ReplyDelete
  8. ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්ඩ !!

    ReplyDelete
  9. @ ගැමියා : අනිවාර්යෙන් දාන්නම් මල්ලි...දැනට නම් "රාජාවලිය" ලේබල් එකට ගියොත් ඔක්කොම බලන්න පුළුවන්.

    මම හිතන්නේ ඒක උනේ මෙහෙමයි. බුද්ධ වර්ෂ ගණන් කරේ 1 ඉඳලා නිසා 544 ට එද්දී වෙනස 543 තමයි (ඒ සංඛ්‍යාව තමයි අපිට මතක). එත් ක්‍රි. ව. 2011 ට අදාළ බු. ව. ගන්න ඕනනම් 544 එකතු කරන්න ඕන නේද? 2011+544 = 2555.


    @ සෙන්නා : වැරදිලා නේන්නම්..බොහොම ස්තුතියි පෙන්වා දුන්නට ක්‍රි. ව. 08 තමා හරි. ඔන්න නිවැරදි කරා.

    ReplyDelete
  10. @ Shaggy : අනේද කියන්නේ..ඔන්න ඔහොමලු ඒ කාලෙත් තත්ත්වේ..

    @ පොඩ්ඩි : හොඳා හොඳා :D

    @ දිනේෂ් : බලමුකෝ මල්ලි :)

    @ රහස් : ඒක නේන්නම්...මොකෝ මේ නම වෙනස් කරගෙන..:)

    ReplyDelete
  11. @ ශානි : ඉක්මනට දාන්නම් නගෝ

    @ මධූ : අනිවා අනිවා :)

    ReplyDelete
  12. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා....වටින විස්තරයක්....

    ReplyDelete
  13. @ ඔබ නොදු‍ටු ලොවක් : බොහොම ස්තුතියි..

    ReplyDelete
  14. දැහැමින් රාජ්‍ය පාලනය කරපු රජ කෙනෙක්ව මරලා නිදහසේ ඉන්න ලැබෙන්නේ නෑ කොහොමත්.. :DD

    ReplyDelete
  15. දාන්න ඉතුරු ටිකත් ඉක්මනට....

    ReplyDelete
  16. @ අයිස් : නැතුව නැතුව...කළ දේ පළ දේ..

    @ තරූ : දාන්නම් දාන්නම් තරූ :)

    ReplyDelete
  17. මට මතක විදිය අක්කේ, භාතිකාභය රජතුමා රුවන්වැලි සෑ ගර්භය ඇතුළට ගිහින් තියෙන රජවරුන් ගෙන් එක්කෙනෙක්. එතුමා පෝය දවසක සත්‍යක්‍රියා කරලා ගර්භය ඇතුළට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා ම දැහැමි රජ කෙනෙක් නිසා ම දේවානුභාවයෙන් ඇතුළට යන්න ලැබිලා තියෙනවා. ඒකට හේතුව දවසක් රජතුමා ට ඇහිලා තියෙනවා පිරිත් ශබ්ද, බෙර ශබ්ද එහෙම සෑය ඇතුලෙන්..... ඒ නිසා තමයි රජතුමා සත්‍යක්‍රියා කරලා තියෙන්නේ!

    ReplyDelete
  18. @ ලහිරු : ඔය කතාව මාත් අහල තියනවා මල්ලි..හරියටම දන්නේ නැති නිසා ලිව්වේ නැහැ..බොහොම ස්තුතියි ඒ විස්තර කිව්වට..සෑයේ ගර්භය ඇතුලේ රනින් කරපු, පිරිත් කියන ඉරියව්වෙන් ඉන්න භික්ෂුන්ගේ පිළිම නිදන් කරලා තියනවා කියලත් අහල තියනවා..

    ReplyDelete
  19. කාල වකවානුත් එක්කම දාල තියෙන නිසා විස්තරේනම් ගොඩාක් වටිනව.....

    ReplyDelete
  20. අක්ක ලියන රාජාවලි කතා මාලාව නම් සෑහෙන වටිනව. කලින් ඉගෙනගත්ත, පොතපතේ දැකපු දේවල් අරෙහෙන් මෙහන් මතක් වෙන්න ගන්නව.. ඒ මොකෝ මේව ඉගෙන ගත්තට මතක තියෙන එකකැක්යැ, ඒකත් ඉතින් මගේම වැරැද්දක් වගේම ලැජ්ජාවටත් කාරණයක්.... කොහොම වුනත් කාට කාටත් මේක වටිනව, මේකට කලින් ලිපි දෙක තුනක් මග ඇරුන. ඒකත් කියවන්න ඕනෙ.. ජය ශ්‍රී..!!!

    ප.ලි. මගේ සින්ඩියට එකතු වෙලා මට දීපු සහයෝගයට බොහෝම ස්තූතියි අක්කේ.
    https://www.facebook.com/mandisindi

    ReplyDelete
  21. ඉතිහාස පාඩම සාවධානව ඉගෙන ගත්තා

    ReplyDelete
  22. අම්මෝ ඉස්කොලෙ ගියාට පස්සෙ අද තමයි ඉතිහාසෙ කියෙව්වෙ....මාරයි

    ReplyDelete
  23. ස්තූතියි :) තියල දෙනවට :) :)

    ReplyDelete
  24. @ සිහින මතකයන් : බොහොම ස්තුතියි සිහින..:)

    @ මන්ඩිපාල : එහෙම තමා මන්ඩ් මල්ලි..ඉතිහාසේම මතක තියාගන්න එක අමාරු වැඩක් නේ..පස්සේ කාලෙක ඕන උනාම ටක් ගාලා බලන්න පුළුවන් වෙන්න තමයි මෙහෙම ලියල තියන්න හිතුවේ :)

    @ ඔබා මාමා : හොඳ ළමයා :D

    @ එල කොල්ලෙක් : හොඳා හොඳා...:)

    @ තනි අලියා : ඔයාටත් ස්තුතියි...ඉගෙන ගන්නවට :)

    ReplyDelete
  25. බොහොම පින් ඉතිහාස පාඩමට . ගොඩක් දේ දැනගත්තා. ගර්භය ඇතුලේ පිරිත් ඇහෙන කථාව මාත් අසා තියෙනවා.

    ReplyDelete
  26. @ චාන්දී : ඒ පිරිත් ඇහෙන කතාව ඇත්තක් වෙන්න ඇති කියලා මට හිතෙනවා..

    ReplyDelete
  27. මේ පෝස්ටුව මග ඇරිලා තිබිලානේ
    අලුත් පෝස්ට් එක කියවන්න ගත්තම පොඩි අවුල් ගතියක් දැනිලා ආපහු බැලුවම තමයි තේරුණේ

    ReplyDelete
  28. @ ලොකු පුතා : ඒක නේන්නම්..මගේ බ්ලොග් එකෙත් අප්ඩේට් නොවෙන ප්‍රශ්නයක් තිබුනනේ..මාත් බැලුවා කාලෙකින් ලොකු පුතා නොදැක්කේ මොකද කියලා :)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...