මෙහෙ ඉතින් ලංකාවේ වගේ අවුරුද්ද පුරාම වවන්න බෑ. වසන්ත කාලේ පටන් ගන්නකොට තමයි ඉතින් වවන්න පටන් ගන්න වෙන්නේ. වසන්ත කාලෙට තියෙන්නේ අර නුවරඑළියේ වගේ කාලගුණයක් (ඒ හින්දා වෙන්න ඇති ඒ කාලෙට සුරංගනාවන් අනන්තවත් එනවා කියන්නේ). ඉතින් ඒ කාලෙට කැරට්, අල, green peas වගේ එව්වා වවන්න පුළුවන්.
මටනම් ඉතින් වවන්න මහා ලොකු වත්තක් නැහැ. පුංචි ඉඩක් තියෙන්නේ. ඒ ටිකෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා.
මේ තියෙන්නේ මම පෝච්චියක වවපු කැරට්. කැරට් ඇට වලින් තමයි පැල කළේ. ඔය ෆෝග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ මින්ට් ගහක් හොඳේ. කැරට් අල ටික නියමිත කාලේ ආවම ඉතින් අපි අනුභව කරා :)
එතකොට මේ තියෙන්නේ peas. මේවා වැල් හැටියට හැදෙන නිසා මොකක් හරි ආධාරකයක් ඕන වැල් ඇදෙන්න. මේවා හැදුනෙත් ඇට වලින්.
එතකොට මේ තියෙන්නේ සලාද කොළ ජාති. මේවානම් පැල ගෙනත් හිටෙව්වේ. හරි ඉක්මනට වැවෙනවා. සයුරු ගොඩක් දවස් වලට සලාද කන්න කැමති නිසා අපතේ ගියේ නැහැ. ඒත් ගිම්හානේ ඇවිත් ඉර අවුව සැර වෙද්දී කොළ තිත්ත රස වෙන නිසා මාස කීපයයි මේක කරන්න පුළුවන්.
එතකොට මේ තමා හොඳම එක. ස්ට්‍රෝබෙරි. කුරුල්ලන්ගෙන් පරෙස්සම් කරගන්න එක නම් අමාරුයි.
මේ තියෙන්නේ අපේ අල ඵලදාව. ලොකු පෝච්චියක හිටවපු අර්තාපල් අංකුර
තුනකින් තමයි මේ ටික ලැබුනේ. කරුමෙට ඒ පෝච්චියේ ෆොටෝ එකක් නෑ. අස්වැන්න විතරයි තියෙන්නේ.
ඉතින් සමර් එක එද්දී අර උඩින් කියපු ඒවා වෙනුවට තවත් දේවල් වවන්න පුළුවන්.
මේ තියෙන්නේ තක්කාලි ගස් දෙකක් සහ බණ්ඩක්කා, වම්බටු පැල කීපයක්. තක්කාලි නම් මදි නොකියන්න හැදුනා. අනිත් ඒවායේ ගෙඩියක් හැදීගෙන එනකොටම ලේන්නු ඇවිත් වැඩේ දෙනවා. ලසන්නට නැට්ට ගහේ ඉතුරු වෙන්න ගෙඩිය කාලා යනවා. ඉතින් අපිට කන්න උනේ නෑ.
තවත් ඉක්මනින් වගේම ලේසියෙන් වවන්න පුළුවන් දෙයක් තමා බෝංචි. මම වැව්වේ පඳුරු විදියට හැදෙන බටර් බෝංචි ජාතියක්. ඔය තියෙන්නේ අස්වැන්නෙන් ටිකක් විතරයි. තුන් හතර පාරක්ම අස්වැන්න ගන්න පුළුවන් ඒවායින්.
මේකත් පෙන්නන්නම ඕන එකක්. ගොටුකොළ සහ මුකුණුවැන්න. මේවා ඉතින් මේ රටෙන් හොයාගන්න හරි අමාරුයි වවාගෙනම කෑවොත් මිසක්.
මේකේ ඉස්සරහම පෝච්චියේ තියෙන්නේ කේල් කියන පලා ජාතිය. ඒවත් ඇට වලින් පැල කර ගත්තේ. මාළු මිරිස් ගහකුත් පිටිපස්සේ බීට් රූට් පැලේකුත් තියනවා.
ඔන්න ඔහොම තමා මම ගිය අවුරුද්දේ වවාගෙන කෑවේ. මේ අවුරුද්දෙත් එහෙම කරන්න තමයි බලාපොරොත්තුව...
මොනවා උනත් තමන්ගේ අතින් හිටවපු ඇටේකින් පැල වෙච්ච ගහක හැදිච්ච දෙයක් කනකොට හරිම සතුටක් දැනෙනවා.
ඔයා රජයේ සේවකයෙක් ද වවාගෙන කන්න.. :D
ReplyDeleteනියමයි ආ...සයුරි කියන්නෙ දිරිය කාන්තාවක් වගේ..
අපි එහෙමයි :D රජයේ නොවුනට
Deleteශා නියමයිනේ.. මම අන්තිමට පැලයක් හිටෙව්වේ අවුරුදු බර ගානකට කලින්. ඒක නම් ගහක් වෙලා දැන් තියනවා. ගොටුකොල කොහොමද පැල කරගත්තේ?
ReplyDeleteගහක් වෙලා කිව්වා? මොකද්ද ඒ පැලේ ? ගොටුකොළ ඔය ටෙක්සාස් වගේ පැතිවල වැවෙනවා. අනිත් පැතිවල නම් ඉතින් මේ වගේ පොඩ්ඩක් තමා වවන්න වෙන්නේ. වින්ටර් එකට මැරිලා යනවනේ. ඒ කාලෙට පොඩි පෝච්චියක දාලා ගේ ඇතුලෙන් තියාගෙන කොහොමහරි ආරක්ෂා කරගන්නවා කට්ටිය :)
Deleteහම්මේ, එන්න කියල හිතන් හිටියේ ඒ වුනාට සයුරිලාගේ ගෙවල් පැත්තේ එන්න හොඳ නෑ. මොකෝ එයාම වවල එයාම උයන ඒවානේ කන්න වෙන්නේ :P
ReplyDeleteඇයි යකඩෝ මමම වවලා උයපුවා තමා හොඳම. වස විස නෑ ;) ඉවාන් දැක්කේ කාලෙකින්
Deleteමේක නම් මගෙ හිතේ ඉතිහාසෙට වඩා රසවත් වගේ... ආ..ඔව් ඔය ස්ට්‍රෝබෙරිත් තියෙන්නෙ.
ReplyDeleteමම හිතන්නෙ ඔයා ඔය වවන අදහස ගන්න ඇත්තෙ ඔයාලට පොඩි ඉඩක් තිබුනු නිසා වෙන්න ඕන. ඕන ඔට්ටුවක්, අපේ වත්ත විතර ඉඩමක් තිබුන නම් ඔයා තුත්තිරිගහක්වත් හිටවන්නෙ නෑ. හෙහ් හෙහ් හෙහ්...
DDT, අපේ වත්ත හරියටම වර්ග අඩි 10 විතර ඇති ඕනනම්. වැඩි හරියක් වැව්වේ පෝච්චි වල. බැල්කනියක් උනත් ඇති ඒ වැඩේටනම් :)
Deleteවෙරි ගුඩ් මැඩම්..වෙරි ගුඩ්...අන්න එහෙමනෙ ඉන්න ඕන..
ReplyDeleteමැඩම් ඉතිහාසෙ ගැන උනන්දු හින්ද එළවළු වැවීමට බොහොම ප්‍රිය කරපු රජකෙනෙක් ගැන කියන්නම්කො. ඒ තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ. කන්ද උඩරට අවසාන රජු.
රජවෙන්ට ඉස්සෙල්ල එයාගෙ නම කන්නසාමි. "දන්න වංහුං අප කන්නසාමි රාජධූරයේ" කියල කියන්නෙ අන්න ඒ කන්නසාමි ගැන.
රජවෙන්ට ඉස්සෙල්ල ඒ කුමාරය ගතකරල තියෙන්නෙ බොහොම නිහඬ ජීවිතයක්. සිරිමල්වත්ත පැත්තෙ එලවලු ටිකක් වවාගෙන ඉඳල තියෙන්නෙ. වැඩිපුරම වවල තියෙන්නෙ තම්පලා. පිළිමතලව්වේ අධිකාරම තමයි මේ මනුස්සය බලෙන්ම වගෙ රජකමට පත්කරල තියෙන්නෙ.
ඇත්තටම මට හිතෙන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන තියෙන පොදු මතය වැරදියි කියල. ඔය කියන තරම් කෲර රජ කෙනෙක් නෙවෙයි කියලයි මගෙ කල්පනාව.ඇහැලේපොල කුමාරිහාමි සහ දරුවන් මරණයට නියම කරල රජ්ජුරුවො කිව්වලු "මට කරන්න දෙයක් නෑ. මේක සිංහල උඹලගෙම නීතිය" කියල.
අනික ඒ කාලෙ රාජද්‍රෝහීන්ට විතරක් නෙවෙයි ඒ පවුලෙ අයටත් අනිවාර්යයෙන් මරණ දඬුවම දුන්න. මෙතන වුනේ ඉංග්‍රීසීන් රජු අප්‍රසාදයට පත් කරන්ට ඇහැළේ පොල පවුල මරණයට පත් කරපු එක එක හත කරල රටේ ප්‍රසිද්ධ කරල යැව්ව.
ඒ ගැන පොඩි කතන්දරයක් ලියන්ට ඕන කියල කාලෙක ඉඳල හිතේ තියනව...හෙහ්..හෙහ්..කිව්වම මොකද?
අප්පද බොල, මම දැනගෙන හිටියේ නෑ නේ එතුමා එච්චරට හොඳට වගා කොලා කියලා. :) ඒ මනුස්සයා එහෙම කෘර මනුස්සයෙක් කියලා මටත් හිතිලා නෑ. ඒ කාලේ සිද්ධ වෙච්ච එව්වට රජතුමා වගකියන්න ඕන හරිය ඉතින් අල්පයි නේ. කොහොමත් රජ කාලේ දඬුවම් ඉතින් අර පරණ බයිබලේ වගේ තමයි නේද
Deleteඕව හිතේ තියාගෙන ඉඳලා බෑ රවී අයියේ ලියමු ලියමු
හරිම ඉහළයි සයුරි
ReplyDeleteස්තුතියි.. ස්තුතියි :)
Deleteතමන් අතින්ම වවපු එළවළු වල පළදාව භුක්ති විඳින එක සතුටක් තමා..
ReplyDeleteමේ පැල වලට අමුතුවෙන් පොහොර දාන්නත් ඕනද සයුරි?
නෑ රූ. මෙහෙ ගන්න තියන පස් වල කොහොමත් පොහොර අඩංගු වෙනවා. මේ එළවලු ගොඩක් කල් තියන ගස් නෙමේනේ. ඒ නිසා අමුතුවෙන් පොහොර දැම්මේ නෑ. කෘමි නාශක ඒවා මේවත් නැහැ
Deleteෂහ් සයුරි හොඳ ගෙවිලියක් වෙලානේ. ලංකාවෙ එලවලු පළතුරු නැතුව වෙන දේවල් නම් වවාගෙන කන්න හරි දක්ෂයි.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්...:) පුංචි ඇටේ පැල වෙනා. පුංචි පැලේ ගස වෙනා
Deleteපොහොර සහනාධරේ ලැබුනා නම් ඔයට වඩා හොඳ අස්වැන්නක් ගන්න තිබ්බා...:D
ReplyDeleteකොහොම වුනත් තමන් "වවාගෙන කන එක" රසයි කියලා මමත් අහලා තියෙනවා.හැබැයි කියන්න දන්නේ නැහැ "වවන් කාලා" නැති නිසා.
හෙහෙ..සිරාවට. එහෙම සහනාධාරයක් ලැබුනේ නෑ නේ. අනිවාරෙන් ඒකෙ අමුතු රසක් තියනවා. කඩපු ගමන් උයන නිසා වෙන්න ඇති
Deleteවවන්න කැමති අය පුංචි ඉඩක හරි වවනවා නේද? හරි අගෙයි සයුරිගේ ගෙවත්ත.
ReplyDeleteඒක ඇත්ත ගිම්හානි. මම දැකලා තියනවා සමහරු මැසි ගහලා ඒවා උඩ වවනවා. ඔයා දැක්කේ ගොඩක් කාලෙකට පස්සේ :)
Delete++++
ReplyDeleteතැන්කු ඉයන් ;)
Deleteහරිම අපූරුයි...
ReplyDeleteමෙන්න මගේ අස්වැන්න https://sobaroo.blogspot.com/2015/08/safe-foods-for-healthy-lifestyle.html
තවත් වවන්න කැමති කෙනෙක්. බොහොම ස්තුතියි පාර පෙන්නුවට.
DeleteHaaneh sehenna kaalekinneh dekka akka 😬😬😬
ReplyDeleteඒක නේන්නම් :)
DeleteItin kohomada wisthara? Sayura saneepengda??
Deleteඔව් ඔව් සනීපෙන් ඉන්නවා. එල කොල්ලත් සනිපෙන්ද?
DeleteEla kolla den awurudu dekakata kalin rejinage rata daala aluth rataka move wunaneh , ko ara madurangaya houaganna neheneh
Deleteඅප්පා ඒකත් එහෙමද? මොකද්ද ඒ අලුත් රට? මධුරන්ගයා පෝස්ට් එකක් නම් දාලා තිබුනා මම හිතන්නේ
Delete