අපි පහුගිය ලිපියෙන් කතා කලා නේ මහා පරාක්‍රමබාහු රජතුමා අභිෂේක වෙච්ච හැටි. ඒකට අන්චි අදින්න කී දෙනෙක් උත්සාහ කළාද කියලත් මතක ඇති නේ. ඉතින් ඒ අයගෙන් අන්තිම අන්චිය ඇදපු සුගලා, ඒ සටනින් පැරදුනත් වැඩේ නතර කරන්නේ නැහැ. පලා ගිහින් සැගවී ඉදගෙන දිගටම වැඩ කටයුතු කරගෙන යනවා. මේ අතරේ පරාක්‍රමබාහු රජු විසින් හිර කරගෙන ඉදපු රුහුණේ දක්ශ සෙනෙවියෙකුත් හිරෙන් පැන ගිහින් සුගලාට එකතු වීම නිසා ඔවුන්ගේ හමුදාවට නව පණක් ලැබෙනවා.
මෙළෙස ශක්තිමත්ව රජුගේ හමුදාවට පහර දීම ආරම්භ කරන ඔවුන් මොණරාගල ආසන්නයේ කදවුරු ගසාගෙන කරන පහර දීම නිසා රාජකීය හමුදාවට පසු බැසීමට සිදු වෙනවා. රජුගේ "රක්ඛ" සෙනෙවියා ලෙඩ වී මිය යන්නෙත් මේ අතරමයි. මෙහෙම රටේ නොයෙක් ප්‍රදේශ වලට පහර දුන් රුහුණු සේනාව දියත් කළ තවත් දරුණු ප්‍රහාරයක් තමයි දීඝවාපියට කළ පහර දීම. රජුගේ සේනාව අපහසුවෙන් ඔවුන් පලවා හැරිය පසු නැවතත් සුගලාගේ සෙබලුන් විසින් එය අල්ලා ගන්නවා. පසුව නැවතත් රජුගේ සෙබලුන් විසින් දීඝවාපිය ජය ගන්නවා.
රජුගේ මී ළග ඉලක්කය වෙන්නේ කැරලි කරුවන් බලවත්ව සිටි බුත්තල ප්‍රදේශය අල්ලා ගැනීම. මේ ගමනේදී ගින් ගග, වැලිගම, මාතර, දෙවුන්දර යන ප්‍රදේශ වල සටන් කරමින් සතුරා පළවා හැරීමට රජුගේ සෙබළුන් සමත් වෙන අතර අකුරැස්සේදී නිල්වලා ගග තරණය කරන්න යෑමේදී ඔවුන්ට දරුණු සතුරු ප්‍රහාර වලට මුහුණ දීමටත් සිදු වෙනවා. අවසානයේ බුත්තල ජයග්‍රහණය කර එහි කදවුරු බදින විට, සුගලා දේවිය අටදහස් රට ප්‍රදේශයේ කැලෑ මැද සුලු සෙබළ පිරිසකගේ ආරක්ශාව පමණක් ඇතුව අසරණව පසු වෙනවා. මෙළෙස කොටු වී සිටි සුගලාව කිහිප පැත්තකින් වට කර අල්ලාගෙන සිර භාරයට ගැනීමට සෙනෙවියන්ට හැකි වෙනවා.
සුගලා අල්ලා ගැනීමෙන් පසුව මුළු දිවයිනම පරාක්‍රමබාහු රජු යටතට පත් වුනත් ක්‍රි.ව. 1161 දී පමණ නැවතත් රුහුණෙන් කැරැල්ලක් පැන නගිනවා. ඒ අවස්ථාවේදීත් පොලොන්නරුවෙන් විශාල හමුදාවක් එවා එය මැඩපවත්වන්න රජු සමත් වෙනවා. කොහොම උනත් රුහුණේ ජනතාව හැකි සැම වෙලාවකම රජුට විරුද්ධව පෙරලි කරපු බව පේන්න තියනවා.
මේ සිද්ධි වලින් පස්සේ බුරුමයේ රජු ලන්කාවට කළ අහේතුක හිරිහැර නිසා සේනාව යවා බුරුමය ආක්‍රමණය කරන අතර පාන්ඩ්යයින්ට එල්ල උනු සතුරු කරදරයකදී ඔවුන්ට ආධාර සදහා සේනාවද ලබා දෙනවා.
මීට අමතරව පරාක්‍රමබාහු රජතුමා ගැන ජනප්‍රවාදයේ තියන දෙයක් තමයි ඔහුගේ දුව 'රත්නවල්ලි' සහ රොඩී ජනයා අතර ඇති නෑ කම. මේ ජනප්‍රවාද ගැන මේ ලිපියේ ලියන්න මගේ අදහසක් නැති උනත් පොඩි කුමාරිහාමිගේ හුලවාලි ලිපියේ ඒ ගැන ඉතාමත් ලස්සනට ලියලා තියනවා.
ඉතින් පරාක්‍රමබාහු රජතුමා ක්‍රි.ව. 1186 දී මිය ගියාට පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ බෑනා කෙනෙක් වන (එමෙන්ම දෙවන ගජබාහු රජුගේ පුත්‍රයා වන) "විජයබාහු II" රජතුමාට (ක්‍රි. ව. 1186-1187). කීර්ති විජයබාහු / පණ්ඩිත විජයබාහු කියන නම් වලිනුත් හැදින්වුනේ ඔහුම තමයි. ඒ වගේම ඔහු හොද කවියෙක් හැටියටත් සැළකුණා. ඒත් මෙතුමාට රජ කරන්න වෙන්නේ අවුරුද්දක කාලයක් විතරයි. මිහිදු නම් අයෙක් ඔහු මරා "මිහිදු VI" නමින් රජ වෙනවා (ක්‍රි. ව. 1187). ඒත් ඔහු රජ පවුලට සම්බන්ධ අයෙක් නොවන නිසා ඇමතියන්ගේවත් ජනතාවගේවත් සහාය ඔහුට ලැබෙන්නේ නැහැ.
පරාක්‍රමබාහු රජුගේ කාලින්ග බිසවගේ පාර්ශවයෙන් ඔහුට බෑනා වන "නිශ්ශංක මල්ල" රජතුමා (ක්‍රි. ව. 1187 - 1196) ඔහු මරා දමා රජකම ලබා ගන්නවා. මේ නිසා ඔහු කාලින්ග වන්ශයට අයිති, කාලින්ගයේ උපන් කෙනෙක්. නිශ්ශංක මල්ල රජතුමා ගැන විස්තර හැමෝම අහල ඇතිනේ. අර දකින දකින ගලක් ගානේ සෙල් ලිපි එහෙම කොටලා තවත් ලස්සන ශිලා නිර්මාණයක් වන නිශ්ශංක ලතා මණ්ඩපය එහෙම කරවපු රජතුමා නේ.
අපේ ගල් වඩුවන් කොයි තරම් සියුම් අන්දමට නිර්මාණ කරපු අයද කියන එක මේක දිහා බැලුවම පේනවා. ඒ ඇරෙන්න දන්ත ධාතුව තැනපත් කිරීමට හැටදාගේ, වටදාගේ සහ රන් කොත් වෙහෙර කරවලා තියෙන්නෙත් මෙතුමා තමයි. හොද බෞද්ධයෙක් උනු ඔහු, බුදු සසුනට සහ දුගීන්ට හොදින් සැළකුවා. ඒ වගේම ලක්දිව රජකම ලැබිය යුත්තේ බෞද්ධ රජෙකුට පමණක් බවත් චෝලයින්ට සහ පාණ්ඩ්යයින්ට මෙහි අයිතියක් නැති බවත් පැහැදිළිව සදහන් කළා.
නිශ්ශංක මල්ල රජුගෙන් පසුව රජ වෙන්නේ ඔහුගේ පුත් "වීරබාහු I" රජතුමා. එහෙත් ඔහු එදින රාත්‍රියේදීම 'තවිරු' නම් සෙන්පතියෙක් අතින් මැරුම් කනවා. ඉන් පසුව රජකම ලැබෙන්නේ රජුගේ සොහොයුරු "වික්‍රමබාහු II" ට. ඔහුටත් රජකම් කරන්න ලැබෙන්නේ මාස 3 ක පමණ කාලයක් විතරයි. නිශ්ශංක මල්ල රජුගේ සොයුරියගේ පුත් හැටියට සැළකෙන 'චෝඩගන්ග' (ක්‍රි. ව. 1196 - 1197) විසින් ඔහු මරා දමනවා.
චෝඩගන්ග ගේ ඉරණම විසදෙන්නේ කා අතින්ද කියන එක අපි ඊ ලග ලිපියෙන් බලමු.
ප. ලි. - අදනම් අනිත් බ්ලොග් බලන්න කලින් කොහොමහරි මේක ලියනවමයි කියල හිතා ගත්තා. දැන් එන්නම්කො හැමෝගෙම බ්ලොග් පැත්තේ...
අනේ! ඉතිහාසෙට දැන් නම් මම වැඩිය ආස නෑ, මොකද මට ඉතිහාසය ලස්සනට කතන්දරේ වගේ උගන්නපු ගුරුතුමිත් රටින් පිට වුනාට පස්සේ කරන්න උනේ කට පාඩන් කරන් දිව අග තියන් ගිහින් විබාගේ ගොඩ දාගන්න.
ReplyDeleteමෙහෙම ලියද්දි නම් ඉතින් කියවන්න හිතෙනවා.
Deleteඅයියෝ..අල්තයීර්ගේ ගුරුතුමී රට නොයා හිටියනම් අද ඔයත් ඉතිහාසෙට ආස කෙනෙක්..දිලිනිට නම් අවුලක් නෑ ලු ඔන්න :)
Deleteරජකම් කරන එකත් ලේසි නෑනේද? බලය තිබිලා තියෙන්නේ මොන වේශයකින් ආවත්, කැරලිකාරයෝ අතේ.
ReplyDeleteඅර 'කුමාරිහාමි' ඉඳලා තියෙන්නෙත් පරාක්‍රමබාහු කාලෙද? :D:D
ඔය කියන්නේ මොන කුමාරිහාමි ගැනද අනේ? :)
Deleteරාජාවලියේ සියළු රජවරුන් අතර පරාක්‍රමබාහු සුවිශේෂයි.මෙටෙහ්ක් කල් අපට අහන්නට ලැබෙන්නේ විදේශිකයන් අපේ රට ආක්‍රමණය කළ කතා ප්‍රවෘත්තියි.හැබැයි පරාක්‍රමබාහු විදේශ රටවල් ආක්‍රමණය කළා.ඒක හොදයි කියනවා නොවෙයි.ඒකෙන් කියන්නෙ ඔහුගේ යුගයේ ලංකාව සමෘදිමත්ව තිබූ බවයි.ලෝක බලවේගයක්ව තිබූ බවයි.යෝධ වැව් නිර්මාණය කළ බව පේනවා.ආගම් භක්තියෙන් සමාජය ගිල්වා පාලනය ගෙන ගිය අයෙකුත් නොවෙයි.මේ නිසා දුටු ගැමුණුට වඩා මම ඔහුට ගරු කරනවා.හැබැයි පරාක්‍රමබාහු ඉතා දරුණු පාලකයෙක්.බලයට ඒමට ඉඩ ඇති බවට යන්තම් හෝ සැක සිතුන අය මරා දැම්මා.කොහොමටත් සුගලා සහ ශ්‍රී වල්ලභ පරාක්‍රමබාහුට කළ හතුරුකම් දෙස බලන විට ඔවුන් රටේ පැත්තෙන් ද්‍රෝහීන් ලෙස සළකන්න පුළුවන්.තව පැත්තකින් පරාක්‍රමබාහුගේ පීඩනයෙන් ගැලවෙන්න ජනතාව වෙනුවෙන් සටන් කළ වීරයන් ලෙසත් ඔවුන් සළකන්න පුළුවන්.පරාක්‍රමබාහුගෙන් පසු පොලොන්නරුවේ බිද වැටීම ඇරඹීමෙන් ප්‍රචන්ඩත්වය රාජ්‍ය පාලනයට යොදා ගැනීමේ සීමා අපට පෙන්වනවා.
ReplyDeleteමේ යුගයේ තව දෙයක් මට පෙනෙනවා.ලීලාවතී කල්‍යානවතී වැනි රැජිණියන්.ඔවුන් ශ්‍රේශ්ඨ කාන්තාවන් ලෙස රට පාලනය කළා.මෙයින් ඔවුන්ට ඔවුන්ගේ ස්ත්‍රීත්වය කිසිම බාධාවක් වෙලා නෑ.සමහරවිට ඒක ආශීර්වාදයක් වෙන්න ඇති.අනුරාධපුර යුගයේත් කාන්තාවන් රජකම් කර තිබෙනවා සීවලී රැජින වගෙ අය.ඒත් සමහරු වැරදි කරලා ස්ත්‍රීත්වය ආයුධයක් කරගෙන ආරක්ෂා වෙන්න හදන අයට මේ රැජිනියන් හොද ආදර්ශ
සැමට මිතුරු මෙහේ ආපු පලමු වතාව මම හිතන්නේ. සාදරයෙන් පිලිගන්නවා. ඒ රැජිනියන් ගැනත් ඊ ලග ලිපියෙන් කියන්න හිතාගෙන ඉන්නේ.
Delete//සුගලා සහ ශ්‍රී වල්ලභ පරාක්‍රමබාහුට කළ හතුරුකම් දෙස බලන විට ඔවුන් රටේ පැත්තෙන් ද්‍රෝහීන් ලෙස සළකන්න පුළුවන්.තව පැත්තකින් පරාක්‍රමබාහුගේ පීඩනයෙන් ගැලවෙන්න ජනතාව වෙනුවෙන් සටන් කළ වීරයන් ලෙසත් ඔවුන් සළකන්න පුළුවන්//
මේක හරි. කෙනෙක් බලන කෝණය අනුව ඒක වෙනස් වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට ඔවුන් ඉබේම හතුරන් ළෙස සැළකෙන්නේ පරාක්‍රමබාහු ශ්‍රේෂ්ඨ රජෙක් හැටියට සැළකෙන නිසා.
@ සැමට මිතුරු
Delete//.....මෙටෙහ්ක් කල් අපට අහන්නට ලැබෙන්නේ විදේශිකයන් අපේ රට ආක්‍රමණය කළ කතා ප්‍රවෘත්තියි.හැබැයි පරාක්‍රමබාහු විදේශ රටවල් ආක්‍රමණය කළා.....//
මහා පරාක්‍රමබාහුට පෙර සිටි පාලකයන් කීප දෙනෙකුත් විදේශයන් ආක්‍රමණය කරලා තියෙනවා. උදාහරණ විදිහට ගජබාහු රජතුමාගේ සොළී රට ආක්‍රමණයත් II සේන රජතුමාගේ පාණ්ඩ්‍ය රට ආක්‍රමණයත් දක්වන්න පුලුවන්. ඒ වගේමයි මහා විජයබාහු රජතුමාත් සොළී රට ආක්‍රමණය කරන්න සූදානම් වුණත් වේලයික්කාර කැරැල්ල නිසා ඒක ව්‍යර්ථ වෙනවා
//....ලීලාවතී කල්‍යානවතී වැනි රැජිණියන්.ඔවුන් ශ්‍රේශ්ඨ කාන්තාවන් ලෙස රට පාලනය කළා.මෙයින් ඔවුන්ට ඔවුන්ගේ ස්ත්‍රීත්වය කිසිම බාධාවක් වෙලා නෑ...//
මෙතන වෙන්නේ බලලෝභී සෙන්පතියන් රාජ්‍ය බලය හසුරුවා ගැනීමේ අවශ්‍යතාවයන්ට මේ රැජිණයන් පෙරට දමාගෙන තමන්ගේ අරමුණු ඉටු කරගැනීමක්. ඒත් සේවයක් නොවුණාම නොවේ
මම නම් ආසයි මේ වගෙ කතා කියවන්න අපුරුයි ජය....
ReplyDeleteඒ ගැන සතුටුයි සචිත්...කාලෙකින් වසන්තේ පැත්තේ එන්න බැරි උනා වගේ මතක. ගිහින් එන්න ඕන.
Deleteඉස්කෝලෙ කාලෙ ඉගෙන ගත්තට මොකද දැං නම් අමතකයි මේ දේවල්. අයෙ මතක් කරගන්නෙක වටිනවා. විජයබාහු || කියනවට වඩා දෙවන විජයබාහු කියන එක තමයි හොඳ :)
ReplyDelete‘දෙවන‘ කිව්වම නිකන් ‘කාට හරි දෙන්න‘ වගේ අදහසක්නේ බං තියෙන්නෙ. හා .. නැත්ද, ඊට වඩා හොඳ නැත්ද || කියන එක. :)
Deleteමමත් ඔය අංක යෙදිල්ල ගැන සයුරිගෙන් ඇහැව්ව මතකද ටික කාලෙකට කලින්. මම හිතන්නෙත් ඔය රජවරු ඒ කාලෙ බහුලව භාවිත උනු නමක් අර ගත්තට එක දෙක තුන කියල යොදන්නෙ පහුකාලෙක දි වෙන් කරල හඳුනාගන්න පහසුවෙන්න වෙන්ට ඇති. අපි දන්න එළිසබත් රැජින නම් රජකම දරද්දිම දෙවැනි එළිසබත් කියලම යොදන බවත් මම එතනදි මතක් කලා මතකයි.
අප්පේ සමී දැකපු කල්..දැන් ආපහු ලියනවද? හිහි..'දෙවන විජයබාහු' ගැන ඩීඩීටී කියපු එක දැක්කම හිනා යනවා..
Deleteඔව් ඩීඩීටී, පස්සේ කාලෙක තමා අන්ක හම්බු වෙන්න ඇත්තේ. එලිසබෙත් නම් ඉතින් නවීන රැජිණක් හින්දා ඔය ගැන ටිකක් දැනුම් තේරුම් ඇති නේද
@ DDT
Delete//..මම හිතන්නෙත් ඔය රජවරු ඒ කාලෙ බහුලව භාවිත උනු නමක් අර ගත්තට එක දෙක තුන කියල යොදන්නෙ පහුකාලෙක දි වෙන් කරල හඳුනාගන්න පහසුවෙන්න වෙන්ට ඇති...//
ඔව් ඔව්. රජවරුන් එක්කෝ තමන්ගේ පියාගේ නම එහෙමත් නැත්නම් ඊට පෙර රජවුණු අයෙක්ගේ නමක් භාවිතා කළා මිසක් අංක දැමිල්ලක් කළේ නැහැ. උදාහරණයක් විදිහට දඹදෙණි කතිකාවතේ III විජයබාහු රජතුමාගේ පුත් II පරාක්‍රමබාහු රජතුමාව හඳුන්වන්නේ මෙන්න මේ විදිහට
"...විජයබාහු වත්හිමියන්ගේ අතිජාත පුත්‍ර වූ ශත්‍රැසපඞ්ක සවිශෙෂ විශොෂණයට ශරත් මාර්තජතණ්ඩ මණ්ඩලවූ ජිනශාසන ක්ෂීරරසමුද්‍ර සමුල්ලාසයට පූර්ණ්චන්ද්‍රනුකාරිත්වායෙහි සාතිශ්යස සමත්ථිණ ඇති පරාක්‍රම බාහු මහරජාණෝ..."
ඒත් පස්සේ කාලේ ඉතිහාස අධ්‍යයනයේ පහසුව තකා කාල වකවානුත් එක්ක රජවරුන් හඳුනාගෙන අංක ලබාදීම කරලා තියෙනවා.
හරිම අපුරුයි සයුරි..
ReplyDeleteඉතිහාසය කියන්නේ මම කැමති විෂයක්.එක මෙහෙම සරලව ලියන එකට බොහොම ස්තුතියි..
බොහොම ස්තුතියි මනෝජ් මේ දිරිමත් කිරීමට
Deleteරජකම් කරන එකත් ලේසි නෑනෙ. ඔළුව උඩ ගිනිමැලයක් ගහ ගත්ත වගෙ. කොයි වෙලේ මොකා බෙල්ල කපයි ද දන්නෙ නෑ. :D
ReplyDeleteවැදගත් තොරතුරු ටිකක් කියවන්න දුන්නට ස්තුතියි සයුරි..!
අනිවා...දැන් ඉන්න රජාටත් ඕක නෙව වෙලා තියෙන්නේ. හිහි
Deleteමේ බුරුමයේ රජ්ජුරුවොත් අපිට කොක්ක ඇද්දද? මට ඒක අලුත් දෙයක්. අනික සෑහෙන ඈතින් තියෙන රටක්නේ.
ReplyDeleteමොන කරුමෙටද දන්නේ නෑ සයුරි අපිට හොඳ නැව් සහ තුවක්කු හදාගෙන දිග්විජය කරලා අනිත් රටවල් අල්ලගෙන අධිරාජ්‍යයක් ගොඩනගන්න බැරිවුනේ. එහෙනම් මේ අපේ එවුන්ට බැණ බැණ ඉංගිරිස් ඉගෙනගන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ අප්පා...
ඩූඩ් ඔය කතාවම "සුද්දො මෙච්චර පෝසත් ඇයි" වලදිත් කිව්වා වගේ මතකයි.. හැබෑටම එහෙම වුනානම් අද සිංහල ජාත්‍යන්තර භාශාව වෙයිද ! බුරුමෙ ආක්‍රමණය කරණවා කියන්නෙ සෑහෙන ලොකු හපන් කමක්.. ඕකම දැන් අර ජරා රටට එරෙහිව කරගත්තානම් ගොඩේ ගොඩ..
Deleteහැබයි සිංහල ජාත්‍යන්තර භාශාව වුනොත් ඩුඩ් අයියාට වෙන්නේ සිංහල ගුරෙක් වෙන්න ...:D
Deleteඒක තමා. බුරුමය හැම වෙලාවකම වගේ මිතුරු රටක් විදියට හිටියත් මේ වෙලාවේ පොඩ්ඩක් පිට පැනලා නේද. වැඩි මිතුරු කම හරහට හිටියද දන්නේ නෑ.
Deleteහප්පේ..සින්හල ජාත්යන්තර භාශාව උනානම් ලේසි වෙන එකක් නෑ අනිත් එවුන්ට ඉගන ගන්න.
@ Henry Blogwalker
Delete//..මේ බුරුමයේ රජ්ජුරුවොත් අපිට කොක්ක ඇද්දද? මට ඒක අලුත් දෙයක්. අනික සෑහෙන ඈතින් තියෙන රටක්නේ....//
මෙතනදී සිදුවෙන්නේ එවකට බුරුම රජතුමා විසින් සාම්ප්‍රදායිකව පැවතගෙන ආපු වෙළෙඳ ගනුදෙනු ප්‍රතිපත්තිය වෙනස් කිරීම. සිරිත වුණේ ලංකාවේ නැවක් බුරුමයට පැමිණියාම ඇතෙක් ලබාදෙන එක. ඒක කඩ කිරීම වගේම බුරුමය හරහා ගමන් කළ ලාංකීය කුමරියක්ට අතවර සිදුවීමත් මේ ආක්‍රමණයට හේතු වුණු බව කියවෙනවා.
//..මොන කරුමෙටද දන්නේ නෑ සයුරි අපිට හොඳ නැව් සහ තුවක්කු හදාගෙන දිග්විජය කරලා අනිත් රටවල් අල්ලගෙන අධිරාජ්‍යයක් ගොඩනගන්න බැරිවුනේ....//
මේකට නම් ලොකු හේතුවක් වෙන්න ඇත්තේ බුදු දහමෙන් ලැබුණු හික්මීම වෙන්න ඕනේ.
මන් මේ සිරිස් එකේ පරණ කතා ටිකක් ආයේ කියවන්න ඕනේ. අපේ දෙන්නට හැමදාම කතා ඕනේ. මගේ කතා සාගරය හිඳිලා ..ඊයේ පෙරේදා සුබ සහ යස කියා දුන්න
ReplyDelete//කතා සාගරය හිඳිලා//
Deleteමේකනම් විශ්වාස කරන්න අමාරුයි :(
අපූරුයි... රජ වෙන්න කලිනුත් දෙපාරක් හිතන්න ඕන නේ..
ReplyDeleteඅනිවාර්යෙන් :)
Deleteඒ උනාට දැන් රජවරුන්ට අවුලක් නැහැ.
ReplyDeleteදැන් රජා ගැනත් අර සහන් ලියලා තිබුනේ..එයාටත් ලේසි නෑ වගේ
Deleteරජෙක් වෙලා මලත් මොකෝ.....
ReplyDeleteඒ උනාට අරූ, වැරැද්ද රජවෙච්ච එකෙක් ලේසියෙන් මැරෙන්න හිතන්නෙ නැති එක. :)
Deleteඑක ඇත්ත බං..රජ වෙලා වගේ ඉන්න උන් ගොඩක් හිතාන ඉන්නේ උන් කිසිදා මැරෙන්නේ නැහැ කියලානේ.
Deleteඅනේද කියන්නේ..රජ වෙච්ච ගමන් කට්ටිය වෙනස් වෙනවනේ අරූ
Deleteඒක නෙවි, මේකෙ මේ බලය යොදා ගෙන අල්ල ගෙන හිටියය කියන, කැරලිකරුවන් පහර දුන්නය කියන ප්‍රදේශ බැලුවම ඒ කාලෙ රටේ වැදගත් ප්‍රධනා මර්මස්ථාන වෙල තිබුනු පැති අද වැඩි වැදගත්කමක් නැති නිකන්ම නිකන් නගර විතරයිනේ.
ReplyDeleteඅනෙක රටේ රජකමට පත්වෙල ඇඳක් උඩ සාමකාමීව මැරෙන්න ලැබෙනවය කියන්නෙත් එකාතකට පුදුම වාසනාවක්නේ.
හ්ම්ම්ම්..කතාවනම් ඇත්ත. ඔය මාතර පැත්තේ නගර ගැන කියද්දි නිකන් අමුතුම හැගීමක් එනවා. මැවිලා පේනවා වගේ
Delete@ DDT
Delete//..අනෙක රටේ රජකමට පත්වෙල ඇඳක් උඩ සාමකාමීව මැරෙන්න ලැබෙනවය කියන්නෙත් එකාතකට පුදුම වාසනාවක්නේ....//
බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව නම් ඒක තමා රජෙක්ට වෙන්න තියෙන ලොකුම අපහාසේ. මට ඒ ශ්ලෝකේ මතක් වෙන්නේ නැහැ. ඒකේ කියන විදිහට ක්ෂත්‍රියයෙක් රණබිමේ නැතුව සයනයකදී මියයාම තමා ඔහුට වෙන ලොකුම අපහාසය :D
ඕන් බලන්ට ඉතිං ඒ මිනිස්සු කොච්චර මෝඩද කියල. මේ අපි වගේ අයිස් පොරවල් ඉන්න තිබුනෙ ඒ කාලෙත්. :D
Deleteමට තේරුම් ගන්න පුළුවන් හසිත එහි අර්ථය, ඒත් සිරාවටම හසිත එතකොට බ්‍රාහ්මනයො සාමකාමීව ජීවත්වීම කියන එක ගැන තැකීමක් කලේ නැද්ද. බෞද්ධයොන්ට නම් සාමකාමීව දැහැමිව ජීවත් වීමේ අගය නිතරම දේශනාකරනවනේ. අශෝක රජතුමා යුද්ධ කරල අධිරාජ්‍යයක් ගොඩනගලත් අන්තිමේ පසක්කරගන්නවනේ යුද්ධයෙන් වන විනාශය.
ඔබේ වෑයම දරුවන්ට ගොඩක් වටිනවා.
ReplyDeleteබොහොම ස්තුතියි...
Deleteකීර්ති විජයබාහු එක අවුරුද්දක් රජකම් කෙරුවත් මොනයම් හේතුවක් නිසා හරි ඔහු හරි ප්‍රසිද්ධයි. මොකද 88 -89 සමයේ රජරට ප්‍රදේශයේ ජ.වි.පෙ.සක්‍රිය දේශපාලන කන්ඩායම වුනේ "කිර්ති විජයබාහු" කණ්ඩායම.
ReplyDeleteනිස්සංක මල්ල රජතුමා වෙනත් රජවරු කරපු දේවල්වල තමන්ගේ නම ගහගත්ත බවකුත් කියැවෙනවා. මොකද පොලොන්නරුව තනිකරම ඔහුගේ නම ලියැවුණ පුරාවෘත්තයක්. අනික් අතට ඔහු නේද කාලිංග , මාඝ දෙමස්සිනාලා දෙන්නා ගෙනැත් මහ වින්නැහියක් කළේ.
මේ ඉතිහාසය විටින් විට මතක් කරන එකත් හොඳ වැඩක්.
ඒ ජේ.වී.පී. කිර්ති විජයබාහු ආරෑඪ නමක් නේද දයානන්ද අයියෙ, මම ඉරිදා ලංකදීප දියත අතිරේකෙ ලිපියක තිබිල කියෙව්වා ඔහුගෙ නියම නම සමන් පියසිරි ප්‍රනාන්දුය කියල.
Delete//නිස්සංක මල්ල රජතුමා වෙනත් රජවරු කරපු දේවල්වල තමන්ගේ නම ගහගත්ත බවකුත් කියැවෙනවා.//
Deleteඒකනම් ඇත්ත තමා. ඔහුගේ සෙල්ලිපි වැඩි හරියක් අතිශයෝක්තියෙන් ලියපුවා කියල තමයි කියන්නේ. පරාක්‍රමබාහු රජතුමා කරපු සමහර ඉදි කිරීම් වලටත් ඔහුගේ නම ගහගත්තා කියලත් කියනවා.
කීර්ති විජයබාහු නම් කවීත්වය නිසාම ප්‍රසිද්ධ වෙන්න ඇති
@ දයානන්ද රත්නායක
Delete//..අනික් අතට ඔහු නේද කාලිංග , මාඝ දෙමස්සිනාලා දෙන්නා ගෙනැත් මහ වින්නැහියක් කළේ....//
කාලිංග මාඝගේ පැමිණීමට නිශ්ශංකමල්ලගේ සම්බන්ධයක් නැහැ. ඒ වගේමයි කාලිංග මාඝ කියන්නේ එක පුද්ගලයෙක්. මේ කාලිංග දේශය සම්බන්ධවත් විවිධ අදහස් පළවෙලා තියෙනවා. පරණවිතානයන් කියන්නේ නම් මාඝ ආපු කාලිංගය අග්නිදිග ආසියානු ප්‍රදේශයක් කියලා. ඒත් ඒකට එරෙහි වෙන නීලකණ්ඨ ශාස්ත්‍රී කියන්නේ මාඝ ආපු කාලිංගය දකුණු ඉන්දියාවේ කාලිංගය එහෙමත් නැත්නම් වර්තමාන ඔරිස්සාව කියලා
රාජා 'වලිය' හැමතැනම..
ReplyDeleteඇත්තටම කවුරුහරි මේ නම දාපු එකා ඒක දාලා තියෙන්නෙ ලොකු තේරුමක් ඇතිව :D
Deleteඒක නං සහතික ඇත්ත!! :D
Deleteහිහි...ඇත්ත ඇත්ත
Delete@ හරී
Deleteඔය අන්තිමට වලිය එන රාජාවලිය, පූජාවලිය වගේ පොත්වලට "වලිය" කියලා එන්නේ ආවලී කියන එකෙන් :D
ඒ කාලෙත් කට්ටිය බෙලි කපාගත්ත එක තමා කරලා තියෙන්නේ..නේද....?
ReplyDeleteඒක නේන්නම්
Delete//කොහොම උනත් රුහුණේ ජනතාව හැකි සැම වෙලාවකම රජුට විරුද්ධව පෙරලි කරපු බව පේන්න තියනවා//.
ReplyDeleteදකුණ කියන්නෙ නිකංද...!පූස් පැටියෙක්වත් ගේන්න එපා කියනවනෙ.
//චෝඩගන්ග// මේ නම හරිම අමුතුයි..ඊලඟ ලිපියේ විස්තර ඒවි නේද,...?
වමෙන් ගියත් දකුණේ තමා.. ;)
Deleteඑයා ගැන විස්තර තව හමු උනොත් කියන්නම්කෝ
හරි විදිහට ඉතිහාසය ගැන ලියල අන්තර්ජාලයට මුදාහරින එක ලොකු දෙයක් සයුරි. 48 න් පස්සේ වෙච්චි දේවල් ගැන අපිත් ලියනවා හයියක් ලැබුණ ගමන්. අපේ ළමයි හරි මේවගේ ඇත්ත නැත්ත දැනගන්න ඕනේ. ඔයාගේ මේ ලිපිපෙළ ඒකට ලොකු හයියක්.. දිගටම ලියන්න සයුරි.ඉස්සර තරම් මට දැන් එන්න වෙන එකක් නැහැ. අමනාප වෙන්න එපා..
ReplyDelete//48 න් පස්සේ වෙච්චි දේවල් ගැන අපිත් ලියනවා හයියක් ලැබුණ ගමන්//
Deleteඒකත් එක්තරා විදියක ඉතිහාස පාඩමක් තමා නේද? ඒකට කමක් නෑ සහන්. පුලුවන් වෙලාවක ඇවිත් යන්නකෝ
පරණ ඒවා හෙමින් සැරේ කියවන්නම්. හැකි නම් මීට වඩා විස්තරාත්මකව ලියන්න .නිශ්ශංක මල්ල රජු ගැන වැඩි විස්තරයක් නෑනෙ. :( විස්තරාත්මක වෙනකොට තව තව බලන්න හිතෙනවා...
ReplyDeleteහලෝ ඇපල්..නිදාගෙන ඉදපු ගොඩ දෙනෙක් කල එළි බැහැලා වගේ. නිශ්ශන්ක මල්ලගේ අර දයානන්ද අයියා කියපු ප්‍රශ්නේ තමා තියෙන්නේ ඇපල්. මොනව විශ්වාස කරන්නද කියලා හිතාගන්න අමාරුයි නේ.
DeleteHistory Repeats කියනව වගේ මෙ සුගලා දේවියගෙ හමුදාවට වටකරල ගහල අල්ල ගත්තු කතාව මීට අවුරුදු කීපෙකට කලින් උන යුධ අවසානයට සමානයි.
ReplyDeleteHistory Repeats කියන එකනම් මම අදහන දෙයක් :)
Deleteමහා පරාක්‍රමබාහු රජු ගැන සමකාලීන ලංකාවෙ සහ දකුණු ඉන්දියාවෙ සෙල් ලිපි සාධක වලින් එන චිත්‍රය නම් චූලවංශයෙ දැක්වෙන තරම් විසිතුරු නෑ නේද? පරාක්‍රමබාහු රජු පොළොන්නරුවෙ ගජබා රජු එක්ක ගහපු සාම ගිවිසුම තියෙනවා කුරුණෑගල දිස්ත්‍රීක්කෙ තියෙන විහාරයක, ගළක කොටලා. ඒ වගේම පාණ්ඩ්‍ය යුද්ධය ගැනත් දකුණු ඉන්දීය සෙල් ලිපි තියෙනවා. ඒවයින් චූල වංශයෙ තරම් මහා වීරයෙක් විදියට නම් පරාක්‍රමබාහු රජතුමාව ඉස්මතු වෙන්නෙ නෑ.
ReplyDelete@ ඩ්‍රැකී
Delete//..මහා පරාක්‍රමබාහු රජු ගැන සමකාලීන ලංකාවෙ සහ දකුණු ඉන්දියාවෙ සෙල් ලිපි සාධක වලින් එන චිත්‍රය නම් චූලවංශයෙ දැක්වෙන තරම් විසිතුරු නෑ නේද...//
ඔව් ඒක ඇත්ත. මුල් අවස්ථාවේදී සිංහල සේනා ජයගත්තත් ඊට පස්සේ ලාංකීය සෙන්පතිවරුන්ගේ හිස් පාණ්ඩ්‍ය බලකොටුවක මුදුනේ අමුණලා තිබුණු බව කියවෙනවා. ඒ වගේමයි පරාක්‍රමබාහු රජතුමා මිය යන අවස්ථාව වෙද්දිත් සිංහල සොල්දාදුවෝ තමන්ගේ ජීවිතේ බේරගන්න යුද්ධ කරමින් හිටිය බව කියවෙනවා.
//..පරාක්‍රමබාහු රජු පොළොන්නරුවෙ ගජබා රජු එක්ක ගහපු සාම ගිවිසුම තියෙනවා කුරුණෑගල දිස්ත්‍රීක්කෙ තියෙන විහාරයක, ගළක කොටලා...//
පරක්‍රමබාහු ගජබාහු දෙමස්සිනාලාගේ එකඟතාවය මණ්ඩලගිරි විහාරයේ ගලක කෙටෙව්වා කියලා තමා කියන්නේ. ඒ කියන්නේ වර්තමාන මැදිරිගිරියේ. ඒත් තවමත් එහෙම ලිපියක් හමුවෙලා නැහැ. කොහොම වෙතත් මේ එකඟතාවයේ තවත් පිටපතක් කුරුණෑගල සංගමුකන්ද විහාරයේ තියෙනවා.
මේ ආකාරයෙන් පිටපත් 2 ක් තියෙන නිසා අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා වර්තමාන ගිවිසුමක ආකාරයටම ගජබාහුගේ පිටපත මණ්ඩලගිරියේත් පරාක්‍රමබාහුගේ පිටපත් සංගමුකන්දේත් කොටවන්න ඇති කියලා.
ඔව් ඩ්‍රැකී...තමන්ගේ ඉතිහාසෙ ලියද්දී තමන් ගැන අතිශයෝක්තියෙන් ලිව්වා වෙන්න පුලුවන්. හබැයි ඒක දෙගොල්ලන්ටම අදාලයි
Delete//.....මේ සිද්ධි වලින් පස්සේ බුරුමයේ රජු ලන්කාවට කළ අහේතුක හිරිහැර නිසා සේනාව යවා බුරුමය ආක්‍රමණය කරන අතර....//
ReplyDeleteමෙතනදී සිදුවෙන්නේ එවකට බුරුම රජතුමා විසින් සාම්ප්‍රදායිකව පැවතගෙන ආපු වෙළෙඳ ගනුදෙනු ප්‍රතිපත්තිය වෙනස් කිරීම. සිරිත වුණේ ලංකාවේ නැවක් බුරුමයට පැමිණියාම ඇතෙක් ලබාදෙන එක. ඒක කඩ කිරීම වගේම බුරුමය හරහා ගමන් කළ ලාංකීය කුමරියක්ට අතවර සිදුවීමත් මේ ආක්‍රමණයට හේතු වුණු බව කියවෙනවා.
බුරුම ලේඛනවල මේ ආක්‍රමණයක් ගැන තොරතුරු නැතත් දෙවනගල පර්වත ලිපියේ දැක්වෙන විස්තරයට අනුව [මේ ආක්‍රමණයට පිටත් වුණු කීත් නුවරගල් සෙනෙවියාට ඔහුගේ සාර්ථකත්වය වෙනුවෙන් රජු ප්‍රසාදයට පත්වුණු බව] මේ බව පිළිගැනෙනවා.
ඔව්, ඔහු ඒ දෙවල් කලේ ඇයි කියන එක තමා අහේතුක
Deleteබලයට කෑදරකම ඒ කාලේ ඉඳලම තිබිලා තියනවා. හැබැයි දැන් කාලෙත් එක්ක වෙනසකට කියලා තියෙන්නේ, ඒ කාලේ අයට අපේ කමයි, රටට වැඩදායක දෙයක් කරන්න ඕනා කියලා හිතුන පිරිසකුයි හිටපු එක.
ReplyDeleteහ්ම්ම්...දැන් එහෙම පිරිසක් නැති එක අපේ අවාසනාව
Delete// අදනම් අනිත් බ්ලොග් බලන්න කලින් කොහොමහරි මේක ලියනවමයි කියල හිතා ගත්තා. දැන් එන්නම්කො හැමෝගෙම බ්ලොග් පැත්තේ...//
ReplyDeleteසයුරිටත් ලිවිල්ල අමාරුයි මේ ටිකේ එහෙනම්... මොනවා කරන්නද නේද ? බ්ලොගර් එකේම දවස ගෙවන්න බෑ නොවැ... මමත් අර කිව්ව විදියට හිතලා තමයි යාන්තම් මාස 7 කට පස්සේ පෝස්ට් දෙකක් දැම්මේ... හපොයි, බ්ලොග් වලට ගිය කල,
පහන් යායටත් ගොඩ වුනේ සෑහෙන කාලෙකින්. අතරින් පතර ඇවිත් එබිලා ගියත් කමෙන්ට් කරන්න තරම් ඉස්පාසුවක් නෑ... තරහ අවසර
ඉතිහාසය පාඩම් මාලාවට ජය !!!
ඒකනේ චතුරන්ග. හිටපු ගමන් මෙහෙම කාල එනවා. චතුරන්ග ආපහු ලියන්න ගත්තා කියන එකනම් හොද ආරන්චියක්. එන්න ඕන ඒ පැත්තේ. බොහොම ස්තුතියි කාලෙකින් ඇවිත් ගියාට.
Deleteසයුරි දැන් එක්ස්ප්‍රස් යනවා වගේ කියලා හිතෙනවා..ඉස්සර වගේ හෙමින් ලියන්නකෝ..
ReplyDeleteනිශ්ශංකමල්ල රජතුමාට වගේ අපේ “රජවරුන්ටත්“ තියනවනේ හැමතැනම නම ගහගෙන යන ලෙඩේ..!!
//සයුරි දැන් එක්ස්ප්‍රස් යනවා වගේ කියලා හිතෙනවා.//
Deleteහප්පේ එහෙම හිතෙනවද? මම මේ වේගේ මදි කියලා අප්සෙට් එකේ හිටියේ :)
සයුරි ලීලාවතී රැජිණ සිරි වල්ලභ ගේත් සුගලා ගේත් දියණිය නේද? ඒත් 7 ශ්‍රේණිය පෙළපොතට අනුව ඇය ජගතිපාලගේ දියණියලු..
ReplyDelete