දැන් මාස දෙකකට විතර කලින් ලියපු රාජාවලිය ලිපියේ අපි කතා කළා නේ කුණ්ඩසාලේ කුමාරයා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජ වෙච්ච හැටි.
ඒ වගේම එතුමත් තමන්ගේ පියා ගේ අඩි පාරේම යමින් මධුරා පුරයෙන් බිසවක් ගෙන්නවා ගත්තා කියලත් කිව්වා නේ. ඉතිං අන්න ඒ බිසව තමයි "ප්‍රමිලා දේවිය". මේ බිසව හරිම රූමත් කෙනෙක් කියලයි කියන්නේ.
නරේන්ද්‍රසිංහ රජතුමා ටිකක් සෙල්ලක්කාර කෙනෙක් කියලත් අපි දන්නවනේ. එතුමාට සිංහල කුල කාන්තාවන් කිහිප දෙනෙක් එක්කම අනියම් සම්බන්ධතා තිබුණා කියලා කියනවා.
ඉතින් මේ රජතුමා ගේ රාජ සභාවේ හිටියා "දස්කොන් (ගැස්කොන් )" කියලා ප්‍රංශ පියෙකුට දාව පෘතුගීසි මවකට ලැබුණු කෙනෙක්. ඒ වගේම හොඳ කවියෙක්. දස්කොන් පොඩි කාලේ ඉඳලම රජතුමා ගේ හොඳ මිතුරෙක් ලු. රජතුමාට විරුද්ධව පට්ටියබණ්ඩාර කැරලි ගහපු වෙලාවේ කැරැල්ල මැඩ පවත්වන්න සෑහෙන උදව් උනාලු දස්කොන්. එයින් පස්සේ දස්කොන් ට අධිකාරම් තනතුරකුත් ලැබුණා ලු.
ඉතින් මේ අතරේ දස්කොන් අධිකාරම් තුමා යි රූමත් ප්‍රමිලා දේවියයි සෑහෙන කුළුපග වෙනවා ලු. ඒක අනියම් පෙමක් දක්වාම ඇදිලා ගියා කියලා තමයි ඉතිහාස කතා වල කියවෙන්නේ.
ඔය රූප රාමුව ගත්තේ ජැක්සන් ඇන්තනි ගේ "දස්කොන්" ටෙලියෙන්.
ඉතින් රජතුමාට මේ දෙන්නගේ සම්බන්ධේ අහු උනා කියන්නෙත් හරි අපූරු විදිහකට. ප්‍රමිලා බිසව වෙනුවෙන් පැවැත්වුණු බලි යාගයකට බිසවගේ රූපයක් අඹනවා. බලි ඇදුරන් අඹපු මේ රූපයේ අඩුවක් දකිනවා දස්කොන්. ඒ තමයි බිසවගේ රහස් ප්‍රදේශයේ තිබුණු උපන් ලපයක්. ඉතින් ඔහු මේක ඇදුරන් ට කියලා නිවැරදි කරවනවා. ඉතින් ඕක දැන ගත්තම රජතුමා කරපු දේ හිතා ගන්න අමාරු නැහැ නේද? දස්කොන් ව සිර කරලා අවසානයේ දං ගෙඩියටත් යවනවා.
දස්කොන් ප්‍රමිලා ආදර කතාව කඳුලින් නිමා වෙන්නේ අන්න එහෙමයි. ඒක ඇත්තටම උනේ එහෙමද කියන්න නම් අපි හරියටම දන්නේ නැහැ.
සක්‌මන් කරන මළුවේදී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්‌මන් ගමන් අහො අද ඔබ යනවාද
දස්‌කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද
මේ කවිය ගොඩක් අය අහලා ඇති. ඒකට දස්කොන් දුන්නා කියන පිළිතුර තමයි මේ....
විසැස් කමලාව රස පහස නොවිඳ මා
දසිස් දුනි පොරණ ඇසු දුටු පමණ මා
වෙසෙස් ඔබගෙ අමයුරු පහස ලත් මෙමා
මහිස් එකක් දුනි නම් ඔබ නමට කිමා
මේකෙන් කියන්නේ "රාවණ රජතුමා සිතාව අගේ පහස නොවිඳම හිස් දහයම දුන් එකේ ඔබේ රස පහස විඳි මගේ එක හිසක් දුන්නට මක් වෙනවද" කියලයි.
ඉතින් කොහොමින් කොහොමහරි රජතුමාට ඔටුන්න පවරන්න දරුවෙක් කියල නම් කවුරුවත් හිටියේ නැහැ. උනනම්බුවේ බණ්ඩාර කියලා වෙනත් කාන්තාවකගෙන් ලැබුණු දරුවෙක් හිටියත් ඔටුන්නට හිමි කාරයෙක් සිටියේ නැහැ.
මේ නිසා නරේන්ද්‍රසිංහ රජුගෙන් පස්සේ රජකම හිමි වෙන්නේ ප්‍රමිලා බිසවගේ බාල සහෝදරයා ට. ඔහු රජ වෙන්නේ ශ්‍රී විජය රාජසිංහ (ක්‍රි. ව. 1739 - 1747) නමින්.
ඉතින් ඒ තමා සිංහල රජ පෙළපතේ අවසානය. ලංකාවේ අවසන් සිංහල රජතුමා තමයි නරේන්ද්‍රසිංහ රජතුමා. ශ්‍රී විජය රාජසිංහ රජතුමා තමයි නායක්කර් රජ පෙළපතේ පළමු රජතුමා. එතුමා ගේ රාජ්‍ය කාලය ගැන අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.
වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Tuesday, December 19, 2017
Tuesday, October 31, 2017
නොබෙල් ගේ කැමැත්ත
අවංකවම කිව්වොත් මට මුලින්ම තෑග්ගක් ලැබිච්ච දවස ගැනනම් මට මතකයක් නෑ. ඒ කිව්වේ අම්මගෙන් තාත්තගෙන් නැතුව පිට කෙනෙක්ගෙන් තෑග්ගක් හැටියට දෙයක් ලැබිච්ච දවසක් ගැන. මතක අයත් ඇති.
ඉතින් සමහරු ආදරේට දෙන තෑගිත් තියනවා. තරහට දෙන තෑගිත් තියනවා. අපේ අම්මට එහෙම සුරතල් සතෙක් තෑග්ගක් හැටියට දුන්නොත් ඒක බාර ගන්නේ තරහට දීපු තෑග්ගක් විදිහට. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.
ඒ වගේමයි තෑගි කිව්වම භෞතික තෑගි තියනවා. අතට අහු වෙන එව්වා. සාරියක්, බෑග් එකක් එහෙම නැත්නම් චොකලට් එකක් දුන්නොත් අන්න භෞතික තෑග්ගක්. එතකොට අනිත් ජාතිය තමයි අස්පෘශ්‍ය තෑගි. අතට අහු නොවෙන ඒවා. ඒ කිව්වේ හාද්දක්, හිනාවක් වගේ දෙයක්. ඒවත් සමහරුන්ට තෑගි තමයි.
ඉතින් ඔය එක එක විදිහේ තෑගි තිබුනට සාමාන්‍යයෙන් කාටහරි තෑග්ගක් දෙන්නේ එයා මොනවා හරි දෙයක් achieve කරොත් නේ. එතකොට උපන්දින තෑගි? උපන්දිනේ කියන්නෙත් ඉතින් එක්තරා විදියක achievement එකක් තමා. ඔය විදිහට කාටහරි ලැබෙන්න පුළුවන් හොඳම තෑග්ගක් තියනවා. ඒ තමා නොබෙල් තෑග්ග. ඕක ගැන මම මේ ලඟදි ටිකක් හොයලා බැලුවා නිකමට.
~~~~~~~~~~~~~~
ඇල්ෆ්‍රඩ් නොබෙල් ස්වීඩනයේ බිහි වෙච්ච අග්‍රගණ්‍ය රසායන විද්‍යාඥයෙක් වගේම ඉංජිනේරුවෙක්. ඔහු ඉපදුනේ 1833 ඔක්තෝබර් 21 වෙනිදා ස්වීඩනයේ ස්ටොකෝල්ම් (Stokholm) වල. ඔහුගේ ජීවිත කාලය ඇතුළත නව සොයා ගැනීම් 355 කර ඔහු උපයන ධනය අති මහත්. මේ සොයා ගැනීම් අතර "ඩයිනමයිට්" කා අතරත් ප්‍රසිද්ධයි.
නොබෙල් අවිවාහකයෙක් නිසා ඔහුට දරුවන් ඉඳලා නැහැ. ස්වීඩනයේ ඉපදුනත් ඔහු පසුව රුසියාවේත් ප්‍රංශයේත් ජීවත් වෙලා තියනවා. ඔය අතරේ හරි අපූරු වැඩක් සිද්ධ වෙනවා. ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ සොහොයුරා "ලුඩ්විග් නොබෙල්" මිය ගිහින් ඒ ප්‍රවෘත්තිය පත්තරවල පළ වෙනවා. හැබැයි පත්තර කාරයින්ට පොඩි වැරදීමක් වෙනවා. ඔවුන් හිතන්නේ මිය ගියේ ඇල්ෆ්‍රඩ් නොබෙල් කියලා. ඉතින් පත්තර වල පළ වෙනවා මෙන්න මෙහෙම හෙඩ් ලයින් එකක්.
"මරණයේ වෙළෙන්දා මිය යයි"
කියලා. ඔහුගේ ඩයිනමයි සොයා ගැනීම නිසා මිනිසුන් මරන්න පහසු මාර්ගයක් පෑදුනා කියන අදහස නිසා තමයි එහෙම දෙයක් උනේ. ඉතිං මේක දැකපු නොබෙල් ට මොනවා හිතෙන්න ඇද්ද නේද? ඇත්තටම ඔහු මේ ගැන හරියට හිතුවලු. තමන්ගේ තුන් හිතකවත් නොතිබිච්ච දෙයක් ගැන මෙහෙම චෝදනා එනකොට දුක නැද්ද කාට උනත්. නොබෙල් කල්පනා කළා ලු තමන් ගැන ලෝකයා ට මතක හිටින්න ඕන මේ විදිහට නෙමෙයි, මීට වඩා හොඳ විදිහකට කියලා. Nobel Price කියන සංකල්පයට පදනම වැටුනේ ඔන්න ඔතනින් කියලයි කියන්නේ.
ඉතින් ඇල්ෆ්‍රඩ් නොබෙල් වර්ෂ 1895 ඔක්තෝබර් 27 වෙනිදා ඔහුගේ අවසන් කැමැත්ත ලියනවා පැරිසියේ දී, මෙන්න මේ විදියට.
සාරාංශය ගත්තොත් ඔහුගේ සොයුරන්ගේ දරුවන්ටත් සේවකයින්ටත් යම් මුදලක් වෙන් කර අවසානයේ ඉතිරි මහා ධනස්කන්දය අරමුදලක් බවට පත් කරන්නත් එයින් වසරක් ගානේ ලැබෙන පොළිය කොටස් පහකට බෙදන්නටත් ඒ කොටස් පහ අංශ පහකින් ලෝකයාට වටිනාම සේවයක් කරන පස් දෙනාට පිරිනමන්නත් ඉල්ලා සිටිනවා. ඒ අංශ පහ නම්,
1. භෞතික විද්‍යාව
2. රසායන විද්‍යාව
3. ජීව/වෛද්‍ය විද්‍යාව
4. සාහිත්‍යය
5. ලෝක සාමය
මෙයින් සාම ත්‍යාගය විතරක් සංවිධානයකට පිරිනැමීමේ හැකියාව තියනවා. අනෙත් ත්‍යාග ලැබෙන්න ඕනේ පුද්ගලයින්ට විතරයි. මේ ත්‍යාග ප්‍රදානයේදී ත්‍යාග ලාභියාගේ ජාතිකත්වය ගැන නොසළකන ළෙස ඔහු සඳහන් කරනවා. වර්ෂ 2001 දී ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ පරපුරේ මුණුබුරෙක් වෙච්ච "පීටර් නොබෙල්" මේ අරමුදලට තවත් මුදලක් එකතු කරලා මේ අංශ පහට තවත් අංශයක් එකතු කරනවා. ඒ තමා
"ආර්ථික විද්‍යා අංශය".
2009 දී ආර්ථික විද්‍යා අංශයෙන් නොබෙල් තෑග්ග දිනාගත් "එලිනෝර් ඔස්ට්‍රම්" එක්ක වැඩ කරන්න මටත් වාසනාවන්ත අවස්ථාවක් ලැබුණා.
ත්‍යාග ලාභීන් තෝරා ගැනීමේ කාර්යය භාරය ඔහු පවරන්නේ ස්වීඩනයේ විද්‍යායතන කිහිපයකට.
මේ විදියට අවසන් කැමැත්ත ලියන නොබෙල්, ඔහුගේ අවසාන කාලය ගත කරන්නේ ඉතාලියේ Sanremo නගරයේ. 1896 දී ඔහු මිය යනකොට වයස 63 ක්.
මුල්ම නොබෙල් ත්‍යාග ප්‍රධානය සිද්ධ වෙන්නේ ඉන් අවුරුදු පහකට පස්සේ, 1901 දී. අද වනතුරු ත් මේ උත්සවයේ රැකගෙන ආපු සම්ප්‍රදායන් කිහිපයක් තිබෙනවා. නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ ස්වීඩනයේ උනත් සාම ත්‍යාගය ප්‍රධානය කරන්නේ නෝර්වේ වල. ස්වීඩනයේ නොබෙල් ගේ උපන් නගරයේ අනෙක් ත්‍යාග ප්‍රධානය සිද්ධ වෙනවා. ත්‍යාග ප්‍රදානයෙන් පස්සේ අමුත්තන් 1300 කගේ සහභාගිත්වයීන් සුපිරි මාදිලියේ භෝජන සංග්‍රහයක් පැවැත්වෙනවා.
මේ තියෙන්නේ ඒ උත්සව ශාලාව
ඔය මැද මේසයක් තියනවා නේද, ඒ තමා රාජකීය මේසය. ස්වීඩනයේ රජ පවුලත් ත්‍යාග ලාභීනුත් ඉඳ ගන්නේ මේ මේසයේ. මේ උත්සවය සරසන්න මල් ගේන්නේ නොබෙල්ගේ අවසාන කාලය ගත කරපු ඉතාලියේ සැන්රෙමෝ නුවරින්.
මේ වෙද්දී ප්‍රදානය කරපු නොබෙල් ත්‍යාග අතරින් අපට හොඳින් මතක හිටින තෑගි කිහිපයක් තියනවා.
1. මාරි කියුරි - භෞතික හා රසායන විද්‍යා අංශ වලින් දෙවතාවකදී. අංශ දෙකකින් ත්‍යාග ලබා ගත් එකම පුද්ගලයා ඇය ලු. පවුලක් වශයෙන් වැඩිම නොබෙල් ත්‍යාග ගණනක් ලබාගෙන තියෙන්නෙත් මාරි-පියරි කියුරි පරම්පරාව ලු (ඔවුන්ගේ දියණියත් ඇතුළුව). තෑගි ගණන 5 ක්.
2. මලාලා යුසෆ්සයි - මලාලා ගේ කතාව නම් හැම දෙනාම දන්නවා. ඇය තමයි ලා බාලම නොබෙල් ත්‍යාග ලාභියා. ඇයට නොබෙල් සාම ත්‍යාගය ලැබුනේ අවු. 17 දී.
3. ඇල්බට් අයින්ස්ටයින් - භෞතික විද්‍යා අංශය. 1921 දී.
4. නෙල්සන් මැන්ඩෙලා - සාම ත්‍යාගය. 1993 දී.
5. තෙරේසා මවු තුමිය - සාම ත්‍යාගය. 1971 දී.
මහත්මා ගාන්ධි ත්‍යාගය සඳහා පිට පිටම යෝජනා උනත් ඔහු මිය යන්න කලින් ඒක ලැබෙන්නේ නැහැ. මිය ගිය කෙනෙක් ට නොබෙල් ත්‍යාගය ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔහු මිය ගිය අවුරුද්දේ (1948) කිසිම කෙනෙක්ට සාම ත්‍යාගය ලබා දුන්නේ නැහැ ලු.
මේ ලිස්ට් එකට තවත් එකතු කරන්න පුලුවන්නම් කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා.
ඔන්න ඔහොමයි ඉතින් නොබෙල් තෑග්ගේ කතාව.
ඇල්ෆ්‍රඩ් නොබෙල් හිතුවා වගේම අපිට එයාව මතක තියෙන්නේ ඩයිනමයිට් නිසා නෙමෙයි නේද? :)

Friday, September 29, 2017
සෙල්ලම් නිරිඳු වඩනා කුණ්ඩසාලේ - රාජාවලිය XLV
රාජසිංහ රජ්ජුරුවෝ ඉඟුරු දීල මිරිස් ගත්ත හැටි අපි ගිය පාර දැන ගත්තනේ. ඉතින් ඊට පස්සේ මොකද උනේ?
වැඩි දවසක් නොගිහින් රජතුමාට තේරුණා කරගත්ත මෝඩ කමේ තරම. ලන්දේසින් එක්කත් යුද්ධ ඇති වෙන්න පටන් ගත්තා. මේ වෙද්දී පෘතුගීසි කාලයේ තිබුනාට වඩා වැඩි බිම් ප්‍රමාණයක් උඩ රටට අයිති වෙලා තිබුණා, මුහුදුබඩ ප්‍රදේශ ත් ඇතුළුව. ඒ ලන්දේසීන්ගේ වැඩි අවධානය තිබුනේ කුරුඳු වෙළඳාම ගැන නිසා.
මේ අතරේ ලන්දේසීනුත් පෘතුගීසින් කළා වගේම පාසල් ඇති කරන්නත් ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරන්නත් පටන් ගන්නවා. විශේෂයෙන්ම කතෝලික ආගම මර්ධනය කරන්නත් පටන් ගන්නවා. සිංහලයින් ආගමට හරවන ව්‍යාපාරයට රජු තදින්ම විරුද්ධ උනා.
ලන්දේසීන් උඩරටට අයිති ප්‍රදේශ අල්ලා ගන්න පටන් ගන්නේ 1659 දී කල්පිටියට පහර දීමෙන්. මේ කාලයේ රජුට විරුද්ධව අභන්තර කැරලි ත් හටගත් නිසා ලන්දේසීන් ට හැකි වෙනවා විශාල භූමි ප්‍රදේශයක් අයිති කරගන්න.
මේ ලන්දේසි කරදරෙන් මිදෙන්න රජතුමා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයින්ගේ සහය පැතුවත් ඔවුන්ගේ ප්‍රහාර සාර්ථක වෙන්නේ නැහැ. ලන්දේසීන් ඔවුන්ව පළවා හරිනවා. කොහොමින් කොහොම හරි ක්‍රි. ව. 1675 දී රාජසිංහ රජතුමා ලන්දේසීන්ට විරුද්ධව විශාල සටනක් දියත් කරලා නැවතත් ඔවුන්ගෙන් විශාල භූමි ප්‍රමාණයක් අත්පත් කර ගන්නවා.
දෙවෙනි රාජසිංහ රජතුමා ගැන කියන්න තවත් වැදගත් කාරණයක් තියනවා. ඒ තමයි, මධුරා පුරයෙන් නායක්කර් වංශික බිසවුන් ගෙන්වීම ආරම්භ කරන්නේ මෙතුමා වීම. මේ සිරිත හින්දා පස්සේ කාලෙක සිංහල රජ පෙළපත නායක්කර් වංශිකයින් අතට පත් වෙනවා. ඒ ගැන ඉතින් ඉස්සරහට කතා කරමුකෝ.
ඉතින් මෙතුමා ගේ පුතා තමයි ඔහුගෙන් පස්සේ විමලධර්මසූරිය II (ක්‍රි. ව. 1687 - 1707) නමින් රජ වෙන්නේ. ඔහු පොඩි කාලේ මහණ වෙලා හිටියා ලු. ඒ කාලයේ උපසම්පදා කරන්න තරම්වත් භික්ෂුන් හොයාගන්න හිටියේ නැහැ ලු ලංකාවේ. ඉතින් ඔහු බුරුමයෙන් උපසම්පදා භික්ෂූන් ගෙන්වලා ශාසනය රැක ගන්න කටයුතු කරනවා. ඒ වගේම දළදා මාළිගා භූමියේ තෙමහල් ප්‍රාසාදයක් සාදවා දළදා වහන්සේ තැන්පත් කිරීමට රන් කරඬුවකුත් තනනවා.
මේ ආගමික කටයුතු කරන්න ඔහුට නිදහස් වාතාවරණයක් ලැබෙන්නේ ඔහු ලන්දේසින් එක්ක ගෙන ගිය සාමකාමී ප්‍රතිපත්තිය නිසා. ඔහුගේ කාලය සටන් නැති සාමකාමී කාලයක්. ඒ වගේම ලන්දේසීන් ඔවුන්ට යටත්ව තිබුණු සමහර ප්‍රදේශ උඩරට ට බාර දෙනවා. හැබැයි මේ ලිහිල් ප්‍රතිපත්තියෙන් හොඳ වගේම නරක ප්‍රතිඵලත් ලැබුණා. රජතුමාට හිතවත් වෙච්ච "ගොන්සාල්වේස්" පියතුමා ඔහුටත් විශේෂයෙන්ම මී ළඟ රජු වන ඔහුගේ පුතාටත් තෑගි බෝග දෙමින් මත්පැන ට නැඹුරු කරවමින් තමන්ගේ පැත්තට නම්මා ගන්නවා. අනෙක් සිංහල රදළයින්ට මේක රුස්සන්නේ නැහැ. මේ නිසා රාජ සභාවේ අභ්‍යන්තර ගැටුම් ඇති වෙන්නත් පටන් ගන්නවා. රාජ්‍ය පරිපාලනය අවුල් වෙන්න මේක ලොකු හේතුවක් උනා කියලයි මට හිතෙන්නේ.
ඉතින් විමලධර්මසූරිය රජු ගේ බිසව උනෙත් තමන්ගේ පියා අනුගමනය කරමින් මදුරාවෙන් ගෙන්වාගත් බිසවක්. ඒ වගේම ඔහුගේ අන්තිම කාලයේ තමන්ගේ පුතා වෙච්ච කුණ්ඩසාලේ කුමරුටත් මදුරාවෙන් කුමාරිකාවක් ගෙන්නලා දෙන්න කටයුතු කළා.
ඒ වෙද්දී මේ නායක්කර් වංශිකයින් පදිංචි වෙලා හිටපු වීදියක්ම මහනුවර තිබුනලු කුමරුප් වීදිය නමින්.
කුණ්ඩසාලේ කුමරු ගැන කියනවනම් ඔහු ඉතාමත් කෙළිලොල්, ස්ත්‍රීන්ට ලැදි කෙනෙක්. මේ සෙල්ලක්කාර ගතිය නිසා ඔහු "සෙල්ලම් නිරිඳු" කියලත් හැඳින්වුනා.

උඩින් තනාලා උඩ නෙත්ති මාලේ
බිමින් තනාලා බිම නෙත්ති මාලේ
සදා පොල් පුවක් ගඟ දෙපස දෑලේ
සෙල්ලම් නිරිඳු වඩනා කුණ්ඩසාලේ
ඉතින් මේ සෙල්ලම් නිරිඳු සිංහලේ රජ වෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි. ව. 1707 - 1739) කියන නමින්. මේ තමයි ලංකාවේ අවසන් සිංහල රජතුමා. එහෙම උනේ කොහොමද කියලා අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.
මෙතුමාට විරුද්ධව ඔහුගේ අර්ධ සොයුරෙක් කියලා කියන "පට්ටිය බණ්ඩාර" කැරලි ගැසුවත් ඒක සාර්ථක උනේ නැහැ. අවසානයේ පට්ටියබණ්ඩාර ට මරණ දඬුවම හිමි වෙනවා.
හැමෝම අහල ඇති නේද මේ ප්‍රශස්ති ගීතය?
වරමාතී සුභ චරිතේ...ලංකා පතී
නරේන්ද්‍රසිංහ...භූ පතී
රාජ රාජ සම තේජභි රාමා - ත්‍යාජ කාම රණ භූෂණ සෝමා
වාදිත කුල දෘති වන්තභි රාමා - නරේන්ද්‍රසිහ නර නායක භූමා
මෙන්න මේ ප්‍රශස්තිය නරේන්ද්‍රසිංහ රජතුමාට කියපු එකක්.
එහෙනම් අදට නවතිමු. ඊ ලඟට ලංකා ඉතිහාසයේ කඳුලින් අවසන් වුනු තවත් පෙම් පුවතක් බලාපොරොත්තු වන්න.
Monday, August 21, 2017
හිරු අල්ලපු හඳ ළමයා
හඳ අල්ලපු රටේ මිනිස්සුන්ට පහු ගිය දවස් ටිකේ වෙන වැඩක් තිබුනේ නෑ. ශත වර්ෂෙකට පස්සේ සිද්ධ වෙනවයි කියන පූර්ණ සූර්යග්‍රහණයක් බලන්න ලක ලෑස්ති උනා ඇරෙන්න.
ආරක්‍ෂිත ඇස් කණ්නාඩි එහෙම විකුණපු එවුන් හොඳ ගානක් හොයා ගත්තා. ඇමසන් එකේ, සුපර් මාකට් වල, ගමේ කඩේ ඔය කොතනත් SOLD OUT !! වෙන කවදාවත් නැති තරමට පිට රටවල් වලින් මිනිස්සු ආවා ඇමරිකාවට මේක බලන්න. ඒ විතරක් නෙමෙයි, ඇමරිකාවේ ඉන්න අයත් මේක හොඳට බලාගන්න පූර්ණ ග්‍රහණයම පේන පැති වලට ගියා නිවාඩුත් දාගෙන.
ඉතින් ඔන්න අද තමයි මේ මහාර්ඝ සූර්යග්‍රහණය වෙච්චි දවස. අගෝස්තු 21.
මේකේ විශේෂත්වේ තමයි බටහිර වෙරළේ ඉඳන් නැගෙනහිර වෙරළ දක්වාම පටු බිම් තීරුවක් දිගේ පැය දෙකක් වගේ ඇතුළත මේ ග්‍රහණය දර්ශනය වෙන එක.
බලන්නකෝ පහත මැප් එක.
ඔන්න ඔය ඇඳලා තියන තීරුව දිගේ ඉන්න අයට තමයි පූර්ණ ග්‍රහණය දර්ශනය උනේ. අනිත් අයට පෙනුනේ අර්ධ සූර්යග්‍රහණයක්.
අපි හිටපු පැත්තටත් 95% ක් පෙනුනා. මුළු රටම ඕකට සූදානම් වෙද්දී අපිත් ඉතින් නිකන් ඉඳලා පුලුවනෑ. අපිත් ගෙන්න ගත්තා කණ්නාඩි. ටිකක් පහු වෙච්ච නිසා ඉතින් අස්ස ගනං දීලා තමයි ගන්න උනේ. අපායට ගියත් කලින් යන්න කියන එක ආයේ ආයේ පසක් උනි :( ඉතිං ඒ කොරලත් සයුරුට මදි. එයාට ඕන උනා මේකේ පින්තූර ගන්නත්. ඒකත් ලේසි නෑ. ඇස් දෙකටත් වැඩිය පරෙස්සම් කරන කැමරාවේ සෙන්සරේ පරෙස්සම් කරගන්නත් එපැයි. පස්සෙදී අර අස්ස ගනං දීලා ගත්ත කණ්නාඩි වලින් එකක් කපලා film එක අරගෙන කැමරා කාචේට උඩින් ආවරණයක් විදියට හයි කරා.
ඉතින් ඔක්කොම හරි .
කවුරුත් දන්නව ඇතිනේ සූර්යග්‍රහණයක් වෙන්නෙ කොහොමද කියන එක? දන්නෙ නැත්තම් අහගන්. සූර්යයා සහ පෘතුවිය (ඒ කිව්වේ අපි හිටගෙන ඉන්න මේ ලෝකේ) අතරට හඳ හාමි ආවම තමයි ඔය වැඩේ වෙන්නේ. එතකොට හඳෙන් ඇති කරන හෙවනැල්ල අපේ පොළවට වැටෙනවා. අන්න ඒ හෙවනැල්ල ගමන් කරපු මාර්ගේ තමයි උඩ සිතියමේ තියෙන්නේ. හඳ ප්‍රමාණයෙන් පොඩි හින්දා තමයි ඒ හෙවනැල්ලට පොඩි තීරුවක් විතරක් වැහෙන්නේ. ඒ නිසා පූර්ණ ග්‍රහණයක් පේන්නේ සීමිත ප්‍රදේශයකට විතරයි.
ඉතින් පල්ලෙහා තියෙන්නේ සයුරු ගතිපු පින්තූර ටිකක්.
ඔය තියෙන්නෙ හද සීන් එකට එන්ටර් වෙච්ච ගමන්ම ගත්ත එකක්. තැබිලි පාටට තියෙන්නෙ ඉර. හරියට ඉරෙන් කෑල්ලක් කඩා ගෙන කාලා වගේ.
මේ තවත් ටික වෙලාවකින්. නිකන් අටවක වගේ නේද? :)
මේ වෙලාව වෙද්දි සමර් එකේ ගිනි ගහන ඉර එලිය ටික ටික අඩු වෙලා අදුරු ගතියක් ඇවිත් සිසිලක් දැනෙන්න පටන් ගත්තා.
මේ තමයි අපිට පෙනුන උපරිමය. මෙතනින් පස්සේ තියෙන්නෙ කලින් ෆොටෝ වල mirror image වගේ එව්වා. පූර්ණ ග්‍රහණය පෙනුන පැති වලනම් රෑ වගේම කලුවර උනා ලු.
ඔන්න ඔහොමයි උනේ.
~~~~~~~~~~~~~~~~~~~~~
දැන් ඉතින් කැමතිනම් ඉතුරු ටිකත් කියවන්නකො.
මේ සූර්යග්‍රහණ කියන්නේ හරි ලස්සන සන්සිද්ධියක් නේද? පොතේ හැටියටනම් මේක වෙන්නේ ඉරයි පෘතුවියයි අතරට හද ආවම නේ. ඒ කියන්නේ ඔය ලමයිට හිතෙන්නේ නැද්ද එහෙනම් හැම මාසෙ පෝය දවසකම මේක වෙන්න ඕන නේද කියලා? ඒත් එහෙම නම් වෙන්නේ නෑ හොදේ. මෙන්න මේකයි හේතුව.
දැන් ඔය උඩ තියන පින්තූරේ විස්තර කරන්නේ හදේ අටවක, පසලොස්වක, අමාවක වගේ කලා ඇති වෙන විදිහ නේ. හැබැයි ඔය ද්විමාන රූපේ පේන විදියට හද පරිභ්‍රමණය වෙන තලයයි පෘතුවිය පරිභ්‍රමණය වෙන තලයයි එකම තලයක් කියල හිතුවම තමයි අපිට වැඩ වරදින්නේ.
ඇත්ත කතාව ඔයිට වෙනස්.
හද පරිභ්‍රමණය වෙන්නෙ පෘතුවි පරිභ්‍රමණ තලයට ආනතියක් තියන වෙනමම තලයක. මේ බලන්න.
ඒ විතරක් නෙමේ. ඔය පථයත් තමන්ගෙ අක්ශය වටේ කැරකෙනවා. ඉතින් හරිම කලාතුරකින් තමයි හදේ හෙවනැල්ල හරි කෙලින් පෘතුවියට වැටෙන්නේ, ඔය දෙවනි අවස්ථාවේ ඇදලා තියනවා වගේ. තෙරුනේ නැත්නම් අහන්නකෝ.
එහෙනම් මම ගියා.

Tuesday, August 8, 2017
ඉඟුරු මිරිස් ගනුදෙණුව - රාජාවලිය XLIV
ඉතින් අපි අවසානෙට කතා කළේ විමලධර්මසූරිය රජතුමා මිය ගිය හැටිත් එතුමා ගේ බිරිඳ (දෝන කතිරිනා) සහ දරුවන් වගේම උඩරට රාජ්‍යයත් සෙනරත් රජතුමා (ක්‍රි. ව. 1604-1635) ට බාර උනු හැටිත් නේ.
මේ කාලේ වෙද්දී ජෙරනිමෝ ද අසවේදු ට උවමනා වෙලා තිබුනේ කොහොමහරි උඩරට යටත් කරගන්න. ඉතින් නිතරම ඔවුන් ඒකට උත්සාහ කරද්දී සෙනරත් රජතුමාට හිතුණා මොවුන් ගෙන් ගැළවෙන එකම ක්‍රමය ලන්දේසීන් තමයි කියලා. මේ හින්දා මඩකලපුවේ නවතා තිබුණු ලන්දේසි නැවකට පණිවිඩ යවලා දූතයින් කිහිප දෙනෙක් මහනුවරට ගෙන්වාගෙන ගිවිසුමකුත් ඇති කරගන්නවා.
ඔය අතරේ අසවේදු දිගින් දිගටම උඩරට ට පහර දෙන්න තැත් කරන නිසා සෙනරත් රජතුමා ලන්දේසීන් ගෙන් උදව් ඉල්ලනවා. ඔවුන් අතර ගිවිසුමක් තිබුණත් මේ වෙලාවේ උදව්වක් නම් ලැබෙන්නේ නැහැ. ඉතින් රජතුමා තීරණය කරනවා පෘතුගීසින් එක්ක මිතුරු වෙන්න. ඉතින් ක්‍රි. ව. 1617 දී මේ විදියට මිතුරු ගිවිසුමක් ඇති කර ගත්තත් ආයෙත් ක්‍රි. ව. 1620 ඉඳන් පෘතුගීසින් උඩරට ට පහර දෙන්න පටන් ගන්නවා.
මේත් එක්කම සෙනරත් රජතුමා ගේ පුද්ගලික ජීවිතේ ගැනත් හොයලා බැලුවොත් රජතුමාගේත් කුසුමාසන දේවියගේත් පුත්‍රයා තමයි මහාස්ථාන (පස්සේ කාලෙක දෙවන රාජසිංහ නමින් රජ වෙන්නේ). ඊට අමතරව විමලධර්මසූරිය රජතුමා ඔහුගේ දරුවනුත් අම්මත් එක්කම සෙනරත් රජුට බාර දුන්න නේ. ඒ දරුවන් තමයි රාජසූරිය, උඩුමලේ අස්ථාන, විජේපාල, කුමාරසිංහ යන කුමාරවරු. මෙයින් උඩුමලේ අස්ථාන කුමාරයා ලෙඩ වෙලා මිය ගියා කියලා කියනවා. රාජසූරිය කුමාරයා සෙනරත් රජතුමා විසින් දියේ ගිල්වලා මැරුවා කියලයි කියන්නේ. මේ ගැන කණගාටුවෙන් කෑම බීම පවා නොගෙන දුක් විඳපු කුසුමාසන දේවිය අවු 35 දී මිය පරලොව ගියාලු.
සෙනරත් රජතුමා ඉතිරි පුතුන් තුන් දෙනා අතරේ රාජධාණිය බෙදුවලු කුසපත් ඇදීමේ ක්‍රමයකට. ක්‍රමේ මොනවා උනත් වැදගත්ම කොටස වෙච්ච සෙන්කඩගල ලැබිලා තියෙන්නේ බාල කුමාරයා මහාස්ථාන ට. විජයපාල ට මාතලේත් කුමාරසිංහට ඌව ප්‍රදේශයත් ලැබුණා ලු. ඒත් මේ වැඩිමහල් කුමාරවරු දෙන්නා පසු කාලෙක මහාස්ථාන ට බයෙන් ගෝව ට පැනලා ගියා කියලා කියනවා. තමන්ගේ මරණින් පස්සේ ක්‍රියාත්මක වෙන විදිහට තමයි මේ බෙදා දීම කරලා තියෙන්නේ.
මේ කාලේ සිද්ධ වෙන තවත් වැදගත් සිද්ධියක් තමයි "අලගියවන්න මුකවෙටි" තුමා කතෝලික ආගම වැළඳ ගැනීම (දොන් ජෙරනිමෝ අලගියවන්න මුකවෙටි). ඔහු පෘතුගීසින් ට ඉඩම් ඔප්පු සකස් කරන්න උදව් උනාලු. මෙතුමා ඉපදුනේ ක්‍රි. ව. 1552 දී ලු. සිංහල සාහිත්‍යය පිරිහිලා තිබිච්ච යුගයක සුභාෂිතය, සැවුල් සංදේශය, කුසදා කව වගේ කෘති රචනා කරලා එහි උන්නතියට ලොකු සේවයක් කළා ලු.
ඉතින් සෙනරත් රජතුමා ට ලොකු හිසරදයක් වෙච්ච පෘතුගීසි ආක්‍රමණ වලදී ඔහු ට හරි හරියට උදව් දුන්නේ මහාස්ථාන එහෙමත් නැත්නම් රාජසිංහ කුමාරයා. මේ සටන් ගැන කියද්දී රන්දෙණිවෙල සටන ගැන නොකියාම බැහැ. මේ වෙද්දී හිටපු පෘතුගීසි ආණ්ඩු කාරයා තමයි "කොන්ස්තන්තීනු ද සා". ක්‍රි. ව. 1630 දී සිද්ධ වෙච්ච මේ සටනෙන් පෘතුගීසින්ට අන්ත පරාජයක් අත් වෙන්න වර්ෂාවත් බලපාලා තියනවා. ඒ වගේම පෘතුගීසින් යටතේ සේවය කරපු ලස්කිරිඤ්ඤ හමුදාවත් (පෘතුගීසින් යටතේ කුලියට වැඩ කරපු සිංහලුන්) උඩරට රජුට එකතු වෙලා තියනවා. මේ සටනින් කොන්ස්තන්තීනු ද සා මරණයට පත් උනාලු.
ඉතිං මේ විදියේ සටන් සහ අසාර්ථක සාම කතා අතරේ ක්‍රි. ව. 1635 දී සෙනරත් රජතුමා මිය යනවා. ඉන් පසුව සිහසුන හිමි වෙන්නේ ඔහුගේ පුත් මහාස්ථාන හෙවත් රාජසිංහ II රජතුමා (ක්‍රි. ව. 1635 - 1687) ට.
ඉන් පස්සේ ක්‍රි. ව. 1638 දී තමයි පෘතුගීසින් ආපහු මහා සටනකට අර අඳින්නේ. ඒ තමා ප්‍රසිද්ධ ගන්නොරුව සටන. ඒ දියේගෝ දි මේලෝ නම් පෘතුගීසි ආණ්ඩුකාරයා යටතේ. මේ ආක්‍රමණය වෙලාවේ රාජසිංහ රජතුමා උපක්‍රමශීලී ව පසු බසිනවා ගලේ නුවර ට. මාළිගාව ගිනි තියන පෘතුගීසින් ගන්නොරුව දක්වා යනවා. මෙතැනදී සිංහල හමුදා ඔවුන්ව වට කරනවා. එතන ඇවිලෙන සටනින් අවසානයේ ඉතුරු උනේ පෘතුගීසින් 33 ක් විතර ලු. දි මේලෝ ගේ සිරුර වත් හොයාගන්න බැරි උනාලු. මේ සටනට රාජසිංහ රජුගේ සොයුරු විජයපාලත් සහය දීලා තියනවා.
පෘතුගීසින් සමග කරපු අන්තිම සටන වගේම භයානකම සටනත් ගන්නොරුව සටන කියලා හැඳින්වෙනවා. "පරංගි හටන" පොතේ ඒ ගැන ඡේද 449 ක් ඇතුළත් වෙනවා ලු.
මාර්තු මාසේ ඇති වෙච්ච මේ සටනින් පස්සේ තමයි 1638 මැයි මාසයේ දෙවෙනි රාජසිංහ රජතුමා ලන්දේසීන් සමග ගිවිසුම අත්සන් කරන්නේ. විලියම් ජේකොබ්ස් කොස්තා සහ ඇඩම් වෙස්ටර්වර්ල්ඩ් යන නිලධාරින් දෙදෙනා මේක අත්සන් කරන්නේ පෘතුගීසින් දිවයිනෙන් පළවා හරිනවාට හිලවු වශයෙන් වෙළඳාම තමන් අතට පවරා දීමේ පොරොන්දුව මත.
කිව්වා වගේම ලන්දේසීන් එකින් එක පෘතුගීසි මුර පොළවල් අල්ලා ගනිමින් ඔවුන් දිවයිනෙන් පන්නනවා විතරක් නෙමෙයි, පෘතුගීසින් ට ලංකාවේ තිබුණු තැන ඒ ආකාරයෙන්ම ඔවුන් වෙත පවරා ගන්නවා. ගිවිසුමේ තිබුණු විදිහට ඔවුන් ඒවා රජුට පවරා දෙන්නේ නැහැ. ඒ වගේම රජුත් පොරොන්දු වූ ගාස්තු ඔවුන්ට ගෙවන්නේ නැහැ. අන්තිමේදී පෘතුගීසි හිසරදයෙන් ගැලවුන රාජසිංහ රජතුමාට තවත් ඒ වගේම හිසරදයක් ඇති වෙනවා. මේ සිද්ධිය තමයි "ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ" කියලා ඉතිහාසයේ ප්‍රසිද්ධ උනේ.
දෙවෙනි රාජසිංහ රජතුමා ගේ තවත් තොරතුරු එක්ක උඩරට රාජධානියේ ඉදිරි කාලය ගැන අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.

Thursday, June 15, 2017
ලංකාවේ සිංහල ටෙලි
කට්ටිය මොනා කිව්වත් ලංකාවේ ගොඩක් හොඳ සිංහල ටෙලි බිහි වෙලා තියනවා කියන එක තමයි මගේ අදහස. එදා මෙදා තුර අපි කොච්චර ටෙලි නාට්‍ය ගානක් බලලා ඇත්ද? හොඳ වගේම වැඩකට නැති එව්වත්.
මට මතක ඇති කාලෙක බලපු මුල්ම ටෙලිය තමා "දූ දරුවෝ". නාලන් මෙන්ඩිස් ගේ තවත් එක පවුලේ කතාවක්. ඇච්චා කාලේ බලපු හින්දා ඒකේ කතාව ගැන ලොකුවට මතකයක් නැතත් සුදු සීයා (හෙන්රි ජයසේන), ආච්චි (අයිරාංගනී සේරසිංහ), කලිසම් අඳින දීප්ති(නිල්මිණි තෙන්නකෝන්), ඩයස් (එච්. ඒ. පෙරේරා) එහෙම තවමත් මතක තියන චරිත. ඒ වගේම ඕකේ සමහර දෙබස් එහෙමත් මට මතකයි.
නන්දනී (චාන්දනී සෙනෙවිරත්න)- "මේක හරිම අසාධාරණයි. මම පවුලේ බාලයා. මම පිරිමියෙක් උනානම් මේ ගේ අයිති වෙන්නේ මට. මම ගෑණියෙක් උන නිසා ඒක තුනට බෙදුනා...මේක හරි අසාධාරණයක්නෙ"
පුන්සිරි (ජයලත් මනෝරත්න) - "දැන් ඉතින් ඔයා කොච්චර ගිරිය පුප්පගෙන කෑ ගැහුවත්, ඔයා පිරිමියෙක් වෙන්නේ නෑ නෙ නන්දනී..."
ඊ ලඟට "කන්දේ ගෙදර". මේකටනම් අදටත් මම ආසයි. හරිම ලස්සනට නිර්ව්‍යාජ ගැමි කම කැටි කර ගත්තු ටෙලියක්. බාල මහත්තයා (රෝහණ බැද්දගේ), හාමිනේ (රම්‍යා වනිගසේකර) වගේම අල්මේදා (සිරිල් වික්‍රමගේ) ගේ රඟපෑම් හරිම ඉහළයි. මේ කතාව පුරාම ගම නගරය, පරම්පරා ගැටුම වගේ දේවල් සරලව වගේම ලස්සනට පෙන්නලා දෙනවා. ඒ වගේම පසුබිම් සංගීතයත් හරිම මිහිරියි. මෙතනින් කන්දේ ගෙදර බලන්න පුළුවන්, කැමති කෙනෙක්ට.
මේ වගේම මට මතක තියන තවත් කතාවක් තමා "හිරුට මුවාවෙන්". ගොඩක් අය ඒකට කිව්වේ ඉඳි ආප්ප කතාව කියලා. මම හිතන්නේ කමල් අද්දරආරච්චි ගේ, චම්පා ශ්‍රියානි ගේ රඟපෑම් මුලින්ම දැක්කේ මේකෙන්. මේකේ තවත් අමතක නොවෙන චරිත දෙකක් තමා ලොකු අප්පච්චි (ජේ. එච්. ජයවර්ධන) සහ ලොකු අම්මා (රත්නා සුමනපාල). අර "ජෑ..ක්ස...න් ජෑ..ක්ස...න් ජෑ..ක්ස...න්" කියන්නේ. කට්ටියද මතක ඇති නේද "චකබ්ලාස්" එහෙම. ඒ ගේම් එකට කියන ඇත්ත නම සොලිටෙයාර් මම හිතන්නේ. ඒත් ලංකාවේ අපිනම් ඒකට කියන්නේ චකබ්ලාස් කියලම තමයි.
"පලිඟු මැණිකේ" ගැනත් කතා නොකරම බැහැ. මම දන්නා හැටියට මේක තමයි ජැක්සන් ඇන්තනිගේත් (විජේපාල ගේ චරිතය) ශ්‍රියන්ත මෙන්ඩිස්ගේත් (සූරසේන ගේ චරිතය) මුල්ම ටෙලි නාට්‍යය. නගරයේ සංකර සිරිත් ගමට ගේන්නේ මේ සූරසේන. වෙස් මූණු කතාව කියලත් මේක හඳුන්වනවා. මැණිකේ අත්තනායක එහෙමත් රඟපානවා මේකේ. ඕං මෙතන තියනවා පලිඟු මැණිකේ බලන්න ඕනෙනම්.
මෙන්න තවත් සුපිරි ටෙලියක්. ජයන්ත චන්ද්‍රසිරි ගේ "දඬුබස්නාමානය". එතුමගේ මේ අමුතු විදිහේ ටෙලි නාට්‍ය වලට මම ගොඩක් කැමතියි. තව තියනවා ඉස්සරහට. ඔය දඬුබස්නාමානය කියන එකේ තේරුම, දුන්නකින් ඊ තලයක් විද්දහම ඒ ඊය වැටෙන්න පුළුවන් සීමාව කියන එක මම කොහේදි හරි කියෙව්වා. මේක මුලින්ම බලද්දී නම් මට මෙලෝ මංගල්ලයක් තේරුණේ නෑ. ඒ කාලේ අපි මේකේ බැලුවේ අංගම්පොර ටික විතරද කොහෙද. හරිම ජවයක් තිබුණ කතාවක්. සේනක විජේසිංහ එහෙම ජනප්‍රිය උනා මේකෙන්. දමිතා අබේරත්න එහෙම කෙට්ටු කාලේ බලා ගන්න පුළුවන්. මේකේ ඉන්න තවත් මම කැමතිම නළුවෙක් තමයි "බුද්ධදාස විතානාච්චි". හොඳ පෞරුෂයක් තියන දක්‍ෂ නළුවෙක්. කැමතිනම් බලන්න දඬුබස්නාමානය මෙතනින්.
හප්පේ මේකනම් මතක් වෙනකොටත් බය හිතෙනවා. "ගිරය". ඉස්සර මම හරි බයයි ලුසිය හාමිට (ට්‍රිලිශියා ගුණවර්ධන). වසන්ති චතුරානි මනමාලියක් වෙලා එන වලව්වේ වැඩ කරන කෙනෙක් තමයි ලුසිය හාමි. ඒත් එයාට වලව්වේ කුමාරිහාමි කෙනෙක්ගේ තරමට බලයක් තියනවා. ඒකත් මුලින් බලද්දී වැඩිය තේරුනේ නෑ. පස්සේ තව වතාවක් බැලුවා.
පොඩි ළමයි හැටියට අමතක නොවෙන තවත් ටෙලියක් තමයි "අඹ යාළුවෝ". සුදු අප්පෝ, නපුරු මයිත්‍රී වගේම අත්තම්මත් (රූබි ද මැල්) තවම මතකයි. අනුලා රණවීර, බුද්ධි වික්‍රම එහෙමත් රඟපෑවා. ඒ වගේම තේමා ගීතය වෙච්චි "කටු අකුලේ මල් ඇහැරේ" ගීතයත් "පහන තියා බුදු සාදුට" ගීතයත් තවමත් අපේ හිත් වල තියන ගීත. අඹ යහළුවෝ බලන්න ඕනනම් මෙන්න.
මේ "එක ගෙයි කුරුල්ලෝ" රූප රාමුවක්. මානෙල් ජයසේන, විජේරත්න වරකාගොඩ එහෙම රඟ පෑවා. එක කූඩුවේ හැදෙන කුරුළු පැටව් අන්තිමට අම්මා තාත්තා තනි කරලා ඉගිලිලා යනවා. කතාවේ යන්නෙත් ඒ වගේ තේමාවක්. මෙතන තියෙනවා එකගෙයි කුරුල්ලෝ.
"වෙද හාමිනේ" හැමෝටම මතක ඇති.
සඳ කැන් දහරින් දෙනුවන් තෙමිලා - දෙනුවන් කැලුමින් පියුමන් සැලිලා
රෙබෙකා නිර්මලී ප්‍රධාන චරිතය කලේ.
ඔය අතරට , "මැණික් නදිය ගලා බසී", "හුමාලය", "රතුරෝස", "ගමන", "කඩවර" එහෙමත් තිබුනා. එතකොට නාලන් මෙන්ඩිස්ගේම දූ දරුවෝ ස්ටයිල් එකේ තවත් කතා තිබුනා "නෑදෑයෝ", "සූරිය දරුවෝ" එහෙම. චතුරිකා පීරිස් කරලියට ආවේ සූරිය දරුවෝ එකෙන්, මට මතක විදිහට. ඡන්න පෙරේරා, රොෂාන් පිලපිටිය එහෙමත් හිටියා.
මී ලඟට මට කියන්නම ඕන ටෙලියක් තමා "අකාල සන්ධ්‍යා". ජයන්ත චන්ද්‍රසිරි ගේ තවත් ඇති විශිෂ්ඨ නිර්මාණයක්. කැමැත්තේ අනුපිළිවෙල ට ලිස්ට් එක හැදුවොත් මම අංක එක මේකට දෙනවා. අංගම් පොර, කාල තරණය වගේ දේවල් සම්මිශ්‍රණය කරලා තිතට, නූලට හිතලා හදපු කතාවක්. හරියට ස්ටීවන් ස්පිල්බර්ග් ගේ ෆිල්ම් එකක් වගේ. ජැක්සන් ඇන්තනි, සබීතා පෙරේරා ප්‍රධාන චරිත කළා. මේක විකාශය වෙච්ච දවස්වල මට බලන්න බැරි උනා. පස්සේ ලංකාවෙන් ආවට පස්සේ මේක හොයාගන්න දහ අතේ ට්‍රයි කරා. අන්තිමට ටොරානා එකේ ලොක්කටම ඊ මේල් කොරලා තමයි වැඩේ කරගත්තේ. පස්සේ බලද්දී කොටස් කීපයක් යූ ටියුබ් එකෙත් තිබුනා. බලලා නැත්නම් අදම බලන්න. සයුරි රෙකමන්ඩේෂන්ස් :)
"සතර දෙනෙක් සෙන්පතියෝ", ඒත් ජයන්ත චන්ද්‍රසිරි ගේ. පුනරුප්පත්තිය තේමා කරගත් කතාවක්. යශෝධා විමලධර්ම, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය තමා සෙන්පතියෝ හතර දෙනා. ඒකත් ආසාවෙන් බලන්න පුළුවන් කතාවක්.
"රම්‍ය සුරම්‍ය", එක ළඟ ගෙවල් දෙකේ ජිවත් වෙන පවුල් දෙකක ගැටීම වගේම ආදර අන්දරයකුත් ගලාගෙන යනවා. සුජානි මෙනකා, බිමල් ජයකොඩි, සුමින්ද සිරිසේන එහෙම ප්‍රධාන චරිත කළේ.
මම තවත් ගොඩක් ආසාවෙන් බලපු කතාවක් "අරුංගල්". උමාලි තිලකරත්න අන්ධ දැරියක් විදිහට ඉන්නේ. කතාව ගෙතෙන්නේ ඇයගේ මල්ලි "චන්ද්‍රරත්න" වටා. හරිම ලස්සන වයලින් වාදන ටිකක් අහන්නත් පුළුවන්.
ඊ ලඟට "අකඩවාරිය". මේකත් අංගම් පොර කතාවක් තමා. අනේ මන්දා මම මෙච්චර අංගම් පොර වලට කැමති මොකද කියලා. පුළුවන් පොරේකුත් නෑ. මොනවා උනත් කතාවේ අවසානේ නම් හිතට ඇල්ලුවේ නෑ. ඒත් මදේ නම් ඉතා ඉහළයි. තාරුකා වන්නිආරච්ච්චි, උද්දික ප්‍රේමරත්න නියමෙට රඟපානවා. නොකියම බෑ පසුබිම් සංගීතය ගැනනම්. හරිම ලස්සනයි. මෙන්න තියනවා බලන්න ඕනෙනම් අකඩවාරිය.
ලඟදි බලපු තවත් හිතට දැනුණු කතාවක් තමා "සුළඟ මත මොහොතක්". හිතට දැනුනා කිව්වේ බරටම දැනුණා. සාරංග දිසාසේකර, තිසුරි යුවනිකා ප්‍රධාන චරිත කරන්නේ. ජීවිතය කියන්නේ ඇත්තටම සුළඟ මත මොහොතක් වගේ. ආදරය, දුක, සතුට හැමදේම අපිට ඒ මොහොතට දැනෙන දේ. සංසාරය ඊට වඩා කොයි තරම් ගැඹුරුද? කතාව අවසාන වෙන්නේ මේ උපුටා ගැනීමත් එක්ක.
"තව මොහොතකින්, සුළග මත මොහොතක් තුළ ලබන විවේක සුවයකි. ඉක්බිති තවත් ගැහැණියක විසින් මා බිහි කරනු ඇත."
මේ තියෙන්නේ බලනවානම්, සුළඟ මත මොහොතක්.
ඉතින් ඒ ඇරෙන්න මේ දවස්වල දෙවෙනි ඉනිම බලනවා. ලඟදි ගියපු "ප්‍රාණ" කියන කතාවත් බැලුවා. ඒකත් භවය සහ කර්මය ගැන කතාවක්. හිමාලි සයුරංගි, නයනතාරා එහෙම හිටියේ.
ලිස්ට් එක දිග වැඩිදත් මන්දා. මොනවා උනත් මට කියන්න ඕනේ ඉස්සර වගේම තවමත් ඉඳලා හිටලා හරි හොඳ ටෙලි නාට්‍ය බිහි වෙනවා කියන එක.
ඔයාලටත් තවත් මතක් වෙන නාට්‍ය කමෙන්ට් එකකින් කියන්න.

Sunday, May 28, 2017
වලාහකයිනි කමා කළ මැන
අමන මැති කැල කරන පව් දිය කරන්නට වැස්සා තමා
නොමඳ අසරණ දනන් හට ඉන් කෙරුණු හිරි හැර නැත නිමා
සකල ලෝ වැසි සදෙව් පිරිවර මෙතින් කර උන් පව් කමා
වලාහකයිනි පමා කළ මැන මහා දිය කඳ බැමි දමා
ප. ලි.
ඔබේ සුළු ආධාරය ඔවුන්ට මහ මෙරකි.
Wednesday, May 17, 2017
බල්ලන් බැඳ දැමූ සිංහල රජතුමා - රාජාවලිය XLIII
ගිය පාර ලිපියෙන් අපි කතා කරේ කුසුමාසන දේවිය විමලධර්මසූරිය රජුගේ බිසව වෙලා ඔහුට රාජ්‍ය උරුමය ලබා දීපු හැටිත් එයින් පෘතුගීසින්ට අත් වෙච්චි අන්ත පරාජයත් ගැන නේ.
ඉතිං මේ සිද්ධියත් එක්කම කොළඹ පෘතුගීසි පාලන පෙදෙස් වලත් සිංහල කැරලි කරුවෝ බිහි වෙන්න පටන් ගත්තා. තමන්ට ඇති වෙච්ච ලැජ්ජාව මකා ගන්නත් මේ තත්වය මර්ධනය කරන්නත් අලුතින් කොළඹට පත් කරලා එවපු පෘතුගීසි ආණ්ඩුකාරයා තමයි අති කෘර "දොන් ජෙරනිමෝ ද අසවේදු".
අසවේදු ඉතාමත් නින්දිත සහ කෘර විදිහට සිංහලයාගේ කැරලි මර්ධනය කරන්න පටන් ගත්තා. පෘතුගීසින් අතරම හැදුනු වැදුණු "එදිරිල්ලේ බණ්ඩාර" නම් අයෙක් මෙහෙයවපු විශාල කැරැල්ල මැඩපවත්වා අවසානයේ ඔහු මරා දැමීමට ඔවුන් සමත් වුනා.
මේ කාලයේ වෙච්ච තවත් වැදගත් සිද්ධියක් තමයි ධර්මපාල රජතුමා මරණයට පත් වීම. මතකයි නේද? අපේ රූකඩ රජතුමා, පෘතුගීසින් ගේ සෙවණේ ලෙඩ පිට හිටියේ. එතුමා ඉතින් ලංකාවේ භාර කාරත්වය තෑගි ඔප්පුවකින් පෘතුගාලයේ රජතුමාට පවරලානේ තිබුනේ. ඉතින් මේ වෙලාවේ ජෙරනිමෝ ද අසවේදු කළේ කෝට්ටේ නිලධාරීනුත් රදලයිනුත් කැඳවලා රැස්වීමක් තියලා ලංකාව දැන් පෘතුගාලයේ රජුට අයිති බව කියා ඔවුන්ගෙන් දිවුරුම් ගන්න එක.
ඉන් පස්සේ ලංකාවේ මිනිසුන් පෘතුගාලයේ නීති වලට අනුගත වෙන්න ඕනද කියන එක ගැන තීරණය කරන්න අසවේදු හැම කෝරලයකින්ම සිංහල නිලධාරීන් දෙදෙනා බැගින් මල්වානට කැඳවලා සාකච්ඡා කරනවා. එතැනදී තීරණය වෙන්නේ ලංකාවේ මිනිසුන් තමන්ට පුරුදු සිංහල නීති වලට යටත් විය යුතු බවත් පෘතුගාලයේ රජුට සේවය කළ යුතු බවත්. මෙතැනදී අත්සන් කරන ගිවිසුම තමයි "මල්වානේ ගිවිසුම".
ඉතින් පෘතුගීසින්ට අයත් ප්‍රදේශ මේ ගිවිසුම යටතේ පාලනය වෙන්න පටන් ගත්තා. ඒත් මේ පෘතුගීසින් යටතේ සිංහල නීතිය ක්‍රියාත්මක කිරිල්ල සාර්ථක උනේනම් නැහැ. පාලකයින් ජනතාවගේ පැත්තෙන් නොහිතා ඔවුන් මත බදු බර පටවමින් රාජකාරි කළා. මේ ප්‍රදේශ වල පාලනයට සිංහල දිසාවේ සහ විදානේ ලා පත් කරලා තිබුණා.
මේ වැඩ පිළිවෙල ට තදින්ම විරුද්ධ වෙච්ච කෙනෙක් තමයි විමලධර්මසූරිය රජතුමා. එතුමා පෘතුගීසින්ට විරුද්ධව කැරලි මෙහෙයවනවා. අසවේදුත් ඒ කැරළි මැඩපවත්වන්න පෘතුගීසි සේනා යොදවනවා. ගෝවෙන් ආධාර ලබා ගන්නා අසවේදු අවසානයේ බලන දුර්ගයත් අල්ලා ගන්න සමත් වෙනවා.
මේ අතරේ තවත් වැදගත් සිද්ධිය වෙනවා. ඒ තමයි ප්‍රථම ලන්දේසි නැවේ ආගමනය. ඒ වර්ෂ 1602 දී. ඔවුන්ට උවමනා වෙනවා රාජතුමා හමු වෙන්න. ඉතින් ඔවුන් කැඳවා ගෙන එන්න රජතුමා නියෝජිතයෙක් යවනවා මඩකලපුවට. ඒ අනුව රජතුමා හමු වෙන "අද්මිරාල් ජොරිස් වාන් ස්පිල්බර්ජන්" පෘතුගීසින් පළවා හරින්න ඔවුන්ට උදව් කළ හැකි බව පවසනවා. මේකෙන් රජතුමා ඉතාමත් සතුටට පත් වෙනවා.
මෙයින් මාස කීපෙකට පස්සේ තවත් ලන්දේසි නියෝජිතයෙක් එනවා ලංකාවට. ඒ තමා "සීබෝල්ඩ් ද වාර්ට්". මේ වෙද්දී රජතුමා පෘතුගීසින් සටන් කීපයකින්ම පරද්දලා ඔවුන් දිවයිනෙන් අතුගාලා දැමීමේ උවමනාවෙන් ඉන්නේ. ඉතින් වාර්ට් ගෙන් ඉල්ලීමක් කරනවා මුහුදු ආධාර ලබා දෙන්න කියලා.
ඉතින් මේ වෙලාවේ මඩකලපුව හරහා යාත්‍රා කරපු පෘතුගීසි නැව් කිහිපයක් අල්ලා ගන්න මේ අය කටයුතු කරත් රජතුමා එහි පැමිණීමට කලින් ඔවුන් නිදහස් කරලා යවනවා. මේකටත් උදහසින් ඉන්න අතරේ තමයි වාර්ට් රජතුමාව මුණ ගැහෙන්නේ. හොඳටම සුරා පානය කරලා හිටපු වාර්ට් ගේ කටින් රජතුමාගේ බිසවට, ඒ කියන්නේ කුසුමාසන දේවියට කට කැඩිච්ච කතාවක් කියවෙනවා. මෙවෙලේ හොඳටම කෝප වෙන රජතුමා කියනවා,
"සුරා පානය කරන්නා කුමකට හොබීද? මේ බල්ලා බැඳ දමනු."
කියන ඉතින් මෙවෙලේ ඇතිවෙන කලබලයෙන් වාර්ට් ඇතුළු තවත් ලන්දේසින් 50 ක ගේ විතර ජිවිත නැති වෙනවා. මේ සිද්ධිය නිසා ලන්දේසීන්ගේ උදව් ගැනීමේ රජුගේ බලාපොරොත්තුව නැති වෙලා යනවා.
රජතුමා ගේ මහළු කාලය පැමිණියත් ඔහුගේ දරුවන් සිටියේ ළදරු වයසේ. ඉතින් රජතුමා උත්සාහ කරනවා ඔහු පෘතුගීසින් සමග සිටිද්දී ඔහුට දාව පෘතුගීසි ගැහැණියකට ලැබුණු පුත්‍රයා ගෙන්වා ගන්න. ඒ පුත්‍රයා ඒ වෙද්දී ගෝවේ ඉගන ගනිමින් සිටියේ. එහෙත් පෘතුගීසින්ගෙන් එයට අවසර ලැබෙන්නේ නැහැ.
ඉතින් රජතුමා තමන්ගේ රාජ්‍යයත් දරුවනුත් බිරිඳත් ඔහුගේ පුංචි අම්මාගේ පුතා වන "සෙනරත්" ට බාර දෙනවා. 1604 වසරේ මැයි මාසයේදී දරුණු උණ රෝගයකට ගොදුරු වෙන විමලධර්මසූරිය රජතුමා මරණයට පත් වෙනවා. ඒ තමයි තවත් රජ පෙළපතක් තනා මාතෘ භූමිය වෙනුවෙන් නොබියව සටන් කරපු රජෙක් ගේ අවසානය.
ඉතින් මේ සෙනරත් රජතුමා ගේ කල්කිරියාව ගැනත් අපේ රටේ ප්‍රසිද්ධ ඉඟුරු දී මිරිස් ගැනීමේ සිද්ධිය ගැනත් අපි ඊ ළඟ ලිපියෙන් කතා කරමු.

Friday, April 21, 2017
වවාගෙන කෑම
වවාගෙන කන්න හුඟ දෙනෙක් හරි දක්සයි නේ. මාත් ඉතින් හරිම කැමතියි වවාගෙන කන්න. ගිය අවුරුද්දේ තමයි අපි හොඳටම වවාගෙන කාපු අවුරුද්ද. ඒ ගැන තමයි මම අද කියන්න හිතුවේ. නිකන්ම නෙමෙයි පින්තූරත් එක්ක.
මෙහෙ ඉතින් ලංකාවේ වගේ අවුරුද්ද පුරාම වවන්න බෑ. වසන්ත කාලේ පටන් ගන්නකොට තමයි ඉතින් වවන්න පටන් ගන්න වෙන්නේ. වසන්ත කාලෙට තියෙන්නේ අර නුවරඑළියේ වගේ කාලගුණයක් (ඒ හින්දා වෙන්න ඇති ඒ කාලෙට සුරංගනාවන් අනන්තවත් එනවා කියන්නේ). ඉතින් ඒ කාලෙට කැරට්, අල, green peas වගේ එව්වා වවන්න පුළුවන්.
මටනම් ඉතින් වවන්න මහා ලොකු වත්තක් නැහැ. පුංචි ඉඩක් තියෙන්නේ. ඒ ටිකෙන් උපරිම ප්‍රයෝජනේ ගත්තා.
මේ තියෙන්නේ මම පෝච්චියක වවපු කැරට්. කැරට් ඇට වලින් තමයි පැල කළේ. ඔය ෆෝග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ මින්ට් ගහක් හොඳේ. කැරට් අල ටික නියමිත කාලේ ආවම ඉතින් අපි අනුභව කරා :)
එතකොට මේ තියෙන්නේ peas. මේවා වැල් හැටියට හැදෙන නිසා මොකක් හරි ආධාරකයක් ඕන වැල් ඇදෙන්න. මේවා හැදුනෙත් ඇට වලින්.
එතකොට මේ තමා හොඳම එක. ස්ට්‍රෝබෙරි. කුරුල්ලන්ගෙන් පරෙස්සම් කරගන්න එක නම් අමාරුයි.
මේ තියෙන්නේ අපේ අල ඵලදාව. ලොකු පෝච්චියක හිටවපු අර්තාපල් අංකුර
තුනකින් තමයි මේ ටික ලැබුනේ. කරුමෙට ඒ පෝච්චියේ ෆොටෝ එකක් නෑ. අස්වැන්න විතරයි තියෙන්නේ.
ඉතින් සමර් එක එද්දී අර උඩින් කියපු ඒවා වෙනුවට තවත් දේවල් වවන්න පුළුවන්.
මේ තියෙන්නේ තක්කාලි ගස් දෙකක් සහ බණ්ඩක්කා, වම්බටු පැල කීපයක්. තක්කාලි නම් මදි නොකියන්න හැදුනා. අනිත් ඒවායේ ගෙඩියක් හැදීගෙන එනකොටම ලේන්නු ඇවිත් වැඩේ දෙනවා. ලසන්නට නැට්ට ගහේ ඉතුරු වෙන්න ගෙඩිය කාලා යනවා. ඉතින් අපිට කන්න උනේ නෑ.
තවත් ඉක්මනින් වගේම ලේසියෙන් වවන්න පුළුවන් දෙයක් තමා බෝංචි. මම වැව්වේ පඳුරු විදියට හැදෙන බටර් බෝංචි ජාතියක්. ඔය තියෙන්නේ අස්වැන්නෙන් ටිකක් විතරයි. තුන් හතර පාරක්ම අස්වැන්න ගන්න පුළුවන් ඒවායින්.
මේකත් පෙන්නන්නම ඕන එකක්. ගොටුකොළ සහ මුකුණුවැන්න. මේවා ඉතින් මේ රටෙන් හොයාගන්න හරි අමාරුයි වවාගෙනම කෑවොත් මිසක්.
මේකේ ඉස්සරහම පෝච්චියේ තියෙන්නේ කේල් කියන පලා ජාතිය. ඒවත් ඇට වලින් පැල කර ගත්තේ. මාළු මිරිස් ගහකුත් පිටිපස්සේ බීට් රූට් පැලේකුත් තියනවා.
ඔන්න ඔහොම තමා මම ගිය අවුරුද්දේ වවාගෙන කෑවේ. මේ අවුරුද්දෙත් එහෙම කරන්න තමයි බලාපොරොත්තුව...
මොනවා උනත් තමන්ගේ අතින් හිටවපු ඇටේකින් පැල වෙච්ච ගහක හැදිච්ච දෙයක් කනකොට හරිම සතුටක් දැනෙනවා.

එතකොට මේ තියෙන්නේ සලාද කොළ ජාති. මේවානම් පැල ගෙනත් හිටෙව්වේ. හරි ඉක්මනට වැවෙනවා. සයුරු ගොඩක් දවස් වලට සලාද කන්න කැමති නිසා අපතේ ගියේ නැහැ. ඒත් ගිම්හානේ ඇවිත් ඉර අවුව සැර වෙද්දී කොළ තිත්ත රස වෙන නිසා මාස කීපයයි මේක කරන්න පුළුවන්.
එතකොට මේ තමා හොඳම එක. ස්ට්‍රෝබෙරි. කුරුල්ලන්ගෙන් පරෙස්සම් කරගන්න එක නම් අමාරුයි.
මේ තියෙන්නේ අපේ අල ඵලදාව. ලොකු පෝච්චියක හිටවපු අර්තාපල් අංකුර
තුනකින් තමයි මේ ටික ලැබුනේ. කරුමෙට ඒ පෝච්චියේ ෆොටෝ එකක් නෑ. අස්වැන්න විතරයි තියෙන්නේ.
ඉතින් සමර් එක එද්දී අර උඩින් කියපු ඒවා වෙනුවට තවත් දේවල් වවන්න පුළුවන්.
මේ තියෙන්නේ තක්කාලි ගස් දෙකක් සහ බණ්ඩක්කා, වම්බටු පැල කීපයක්. තක්කාලි නම් මදි නොකියන්න හැදුනා. අනිත් ඒවායේ ගෙඩියක් හැදීගෙන එනකොටම ලේන්නු ඇවිත් වැඩේ දෙනවා. ලසන්නට නැට්ට ගහේ ඉතුරු වෙන්න ගෙඩිය කාලා යනවා. ඉතින් අපිට කන්න උනේ නෑ.
තවත් ඉක්මනින් වගේම ලේසියෙන් වවන්න පුළුවන් දෙයක් තමා බෝංචි. මම වැව්වේ පඳුරු විදියට හැදෙන බටර් බෝංචි ජාතියක්. ඔය තියෙන්නේ අස්වැන්නෙන් ටිකක් විතරයි. තුන් හතර පාරක්ම අස්වැන්න ගන්න පුළුවන් ඒවායින්.
මේකත් පෙන්නන්නම ඕන එකක්. ගොටුකොළ සහ මුකුණුවැන්න. මේවා ඉතින් මේ රටෙන් හොයාගන්න හරි අමාරුයි වවාගෙනම කෑවොත් මිසක්.
මේකේ ඉස්සරහම පෝච්චියේ තියෙන්නේ කේල් කියන පලා ජාතිය. ඒවත් ඇට වලින් පැල කර ගත්තේ. මාළු මිරිස් ගහකුත් පිටිපස්සේ බීට් රූට් පැලේකුත් තියනවා.
ඔන්න ඔහොම තමා මම ගිය අවුරුද්දේ වවාගෙන කෑවේ. මේ අවුරුද්දෙත් එහෙම කරන්න තමයි බලාපොරොත්තුව...
මොනවා උනත් තමන්ගේ අතින් හිටවපු ඇටේකින් පැල වෙච්ච ගහක හැදිච්ච දෙයක් කනකොට හරිම සතුටක් දැනෙනවා.
Monday, April 10, 2017
කුසුමාසන දේවිය දෝන කතිරිනා - රාජාවලිය XLII
අපි ගිය පාර කතාව නැවැත්තුවේ කොනප්පු බණ්ඩාර "විමලධර්මසූරිය" නමින් උඩරට රජ වෙච්ච තැනින් සහ රාජසිංහ රජතුමා මිය පරලොව ගිය තැනින් නේ. අද එතැන් සිට...
මේ විමලධර්මසූරිය රජතුමා කුඩා කාලයේ පෘතුගීසින් ළඟ ඇති දැඩි වී අධ්‍යාපනය ලැබූ නිසාම ඔවුන් ගැනත් හොඳින් දැන ගෙනයි හිටියේ. ඉතින් ඔවුන් ට විරුද්ධව සටන් කිරීමේදීත් ඒ දැනුම ප්‍රයෝජනවත් උනා. ඒ වගේම මේ රජතුමා බුදු දහමට ලැදි, බෞද්ධයින්ට අනුග්‍රහය දක්වන කෙනෙක් උනා. මහනුවර දළදා මාළිගාව තැනෙව්වෙත් මෙතුමා කියලා ඉතින් හැමෝම දන්නවනේ.
මේ අතරේ සීතාවක රාජධාණියේ උරුමය ගැන ගැටළු ඇති වෙනවා. රාජසිංහ රජුට දරුවන් නැති නිසා ඔහුගේ සොයුරිය (වීදිය බණ්ඩාරගේ වැන්දඹු බිරිය) වන සූරිය දේවියට රජකම හිමි වෙනවා. ඉතින් ඇය කරන්නේ තවමත් ළාබාල වයසේ පසුවෙන ඇගේ මුණුපුරු "නිකපිටිය බණ්ඩාර" ට සිහසුන පවරන එක. මේ හැම දේකටම සහය දීපු තවත් කෙනෙක් තමයි ඉන්දියාවෙන් ආ සන්නාසියෙකු වන "අරිට්ඨ කිංවෙඩු".
නිකපිටියබණ්ඩාර ගේ හමුදාවේ ප්‍රධාන තනතුර අරිට්ඨ කිංවෙඩු ට දීම ගැන කෝප වෙන පනික්කි සහ කුරුප්පු නම් සෙනෙවියන් තමන්ගේ හමුදාත් රැගෙන කෝට්ටේ වෙත යනවා. මේ බල අරගල මැද්දේ කෝට්ටේ දේශ සීමා නැවත අල්ලා ගන්න පෘතුගීසින් සමත් වෙනවා.
අරිට්ඨකිංවෙඩු ගේ මී ළඟ උපාය වෙන්නේ සූරිය දේවි විවාහ කරගෙන සිහසුනේ උරුමය ලබා ගන්න එක. ඒත් සූරිය දේවි ඔහු එළවා දමනවා. මේ නිසා ඔහුත් අවසානයේ පෘතුගීසින්ට සහාය දෙනවා. සීතාවක රාජධානියේ මේ දුර්වල වීමත් එක්කම කෝට්ටෙන් එන දෙනාව සීතාවක රාජධාණිය අල්ලාගෙන මාළිගාව ගිනිබත් කරනවා. පලා යමින් සිටි සූරියදේවී සහ නිකපිටියබණ්ඩාර අල්ලා ගන්නා ඔවුන් නිකපිටියබණ්ඩාර පෘතුගීසීන්ගේ භාරයට පත් කර ගෝවට පිටත් කර හරිනවා. පසුව ඔහු ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබනවා. ලාංකිකයෙක් මුලින්ම විදේශ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබපු අවස්ථාව මේක කියලයි කියන්නේ.
මේ වෙද්දී පෘතුගීසින් යාපනයත් යටත් කරගෙනයි ඉන්නේ. ඉතින් කෝට්ටේ සාහ සීතාවකත් යටත් කරගැනීම නිසා උදම් වෙන ඔවුන්ට මී ළඟට ඕන වෙන්නේ උඩරට යටත් කරගැනීමට. මේ සඳහා ඔවුන්ට හොඳ තුරුම්පුවකුත් තියනවා. ඒ තමා කුසුමාසන දේවිය නොහොත් දෝන කතිරිනා. ඇය ට උඩරට සිහසුනේ උරුමය පියා වෙච්ච කරලියද්දේ බණ්ඩාරගෙන් ලැබිලා තියනවා. අනිත් අතට විමලධර්මසූරිය රජුට සිහසුනට නියම උරුමයක් නැහැ.
ඉතින් දෝන කතිරිනාවත් අරගෙන පෘතුගීසි සේනාව උඩරට බලා යනවා. මේ සේනාව නවත්වන්න උඩරටිනුත් සේනාවක් ආවත් දෝන කතිරිනා දැකීමෙන් පසු ඔවුන් විරුද්ධ වෙන්නේ නැහැ. මෙය දැනගන්න විමලධර්මසූරිය රජු උපක්‍රමශීලී ව පසු බසිනවා. ඉතින් උඩරට රාජධාණියට ඇතුල් වෙන පෘතුගීසින් දෝන කතිරිනා සිහසුනේ හිඳුවා මුළු රටම ඔවුන්ගේ අණසක යටතට ගන්නවා.
උඩරට රැජිණ ගැන ජනතාව සතුටු උනත් ඔවුන්ට ඇය දකින්නට අවසර ලැබෙන්නේ නැහැ. ඇය ඉන්නේ පෘතුගීසින් ගේ දරුණු රැකවල් මාධ්‍යයේ. ඒ විතරක් නෙමෙයි, ළඟදීම පෘතුගීසියෙක් ඇය අවාහ කරගන්නා බවටත් කතාවක් පැතිරෙනවා. මේ නිසා ජනතාව අප්‍රසාදයට පත් වෙනවා.
කොණප්පු බණ්ඩාරට - පූජා කල ප්‍රේමය
මේ වෙච්ච අවනම්බුවෙන් ගොඩ එන්න පෘතුගීසින්ට පත් කරලා එවපු අලුත් නිලධාරියා වන "ජෙරනිමෝ ද අසවේදු" ගේ කුරිරු කම් ගැන අපි ඊ ළඟ ලිපියෙන් කියවමු.

පරසිදු කරලියැද්ද - දුව කිරුළිස පැලැන්ද
කුසුමාසන දේවිය දෝන කතිරිනා
ඉතින් දෝන කතිරිනාවත් අරගෙන පෘතුගීසි සේනාව උඩරට බලා යනවා. මේ සේනාව නවත්වන්න උඩරටිනුත් සේනාවක් ආවත් දෝන කතිරිනා දැකීමෙන් පසු ඔවුන් විරුද්ධ වෙන්නේ නැහැ. මෙය දැනගන්න විමලධර්මසූරිය රජු උපක්‍රමශීලී ව පසු බසිනවා. ඉතින් උඩරට රාජධාණියට ඇතුල් වෙන පෘතුගීසින් දෝන කතිරිනා සිහසුනේ හිඳුවා මුළු රටම ඔවුන්ගේ අණසක යටතට ගන්නවා.
පිට නම් ගම් මොකටද - සිංහාසන කුමටද
සෙංකඩගල ඇගෙ රජ මැදුර සමානා
උඩරට රැජිණ ගැන ජනතාව සතුටු උනත් ඔවුන්ට ඇය දකින්නට අවසර ලැබෙන්නේ නැහැ. ඇය ඉන්නේ පෘතුගීසින් ගේ දරුණු රැකවල් මාධ්‍යයේ. ඒ විතරක් නෙමෙයි, ළඟදීම පෘතුගීසියෙක් ඇය අවාහ කරගන්නා බවටත් කතාවක් පැතිරෙනවා. මේ නිසා ජනතාව අප්‍රසාදයට පත් වෙනවා.
කපිතන් දියෝගුගෙන් - දැන කඩු ශිල්ප හටන්
කොන්තය ගෙලේ බැන්ද පරංගි වාඩියේ
කොන්තය ගෙලේ බැන්ද පරංගි වාඩියේ
මිහිරිම හීනයක්ද වසන්ත කාලයේ
මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ලැබෙන්නේ විමලධර්මසූරිය ට. ජනතා සහාය අහිමිව නැවත කොළඹ යන පෘතුගීසි සේනාව දන්තුරේදී වටලා ඉතා දරුණු ආකාරයට පහර දී ඔවුන්ව පළවා හරිනවා.
දෝන කතිරිනා වත් රැගෙන නැවත මහනුවර ට යන ඔහුට විශාල ජනතා පිළිගැනීමක් ලැබෙනවා. ඉතින් දෝන කතිරිනා නොහොත් කුසුමාසන දේවිය කොනප්පුබණ්ඩාර ට බිසව වී ඔහුට රජ කිරුළේ ඇති අයිතිය තහවුරු කර දෙනවා.
වාහල ඉලංගමට- ගිය දා දන්තුරේට
අස් පන්තියේ හරඹ දෑහින් දැකලා
දළු ලන වසන්තයට - රොන්සුනු පුරා ලයට
අළුත්ම මලක් වෙලා පිපෙන්න හිතිලා
මේ සිද්ධිය සිංහල ඉතිහාසයේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යක් කියලයි මට හිතෙන්නේ. පෘතුගීසින්ට මුළු රටම නතු වෙන්න ගිය මොහොතක කොනප්පුබණ්ඩාර ගේ ශක්තියත් කුසුමාසන දේවියගේ උරුමයත් එක් වී උඩරට රාජධානියේ අලුත් රජ පරපුරක් තැනීම නිසා එහි ස්වාධීනත්වය තවත් ශත වර්ෂ ගණනාවකට ආරක්ෂා උනා.
මේ වෙච්ච අවනම්බුවෙන් ගොඩ එන්න පෘතුගීසින්ට පත් කරලා එවපු අලුත් නිලධාරියා වන "ජෙරනිමෝ ද අසවේදු" ගේ කුරිරු කම් ගැන අපි ඊ ළඟ ලිපියෙන් කියවමු.
Sunday, March 12, 2017
අතීතයේ සෙවනැළි අවදි වන "යොසමිටි" නිම්නය
"යොසමිටි" කියන නම මුලින්ම ඇහුනහම මට හිතුනේ "ඒක හරිම ලස්සන නමක්" කියන එක විතරයි. ඒ, ඒක හැබැහින් දකින්න කලින්. ඉතිං මේ ලස්සන නමක් තියන ජාතික උද්‍යානය දැක ගැනීමේ වාසනාව අපිටත් ලැබුණා මාස ගණනකට කලින්.
ඒ ගමනට පස්සේ, "යොසමිටි" කියන නම ඇහෙද්දී මට දැනෙන්නේ විස්තර කරන්න බැරි අමුතුම හැඟීමක්. ඒක වචනෙන් කියන්න අමාරුයි. "මිනිසා" කියන සතා කුහුඹුවෙකුගේ තරමට ඇද දමන සොබා දහම ගැන බිය මුසු ගෞරවයකුත් තවත් මොකක්දෝ සියුම් දුක්මුසු හැඟීමකුත් එතන තියනවා. සමහර විට ලිපිය අවසන් වෙද්දී ඔයාලට තේරෙයි ඒකට හේතුව.
~~~~~~~~~~~~~~~~~
යොසමිටි කියන්නේ හඳ අල්ලපු රටේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ජාතික උද්‍යානයක්. "සියෙරා නෙවාඩා" කියන කඳු පන්තියේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් යොසමිටි වෙත ලඟා වෙන්න අර කඳු පන්තිය තරණය කරන්න ඕනේ. මුලින්ම කියන්න ඕන දෙයක් තියනවා. කවුරු හරි එහෙ යන්න අදහසක් තියනම් මීදුම/හිම සහිත රැයක් නම් තෝරගන්න එපා (අපි කළා වගේ). ඇඟේ ලේ කඳුලක් ඉතිරි වෙන්නේ නෑ යොසමිටි වලට යද්දි. මෙන්න මේ වගේ පටු පාරවල් වල, ගොඩක් තැන්වල ආරක්ෂක බැමිත් නැතිව, එහා පැත්තෙන් අඩි දාස් ගානක පල්ලමකුත් එක්ක කරුවලේ මීදුම අස්සෙන් යනකොට කොහොමද කියල හිතා ගන්නකො.
ඉතින් කොහොමින් කොහොම හරි කරුවලේම යොසමිටිවල නවාතැනට ගියා කියමුකො. පාඩුවක් නැහැ. ඊ ළඟ දවසේ, මිනිසුන්ගේ "පා සටහන් වලින් පමණක්" අපවිත්‍ර වුණු බිම් කඩක්, සොබා දම ඈත කඳු මුදුනක සඟවපු පිවිතුරු වස්තුවක්, එනම් "යොසමිටි නිම්නය" දැක ගන්න අපේ ඇස් පිං කරලා තිබුණා.
මං මුලින්ම කිව්වනේ "යොසමිටි" කියන්නෙ හරි ලස්සන නමක් කියලා. ඒක රතු ඉන්දියානු වචනයක්. ඔන්න ඔතනින් තමයි අර මම කියපු දුක්මුසු හැඟීමට හේතුව එන්නේ. මේ ප්‍රදේශයේ ආදි කාලේ ජීවත් වෙච්ච රතු ඉන්දියානු ගෝත්‍රයේ නම තමයි යොසමිටි කියන්නේ. සුද්දෝ ඔවුන්ව මේ නිම්නයෙන් එළවලා දාද්දි ඒකට යොසමිටි කියලා නම දුන්නලු.
යෝධයින් වගේ අහසට නැගුණු මේ කඳු මුදුන් දකින කොට මට හිතුනෙම ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ආත්ම තවමත් මෙහි සැරි සරනවා ඇති. ඔවුන්ගේ සොඳුරු නිජ බිම ආරක්‍ෂා කරනවා ඇති.
රතු ඉන්දියානු නායකයෙකු වූ සියැටල් ගැනනම් නොදන්න කෙනෙක් නැතුව ඇති. ඔහු එවකට ඇමරිකානු ජනාධිපතිට යැවූ පිළිතුරු ලියුම ගැනත් නොදන්නා කෙනෙක් නැහැ වෙන්න ඕන.
මහ පොළොවෙන් ඉහළට නගින්නා වූ උණුහුමත් , අහස් ගැබත් මිලදී ගන්නේ කෙසේද ?
සුළගේ වූ නැවුම් බවත් ජලයේ වූ දිදුලන කාන්තියත් අපට අයත් නොවේ නම් ඒවා මිල කිරීමට හෝ මිල දී ගැනීමට ඔබට හෝ අපට හැකියාවක් නොමැත.
දේවදාර ගසක දිළිසෙන සෑම කිනිත්තක්ම, වැලි තලාවලින් සපිරුණු සෑම වෙරළක්ම, අඳුරු වන ගැබ තුළ වූ සෑම මීදුම් වළාවක්ම, සෑම එළිමහනක්ම, ගුම් නද නගන සෑම කුඩා ප‍්‍රාණියෙක්ම ද මාගේ මිනිස්සුන්ගේ පූජනීය මතකයන් සහ අත්දැකීම් වෙති.
මේ ගංගා දිගේ ගලා බසින්නේ හුදු ජලයම නොවේ. අපේ මුතුන් මිත්තන්ගේ රුධිරය යි. මේ ජලය නගන මිමිණුම මගේ මුතුන් මිත්තන්ගේ කටහඬයි.පොකුණු දිය කඳ මත පතිත වන සෑම අඳුරු ඡායාවක්ම මගේ වර්ගයා ගේ ජීවන අත්දැකීම් හා අනුස්මරණ බැව් ඔබේ දරුවන්ට කියාදෙනු මැනවි.
ඔබේ දරුවන් දෙපයින් නැගී සිටින මේ පොළොව අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වී ඇති බව ඔවුන්ට වටහා දෙන්න. මේ මහ පොළොව අපේ මවය. මේ මහ පොළොවට සිදු වන්නා වූ සෑම හොඳක්ම හෝ නරකක් ම එහි දරුවන්ට ද උරුම වන්නේය.
අන්තිම රතු මිනිසාත් මේ මහපොළොවෙන් සමුගත් කල ඔහුගේ මතකයන් තණබිම් මතින් හමා යන වළාකුළක සෙවණැල්ලක් මෙන් වනු ඇත.මුහුදු වෙරළ සහ වනාන්තර තවදුරටත් මාගේ මිනිස්සුන් පිළිබඳ මතකයන් දරා ගෙන සිටිනු ඇත.
ඔව් මේ නිම්නය පුරාවටම ඇහෙන්නේ ඒ ආදී වාසීන්ගේ දුක්බර කතන්දරය තමයි. මේ උස් තුරු මුදුන්, ගිරි ශිඛර අතීතයේ සිද්ධ වෙච්ච ඒ අකටයුත්තට සාක්ෂි දරනවා ඇති. ඒත් ඒ අවනඩුව කෙදිනවත් උසාවියකට නෑවිත්ම මේ සොබාදමත් එක්කම මියැදෙනවා ඇති. එතෙක්, අතීතයේ වැළලුනු ඒ මුතුන් මිත්තන් මේ පිවිතුරු භූමිය රැක ගන්නවා ඇති...ඔවුන්ට හැකි තාක් කල්...
ප. ලි. - පොටෝ ටිකේ ක්‍රෙඩිට් එක සයුරු ට දෙන්ට ඕනේ. අපේ පොටෝග්‍රපර් ඉතින් එයා නේ.
Subscribe to:
Posts (Atom)